(ඉන්දිකා රාමනායක)
ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ජයවර්ධනපුර රෝහලට ගොස් පරීක්ෂණ පැවැත්වු රහස් පොලිස් කණ්ඩායම මොහු අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ පරීක්ෂණවලට අනුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා උපදෙස් දුන් හත්දෙනාගෙන් එක් අයකු වන සමන් දිසානායක මහතා අද උදෑසන රෝහල්ගතවී තිබිණි.
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා සමන් දිසානායක මහතා අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබුණු අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ එම අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව සමන් දිසානායක මහතා සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට යළිත් දන්වා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තවමත් නොතේරෙන දේ තමයි පාස්කු ප්‍රහාරයට , සාෆිලට ඉපැරණි බෙෘද්ධ සංස්කෘතියට සම්බන්ධ ප්‍රශ්ණ වලදී නැමෙන ....... මේ වගේ ප්‍රශ්න වලදී දැඩිවෙන්නේ ඇයි කියලයි. පාර්ලිමේන්තු මැතිවරණයකට පාර හදද්දි ඒකට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජිකයන් උසාවි යන්නයි. මැතිවරණ කල් දානකොට ඊට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජිකයන් උසාවි නොයාමයි. මහජනතාවගේ පරමාධිපත්‍යය පිළිඹිබු කරන විධායකය, ව්‍යවස්ථාධායකය අධිකරණය ඒ පරමාධිපතිත්වයට සෘජුවම බලපාන ප්‍රශ්න කල් මරා මගහැර යාමයි. ඒ වගේ පරමාධිපතිත්වයට සෘජු බලපෑමක් නැති ප්‍රශ්ණ වලදී වේගවත් වීමයි .. මට හිතෙන්නේ පරමාධිපතිත්වය හිමි ජනතාව වන අපට වැරදුනු බවට හොඳම උදාහරණ මේෙවා තමයි.
ලොකු ලොකු තනතුරු දැරුවත් අප රටේ සිටින්නේ රෝගීන් බව නම් හොදින්ම පැහැදිලිය...මෙවන් " රෝගීන් නොහොත් ලෙඩ්දුන් " උසස් තනතුරුවලට පත් කිරීමෙන් බලයේ හිටපු මෙන්ම දැනට බලයේ ඉන්න රජයන් කර ඇත්තේ අහිංසක පුරවැසියන්ගේ බදු මුදල් වක්‍රව මෙන්ම ඍජුව අව භාවිතාවක් බැවින් මෙවන් ලෙඩ්ඩුන්ව" දිව්වා ලෝකේ තිබෙන විභාග සමත් වෙලා හිටියත් " රජයේ කම්කරු තනතුරකටවත් තබා ගැනීම මහා පාප කර්මයකි. රටේ ඉහලම තනතුරු දරන සහ දරුපු සියල්ලෝටම මහජන මුදල්වලින් ලබපු ලාබ ප්‍රයෝජන , විදපු සැපසම්පත් නැවත බාන්දාගාරයට ලබා දෙන්නේනම් ඔවුන් තමන්ගේ ඊලග ආත්මයට කරගන්න මහත් ආයෝජනයකි...සියලුම උසස් යයි කියාගන්න රජයේ නිලදරින්ට මෙම අදහස් කියවීමට හැකි වේවා.....!!! නිරෝගී සම්පත් ලැබේවා!! මහජන මුදලින් නොමිලේ ලබාගත් අධ්‍යාපනය වෙනුවෙන් තමන්ගේ උපන් මාතෘබුමියට අවන්කවිමට මොලේ පෑදේවා,!! මහජනයාට අවංකව සේවය කිරීමට සිත්පහන් ඇතිවේවා !!!
කල වරද? දේශපාලුවන්ගේ ඕනෑ එපාකම් පිරිමපු එක? තම රාජකාරිය හරි හැටි නොකිරීමේ වරද.
මෙන්න මෙයත් රෝහල්ගත වෙලා කියන්නේ. ලංකාවේ නීතිය නම් මරු. නියමෙටම නිතිය නවනවා. ලෝකෙටම එකම එකයි.
අත් අඩංගුවට ගන්නවා කියනකොටම බඩේ අමාරුව. කෙලින්ම ඉස්පිරිතාලේ.
අනේ පව් .
මරු පුත්‍රයන්ට පොලිස් කොමිසන් තනතුරු දීලා තිබෙන්නේ .
සාටකයන්ගේ නීලකාස හෙන්චයියෙක් නිසා මේ හාදයට මේවා පෙනෙන්නේ නැහැ වගෙයි ?
මම දන්නා පරිදි මෙතුමා ඉතා හොඳ රාජ්‍ය සේවකයෙක්. කලක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ (පාස්පෝට් කන්තෝරුවේ) ප්‍රධානියෙක් වෙලා හිටියා. ඒ කාලයේ ආයතනයේ කාර්යක්ෂමතාවය දියුණු කිරීමට හොඳින් දායක සහ මූලික වුනු පුද්ගලයෙක්. පසුව ආරක්ෂක අමාත්‍යංශයේ සහකාර ලේකම් කෙනෙක් විදියට මාරුවීමක් ලැබුවා. දේශපාලුවන්ගේ ඕනෑ එපාකම් පිරිමහනවය කියා හිතන අය අද වෙන්නෙත් ඒකම නේද කියලා හිතන්නේ නැතුව ඔහේ නං දොඩවනවා. අද ජනාධිපතිව සනසන්න මේ අයව අත් අඩංගුවට අරන් ගෝටාභය හිරකරන්න දරන වෑයමක් නීතිපති විසින් කරගෙන යන්නේ. ඒකත් එහෙමනම් දේශපාලකයින්ගේ ඕනෑ එපා කම් පිරිමහීමක් නේද? ඇවන්ට් ගාඩ් කියන බොරු නඩුව ආණ්ඩුව පරාද වෙලා ඉවරයි. ඩොලර් මිලියන ගණන් වලින් ඇවන්ට් ගාඩ් ආයතනයට වන්දි ගෙවන්න කියලා සිංගප්පුරු ආබිට්‍රේෂන් උසාවියෙන් තීන්දුවක් මීට පෙර ලැබුන බව කට්ටියට අමතක වෙලා දැන්. පුද්ගලික ව්‍යවසායකත්වයට රාජ්‍ය අනුග්‍රාහකත්වය ලබාදී (Public Private Partnership එකක් මගින්) රටට විශාල ආදායමක් ගෙනා මේ ව්‍යාපාරයට වින කරලා අපේ රටට කරපු අපරාධයට මේ පාලනතන්ත්‍රයට මතු පරම්පරාවක්ම ශාප කරයි.