(නිමන්ති රණසිංහ)
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කොළඹ නායක මොහොමඩ් පවාස් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(15) නියෝග කළාය.
මෙම සැකකරු සම්බන්ධයෙන් ඇප ලබාදීමට විරුද්ධත්වයක් නැතැයි නීතිපතිවරයා කළ දැනුම්දීමකට අනුව එම ඇප ලබාදෙන ලෙසට කෙසෙල්වත්ත පොලිසිය කළ ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපන් ආත්මෙකවත් ආයෙත් මේ රටේ නොඉපදේවා!!
කිසිම සම්බන්දයක් නැති ඈයෝ තාම ඇතුලේ. බෝම්බ පුපුරුවපු සංවිධානේ කට්ටිය ඇප දීලා එලියට දානවා.
නියමයි !!! දැන් ඉතින් අපි තමා ත්රස්තයෝ.
තහනම් සංවිධානයක් නම් ඒකෙ නායකයෙක්ට ඇප දෙන්න විරුද්ධ නොවීමට හේතුව කුමක්ද ? අනෙ මන්දා
මරු නීතිපති. පොලිස්පතිට ලේකම්ට ඇප දෙනවට ගේම අදිනවා හැබයි ත්රස්තවාදීන්ට සම්බන්ධ පුද්ගලයන්ට ඇප දෙන්වට කැමති වෙනවා. වහාම දප්පුල උන්නහේ ගැන සිඅයිඩී එක පරීක්ෂණ කරයුතුයි. සමහරවිට ඔහුත් ත්රස්තවාදීන්ට සම්බන්ධ වෙන්න පුලුවන් ඔහු වැඩ කරන ආකරය අනුව.
ත්රස්තවාදීන් එලියට යන ඉක්මන. මාර නීතියක් තියෙන්නේ. නියම නීති පති අර අමිත්ව තිබ්බ මාස ගානක් රිමාන්ඩ් එකේ. මොකද ඒ බෝම්බ ගහලද නැහැ. දැන් ඉස්තිරයි නිතිය සිංහලයට විතරයි කියන එක.
බුදු අම්මෝ... මේ වගේ ජාතික ආරක්ෂාවත් එක්ක සෙල්ලම් කරන, පිස්සන් කොටුවක් මේ මුළු ලෝකෙම නැතුව ඇති. ජනතාවගේ බදු වලින් යැපෙන අධර්මිෂ්ඨයින් 225කගේ බලතණ්හාවේ මනදොළ පිනවීමට රටත් එහි ජනතාවත් ත්රස්තවාදීන්ට අමු අමුවේ බිලි දෙති. පුළුල් ජනතා සන්ධානයක් මහා සංඝරත්නයේ පෙරමුණකින් බිහිවිය යුතුම කාලයකි මේ.
වන්දියක් දෙන්න
LTTE සමහර සැකකරුවන් තවම සිරකාන්දුරුවල නේද? ඒ අයත් නිදහස් කලොත් මේ සමගම හොඳයි නේද?
හැබැයි ඇහුවොත් නම් කියයි දැන් යහපාලානේ නිතිය සර්ව සාධාරණයි කියල. භික්ෂුන් වහන්සේලාට හමුදාවේ යට නම් නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා. හරිම කණගාටු දායකයි. ඡන්ද වෙනුවෙන් ඕන දෙයක් කරයි.
මෙයා මිනිස්සු 300 එක දිනකදී කොළඹදී බෝම්බ ගහල මරපු ත්‍රස්තවාදී කණ්ඩායමේ කොළඹ නායකයා නම් , මොහුට විරුධව නඩු පවරන්නේ නැතුව ඇප දෙන්නේ කොහොමද ? පස්සේ මොහු සිංගප්පූරුවට පැන්නට පස්සේ මොකද කරන්නේ ? නීති පතිගේ ඔලුව හොඳ නැද්ද ?
අපේ රටේ ඡන්ද ටිකක් තියෙන කෙනෙක්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. උගත්තු, බුද්ධිමත්තු රට දාලා යනවට ලංකාවේ දේශපාලකයෝ හරිම කැමතියි .
සර්ව සාධාරණ අධිකරණය සහ පොලිසිය නිදහස් කරන්නෙම බෝම්බකාරයෝ, කුඩු මුදලාලිලා. අල්ලලා හිරේ දාන්නෙම කුඩු වලට ඇබ්බැහි වුනු තරුණයින්, බෝම්බ කාරයෝ අල්ලන්න උදවු කරපු බුද්ධි නිලධාරීන්, අන්තවාදයට එරෙහිව හඬක් නගන අය. මා දන්නා මගේ යුධ හමුදා, නාවුක මිත්රයින් බොහොමයක් බලන් ඉන්නේ විශ්‍රාම යනකල්. ඔවුන් LTTE යුද්දෙට ලොකු සේවයක් කරලා, නොමැරී බේරිලා රටට මහඟු සේවයක් කරලා දැන් බලන් ඉන්නවා දෙවියනේ අපි අපේ ජීවිත බිල්ලට දීලා කරපු දෙයින් පලක් තියෙනවාද කියල .
යහපාලන ආණ්ඩුවේ "නීතියේ ආධිපත්‍ය"? රට වෙනුවෙන් කතා කරපු හාමුදුරුවරු, රණවිරුවෝ අප නැතුව ඇතුලේ. අහිංසක මිනිස්සු 350 කට වැඩිය මැරුව අය මාස තුනෙන් එළියේ. අපි එදා ඉදන්ම කිව්වේ ඔන්න ඕක තමයි.
වැඩිය කතා නොකරන තරමට ගුණයි මේවා ගැන. මොකද අන්තිමේදී වැරදිකරුවා වෙන්නේ මේවට හොටදාපු එවුන්. මේවා දකිද්දී හිතන්න වෙන්නේ එහෙමනේ.
මම හිතාන්නේ ඊළග උසස්වීම ගන්න සුදුසුකම හදාගන්නවාවගේ......
අහින්සක මිනිසුන් තුන්සිය ගණනක් අමු අමුවේ මරා දැමූ ත්‍රස්තවාදී සංවිධානයක නායකයන් කඩිනමින් ඇප දීලා නිදහස් කරනවා. මොන නීතියක්ද මේ. මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් කරන්නේ නැද්ද ?