පොලිස් වෙඩි කෑ මධුෂ්ගේ ගෝලයාට බරපතළයි දකුණු පළාතේ ප්‍රබල පාතාල නායකයකු ලෙස සැලකෙන ඩුබායි රටට පලාගොස් සැඟවී සිටින මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයකු සහ පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් අතර ඔරුවල වානේ සංස්ථාව ආසන්නයේදී ඊයේ (04) දහවල් සිදුවූ වෙඩි හුවමාරුවක දී පොලිස් වෙඩිකා බරපතළ තුවාල ලැබූ පාතාලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිස් මූලස්ථානය කියයි. 05 October 2018
සීඅයිඩිය පැය 9 ක් ක්‍රිකට් ලොක්කාගෙන් ප්‍රශ්න කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එළඹෙන එංගලන්ත සංචාරයේ රූපවාහිනී අයිතිය වෙනුවෙන් විදේශ රූපවාහිනී ආයතනයකින් ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 5.5 ක් හෙවත් රුපියල් කෝටි 90 කට අධික මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමට සූදානම් වූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය නවයක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තේය. 04 October 2018
ක්‍රිකට් ලොක්කා රහස් පොලීසියට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. 04 October 2018
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා තීරුබදු රහිත වාහන බලපත් අරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර 228ක් නිකුත් කර ඇති බවත්, ඒ අනුව පාර්ලිමේන්තුවේ සියලූ දෙනා තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍රයෙන් වාහන ලබාගෙන ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ගයන්ත කරුණාතිලක මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය. 03 October 2018
පොහොට්ටුවේ නායකත්වය බාර ගන්න සූදානම් - මහින්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගැනීමට තමන් සූදානම් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පැවසීය. 03 October 2018
කඩු පොලු රැගෙන හයක් මහ රෑ ඇවිත් තරුණිය පැහැරගෙන යති අම්බලන්තොට, වලවවත්ත නිවසකට 02වනදා රාත්‍රි කඩාවැදුණු හය දෙනකුගෙන් යුත් පිරිසක් නිවසට වෙඩි තබා නිවැසියන් බියකර නිවසේ සිටි 17 හැවිරිදි තරුණියක බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බව ඇගේ මවුපියන් අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර ඇත. 03 October 2018
පොලිස්පතිවරයා - පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කළ යුතුයි - ජනපති පොලිස්පතිවරයාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුව කඩිනමින් ප්‍රතිසංවිධානය කළ යුතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (02) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 02 October 2018
මහින්දගේ අවසරයක් නැතිව ජනපති හමුවෙන්න බන්දුල බෑ කියයි මේ වනවිට රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා පැමිණෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් තමන්ට ආරාධනයක් ලැබුණද එම සාකච්ඡාවට සහභාගීවීමට තමන්ට හැකියාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (2) පැවසීය. 02 October 2018
කොරියාවේදී අතවර කර දැරියක මරලා ඩී.එන්.ඒ හෝඩුවාවෙන් දූෂකයන් සොයා ලංකාව පීරයි කොරියාවේ තේගු ප්‍රාන්තයේදී මීට වසර 19කට ඉහතදී දහඅට හැවිරිදි දැරියක සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කර මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම ඒකකය කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ (01) දැනුම් දුන්නේය. 02 October 2018
පොහොට්ටුවේ නායකත්වය මහින්දට බාර දෙන්න යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ නායකත්වය බාරගන්නැයි ලබන මාසයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයේදී ඉල්ලීමක් කරන බව එහි සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (1) පැවසීය. 01 October 2018
ඩී.අයි.ජී නාලකගේ කාමරයට සීල් කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති, නාලක සිල්වා මහතාගේ නිල කාමරයට පසුගිය සිකුරාදා සීල් තබා ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ. 01 October 2018
අගමැති නියෝගයෙන් පොලිස්පතිගේ ස්කොට්ලන්යාඩ් සංචාරය නවතී පොලිසිය ප්‍රතිසංස්කරණය කළ යුතු ආකාරය සහ ප්‍රජා පොලිස් සංකල්පය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් බි්රතාන්යයේ ස්කොට්ලන්යාඞ් පොලිසියේ පැවැත්වෙන විශේෂ වැඩමුළුවකට බි්රතාන්ය බලා යාමට සිටි පොලිස්පතිවරයා ඇතුලූ නියෝජිතයින් පස් දෙනාගේ ගමන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් රාජ්‍ය පරිපාලන , නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය කියයි. 30 September 2018
උසස්වීම් දීමේ අසාධාරණය ගැන ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරු ජනපතිට ලියති ජ්‍යෙෂ්ඨ පොලිස් පරික්ෂකවරුන් අමතක කර ප්‍රබල ඇමැතිවරුන්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරින් ලෙස කටයුතු කරන කනිෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනකු ජාතික පොලිස් කොමිසම මගින් අසාධාරණ අන්දමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇතැයි සඳහන් කරමින් එම ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් ජනාධිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 30 September 2018
ආනයන සඳහා රජය සීමා පනවයි ඇමරිකානු ඩොලරයට එරෙහිව රුපියල අවප්‍රමාණය වීම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවන පීඩනය පාලනය කරගැනීම සඳහා අද (29 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන සම්බන්ධයෙන් සීමා පැනවීමටත් තවත් ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කිරීමටත් රජය තීරණය කර තිබේ. 29 September 2018
ඉන්දුනීසියාවේ සුනාමියෙන් 384ක් මරුට ඉන්දුනීසියාවට අයත් සුලාවෙසි දූපතට බලපෑ භූ කම්පනයෙන් හටගත් සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 384ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බලධාරිහු පැවසූහ. 29 September 2018
පොලිස්පතිගෙන් පැය 3 ක් ප්‍රශ්න කරයි මහනුවර ති‍්‍රත්ව විදුහලේ හිටපු විදුහල්පතිවරයාගෙන් රුපියල් ලක්ෂ 202 මුදලක් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ඉදිරිපත් වි ඇති චෝදනා පිළිබඳව 28 September 2018
ආප්පයත් ගණන් උස්සයි ගෑස් මිල, පිටි මිල හා අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් ඉහළයාම නිසා ආප්පයක මිල රුපියල් 15 දක්වා වැඩි කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. 28 September 2018
නාලක ද සිල්වා රස පරික්ෂක දෙපාර්තමේන්තුවට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මීට සුළු වේලාවකට පෙර කටහඬ සාම්පලයක් ලබා දීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණියේය. 28 September 2018
පිදුරංගලදී අසභ්‍ය ඡායාරූප ගත් තිදෙනා රිමාන්ඩ් පිදුරංගල මත හිඳ අසභ්‍ය ඡායාරූප ගත් සිද්ධියේ සැකකරුවන් තිදෙනා ලබන මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල මහෙස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද නියෝග කළේය. 27 September 2018
ආරක්ෂාව වැඩි කරන්නැයි මහින්දගෙන් ඉල්ලීමක් තමන්ගේ ආරක්ෂාව වැඩි කරන ලෙසට තම ආරක්ෂාව භාර ප්‍රධාන නිළධාරියා රජයෙන් ඉල්ලිමක් කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(26) කොළඹදි පැවැසීය. 26 September 2018
පිඳුරංගල ගලමත නිරුවත් ඡායාරූප ගත් තිදෙනෙක් අත්අඩංගුවට පිදුරංගල ගල මත නැඟ නිරුවත් ඡායාරූප ගැනීමේ සිද්ධියට අදාල තරුණයින් තිදෙනකු අද (26) දහවල් ගලේවලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 26 September 2018
ෆොන්සේකාගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැය හතරක කාලයකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය. 25 September 2018
මැතිව්ස් එක්දින කණ්ඩායමෙනුත් හළයි ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර ලබන මාසයේදී ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් තෝරා ගෙන නැතැයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. 25 September 2018
මාස හතරකට පසු කුසුම්දාසට-මහානාමට ඇප අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ඉදිකැටිහේවගේ කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (25) අද නියම කළේය. 25 September 2018
ත්‍රස්ත විමර්ශනයෙන් ස්නයිපර් ගිනි අවියක් අතුරුදන් පොලිසියේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ තිබූ ස්නයිපර් වර්ගයේ ගිනිඅවියක් අතුරුදහන්වී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 25 September 2018
සරත් ෆොන්සේකා සීඅයිඩියට කැඳවයි මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කළැයි කියන සිද්ධිය ගැන විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා හෙට (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. 24 September 2018
පොලිස්පති පුජිත් ඇතුලූ පිරිසක් විශේෂ පුහුණුවකට ස්කොට්ලන්යාඩ් යති ස්කොට්ලන්යාඞ් පොලිසිය විසින් පවත්වන සතියක විශේෂ පුහුණුවක් වෙනුවෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ඇතුලූ පිරිසක් 29 වැනි දින ස්කොට්ලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇත. 24 September 2018
ලාංකිකයින් 62338 දෙනෙකුට රටින් පිටවීම තහනම් ශ්‍රී ලාංකිකයන් 62338 දෙනෙකුට රටින් පිටවීම තහනම්ව ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 24 September 2018
ත්‍රස්ත විමර්ශන ඒකකයට දුන් මැෂින් තුවක්කු ආපසු ගනී ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබදව පැවැත්වෙන විමර්ශනයේදී ත්‍රස්ත විමර්ශන ඒකකයට ලබා දී තිබූ සැහැල්ලූ මැෂින් තුවක්කු දෙකක් (ලයිට් මෙෂින් ගන්ස්) තමන් භාරයට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධරයෝ කටයුතු කර තිබේ. 23 September 2018
නාමල් කුමාර 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකළ දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතාගේ 26 වැනිදා පෙරවරුව 9.00 ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා ඇත. 23 September 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026