මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් ත්‍රස්තවාදය මර්දනය කිරීම ඇතුළු නීතියේ බලාත්මක කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම දුෂ්කර වනු ඇතැයි ද ප්‍රතිපත්ති සහ ආරක්ෂාව ඇතුළු ඒ හා සම්බන්ධ අනෙකුත් ක්ෂේත්‍රවලට ලබා දී ඇති තාක්ෂණික සහාය සම්බන්ධයෙන් නැවත වරක් විමසා බැලීමට සිදුවනු ඇතැයි ද එක්සත් රාජධානියේ විදේශ කටයුතු කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවත් එලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නවත්වමින් ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් මුළුල්ලේ පවත්වාගෙන පැමිණි තහනම අවසන් වන බව ද එක්සත් රාජධානියේ විදේශ කටයුතු කාර්යාලය වෙනුවෙන් එහි ප්‍රකාශක නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.
එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
“මරණ දඬුවම ක්‍රියාත්මක නොකරමින් දීර්ඝ කාලයක් මුළුල්ලේ පවත්වාගෙන පැමිණි ක්‍රමවේදය නවත්වමින් ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අපි දැඩි සැලකිල්ලකින් පසුවෙමු. ප්‍රතිපත්තියක් ලෙස ඕනෑම අවස්ථාවක් යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එක්සත් රාජධානිය විරුද්ධය.
ශ්‍රී ලංකාව මීට මාස හයකට පෙර එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේදී මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමේ ගෝලීය ක්‍රමවේදය අනුගමනය කරමින් ඊට පක්ෂය ඡන්දය ප්‍රකාශ කළේය. එම ප්‍රතිපත්තිය වෙනස් කරමින් ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාව රටක් ලෙසත් සංචාරක නවාතැනක් ලෙසත් එමෙන්ම ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියට එමින් දිනාගෙන තිබෙන ජාත්‍යන්තර කීර්තිනාමයට හානි කරන්නකි. ඒ අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් එක්සත් රාජධානියට ප්‍රතිත්‍රස්ත, ආරක්ෂාව සහ අනෙකුත් අංශවලදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට දුෂ්කර කරනු ඇත. එමෙන්ම ආරක්ෂාව සහ අනෙකුත් අංශවලට ලබාදී තිබෙන තාක්ෂණික සහාය සම්බන්ධයෙන් නැවත විමසා බැලීමට සිදුව තිබේ.
මේ නිසා මේ සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවෙමු. එමෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක නොකරමින් ශ්‍රී ලංකාව මෙතෙක් පවත්වාගෙන පැමිණි ක්‍රමවේදය ඉදිරියටත් පවත්වාගෙන යන්නැයි ද අපි ඉල්ලා සිටිමු”.
(055)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් ව්‍යාපෘතියක අවසානය.
මේ හදන්නේ ජාත්‍යන්තරෙන් සහය ලබාගන මත්ද්‍රව්‍ය ගෝලීය වෙළෙන්දන් හා සබැදුනු ශ්‍රී ලාංකිය මත්ද්‍රව්‍ය වෙළෙන්දන් රැක ගැනීමේ මහා උපක්‍රමයක්. වසර 30 දරුණුම යුද්ධයක් පැවතී හා එදා මෙදා තුර එල්ටීටීඊ සංවිධානයට මහා විසාල සහයක් දෙමින් ඔවුන්ට නවාතැනක් ලෙස හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් කරගැනීමට පහසුකම් සපයමින් පවතින එක්සත් රාජධානියෙ සිංහල ජාතිකයන්ට නැති වරප්‍රසාද ලබා දෙමින් දමිල බෙදුම් වාදීන්ට පහසුකම් ලබා දෙනු ලබයි. තවද වසර 30 කුරිරු යුධ සමයේද ශ්‍රීලංකාව වෙනුවෙන් කිසිම දෙයක් නොකළ මොවුන් අනාගතයේ අපට වෙන මොනවා ලබා දෙන්නද, මොනවා මොවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නද. ඒ නිසා මේ තැබුවා වූ මහා පියවර කිසිම හෙයකින් මොනම බලපෑමක් නිසාවත් ආපසු නොගන්න ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටිමි. දැන් අපට යුද්ධයක් නැත. දැන් ඇත්තේ රට වනසන මේ විපත් ගලවා දැමීම පමණකි. ඒ නිසා කිසිවෙකුට යටත් නොවී මේ ක්‍රියාවේ යොදවන්න
දැන් ජනතාවට තේරුම් ගන්න පුළුවන් කව්ද මත්ද්‍රව්‍ය ව්‍යාපාර වලට, සහ අනෙකුත් නීතිගත නොවන ව්‍යාපාර වලට උදව් කරන්නේ කියා
මෙයාලට පෙන්නේ නැද්ද මේ අරාබියේ බෙල්ල කපලා මරනවා, එල්ලා මරනවා, ගල් ගහලා මරනවා. ඒවට කටපියාගෙන ඉන්නේ මේ උදවිය මොකද ලංකාවට විතරක් රතු එලි දෙන්නේ..
බරහිරට ඇයි මේ තරම් මරණ දඩුවම ගැන ප්‍රශ්ණයක්. මේක පුදුම දෙයක්නේ එහෙනම් එයාලා අරාබියේ කරන ගෙල කපා දැමිමටත් කෝ තහංචි
ඇයි එක්සත් රාජධානියට ඔය කතාව ඇමෙරිකාවට කියන්ට බැරි?
කුඩු කාරයින් දැලට අහුවුණු, ගෙයක් දොරක් නැතිව දවසේ අනිවාර්ය කුඩු වේල හොයාගන්න අතොරක් නැතිව එහෙ මෙහෙ දුවන, දෙමාපියන්ටවත්, කාටවත් බේරගන්න බැරිව, කිසිම කෙනෙක්ගෙන් හවූ හරනක් නැතිව,” කුඩ්ඩා ” කියන නම අහගෙන, වැරදුනු පළමු තප්පරේ ගැන හිතේ තියෙන දේ කියාගන්න බැරිව දරාගන්න බැරි වේදනාවක විඳගෙන,අසරණකම කාටවත් කියන්න බැරිව විඳවන , පොඩි අය ගැන එක්සත් රාජධානිය කියන්නේ මොකක්ද , තව තරුණ කොල්ලෝ ලක්ෂ ගානක් මේ වගේ විනාශ වෙනකල් බලන් ඉන්නද කියන්නේ. කුඩු ගෙන්වන ,බෙදාහරින අයව වහාම එල්ලන්න!
කුඩු මුදලාලිලාට උසාවියෙන් දීල තිබෙන මරණ දඩුවම ක්‍රියාත්මක කරන එක හොඳ දෙයක් නමුත් මරණ දඩුවම ක්‍රියාත්මක කරනවානම් බොරු මාධ්‍ය සංදර්ශන නැතුව එක කරලා දැම්මනම් ඉවරනේ. දැනට අව්රුද්දක විතර ඉඳන් මේ නාඩගම නටනවනේ, නමුත් කෙලින් තීරණ ගන්නේ නැතුව කරන මේ වැඩ වලින් වෙන්නේ අන්තිමට කුඩුකාරයෝ එල්ලනෙත් නැහැ, අපට එක එක ජාත්‍යන්තර සම්බාධකත් වැටෙනවා, නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ
මොකද මරණ දඩුවම ක්‍රියාත්මක රටවල් වල අද අපරාධ අඩු වෙලාද? කොහෙත්ම නැහැ. අප වගේ බුදු දහම අදහන රටකට මෙම නීතිය කොහෙත්ම ගැලපෙන්නේ නැහැ.
ඔය කියන අයගේ රටවල්වල මාසයකට කී දෙනෙක් විතර මරණීය දණ්ඩනයට පමුනනවාද කියල නිකමට වගේ අහල බලමු නේද.
ලංකාවේ මරණ දඩුවම ගැන බටහිර රටවල් වලට තියෙන අමාරුව ඇමරිකාවේ ප්‍රාන්ත වලටත් තියෙන්න එපැයි? ඇයි මේ අපිට විතරක්? එතකොට අපි අපරාධකාරයන්ගේ මානව හිමිකම් සුරකින්න ඕන. සාමාන්‍ය ජනතාව මොන යකාට ගියත් කමක් නැහැ. එහෙමද? පිලිපිනේ ජනාධිපතිටවත් මෙහෙම විරුද්ධ වුනේ නැහැනේ. කැනඩාව බ්‍රිතාන්‍ය ආදී රටවල් හිතාගෙන ඉන්නේ ලංකාව ඒ අයගේ ප්‍රාන්තයක් කියලද දන්නේ නැහැ. පොඩ්ඩක් හොයල බලන්න ඕන අපි එහෙ ප්‍රාන්ත ද කියලා.
මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම දුෂ්කර වනු ඇතැයි ද ප්‍රතිපත්ති සහ ආරක්ෂාව ඇතුළු ඒ හා සම්බන්ධ අනෙකුත් ක්ෂේත්‍රවලට ලබා දී ඇති තාක්ෂණික සහාය සම්බන්ධයෙන් නැවත වරක් විමසා බැලීමට සිදුවනු ඇතැයි ද එක්සත් රාජධානියේ විදේශ කටයුතු කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියත් ඇමරිකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක වුවත් ඇමෙරිකාව සමග ඉතාම සහයෝගයෙන් කටයුතු කරන්නේ කුමන පදනමක් මතද ?
හරිම ශෝක ජනක කතාවක්.
ඔක්කොටම ඉස්සරවෙලා එක එක්කෙනාට ඕනේ විදිහට නැටිල්ල නවත්තලා ඉන්න ඕනේ. අප රට ගොඩ නගන්න මැරයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පගා මරුවන් නැත්තටම නැති කල යුතුයි.එංගලන්තයේ සිට ලියමි
මරණ දණ්ඩනය ක්‍රියාත්මක කලත් නැතත් එංගලන්තය කිසිදවසක ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියේ නැත. ඔවුන් සැම විටම සිටියේත්, සිටින්නේත් කොටි ත්‍රස්තවාදීන් සමගය.
එහෙනම් මේ අයට ඇවිත් මෙහෙ ඉන්න කියලා අපිට එංගලන්තෙ ඉන්න වීසා දෙන්න කියමු. මේ රටේ ඉන්න අහිංසක මිනිස්සු එල්ලන්න නෙමෙයි අපරාධකාරයො ටික එල්ලන්නයි මේ හදන්නෙ කියන එක මේ පිරැටියන්ට තේරුම් ගන්න මොලයක් නැද්ද. ඒක නෙමෙයි මේ රටවල් වලට ඕන අපි වගේ රටවල් හැමදාම අපරාධ පිරුණු අපායවල් වගේ ඉන්නවා දකින්න එහෙම උනොත් තමයි ඒ අය හදන අවි ආයුධ අපේ රටවලට විකුණා ගන්න පුළුවන් වෙන්නේ.
මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරයෝ දෙතුන් දෙනෙක් මැරුවා කියල ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. අනෙක මේ වගේ මිනිස්සු නිසා ලංකාවේ නම කැත කරගන්න එක කිසිසේත්ම සුදුසු නැහැ.
මෙයාලා අපේ රටේ මිනිස්සු දහස් ගණනක් නිල සහ නොනිල වශයෙන් මරලා දැන් විකාර කියවනවා
තුවාලය තිබෙන තැනැත්තා එහි වේදනාව දන්නේය. මේ කොහෙවත් යන අය අප රටේ තිබෙන ගැටලුවලට තව තවත් ඒවා වැඩි කිරීමට උදව් කරනවා නොවේද? රටට පිළිලයක් වූ රටට මහා පාපයක් වූ මෙවන් සමාජ විරෝධින්ව හැකි ඉක්මනින් මරා දැමිය යුතුමය. එය පවක් නොව මුළු මහත් සමාජයටම කරන මහගු සේවයකි.මේ අපරාදකාරයන් නිසා විනාශ වුනු පවුල්වල් ගැන මේ කෑගහන අය කිසිදින හඬ නැගුවාද?
මරණෙට කැපවෙච්ච පාතාලේ, මත්ද්‍රව්‍ය මිනීමැරුම් කල වැරදිකාරයෝ වෙනුවෙන් එක්සත් රාජධානියම පෙනී සිටිනවනේ. අනේ අර ත්‍රස්තවාදීන්ගේ බෝම්බ කාලා මියගිය අහිංසකයෝ වෙනුවෙන් මොන රටද පෙනී හිටියේ. මරණ දඩුවම ගැන අහලා හිරකාරයෝ බයවෙලා කියලා තව නිවුස් එකක් දැක්කා, පේනවා නේද දඩුවම ක්‍රියාත්මක කරන්නත් කලින් අපරාධකාරයෝ බයවෙන හැටි දැන් පේනවද මත් උවදුර පවත්වාගෙන යන්න අවශ්‍ය කාටද කියල
ඔය අපරාධකාරයෝ සියල්ලෝම එක්සත් රාජධානියට යවන්නකෝ
අනේ මන්දා කාට කියන්නද මේ අවනඩු
ලංකාව තවම එංගලන්තේ කොලනියක් කියලද මෙයාල හිතාගෙන ඉන්නේ
වැරදි කාරයෝ ටික ඔබේ රටට බාරගන්න කැමති නම් අපිත් කැමතියි මරණ දඬුවම ක්‍රියාත්මක නොකර ඉන්න. එවන්නද?
දුප්පත් , ආර්ථීක ශක්තියක් නැති කුඩා රටවල් ඇත්ත වශයෙන්ම පාලනය කරන්නේ බලවත් රටවල් බව මෙයින් නියමාකාරයෙන් ඔප්පුවේ. කුඩා රටවල් වල සෛවරීභාවයක් නැති තරම්ය. නව යටත් විජිතවාදය තුලින් කුඩා රටවල් වල නායකයින් නාමික නායකයින් බවට පත් කර තිබේ
මම පුද්ගලිකවම මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට විරුද්දයි. බෞද්ධ රටක් ලෙස අපි අපේ අධ්‍යාපනය ඉතාම විද්‍යාත්මක ක්‍රමයකට සකසන්න ඕනේ රට සහ සමාජයට වැඩදායි මිනිසුන් බිහි කරන්න. පාසල් අධ්‍යාපනය මුළුමනින්ම නැවත සකසන්න ඕනේ. ජාති, ආගම, පළාත් අනුව වෙනස් නොවන එකම පාසල් අධ්‍යාපනයක් සකසන්න ඕනේ. නමුත් රටක නීතියක් සම්පාදනය කරන්නේ ඒ රටේ ඒ ඒ අවස්ථාවලට අනුරූපීව, අවශ්‍යතා සදහා.. එවැනි අවස්ථාවක මේ විදියට එංගලන්තයෙන් සහ බටහිරෙන් එන බලපෑම් ඉතාම පහත් ගනයේ දේවල්. ඔවුන් මෙලෙස නොකළ යුතුයි. එමෙන්ම ලංකා ආණ්ඩුව ඒ රටේ පුරවැසියන්ට අවශ්‍ය නීති සම්පාදනය කරන්න පුළුවන් බව පෙන්වන්න ඕනේ. මේ විදියට, චීනය, ඇමෙරිකාව , තායිලන්තය, සවුදි අරාබිය, වගේ බොහොමයක් රටවල මරණ දඩුවම ක්‍රියාත්මක වෙනවා. නමුත් එක්සත් රාජධානිය (එංගලන්තය ) ඔවුන් සමග ව්‍යාපාර මෙන්ම ආරක්ෂාව සම්බන්ද සියලු දේ කරනවා. මොවුන් ලංකාවට කරන නොයෙක් බලපෑම් නවත්වන්න කාලේ හරි දැන්. මේ ආණ්ඩුව බටහිරට කොතරම් ගැති උනත් අපිට ලැබුන දෙයක් නැහැ. ආර්ථිකය තිබුන තැනිනුත් පහලට වැටුණා..
ඇමෙරිකාවේ මරණ දඬුවම තියෙනවා, සවුදියේ මරණ දඬුවම තියෙනවා, එත් ඒ කාටවත් අනතුරු හඟවන්නේ නැහැ. අනේ මන්ද...
එතකොට මේගොල්ලන්ට මරණ දඩුවම හැමදාම ක්‍රියාත්මක වුන ඇමෙරිකාව සමග ගනුදෙනු කරන එක ගැන ප්‍රශ්නයක් නැද්ද ?
එහෙනම් ඔයගොල්ලන් ඒ කට්ටියව ගෙන්නාගෙන බකිංහම් මාලිගාවේ පදිංචි කරගන්න.
මරණ දඬුවම ක්‍රියාත්මක කළා කියල අපරාධ අඩුවෙන බවට කිසිම සාක්ෂියක් නැහැ. මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න යනවා නම් මීට මාස හයකට පෙර එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේදී මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමේ ගෝලීය ක්‍රමවේදය අනුගමනය කරමින් ඊට පක්ෂය ඡන්දය ප්‍රකාශ කලේ මොකද? ඒ කියන්නේ අපට ප්‍රතිපතියක් නැහැ කියලද?
ජනාධිපති තුමා හතර පස් දෙනෙක් එල්ලුවත් තව මාස කීපයකින් එන ජනාධිපතිවරයා ඕක ක්‍රියාත්මක කරන්නේ නැහැ. හතර පස් දෙනෙක් එල්ලපු අයෙක් හැටියට මෙතුමා හංවඩු ගැහෙන එක විතරයි වෙන්නේ අන්තිමට. එවැනි තත්වයක් තුල මෙතුමාට ජීවිතේ අන්තිම කාලේ මේ ගැන සිතමින් විඳවන්න වෙන්න්නත් ඉඩ තියනවා.
අර සේයා දැරිවිගේ සිද්ධිය, මව මැරූ බවට පුතාව නොමරා මැරූ සිද්ධිය දිහා බලද්දී අහින්සකයෝ මැරෙන්න තියෙන ඉඩ වැඩියි. මැරුවට පස්සේ අයෙත් ජීවිතය දෙන්න බෑනේ. රටේ මේ තියෙන අඩුපාඩු මුලින්ම හදාගන්න ඔන නැත්තම් වෙන්නේ අර ඉහල සිඩුවීම් වල වගේ වගකිව යුතු පොලිස් නිලධාරීන්ට කැලෑ නීතිය ලස්සනට කරන්න ඉඩ පෑදීම. අපේ මිනිස්සු බලන්නේ ලග කිසිම දුර්දක්නා නුවනක් නෑ.අනික ඉතින් ඕක ක්‍රියාත්මක කරන්න හදන මනුස්සයා මිනීමැරුම් 200කට වඩා සිදුවෙනකන් දැන දැන උඩ බලන් හිටපු කෙනෙක්. හරි නන් ඉතින් එයා තමයි මුලින්ම එල්ලන්න ඔන. සමහරවිට ඊලග ආන්ඩුවක් එයාව එල්ලයි ඔය නීතියෙන්ම.
මේ වෙලාවට තමා මතක් වෙන්නේ .. මහා රජාණන්ගේ ආණ්ඩුවක්.... කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් නායකත්වයක්......
එසේනම්ය සියළුම මත්කුඩු ජාවාරම් කරුවන් එක්සත් රාජධානිය ට පිටුවහල් කරමු.
පේන්වා නේද අපේ පාලකයෝ මුදලට ගිජුව, රටේ ස්වෛරීභාවය කොච්චර කැත විදියට පරයින්ට පාවලා දීලද කියලා?
අප තවමත් වහලුන් බව මෙයින් මොනවට සනාථ වේ..
ඔය කිව්වට ඒ ගොල්ලෝ මොනවත්ම ආධාර කපන්නේ නැහැ. කැපුවොත් හිරවෙන්නේ රනිල්ගේ ආණ්ඩුවනේ...
අනේ පලයව් යන්න.. තොපේ රටවල නීතිටික හොඳට බලපවත්වාගෙන අපේ රටවල හරියට නීතිය ක්‍රියාත්මක වුනොත් ඔයාලට ඕනේ විදියට අන්තවාදය බලගන්වා ගන්න අමාරුවෙනවා නේද? අර සෞදි අරාබියාවටත් කියාපියව්කෝ අපිට නිදහසේ දෙරටේ සම්බන්ධ කම් පවත්වාගෙන යන්න අමාරුයි... එහෙම වුනොත්? කියලා ඇමරිකාව එතකොට... මරණ දණ්ඩනය ක්‍රියාත්මක කලේ අපේ කැමැත්ත අකමැත්ත ගැන විමසලාද? අනේ... මේක අපේ රටේ ප්‍රශ්නයක්... අපිට විසඳගන්න දීපියව්..!