හැටන් බලංගොඩ මාර්ගය ගිලා බසී
නොර්වුඩ් නිව්වැලිගම ප්රදේශයේ කාසල්රි ජලාශයට ඉහළින් වු හැටන් බගවන්තලාව , හැටන් මස්කෙලිය සහ හැටන් බලංගොඩ ප්රධාන මාර්ගය අද (15) අලුයම වන විට අඩි 10 පමණ පොළව තුළට ගිලා බැස ඇති අතර , ඒ අසල පිහිටි නිවාස පහක් කාසල්රි ජලාශයට කඩා වැටෙමින් පවති.