IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ධීවර යාත්‍රා 30ක ධීවරයින් 200ක් මුහුදේ අතරමං

(ඔගස්ටින් ප්‍රනාන්දු)
 
මසුන් මැරීමට මුහුදු ගිය ධිවරයින් 200ක් පමණ පිරිස සහිත බහුදින යාත්‍රා 30 ක්  පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය මත අද (19) උදෑසන වන විට දිවයිනට ළඟාවීමට නොහැකිව මුහුදේ අතරමංව සිටින බවත්, එම ධීවරයින් ගෙන්වා ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය ඉල්ලා ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය කියයි. 
 
මෙම යාත්‍රා දික්ඕවිට සහ මීගමුව ධීවර වරායන්ගෙන් ජාත්‍යන්තර මුහුදෙහි මසුන් මැරීමට ගොස් ආපසු දිවයින කරා යාත්‍රා කරමින් සිටියදී පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත ප්‍රචණ්ඩ මුහුදෙහි අතරමංව ඇත.
 
මෙම යාත්‍රාවන්ගෙන් බහුතරය හලාවත ධීවර කලාපයේ ඒවා වන අතර මීගමුව හා දික්ඕවිට ප්‍රදේශවල යාත්‍රා ද වෙයි.
 
මෙම යාත්‍රාවල ධීවරයින්ට ආරක්ෂිත මුහුදු කලාපය මාලදිවයින් මුහුද කලාපය බවත් ඊට නිසි අවසරයකින් තොරව ඇතුළත්විය නොහැකි බැවින් තමන් ඒ සඳහා නිසි අවසරය ලබා දෙන ලෙස ආපදා කළමනාකරණ ඒකකයෙන් ඉල්ලා ඇති බවත් සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත මහතා මේ අතර පැවැසීය.
 
එම සමිතියේ ඉල්ලීම අනුව මෙම සම්බන්ධයෙන් වහාම මැදිහත්ව රාජ්‍යතාන්ත්‍රික ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස ප්‍රධාන කාර්යාලයෙන් ඉල්ලා යැවු බවත් පුත්තලම ඒකකය කියයි.



අදහස් (2)

ධීවර යාත්‍රා 30ක ධීවරයින් 200ක් මුහුදේ අතරමං

kolam boss Friday, 19 July 2019 07:09 AM

ධීවර අමාත්‍යංශයේ කට්ටියට ඕවා කරන්න තේරෙන්නෙත් නැහැ දන්නෙත් නැහැ හැකියාවකුත් නැහැ. එයාල දන්නේ පුටුවලට වෙලා ඉඳලා කියක් හරි හොයාගන්න ක්‍රමයක් ගැන හිතන්න විතරයි. පුළුවන් නම් ගොඩබිමට ආවේ නැහැ කියල දඩයක් ගහයි .

:       0       65

de silva Friday, 19 July 2019 09:10 AM

අපේ නායකයෝ විදේශ සමබන්ධතා සහ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් පිළිබඳව පම්පෝරි ගහන විදිහට මේක විනාඩි කිහිපයකින් එක කෝල් එකකින් විසඳාගන්න පුළුවන් ප්‍රශ්නයක්... නමුත් ප්‍රමාද මොකද?

:       13       74

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site