මන්ත්රීවරුන් කෝටි ගණන් වලට අළෙවි වීම නැවැත්වීමට පාර්ලිමේන්තුව විසිරුවා හැරියා
ඇති වූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා සුදුසුම ප්රජාතන්ත්රවාදී යුක්ති සහගත සහ සාධාරණ තීන්දුව වන්නේ එය පොදු ජනතාවට භාරදීම බැවින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට තමන් තීරණය කළ බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විශේෂ ප්රකාශයක් කරමින් පැවසීය. මන්ත්රීවරුන් කෝටි ගණන්වලට අලෙවිවීමත්, කතානායකවරයාගේ පුදුම සහගත ප්රකාශත් තමාගේ මෙම තීරණයට හේතු වූ බව ද ජනාධිපතිවරයා කීවේය.