(ද සන්ඬේ ටයිම්ස්)
රජයේ වියදම් සීමාකරණය මුදල් අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.
ජල විදුලි දුරකතන ගාස්තු ආදිය හැකි තරම් සීමා කරන ලෙසත් අනෙකුත් වියදම් නියමිත උපදෙස් පරිදි සිදුකරන ලෙසත් මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා නිකුත් කර ඇති එම චක්‍රලේඛයේ සඳහන් වේ.
ලබන වසර වෙනුවෙන් දින පොත් හා දින දර්ශන සඳහා වන වියදම් කපාහරින ලෙස ද එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.
පාස්කු දා ප්‍රහාරයෙන් ආර්ථිකයට සිදුවූ විශාල බලපෑම හේතුවෙන් රාජ්‍ය ආයතනවල වියදම් හැකිතාක් සීමා කිරීමට සිදුවී තිබෙන බව ද මහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේකයේ සඳහන් වේ.
රාජ්‍ය ආයතනවලට අනවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී සහ සේවා ලබාගැනීමේදී අදාළ උපදෙස් පිළිපදින ලෙස ද වියදම් හැකිතාක් පාලනය කරගනිමින් එම සේවා ලබාගන්නා ලෙස ද මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.
මහා භාණ්ඩාගාර ලේකම්වරයා සිය චක්‍රලේඛයෙන් දැඩි ලෙස උපදෙස් දී ඇත්තේ රාජ්‍ය ආයතනවලට අමතර වියදම් නොදෙන ලෙසටය. තව ද හැකිතාක් පුනරාවර්තන වියදම් අඩුකර ගන්නා ලෙස ද එම චක්‍රලේඛය මගින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකරන නිලධාරීන්ගේ විදේශ අධ්‍යයන චාරිකා නිල විදෙස් චාරිකා හැකිතාක් සීමා කිරීමට හෝ අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස ද එහි සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම යහපත් තීරණයක්. මේ ආකාරයටම දේශපාලකයන් වෙනුවෙන් කරන වියදම් නිල වාහන ලබා ගැනීම් වෙනුවෙන් මුදල් ලබාදීම පාලනය කරන ලෙසත්, වසර 5 සදහා එක නිල රථයක් හා පරිවාර රථ ලබා දීමේ වැඩ පිළිවෙලක් මෙන්ම වසර 5 කාලයකින් පසු එම වාහන රජයේ අමාත්‍යංශ හා සංස්ථා වලට පවරා රාජ්‍ය ආයතන වලට අලුතින් වාහන ලබා ගැනීම අඩු කර මහජන මුදල් අනවශ්‍ය ලෙස රාජ්‍ය ආයතන භාවිතා කිරීම ද දේශපාලකයන් විසින් භාවිතා කරන අතිරික්ත වාහන පරිහරණය පවුලේ උදවිය වෙනුවෙන් රජයේ වාහන පරිහරණය හා ඒ සදහා රාජ්‍ය මුදල ලබා දීම සේවා සහ ගාස්තු ගෙවීම් රාජ්‍ය වැටුප් ලබන රියදුරන් සේවයේ යොදවා ගැනීම හැකි ඉක්මනින් පාලනය කරන මෙන් ජනපති, අගමැති හා මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. 1976 වසරේ රාජ්‍ය උත්සවයන් සදහා ගෙන එන ලද රථ (504)රථ එම කාර්යන් පසු ලබාදුන් රාජ්‍ය ආයතන (ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි)ආයතන මෑතක් වනතුරු භාවිතා කරනු ලැබූ අතර එදා ඒ කරගන ආ ප්‍රතිපත්තිය නැවතත් සක්‍රීය කරන ලෙසත් ඔබතුමලගෙන් ඉල්ලා සිටිමි
මීට " රජයේ අනවශ්‍ය වියදම් " කියන්නේ මේ ආයතන වල රාජකාරී කරන අයගේ පුද්ගලික වියහියදම්. අපේ රට තියන තාක් කල් මෙව්වා ගෙව්වේ ආණ්ඩුව! රජයේ ආයතන වලට වැටුපට අමතරව " හොර බොරු " බිල් දාල රජයේ මුදල් යටිමඩි ගැසීම අපගේ ජාතික සංස්කෘතියයි. ඉතින් ඔය වියදම් කපලා කොටලා කෙටි කරන නියෝගයක් කියන්නේ. 3 වෙනි ලෝක යුද්දය කරේ දාගත්ත වගේ වැඩක් ..!!!
කොරයි කියලා තමයි බය.
ඔය විදියට "හැකි තරම්" අඩු කරන්න කිව්වට වැඩක් වෙන්නේ නැහැ . ටාගට් එකක් දෙන්න ඕනෑ. 20% ක් ඊළඟ මුදල් වර්ෂය තුළ අඩුකරලා වාර්තා කරන්න කියලා. මුලින්ම සැලැස්ම ඉදිරිපත් කරන්න. ඊළඟට මාස 3න් 3ට ප්‍රගතිය වාර්තා කරන්න කියලා. පුද්ගලික සමාගම්වල මෙය සාර්ථකයි.
පුනරාවර්තන වියදම් කියන්නේ එදිනෙදා කරන වියදම්වලට. පසුගිය දිනක පුවතක් තිබුනා තැපැල් දෙපාර්තමේන්තුවේ දිනක අතිකාල දීමනාවලට කෝටියක් (මිලියන 10 ක්) වැය වෙනවා කියල. කාලෙකට පෙර මම අහල තියෙනවා විභාග දෙපාර්තමේන්තුවේ අතිකාල කරන පිරිස් කාර්යාලය තුල එකදිගට දින 15 ක් තරම් කාලයක් ගතකරමින් අතිකාල වැඩ කරනවා කියල. වාහන බලපත්‍ර ගැන කියන්න තියෙන්නේ සමහර උසස් යැයි කියන පිරිස් පුද්ගලික වාහනයක් පාවිච්චියට අවසර ගෙන මුදල් අතට ගෙන වෙනත් නිළධාරියෙකුගේ නමින් රජයේ වාහන වෙන්කර ගමන් කරන අවස්ථා ඕනෑතරම් දැකල තියෙනවා. තව දෙයක් කියන්නම් සමහරක් තනතුරුලාභීන්ට නිලරථය සුළු මුදලක් ගෙවා පුද්ගලික පාවිච්චියට දී තිබීම එහෙම තිබියදී වාහන ෆර්මිට් දෙන්නේ කුමටද. ඔවුන් ෆර්මිට් (බලපත්‍රයට ලැබෙන) වාහනය විකුණනවා. මේවා තමා අනවශ්‍ය වියදම්. මෙනිසා සමීක්ෂණයක් මගින් අනවශ්‍ය වියදම් හඳුනාගෙන ඒවා සීමා කිරීමට කටයුතු කරන්න
රජයේ වියදම් කෙසේ වෙතත් හැමදාම තැලෙන අපිටම කියයි පටි තද කරගන්න, අමාරු කාලයක් ගෙවන්නේ, ඉදිරියේදී බ්‍රේස්ලට්, වයිෆයි, ටැබ්, අරව මෙව්වා දෙන්නම් කියලා. අපේ රටේ ඉන්න දේශපාලන හොරු පන්නලා දාලා අනවශ්‍ය සභාවල් අයින් කරලා දේශපාලන මංකොල්ල ටික නවත්වන්න. එතකොට වියදම් ටික නිකම්ම නවතීවි.