IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


19 වැනි ව්‍යවස්ථා සංශෝධනය රටට ශාපයක්

19  ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  රටට ශාපයක්  බැවින් එය අහෝසි කළ යුතු යැයි  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා  පැවසීය.

 අද  පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
 
ඊළඟ ජනාධිපතිවරණයේදී  කවුරුන් බලයට පත් වූවත්  19-ඒ  ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර රටේ ස්ථාවරය ගොඩනැගිය යුතු යැයි ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය. 



අදහස් (9)

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය රටට ශාපයක්

shan Wednesday, 26 June 2019 05:12 AM

19 ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල සියලු දේ නොකිරීම රටට ශාපයක් වුණා. එම නිසා රට වසර ගණනාවක් පස්සට ගියා සේම ජීවිත 350 වඩා වැඩි ගණනකින් වන්දි ගෙවීමට සිදුවුණා. අදටත් ජනතාවට විදවන්න වෙලා තියනවා.

:       0       2

NishanThursday, 27 June 2019 12:20 AM

අනිවාර්යෙන්ම.

:       0       0

දිමුත් Wednesday, 26 June 2019 05:24 AM

හිනාවෙන්නද අඬන්නද කියලා හිතාගන්න බැහැ.

:       1       0

Sanath Kandy Wednesday, 26 June 2019 05:36 AM

19 සංශෝධනය රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් තැබූ වැදගත් ඉදිරි පියවරකි. දැන් කළ යුත්තේ ඊලග පියවර තැබීමයි. එනම් විධායක ජනාධිපති ධුරය සම්පුර්ණයෙන්ම අහෝසි කර 1977 ට පෙර පැවති ආකාරයේ කැබිනට් මණ්ඩලයට විධායක බලතල හිමිවන ස්ථාවර ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීමයි. ඊලග ජනාධිපති පත්වනතුරු බලා සිටිය යුතු නැත. ජවිපෙ ගෙනවිත් ඇති 20 වන සංශෝධනය සම්මත කර ගැනීමට සියලු දෙනා එක්විය යුතුය. එවිට පොහොට්ටුව එජාප හා ශ්‍රීලනිප ඉදිරියේ ඇති ජනාධිපතිධුර අපේක්ෂකයා පිළිබද ප්‍රශ්නයද ඉබේම විසදෙනු ඇත.

:       0       72

saliya Wednesday, 26 June 2019 06:18 AM

මෙය බලයට ඒම සඳහා දුන් පොරොන්දුවකි. දැන් මෙය වැරදි යයි කීමෙන් තේරුම් යන්නේ කුමක්ද? ඒ කාලේ බොරු කී බවක් ද? නැත්නම් දැන් බොරු කියන බවත් ද ?

:       0       0

piyal Wednesday, 26 June 2019 06:38 AM

මෙයාට ඕන විදියට නටන්න බැරි නිසා දැන් කියනවා රටට ශාපයක්ලු. ඔයා තමයි රටට ශාපය.

:       0       101

thilakasiri Wednesday, 26 June 2019 08:42 AM

19 සම්මත කරන්න කැමතිවෙලා තම පාක්ෂිකයිනුත් මෙහෙයවලා මෙහෙම කියන්නේ පිස්සුවෙන්ද?

:       0       5

Sanath Kandy Wednesday, 26 June 2019 10:09 AM

19 සංශෝධනය රටේ ප්රජාතන්ත්රවාදය හා යහපත් රාජ්ය පාලනයක් වෙනුවෙන් තැබූ වැදගත් ඉදිරි පියවරකි. දැන් කළ යුත්තේ ඊලග පියවර තැබීමයි. එනම් විධායක ජනාධිපතිධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කර 1977ට පෙර පැවති ආකාරයේ කැබිනට් මණ්ඩලයට විධායක බලතල හිමිවන ස්ථාවර ආණ්ඩුක්‍රමයක් ඇති කිරීමයි. ඊළඟ ජනාධිපති පත්වනතුරු බලාසිටිය යුතු නැත. ජවිපෙ ගෙනැවිත් ඇති 20වැනි සංශෝධනය සම්මත කර ගැනීමට සියලු දෙනා එක්විය යුතුයි. එවිට පොහොට්ටුව එජාප හා ශ්‍රීලනිප ඉදිරියේ ඇති ජනාධිපතිධුර අපේක්ෂකයා පිළිබඳ ප්‍රශ්නයද ඉබේම විසඳෙනු ඇත.

:       0       56

menna Wednesday, 26 June 2019 03:04 PM

ජනාධිපතිවරණයකදී හැමදාම කතාවට එන්නේ ව්‍යවස්ථාව. ව්‍යවස්ථා සංශෝධනයක් හැර කතා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? එ්කත් හොඳයි එනඑන ජනාධිපතිගේ ස්වභාවයට අනුව ව්‍යවස්ථාව සංශෝධනය කරගෙනම වැඩ කරන්න පුළුවන්. ලෝකයේ ඕනෑම රටක මානුෂිය ක්‍රියාකාරකම පාලනයට නීතිය විතරක් මදි කියලා ලංකාව වගේ රටක ජීවත් වෙද්දී හොඳට තේරෙනවා. ආගම්වල පිහිට පැතීමට සිදුවීම මිනිසුන්ගේ දුර්වලකමක්ද? මිනිසුන්ගේ ස්වභාවයද? කලින් මිනිස්සු බැනබැන හිටියේ ජනාධිපතිගේ බලතල වැඩියි කියලා, දැන් ජනාධිපතිගේ බලතල අඩුකම ප්‍රශ්නයක්? ප්‍රශ්නේ තියෙන්නේ ජනාධිපති වෙන පුද්ගලයාගේද? ජනතාවගේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2130 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site