(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ සිද්ධියේ සැකකරුවන් වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සම්බන්ධ වැඩිදුර නඩු විභාගය ලබන ඔක්තෝබර් 3 දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (22) නියම කළාය.
මෙම සිද්ධියට අදාළව පළමු සැකකරු වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශ සටහන් කර අවසන් බවත් දෙවැනි සැකකරු වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශ දෙකක් සටහන් කර ගත් බවත් සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙවැනි සැකකරුගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගත යුතුව ඇතැයි අධිකරණයට දැන්වීය.
සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර ඉදිරි නඩු දිනයේ දී වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ඡායාරූප - ළහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිනාවල හැටියටනම් මේ කත්නදරෙත් විහිළුවක් වගෙයි
නැතිවුන ජීවිත නං මොනාද? අපි කලින් බේරිලා ඉමු. දැක්කද මූණේ හිනාව
දැන් ලෙඩේ හොඳයි වගේ.....
ඕන යන්න මෙන්න යන්න පන ඇද්දේ අපි..// බොරුව උනත් ඇත්තක් ලෙස රගපැවේ අපි..// නැතිවුණු අය දන්නව කව්ද කලේ ජඩ වැඩේ..// එහින්දා යන්තම් ඇති බේරුනා නේ අපි..//
මෙයාලට නඩු වැටෙන්න ඕන මුනට හිනාවක් සිරියාවක් එන්න . නැත්නම් ඉන්නේ ඔරෝගෙනමයි. තනතුරේ ඉද්දි අවට වටපිටාවම උෂ්නේ වැඩි හින්ද හිනාවක් නැහැ . සහරාන්ලාගේ වැඩෙන් හිතට සතුටක් ලැබුණ දෙන්නෙක් බව මුනෙන්ම පෙනෙනවා .
මාස ගණන් මේ නඩු කල්යන එක වලක්වන්න ලංකාවේ නඩු කඩිනම් කරන්න ලඟදි පටන් ගත්ත අලුත් උසාවි ක්‍රමය මේවට යොදාගන්න බැරි ඇයි?මේක මිනිස්සුන් ගණනාවකගේ ජිවිත විනාශ කරපු විශාල සිදුවිමක්නේ
ඇයි සාමාන්‍ය මිනිස්සුන්ට නඩු වැටුණම බයවෙන්නෙයි , ලොකු අයට නඩු වැටුනම හිනා වේවි ඉන්නෙයි ? මෙයාල උසාවි යන්නේ යාළුවො හම්බ වෙන්න වගේනේ
අසුන්දර උනත් මුන්දගේ සුන්දර හිනාව නේ..// මතක් උනේ මගුල් ගෙදර දෙවෙනි ගමන්නේ..// හොරුන් බොරුකාරයන් උන් උන්වම හදුනන්නේ..// දැන් මේ සිනාහව පව්කාරයෝ බව පෙන්නුවනේ..//
කතාව නිමි ද ? මතු සම්බන්ධ ද? මේගොල්ලෝ එකතු වෙලා වෙනම ගේමක් ගහනවා මිනිස්සුන්ට නාට්‍යය පෙන්වනවා.. මිනිස්සු නම් තව දුරටත් ඕවට රැවටෙන්නේ නැහැ..