( ලහිරු හර්ෂණ)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆි මහතා අද කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය.
කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සාෆි මහතා අද උදෑසන බන්ධනාගාර බසයෙන් කුරුණෑගල බන්ධනාගාරය දක්වා රැගෙනවිත් තිිබිණි. අනතුරුව දහවල් බන්ධනාගාර බසයෙන් රැගෙනවිත් කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට වෛද්‍යවරයා ඉදිරිපත් කළේය.
බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාවක් මැද වෛද්‍යවරයා අධිකරණයට ගෙනවිත් තිබු අතර , අධිකරණය අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබේ.
වඳ සැත්කම් කළා යැයි චෝදනා එල්ල වීමෙන් පසු සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.


(ඡායාරූප -ලහිරු හර්ෂණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ උඩ ගෝඨාට විරුද්ධව කොමෙන්ට් කරපු අය මේ "ජාති සංහාරයට" විරුද්ධව වචනයක්වත් ලියලා නැහැනේ? ඔන්න ඕකට තමයි කියන්නේ "රටේ ජනමතයයි, කොමන්ට් මතයයි" කියන්නේ දෙකක් කියලා.. කොහොම වුණත් රටේ සදාදරණීය අනාගත ජනාධිපතිතුමනි, ඔබතුමාට "චිරං ජයතු"!!!
ඇමරිකන් බයිපාස් කාරයට වගේ අනිත් අයට තහනම් නියෝග ගන්න පුලුවන් වාසි නෑනේ...
අද අතට මාංචු.... තව ටික දවසකින් බෙල්ලට තොන්ඩුව... මම කොච්චර ආසාවෙන්ද එය බලාගෙන ඉන්නේ...?
විල්පත්තු සංහාරය පටන්ගත්තේ කවදාද? එයට අනුබල දුන්නෝ කවරහුද? ඉන්පසුව ලංකාවට අත්වූ ඉරණම කුමක්ද? ඔය කියන අයට මේවා නැවැත්වීමට අවංක වුවමනාවක් තිබේද? එසේ නැත්නම් ඡන්ද ගණන මත සියලු දේ රඳා පවතීද? අවසානයේ වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නට අපට සිදුවේද?
ඩිලාන් මට ඔබ සමග එකඟ විය නොහැක. අනාගත ජනාධිපති කවුරුන් වුණත් අපි හැමවිටම ජාති ආගම් කුල, මල, පක්ෂ, පාට අමතක කර ශ්‍රී ලාංකිකයින් ලෙස සිතිය යුතු කාලය පැමිණ ඇත. එසේ නොවුණහොත් ශ්‍රී ලංකාව වලපල්ලට ගිය තවත් එක් රටක් බවට පත් වනු නොඅනුමානයි. අපේ දේශපාලකයින් හෝ විද්වතුන් මේ පිළිබඳ නොහිතන්නේ අපේම අවාසනාවට... නිකමට හිතලා බලන්න ඉතියෝපියාව දැන් දියුණුවන අන්දම... පිට ඉඳන් බලනකොට තමයි හොඳට පෙනෙන්නේ...
දිලාන් කොහෙද යන්නේ මල්ලේ පොල්. ඔය අසාධාරණයට ලක්වෙච්ච එකම කාන්තාවක්වත් වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් නොවෙන්නේ රජයේ වරදින්ද
පුවත්පත් වාර්තාවකට අනුව අත්අඩංගුවට ගෙන ඉන්පසු පැමිණිලි එක්රැස් කරලා වෛද්‍යවරයෙක් හිරේ යවපු එකම අවස්ථාවක්, කිසිම විද්‍යාත්මක පදනමකින් ඔප්පු කරන්න බැරි අභූත චෝදනා, දේශපාලන හා ජාතිවාදී වුවමනාව මත තවදුරටත් හිරබාරයට..කවදා හෝ සත්‍ය ජයගනිවී.
නීතිය හැම දෙනාටම පොදු විය යුඉත්තක්... වැරදිකරුට නිසි දඩුවම් දීම කල යුතුයි. මෙවැනි පුද්ගලයන්ට අනිවාර්යෙන්ම මරණිය දණ්ඩනය දිය යුතුයි.
සාෆි ජනාධිපතිතුමනි ඔබට ජයවේවා..!!! රනිල් මැතිතුමා සහ එක්සත් ජාතික පක්ෂය ඔබතුමාගේ මාර්ගය එළිකර දෙනවා ඇති !!! අල්ලාහු අක්බර් ...!!!
ඩිලාන් මහත්මය ජනතාවම තමයි මේකේ අදහස් දාන්නෙත්.එතකොට ජනමතයයි අදහස් වල තියන දෙයයි දෙකක් නෙමෙයි එකක්.
වරදක් කලේ නම් කව්රුත් දඩුවම් ලැබිය යුතුය. ආගම කුමක් උව දඩුවම ලැබීම නියතමය. කෝට් කාරයෝ බේගල් දෙසා බේරුනද කිසිවෙක් ස්වභාවධර්මයෙන් නැත බේරෙන්නට කිසිවෙකුට.
දිලාන්, වත්මන් රටේ ව්‍යවස්තාව අනුව ගෝඨාට මේ රටෙත් ජනාධිපති වෙන්න බැහැ, ඇමරිකාවෙත් ජනාධිපති වෙන්න බැහැ. ඇමෙරිකාවේ ව්‍යවස්තාව අනුව ඒ රටේ ඉපදිය යුතුයි.