(ඩයනා උදයංගනී)
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශ ඇතුළු දිවයිනේ ප‍්‍රදේශ රැසකට දින දෙකක් තිස්සේ ඇද හැලුණු මහ වැසි හේතුවෙන් මේ වන විට හත්දෙනෙකු මියගොස් පවුල් 496කට අයත් 1976 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගිනිගත්හේන මහනුවර ප‍්‍රධාන මාර්ගයේ කොටසක් වෙළඳසැල් 10ක්ද සමඟ අද (19) අලුයම නාය යාම හේතුවෙන් ඊට හසුවූ එම වෙළඳසැලක සිටි ව්‍යාපාරිකයෙක් මියගොස් ඇත.
සූරියවැව ප‍්‍රදේශයේදී ත‍්‍රීරෝද රථයක් මතට අද (19) පස්වරුවේ ගසක් කඩාවැටීම හේතුවෙන් 31 හැවිදිරි කාන්තාවක්, ඇගේ දියණිය සහ තවත් දැරියක මිය ගොස් තිබිණි.
හැටන්, ආගරපතන ටොරින්ටන් තේ වත්ත ප‍්‍රදේශයේ දිය පහරකට හසුව ගසාගෙන යෑමෙන් ඊයේ (18) දිනයේදී දැරියන් දෙදෙනෙකු මිය ගොස් ඇත.
මීට අමතරව මහනුවර මහියංගණය මාර්ගයේ ඔරුතොට ප‍්‍රදේශයේදී යතුරු පැදියක් මතට ගසක් කඩාවැටීම හේතුවෙන් 29 හැවිරිදි තරුණයෙක්ද මරණයට පත්ව තිබේ.
කළුගගේ ජල මට්ටම ඉහළ ගොස් රත්නපුර ප‍්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා ඇතිවූ ජල ගැලීම් නිසා අද (19) දහවල් වන විට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහයක පවුල් 331කට අයත් 1250ක් පමණ ආපදාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නුවරඑළිය දිස්ත‍්‍රික්කයේද මහ වැසි සමඟ ඇතිවූ ජලගැලීම්, තද සුළං, පස්කඳු කඩාවැටීම් හා නායයෑමේ අවදානම් හේතුවෙන් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනක පවුල් 165කට අයත් 726 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනා කියන්නද තේරෙන්නේ නැහැ. අහිංසක මිනිස්සු නියන්ගෙන් පීඩා විඳලා වැස්සෙන් හුළගෙන් මියයනවා. පොඩි කෙල්ලොන්ට මෙවන් අකල් මරණයක් නැවත නොලැබෙන සැපවත් ආත්මයක උපදින්න පින් ලැබේවා...
හරි අධ්‍යනයක් කරනවානම් ස්වභාවික ව්‍යසන වලින් වෙන විනාසය අඩු කරගන්න පුළුවන්. මෙච්චර ඉංජිනේරුවෝ ඉන්න රටේ තාම මේවගේ දෙයක් කරගන්න බෑ.
මෙවැනි පීඩාවන්ගෙන් වැළකීමට.. ලෝකයේ ධනවත් සහ බුද්ධිමත් රටවල් වලටද නොහැකිවීම කණගාටුවට කරුණක්... සමහරවිට මෙයද , පුංචි පටන්ගැනීමක් විය හැකියි.. "" ලෝක මහා කාලගුණ විපර්යාසයන් "" අපි ඉස්සරට වැඩිය හුඟක් කාලගුණය සහ එහි වෙනස්වීම් ගැන කලපනාකාරී වියයුතුයි.