(ඩී.කේ.රත්න)
සෑම කෙනෙකුම ජයග්‍රහණය කරවන සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දේශීය ව්‍යාපාරිකයින් ශක්තිමත් කර ඉල්ලකගත ක්‍රමවේදයක් තුළින් රට දියුණු කරන බව ද ඔහු කීවේය.
ජාතික ආරක්ෂාව යටතේ හමුදාමය ආරක්ෂාව, අර්ථික ආර්ෂාව, දේශපාලන අරක්ෂාව යන සියලු අංශවල ආරක්ෂාව තහවුරු කරන බවත්, රණිවිරු අභිමානය සුරකින ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ බදුල්ල විල්ස් උද්‍යානයේදී දැන් පැවැත්වෙන රැලියක් අමතමනි. ප්‍රේමදාස මහතා පිළිගැනීම සඳහා එම රැලිය සංවිධානය කර තිබිණි.
‘‘ත්‍රස්තවාදයට අපේ රටේ ඉඩක් නෑ. අපි ත්‍රස්තවාදය වලක්වන්නේ නෑ. අපි අනිවර්යෙන්ම ත්‍රස්තවාදීන් සහ ත්‍රස්තවාදය විනාශ කරනවා. ත්‍රස්තවාදය, අන්තවාදය නිර්මාණය වෙන්නේ කොහොමද? ඒවා නිර්මාණය කරන කුමන්ත්‍රණකාරයො කවුද කියා සොයා බලන්න ඕනා. බුදුන් වහන්සේ දේශනා කළේ ‘සියලු සත්වයෝ නිදුක් වෙත්වා‘ කියලයි. රජයක වගකීම වන්නේ ජාති, ආගම්, කුල බේද නැතිව සියලු දෙනා වෙනුවෙන් කටයුතු කිරීමයි. අන්න ඒකයි බුදුන් වහන්සේ දේශනා කළෙත්. ‘‘
රට සීඝ්‍ර ගමනක් කරා දියත් කිරීමට නම් එය කළ හැක්කේ ගජ මිතුරු කල්ලියකට නොව දක්ෂ පළපුරුදු උගත් හැකියාවක් තිබෙන නව නිපයුම් තුළින් රට දියණුවකට ලක් කළ හැකි සුදුස්සාට සුදුසුතැන ලබා දෙන පිරිසකට පමණක් බව ද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
‘‘මට අවුරුදු 52යි. මම මැරෙන්න බය නෑ. මම ජනතාව අතරයි ඉන්නේ. මම ජනතාව අතරින්ම තමයි නොවැම්බර් මාසේ යන්න ඕන තැනට යන්නේ. ‘‘ යැයි ද ප්‍රේමදාස මහතා කීවේය.
ඡායාරූප - ප්‍රසාද් රුක්මල්




ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර ආර්‍යයාවගේ ස්වාමිපුරුෂයා නේද?
විසිඑක් වැනි සියවසේ කාර්මික විප්ලවයක් ගැන කියන මොළ ගෙනාපු නැවක්නේ...
මෙයාලා ටිකත් ගෝඨාගේ දෑත් ශක්තිමත් කරන්න නොගියොත් පුදුමයක්. අපි බලමු...
අැයි අනේ මේ රැස්වීමේදී ඔයාලා සජිත් ඉන්නවා කියලා කියන්නේ? ඕක කියන්නත් දෙයක්ද? අලියා උඩ යනවා නම් පේනවා.
පවුල් පාලනයට තිත...
තාත්තද කිව්වේ මේක තියන්න කියලා..
දැන් සජිත්ව බලෙන්ම යූඑන්පී අපේක්ෂකයා කරන්නද හදන්නේ? එතකොට පක්ෂය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය කෝ...?
අරහෙන් වලපයයි ගොඩපයයි කෙනෙක් ඉල්ලන නිසා මේ පැත්තෙන් කවුරු දැම්මත් දිනයි වගේ...
අනේද කියන්නේ...? රැස්වීමට ආවා මිනිස්සු බලාගෙන ඉන්නේ මේ ගෝත්‍රය තොලොංචි වෙලා යනකම්, ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමේ සිංදු අහන්න..
අපිට නම් මොන බූරුවා තරග කරත් අදාළම නැත. රටේ ආරක්ෂාව, රටේ දියුණුව, මෙන්ම මහජන මුදල් භාවිතය විනිවිද බව මූලික කරුණු විය යුතුයි. එබැවින් මෙම රිලව් 225 ම එම කරුණු සැලකීමේදී මහ බූරුවා ලෙස තරග කිරීම කිසිවිට නොකළ යුතුයි.
තමුන් මහ බූරුවා වුනොත් සජිත් ගොයියාගෙන් පහත පැනයන් සදහා ඍජු පිළිතුරු බලාපොරොත්තු වන්නෙමු.1. තමන්ගේ වත්කම්, බැරකම් ප්‍රසිද්ධ කරන්නේද? 2. මහජනතාවට සහ තමන්ගේ ඥාතීන්ට, ගොට්ටන්ට එකම හැන්දෙන් බෙදන්නේද? 3. නැවතත් 225 ම (ඔහෙත් ඇතුළුව) තීරුබදු වාහන ලබා දෙන්නේද? 4. එම වඳුරන්ට දියවන්නා ඔයේ ආපන ශාලාවෙන් ඉතාමත් අඩුමුදලකට අධි පෝෂ්‍යදායි අාහාරපාන ලබා දෙන්නේද? 5. විදේශ සේවයට (ඔහේගේ තාත්තා කළ දේවල් අපට හොඳින් මතකයි) තමන්ගේ ඥාතින්, ගොට්ටන් යොදවන්නේද? 6. විදේශ ගමන් යනවිට තමන්ගේ හැත්ත බුරුත්ත, ගොට්ටෝනේ ඔක්කොම මහජන මුදලින් රැගෙන යන්නේද? 7. නැවතත් හැලිවඳුරන් 225ම විශ්‍රාම වැටුප් ලබා දෙන්නේද? 8. මේ අය මහජන මුදලින් විදේශ සංචාර යන්නේ නම් පැමිණි පසු තමන් ලබාගත් දැනුම හා අදාළ විස්තර ගිය වියදම් මහජනතාවට දැනගැනීමට සලස්වන්නේද? 9. කිසියම් හෝ සුළු පක්ෂයයි කියන හිවලුන් සමග ගිවිසුම් අත්සන් කරන්නේ නම් එම ගිවිසුම් මහජනතාවට ප්‍රසිද්ධ කරන්නේද? 10.පාරේ යනවිට වටකාගෙන යන නිලමැස්සන්ගෙන් ඇතිවන කරදර නැතිකර දමන්නේද? 11. මහ වඳුරා යනවිට පාරවල් සියල්ලම වසන්නේද?
මේ කරන්නේ තනිකරම අහවලාගේ කොන්තාත්තුරුවක්. අපොයි ලංකාවේ දේශපාලනයට ගිය කලක්. ජනාධිපති පුටුව දැන් හරි ලාබයි. ඕක ඔච්චරම බාල්දු වෙන්නේ ඇයි? බලෙන් ඉල්ලන්නේ. ඒවාට උදව් කරන්නේ කලබ්කාරයෝ. ඉස්සෙල්ලා මේ කට්ටිය සමාජයට ආදර්ශයක් වෙන්න එපායැ. කෝ දැන් විනයක් තියෙනවද? ආ.. විනය දැනගන්න අධ්‍යාපනයක් නැහැනේ. සොරිම තමයි. කඩාකප්පල් කරලා වාසියක් ගන්නයි යන්නේ. මේ රටේ යහපත් පුරවැසියෝ කොටසකුත් ඉන්නවා.
මමත් තාත්තා වගේ දුගී දුප්පත්කම මාර්කට් කරලා විකුණන් කනවා.
මෙදාපාර කොට ඇදිල්ල විහින්ම බාරගත්තා වගේ. ඔය වැඩෙන් වෙන්නේ කවදාකවත් කරඬුව ගෙනියන්න සුදුසු නැහැ කියලා හංවඩු ගහලා එයා තවත් කාලයක් කරඬුව වඩම්මන එක, අන්තිමේ බෑනට බාරදීලා යයි.
නූතන ලෝකයේ තොරතුරු තාක්ෂණය, ඩිජිටල් ලෝකයක් ගැන කතා කරන සමාජයක කාර්මික විප්ලවයක් ගැන කතා කරන ලෝකයේ එකම ජනාධිපති අපේක්ෂකයා.. තව අවුරුදු 50කට කලින් මේ රට ගෙනියන්න හදන කෙනෙක්. අඩුම ගානේ නොදන්න දේවල් නොකියා හිටියා නම් තියෙන ඡන්ද ටික හරි බේරගන්න තිබ්බා..
ගෝඨාභය මහතා සුදුවෑන් පාලනයක් ගෙනයාම නිවැරදියි කියන පාඨකයන් රණසිංහ ප්‍රේමදාස මහතා ජවිපය මර්ධනය කිරීම වැරැදි ලෙස දක්වා ඇත. මෙම අදහස් කියවන විට සිනාසිය යුතු තැන හිතා ගත නොහැක.
ආසනය දිනාගෙන එන්න රට දිනන්න කලින්.. හපොයි මෙහෙමත් විගඩන්...
ලේ වලම තියෙන්නේ යටිකූට්ටු වැඩ සහ කකුලෙන් ඇදීමයි. මෙයාගේ පියා ජනාධිපති අපේක්ෂකයා වෙන්න කොයිතරම් දැඟලුවද?
මෙයාගේ කතා අහද්දී නිකන් සිනි බෝල කතා කියලා දැනෙන්නේ මට නම්. ලංකාවට ඕන අනාගතේ දකින්න පුළුවන් නායකයෙක්. නැත්තම් ආයේ අවුරුදු 10 කටවත් ගොඩඒමක් නැහැ...
එජාපය තව 5ක් කළොත් වෙන දේ හිතෙන්නේ මට විතරද?
ජය වේවා..!!!
කෝ අර පක්ෂය ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා කිව්ව සෙට් එක. දැන් යූඑන්පී අපේක්ෂක සජිත්ද? හැබැයි එයා කියන්නේ ගෝඨා ඊයේ කියපුවාම කොපි කරලා. කෝ අර යූඑන්පී කෘත්‍යාධිකාරී මණ්ඩලය. එයාලගෙ ඡන්දෙන් වෙන්න ඇති සජිත් පත්වෙන්න ඇත්තේ...
නැවතත් ජනතාව අන්දන්නයි යන්නේ, අපට ඉන්න රටක් ඕනේ.. අහිංසක ජනතාව සමුහ ඝාතනය වෙද්දී, ප්‍රශ්නය විසඳපු විදිහ අපි දැක්කා. වැරදි කාරයින් නිදොස් කරන්න පාර්ලිමේන්තු උසාවියක් හැදුවා. කාටද සාධාරණයක් කරේ? අායෙත් නම් ජනතාව පරම්පරා ගාණකට රවටන්න බෑ...
හැමෝම කියන්නේනම් ලොකු ලොකු සංවර්දන වැඩ කරනවා , වංචාව , දුෂණය , හොරකම නැති කරනවා කියලා. නමුත් ඇත්තටම හොරකම , දුෂණය , වංචාව , නැති නායකයෙක්ව මේ රටට ගේන්නේ වෙන්නේ අගහරු ලෝකෙන් තමයි.
අර පෙට්ටි ගෙවල් හදන වගේ සංවර්ධනයක්ද?
ඔබ තමයි ජනතාව ඉල්ලන එක්සත් ජාතික පක්ෂයේ ඉන්න එකම කෙනා. ජය නියතයි
සංවර්ධන ක්‍රමයක් ඇතිකරනවා ඇතිකරනවා කිව්වට බැහැනේ කරන වැඩ පිළිවෙලක් තියෙන්න ඕනනේ.
මෙය කොහොමද තනිවම ජනාධිපති අපේක්ෂකයා කියලා මීටින්ග් තියන්නේ. පක්ෂයේ ඉන්න අනිත් ලොක්කන්ට මේවා පෙන්නේ නැද්ද? අපි එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්නේ අපි රනිල්ට තියෙන ලෙන්ගතුකම හින්දයි.
ඔයා පක්ෂයේ නායකයාගෙන් අවසර අරගෙනද ඔය වැඩේ කරන්නේ.
මිනිස්සු බුද්ධිමත් මාධ්‍යට ජන මතය වෙනස් කරන්න බැ
ඉතින් මේ අවුරුදු 5 ට ඕක කරන්න තිබුනානේ. එහෙම කලානම් ඔච්චර නැහෙන්න ඕනේ නැහැනේ නැවත බලය ලබා ගන්න.
මෙයා මේ කතා කරන්නේ දැන් ආණ්ඩුව තියෙන්නේ විරුද්ධ පක්ෂයක් අතේ කියලා හිතාගෙන. ඔය කියපු ටික දැන්ම කරලා පෙන්නන්නකො. ඔයා දැන් ආණ්ඩුවෙ ප්‍රබල ඇමතිවරයෙක් නේ.
මෙයා මේ ලොකු කතා දෙන්නේ ජනපති අපේක්ෂකකම හම්බවෙලා වගේ හරියට
ප්‍රථම රැලියටම කළු ඇඳීම සුදුසු නැත . කළු යනු අඳුරයි .
ඕව කියනවා වගේ ලේසි නැහැ. පොඩ්ඩක් කෙරෙන විදිහ පෙන්වමු බලන්න. මිනිස්සු ඉස්සරහ සිංහයෝ වෙලා අන්තිමට 2/3 හදාගන්න බැරිව මඩ කන විදිහ දැකල තියේ. ඔක්කොම එක්ක එක සිංහලයෙක් පත් කරගම්මු.....
ජය වේවා..!!!
බදුල්ලට සජිත් කරපු දෙයක් කියන්න ආවෙත් පලවෙනි වතාව.
පක්ෂ තීරණය එනකම්වත් ඉන්නේ නැතුව විනය විරෝධීව, මේ වගේ කෙනෙක්ට චන්දෙ දෙන්නම එපා.
දැන් සංවර්දනය කරන්න හදන්නෙ හාල් කිලෝ එක ගානෙ දීලාද?
ජය වේවා..!!!
මෙතුමාට තියෙන්නේ නිකන් දෙන පිළිවෙතක්. ඒක හැම දේකටම හරියන්නේ නැහැ .
ඇමෙරිකාවේ වගේ ලංකාවෙත් දේශපාලන පක්ෂය ඇතුලේ ඡන්දෙකින් ජනාධිපති අපේක්ෂකයා තෝරන ක්‍රමයක් ගෙනවානම් තමයි සාධාරණ.
ජයෙන් ජයම වේවා
දැන් නම් කියයි මම මැරෙන්න බය නැහැ කියලා... මොකද රාජපක්ෂලා කොටිටික නැතිකළ හින්දා. තාත්තා නම් කොටින්ට සල්ලිත් දීලා අායුධත් දීලා තමන්ටම කෙළවා ගත්තා. ඒ නිසා හම්බ ත්‍රස්තවාදයත් එහෙමයි කියලා හිතාගන්න.
එදා බදුල්ලෙන් මහින්ද රාජපක්ෂ පැරදවූ රැල්ලම අායිමත් හරේන් බදුල්ලෙන් ගෝඨා පරදවන්න ඇරඹූ වගයි..
මේ වටේ ඉන්න එවුන්ට මොනවා හම්බවෙලාද දෙයියනේ මෙච්චර කහින්නේ? මිනිසුනේ උඹලාම තමයි මේ රට වලපල්ලට ඇදලා දාන්න උර දෙන්නේ මේ කම්බ හොරුන්ට... හිතපල්ලා රට ගැන නැතුව බඩ ගැන නෙමෙයි. උනුත් එකයි, මුනුත් එකයි කියන එක නුඹලාට තවම වැටහුනේ නැද්ද බොලව්? මතු දරුපරපුරට මොකක්ද මේ දෙන ආදර්ශය...?