ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව පොදුජන පෙරමුණු නායක , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේය.
සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහා සමුළුවේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂ ලෙස නම් කරනු ලැබුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයග්‍රහණය නියතයි...!!!
ඔබට උණුසුම් සුබපැතුම්..! පවුල් වාදය පසෙකලා නිවැරදි නායකත්වයක් ජනතාවට ලබාදෙන්න...
ජය නියතයි !!!
ජයවේවා...!
එතකොට එජාපයේ අපේක්ෂකයා තීරණය කරන "තීරකයා" වෙන්නේ ජවිපෙවත්ද?
රට බාරයි නුඹට පුතේ...
සුබ පැතුම් ගෝඨාභය මහතාණෙනි , පරණ හොරු නැතුව රට දියුණු කර දෙන්න. ඔබතුමාට සහ රටට තෙරුවන් සරණයි.
වෙනත් පක්ෂයකින් ඉදිරිපත් වුනානම් එතුමා තමයි දැනට ඉන්න එකම සුදුස්සා , රටට අත්වෙලා තියන අත්වෙන්න යන මහා ත්‍රස්තවාදී විනාශයෙන් බේරගන්න .
දැන් ඉතිං එතුමා ජනපතිවරණය දිනුවොත් සුදුවෑන් වල යන්න බලාගෙන ඉන්න වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන දෙය බේතකටවත් හොයාගන්න බැරිවෙයි. රට ආර්ථික වශයෙන් අගාධයටම යයි.
අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා...!!
නැවතත් සුදු වෑන්....
නියත ජය ! ජය වේවා මැතිතුමනි නමුත් අන්තවාදීන් ඡන්ද සටනට මෙන්ම අනාගත අාණ්ඩුවකට සම්බන්ධ කර ගන්න එපා සිංහල අපි ඔබව පත් කරන්න කැපවෙන්නෙමු .ජාතිය වැනසීමට ඉඩ තබන්න එපා . ඒ විශ්වාසය අැතිව අපි ඔබ සමග පෙළ ගැසෙන්නෙමු.
නම කිව්වා විතරයි ඔටුන්නත් දාගත්තා එහෙනම්...රජු උනාම මොනවා දාගනිද දන්නේ නැහැ.
බොරු නඩු හදපු යහපාලකයන්ට නරකාදියේ කටු ඉඹුල දැකගත හැකිය.
රටේ මේ මොහොතේ අවශ්‍යතාවය ...
තරගෙට ගෝඨා එනබව දැනගත්තේ..// තරගෙට එන ගොන් අලිය කව්ද බොලේ..// කවුරු පැමිණියත් වැඩක් නැතිබව අපට දැනේ..// අමතකද ලක්දෙරණ එකෙකුගේවත් බූදලය නොවේ..//
සුදුවෑන් වලට ඉල්ලුම වැඩිවෙයි.
ජය නියතයි..!!! අපි ඔබ සමගයි..!!!
මල්ලි ජනාධිපති අයියා අගැමති...! පවුල් පෙරමුණට ජයවේවා ! ඇමරිකාවෙන් සුබපැතුම්..! එරට පුරවැසියෙක් ප්‍රථමවරට ලංකාවේ ජනාධිපති පුටුවට..! මේ වගේ සටන්පාඨ නියමයි. අපි පවුලට පවුල අපිට, රාජපක්ෂවරු රජකරවමු පුතාට පිස්සුකෙලින්න දෙමු, එක පවුලක්..එක රටක්, බයගුල්ලා ජනාධිපති කරමු, ඇමරිකාවේ පැතුම ඔබයි, 70 පොඩි සීයා ජනාධිපති කරමු 72 ලොකු සීයා අගමැති කරමු.. වයසක කෙනෙකුට රට දෙමු. පාර්ලිමේන්තුවත් නොගිය පලපුරුද්දක් වත් නැති පොඩි සීයා ජනාධිපති කරමු.
බහුතර මහා සංඝරත්නය සහ කාදිනල්තුමා ඇතුළු මේ වනවිට ජනතා විශ්වාසය දිනාගෙන සිටින විද්වතුන් ගෝඨාට සහාය දිය යුතුයි කියන විශ්වාසය සාමාන්‍ය ජනතාව ලෙස අපට දෙයි නම් ඒ විශ්වාසය සුරකිමින් ඔහුට මේ රටේ අනාගතය බාර දීමට අපට හැකියි. අපි මේ රටේ ඡන්ද දායකයන් වෙමු.
විනයක් ඇති රටක් හදන්න. අපි ඔබතුමාට කියන්නේ එච්චරයි..
වැරැද්දක් වුණාම සියදිවි හානිකරගන්න බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක් මේක. මේ වගේ මිනිස්සු රටේ පාලනයට ආවොත් හැමෝටම කටවහගෙන හැංගිලා ජීවත් වෙන්නයි වෙන්නේ. පස්සේ ඡන්දෙ දීපු අයම හූල්ල හූල්ල ඉඳීවි. දැන්ම මේ රටින් පිටවෙලා ඉන්න එකම හොඳයි වගේ...
කොහොමත් දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ගේ චන්ද නැතුව දිනන්න බෑ. එහෙම ඕනේ නෑ කියලා හිතනවා නං ඒක ලොකු විහිළුවක්.
අයියා අගමැති, මල්ලි ජනපති, පුතා නෝනා ? අපේ රටට දෙවි පිහිටයි.
ජයෙන් ජය බැංකු හොරු ඉවර කරනු.
ජය වේවා.අපි අපේ රටට ආදරෙයි.
ඡන්දෙ ඉල්ලුවොත් දිනනවා නියතයි. ඒත් ඉතින් ඊට ඉස්සෙල්ලා ඇතුළට දාන්න ඉඩ තියනවා..
රට ගොඩනගන්න නිවැරදි නායකත්වය ලබාදෙන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා..!! සිංහල ජාතියේ බහුතරයෙන් ඔබ ජය ලබන බව අමතක කරන්න එපා..
සිංහල, දමිල, මුස්ලිම් සහ සියලු අන්‍යජාතී රට වැසියනි. අප සියලු දෙනා බලා සිටි මහඟු අවස්ථාව දැන් පැමිණ ඇත. නීතියේ ආධිපත්‍ය රජයන ලෝකයේ දියුණු සංවර්ධිත රටක් බවට ලංකාව පත් කිරීමට නාගානන්ද කොඩිතුවක්කු මහතා ජයග්‍රහණය කරවා මේ පාදඩ, තක්කඩි රටේ මහජන මුදල් මහදවාලේ කොල්ලකාපු පව්කාර නඩය මාතෘ භූමියෙන් අතුගා දැමීමට පක්ෂ, පාට, ජාති භේදයෙන් තොරව වහා එක්වන්න. මෙය ඔබට රට විනාශයෙන් බේරා ගැනීමට ඔබගේ ජීවිත කාලය තුළ ලැබෙන අවසාන අවස්ථාවයි.
අපේ අනාගත ජනාධිපති. මඩ නෑ වැඩ විතරයි.
පරණ වීනාව නම් වයන්න එපා. ඔබගේ දිනුමට උර දුන් අයට මුල් තැන එපා. පොදුවේ ලාංකික සැමට සාධාරණයත්, නීතියත් ක්‍රියාත්මක කරන්න. රජයේ කාර්යාලවලදී ජනතාවගේ අවශ්‍යතා කාගෙවත් අනුග්‍රහය යටතේ ක්‍රයාත්මක නොකරන්න. මෙය පුංචි සිහිගැන්වීමකි. කල් නොමරා ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්න ඔබට රට බාරයි. ජය නියතයි.
මම නම් කියන්නේ කාටවත් බහුතර බලයක් ලැබෙන්නේ නැහැ. බලකෑදරකම ඉහට උසට තියාගෙන ඒ කාලේ. ආයෙත් බලය ලැබුණොත් මොනවා කියයිද දන්නේ නැහැ. පුළුවන් නම් තමන්ගේ වත්කම් හෙළිකරලා අවංක චේතනාව පෙරදැරි කරගෙන ඡන්ද සටනට බහින්න. ලොකු දෙයක් එහෙම කළොත්...
එහෙනම් ජනාධිපති මැදුරේත් තටාක හැදෙයි!
"කිසිම සුළු ජාතික ඡන්දයක් නැතිව ජයග්‍රහණය කළහැකි එකම ජාතික නායකයා ගොඨාභය මහතා පමණයි." මෙය සිහිනයක් පමණි. සුළු ජාතික ඡන්දයක් නැතිව 50% ලබා ගන්නට නම් සිංහල ඡන්ද වලින් 80%-90% ගත යුුතුයි. එය කිසිදා සිදුනොවන්නකි.
අන්තිමට ජවිපය අපේක්ෂකයාට තමයි. එජාපෙ එකත් රනිල්ගේ.. අපි ගෝඨාත් එක්ක.
මොනවා වුණත් මේ තියෙනවට වඩා හොඳ වෙන බව නම් සහතික විය හැකිය.
ගෝඨාභය ජනාධිපති අපේක්ෂක වීම ප්‍රශ්නයක් කර ගන්නේ මොකටද? මේ රටේ වැඩි දෙනෙකුට ඕන ගෝඨාභය වගේ කෙනෙක් ජනාධිපති වීම නම් ඒක අපිට පිළිගන්න සිදු වෙනවා. ඡන්දය තියෙනකම් බලාගෙන ඉඳිමු.
ජයවේවා! දැයට කැමති සියලු ජනතාවගේ ආශීර්වාදය ඔබට ලැබේවා...!!!
රාජපක්ෂ සමාගමේ වත්කම් ප්‍රකාශය ඉදිරිපත් කරොත් ඡන්දය දෙනවා. නැත්තම් නාගානන්දට මගේ ඡන්දය...
බලය පවරාගන්න හිතාගෙන දුරදිග බලා අත්සන්කළ යටිකූට්ටු අවබෝධතා ගිවිසුම පොහොට්ටුවත් එක්කලා නැහැනේ. එ් නිසා කොන්ද පණ ඇතුව ආණ්ඩුව ගෙනියන්න පුළුවන්. අපි බයේ උන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන‍් ඡන්දෙ ඉල්ලයි කියලා. අනික දැන් චන්ද්‍රිකාට පරම්පරාගත අයිතිවාසිකමකුත් නැහැනේ ඇඟිලි ගහන්න. එ්ත් ඔය කුලීකාරයන් 225 අරගෙන නම් වැඩේ කරගෙන යන්න බැරිවෙනවා. මාසෙකට එක බැගින් කාර්මික විද්‍යාල නැතිනම් වෘත්තීය පුහුණු ආයතන හදන්න යන මුදල මේ 225 නඩත්තු කරන්න යනවා. එ් නිසා ඒකාධිපතියෙක් වෙලා හරි එලෙව්වොත් රට හැදෙයි.
ආයෙත් පරණ සෙට් එකට රැවටෙන්නේ නෑ. අපි එකෙන්ම නාගානන්දට විතරයි.
දෙමව්පියන්ගේ සොහොනත් මහජනතාවගේ සල්ලිවලින් හදපු හොරෙකුට රට බාර දුන්නොත් රටම දවසකින් දෙකකින් සුද්ද කරලා සමහරට විට යුද්ධය කාලයේ හාමුදාවෙන් අස්වෙලා ඇමරිකාවට පැනලා ගියා වගේ පැනලා යන්න බැරි නැහැ..
මේ මවාපෑමක්... ඔය නම හෙට, අනිද්දාම වෙනස් කරගන්න වෙනවා. දූෂණ, වංචා නඩු තිබෙන කෙනෙකුට රාජ්‍ය සේවයේ කිනම් තනතුරකටවත් අයදුම් කිරීම, නම් කිරීම, පත්කිරීම සපුරා තහනම්.. පෙත්සමකට ඕනෑතරම් කරුණු තිබෙනවා. අබසරණ තමයි.
ආයෙත් එහෙනම් 20% යුගයට පා තබන්ටයි වෙන්නේ.
එදා කොළඹ නිදාගෙන උන්නු හිඟන්නන්ව මැරුවේ ඔළුවට ගල් අතහැරලා... මෙයා රටේ නායකයා වුණොත් මුළු රටේම හිඟන්නන්ට දෙවියන්ගේම පිහිටයි. ශ්‍රී ලංකන් යානා ලෝකය වටාම පියාසර කරාවි ... ප්රූෆ් එක්කම ඡන්දෙ කිට්ටුවෙද්දී.. හැබැයි කවුරු ඡන්දෙ ඉල්ලුවත් නිල්, කොළ, රතු, පොහොට්ටු.. මේ එකෙක්වත් මේ පාර බලයට පත්වෙන්නේ නැහැ. අලුත්ම පක්ෂයක උගත්, බුද්ධිමත් රටට ආදරේ කරන, අවංක රට මංකොල්ල නොකන පුද්ගලයෙක් නියම වෙලාවට, නියම විදිහට, ඉදිරිපත් වේවි. අමතක කරන්න නම් එපා නිදහස ලැබිලා දැන් අවුරුදු 71ක් විතර වෙනවා. එදාමෙදා රට පාලනය කරපු ඔය ඔස්තාර්ලා එකෙකුටවත් බැරිවුණා.. " රුපියලේ අගය වැඩි කරගන්න - 1948 පසු දිගටම අද දක්වාම රුපියල වැටුණා. ඉතින් කොහොමද කියන්නේ රට ආර්ථිකයෙන් ශක්තිමත් වුණා කියලා..? අපේ වහල් මානසිකත්වය තියෙන කැපුවත් නිල්, කැපුවත් කොළ, කැපුවත් රතු, කැපුවත් පොහොට්ටු ..කියන අයට මේ සැරේ ඒ අයගෙන්ම නියම පිළිතුරක් ලැබේවි. මොකද ඒ නාකි මානසිකත්වය තියෙන පවුල්වල තරුණ තරුණියන් හට මේ රටට මේ දේශපාලුවන් කරලා තියෙන විනාශය දැන් වැටහිලා අවසන්...
පසු ගිය දවස් වල ඔය 225 එපා කියපු කට්ටිය එක්‌කෙනෙක්වත් නෑනේ. දැන් ඔක්කොම කියන්නේ ගෝටා
හාර්ට් එකට බයි-පාස් කලාට ඇමෙරිකාවෙ නඩුවලට බයි-පාස් බැරිවෙයි. මොකද පුරවැසිකම අයින් කරගන්න දෙන දිවුරුමේ මෙහෙම තියෙනවා "මාගේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමෙන් මා මීට පෙර කළ හෝ මින් ඉදිරියේදී කරන ලද ඇමෙරිකානු නීතිය කඩකරන වරදක් සම්බන්ධයෙන් ඇමෙරිකානු නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම්වලින් මා නිදහස් වන්නේ නැති බවට එකඟ වෙමි'
ගෝටාට වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. නමුත් පොහොට්ටු විලේ මඩ යට ඉන්න සෙට් එක තමයි ප්‍රශ්නේ. විමල්, බන්දුල, වාසුදේව, එස්. බී. කියනවනම් සීයක් විතර ඉන්නවා .මේ සෙට් එක නේද කාලම පැරදිලා ගියේ 2015 දී . තරුණ තරුණියනි නුඹලාට තමයි වග කීම තියෙන්නේ හරි උගත් නායකයන් පත් කර ගැනීම.
එයා කරපු වැඩේද?
අයියෝ සිරිකොතේ අය කලබල වෙලා තියෙන තරමක්. බලපු ගානට වඩා තියෙනව ඩිස්ලයික් කරපු ගාන. මං හිතන්නෙ හාමු වෙනම ටීම් එකක් දාලද කොහෙද මේකෙ ඩිස්ලයික් ගාන වැඩි කර කර ඉන්න.
ගෝඨාභය යනු රට වෙනුවෙන් මිනිසුන්ගේ ආරක්ෂාව සහ යහපත වෙනුවෙන් වැඩක් කල වීරයෙකි. එතුමාට විරුද්ධව කියවන්නේ නිවට ද්‍රෝහීන් බව කිව යුතුමය. එනිසා රටට ආදරයක් ඇති සෑම කෙනෙක්ම ඔහුට ආශීර්වාද කරනවා.
තාම නම විතරයි කිව්වෙ.. පාට පක්ෂ බලන්නෙ නැතව කොන්දේ පණ තියෙන නායකයෙකුට ඔබ ඡන්දය දෙන්න මෙදා සැරෙ වැරදි කෙනෙකුට ගියොත් රට හදන ඒක විහිලුවක්.. මේක ඔබට මට ලැබෙන අවසාන අවස්ථාව විය හැක.
ජයවේවා! මේ පොහොට්ටුවේවත් වෙන කාගෙවත් අපේක්ශකයා නෙමෙයි. රටේම අපේක්ශකයා. කොන්ද පන තියන එඩිතර ක්‍රියාවෙ න් වැඩ ඔප්පුකරන ඔබ වගේ නායකයෙක් අපිට ඕනා.
ප්‍රියන්ත, යුද්ධේ ඉවර කලේ ගෝඨාභය නෙවෙයි සරත් ෆොන්සේකා පමණයි. එක එකා ලකුණු දාගත්තාට. අනික මෙයාට තියෙන නඩු වලට මොකද වෙන්නේ කියාදන්නා කෙනෙක් කියන්න.
සරත් ෆොන්සේකා විතරක් තනියම යුද්ධ කළා නම් මොන එකකටද අනිත් හමුදා දෙකටයි පොලිසියටයි පඩි ගෙව ගෙව තියාගන හිටියේ. මහින්ද එන්ඩ කලින්නුත් ෆොන්සේකා ඔය හමුදාවේම හිටියනේ ඇයි ගහල ඉවරයක් කරන්න බැරි වුනේ.
ගොඩක් දෙනා කතාකරන්නේ විකාර. මෙතුමාට ලංකාවේ ඡන්දෙ ඉල්ලන්න නීත්‍යානුකුලව පුලුවන්ද ඇමරිකන් පුරවැසිභාවය තියෙද්දී ? දන්නා කෙනෙක් තේරුම් කරලා දෙනවද?
අප රටට ජනාධිපතිවරණයක් පැමිණෙන්නේ රට තීරණාත්මක අභියෝගයන් රැසකට මුහුණ දෙන අවස්ථාවක බව අමතක කළ යුතු නැත. එනිසා අප රටේ අනාගත නායකයා කොයි කඳවුරෙන් පත් වුවද අප රට ඉහළට උසවා ගැනීම සඳහා ඔවුන් හමුවේ සුවිශාල යුතුකමක් හා වගකීමක් තිබෙන බව මේ මොහොතේ සිහිපත් කළ යුතුව ඇත. මේ වසරේ (2019) ශ‍්‍රී ලංකා ආර්ථිකය කලින් අපේක්‍ෂා කළ අගයටත් වඩා පහළ යනු ඇතැයි විශ්වාස කෙරේ. මහ බැංකුව මේ වසර මුලදී ඇස්තමේන්තු කර තිබුණේ මේ වසරේ ආර්ථික වේගය 4% ක් වනු ඇති බවයි. එහෙත් පාස්කු ඉරිදා එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ආර්ථික කටයුතුවලට එල්ල වූ බලපෑම් නිසා එම ඉලක්කය පවා ළ`ගාකර ගත හැකි වේදැයි යන සැකය මතුවෙමින් පවතී. එනිසා අනාගතයේදී අප රටේ බිහිවන නායකයාගේ එක් ප‍්‍රමුඛ කාර්යයක් වනු ඇත්තේ වැටුණු ආර්ථිකය න`ගාසිටුවීම සඳහා ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමයි. ඒ සඳහා මේ රටේ මානව සම්පත් කළමනාකරණය කරමින් නිෂ්පාදන ආර්ථිකයක් දක්වා අප රට මෙහෙයවීම අනාගත නායකයා හමුවේ ඇති ප‍්‍රබල අභියෝගයක් වනු ඇත.
දැන් ජනාධිපතිට බලය නැහැනේ.. ඉස්සර වගේ ඔය කියන දේවල් කරන්න. ඉතිරිව තියන බලයත් අහෝසිකරලා ජන්ධිපතිවරණයත් නැතිකරලා අගමැති විසින් පත්කරන නාමික ජනාධිපති කෙනෙක්නේ මීට පස්සේ එන්නේ... ඉතින් මේක කරන්න කියලා බලය ගත්තු ජනපතිවරු කාටත් බැරිවූ වැඩේ කරන්න හපන් වෙලා තියෙන්නේ රනිල් නේද? කොච්චර හරි මෛත්‍රී, මහින්ද ඇතුළු රනිල් විරෝධීන් එකතුවෙලා රනිල්ව 2018 ඔක්තොබෙර් 26 දින අගමැති කමින් පැන්නුවට පස්සේ මහාධිකරණ තීන්දුව අනුව 2018 දෙසැම්බර් 16 වැනිදා නැවත රනිල්ව අගමැති තනතුරට පත්කරනතුරු එයාලා ව්‍යවස්ථාව තේරුම් අරගෙන තිබුනේ නැතිබව රටම දැනගත්තා පමණක් නොවෙයි, එයාලා 2015ට පෙරත් ව්‍යවස්ථාව තේරුම් නොගෙන කැලේ නීතිය රජකරවූ බව එයාලම ඔප්පු කළා. රාජ්‍යතන්ත්‍ර ඥානය කියන්නේ අප රටට බලපාන ලෝක බලවතුන්ගේ බලපෑමෙන් වියහැකි අයහපත වළක්වා යහපත උදාකර ගැනීමට අවශ්‍ය ක්‍රම සහ විධි සියුම්ව වටහාගැනීමට හැකි පළපුරුද්ද හා විෂය ඥාණයයි. රටේ ව්‍යවස්ථා වටහාගන්න බැරි අය ගැන කියනුම කවරේද? රනිල් නම් හරියට වටහාගෙන යමක් කරන බව පෙනුණා. මම බලාගන ඉන්නේ රනිල් ජනධිපතිවරණයට ගහන ගැටේ මොකක්ද කියලයි..? බලයට එන්න යන්නේ බලය නැති ජනපති කෙනෙක්. කයිවාරු ගැහැව්වට වැඩක් නැහැ.
බමුණා කොටනවා කොට්ටෝරුවෙක් වගේ ,
කියවපු අය 9665 ප්‍රතිචාර 122 යි... නරක නැහැ නේද?
ඝෝඨා, සජිත්, රනිල්, මහින්ද මේ වචන ඇර වෙන ලස්සන වචන නැද්ද මේ රටේ..? මමත් කාලයක් කඩේ ගියා මෙවුන්ට රට ගැන හිතලා. නමුත් දැන් එය වෙනස් වුණා... මොවුන්ගේ බලු වැඩ නිසා. කවුරුහරි අහයි දැන් කාටද කඩේ යන්නේ කියලා... යනවා! හොඳ ඔලුවක් තියෙන රටට වැඩක් ඇති සිහින කුමරුවෙක් නොවෙන කෙනෙකුට. හිඟාකෑවත් බඩට වහල්වෙන්නේ නැහැ මැරෙන තුරාවට...