(අජන්ත කුමාර අගලකඩ)
හිටපු ආණ්ඩුකාර එම්.එල් හිස්බුල්ලා මහතාගේ මඩකලපුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංගික කාරක සභාව විසින් දෙන ලද වාර්තාව අධ්‍යනය කිරීමට දී ඇති සති දෙකක කාලය ප්‍රමාණවත් නොවන බැවින් එය අධ්‍යන කිරීමට මාස දෙකක කාලයක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලබා දෙන ලෙස ඉල්ලමින් උසස් අධ්‍යාපපන අමාත්‍යංශය ඉදිරිපත් කළ යෝජනාවකට ඉකුත් සිකුරාදා (19) කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් පිරිසක් විරෝධය දක්වා ඇතැයි වාර්තා වේ.
අදාළ යොජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූයේ වැඩබලන උසස් අධ්‍යාපන ඇමැති ලකී ජයවර්ධන මහතා විසින් බව රජයේ ආරංචිමාර්ග පවසයි. වාර්තාව අධ්‍යනය කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සති දෙකක කාලයක් මීට පෙර ලබා දී තිබු අතර එය ප්‍රමාණවත් නොවන බැවින් ඒ සඳහා මාස දෙකක කාලයක් කැබිනට් මණ්ඩලයේ නිර්දේශයෙන් ඉල්ලා ඇත.
එහෙත් එතරම් කාලයක් ඒ සඳහා ලබා දිය නොහැකි බව ඇමැතිවරුන් පිරිසක් පෙන්වා දී ඇති අතර ඒ අනුව මාසයක කාලයක් පමණක් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියන්නේ ලංකාවේම තිබෙන කාර්යබහුල මෙන්ම මේ ලෝකේ ඉන්න උගතුන්ගෙන් වැඩිම පිරිසක් සේවය කරන අමාත්‍යංශයක්. එපමණක් නොව ලෝකයේ නව සොයා ගැනීම් සදහා ලබා දෙන නොබෙල් ත්‍යාගය වර්ෂ කීපයක්ම එක දිගට ලබාගැනීමට සමත්වූ මහා බුද්ධිමතුන් පිරිසක්. කෙටියෙන් පවසන්නේනම් එම අමාත්‍යංශයේ රියදුරෙක් ගේ සුදුසුකම් සොයා බැලුවත් රියදුරුකම පිලිබදව ගෞරව උපාධියක් තියෙන කෙනෙක් එහෙව් මිනිසුන් ඔය ඇමතියෝ කියන දේවල් ඇහුම්කන් දෙයිද ?
පුදුම කාර්ය බහුලකමක් තියෙන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියන එකට, එතකොට මෙච්චර ජනතාව බදු ගෙවනවා ඒවායින් අවශ්‍ය පහසුකම් වාහන අරව මේවා සේවකයෝ අතිරික්තයක්ම ඉන්නවා ඕවයේ පුරවලා, කෝ වැඩ?
මේ ආණ්ඩුව ඕකට මොකවත් කරන පාටක් නම් පේන්නේ නැත. අර සයිටම් එක පවරගත්තා වගේ අලි කෙප්පයක් නම් ඉස්සරහට කියන්න පුලුවන්. මොනවා වුනත් මහින්දට ක්ෂණික වැඩ කරන්න කොන්දක් තිවුනා මේ නායකයන්ට වඩා. හරි හෝ වැරදි වුනත් ශ්‍රිලන්කන් එක සහ අර දයාගේ සීනි කම්හල ක්ෂණිකව ගන්න පුලුවන් වුනා නම් ඇයි මේකට මෙච්චර ඇබරෙන්නේ.