IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


වැව් තාවුල්ලේ වළදැමූ රෝහල් අපද්‍රව්‍ය යළි ගොඩගනී

(අජිත්ලාල් ශාන්ත උදය සහ ජයන්ත නානායක්කාර)
 

සෙවනගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  කිරිඉබ්බන් වැව් තාවුල්ලේ සමගිපුර ඉඩමක හොර රහසේ වළදැමූ රෝහල් අපද්‍රව්‍ය තොගයක්  නැවත ගොඩගෙන   වෙනත් ස්ථානයකට  රැගෙන යමින් සිටි ටිපර් රථ දෙකක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

මෙම  රෝහල්  අප ද්‍රව්‍ය තොගය ගොඩ ගෙන  කියුබ් හතරේ ටිපර්  රථ හතරකින්  මීගහජදුර ප‍්‍රදේශයේ කැලෑවකට  රැගෙන යාමට උත්සාහ කර ඇති අතර  ප්‍රදේශවාසීන්ගේ විරෝධතා මැද ටිපර් රථ දෙකක් එතැනින් පිටත්ව ගොස් අනික්  ටිපර් රථ දෙකක් පමණක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අපද්‍රව්‍ය මාස දෙක තුනකට පෙර මෙම ස්ථානයේ වළ දමා තිබු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. මේ වන විට එම ටිපර් රථ දෙක  සෙවනගල පොලිස් ස්ථානය ඉදිරිපිට නවතා ඇති අතර ඉන් වහනය වන දුර්ගන්ධය ඉවසිය නොහැකි බව ඒ අවට ජනතාව කියති.

විදුහල්පතිවරයෙකු බව කියන පුද්ගලයෙකුට අයත් සමගිපුර පිහිටි අක්කර තුන වපසරියෙන් යුත් ඉඩමක මෙම  අපද්‍රව්‍ය වළ දමා තිබී ඇත. එම විදුහල්පතිවරයා  යැයි කියන පුද්ගලයා සහ  තණමල්විල ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරන දේශපාලනඥයෙන් පිරිසක් පැමිණ අපද්‍රව්‍ය තොගය ගොඩගන්නා විට  ප්‍රදේශවාසීන් ඊට දැඩි විරෝධය දැක්වීමත් සමඟ  පරිසර අධිකාරියේ නිලමුද්‍රා සහිත වූ ලිපියක්  ප්‍රදේශවාසීන්ට පෙන්වා  අපද්‍රව්‍ය ගොඩගෙන ටිපර් රථවලට පටවා මීගහජදුර ප‍්‍රදේශයට ගෙනගිය යාමට උත්සාහ කර තිබේ.

වළදමා තිබූ රෝහල් අපද්‍රව්‍ය බැකෝ යන්ත‍්‍රයක ආධාරයෙන්  ටිපර් රථ හතරට,  පටවා ඇති අතර ඒ වළ අවට සහ ටිපර් රථය ගමන් ගත් මාර්ගයේ එන්නත් කටු, සිරින්ජර් වැනි ප්ලාස්ටික් ද්‍රව්‍ය වැටී තිබෙනු දැක ගතහැක. වැසි තත්ත්වයක් ඇති වුවහොත් ඒවා කිරිඉබ්බන් වැවට ගසාගෙන යාමේ දැඩි අවදානමක් පවතී. මේ දිනවල ප‍්‍රදේශයේ අහස ද බීරුමෙන් යුතුව පවතී.
 
අඩි පනහක දිගින් සහ පළලින් යුතු  වළක මෙම අපද්‍රව්‍ය තිබී ඇති අතර ඒවා ගෙන යාමෙන්  පසු ඒ වළවල් ජලයෙන් පිරී ඇත. කිරිඉබ්බන් වැවේ ජල සීමාවට මීටර් දෙසීයක පමණ දුරින් ඒ වළ පිහිටා තිබේ. කිරි ඉබ්බන් වැවේ ජල මට්ටම ඉහළ ගියහොත් හෝ වැසි ඇදහැලූණොත් ඒ වළේ ඇති රසායනික ද්‍රව්‍ය මිශ‍්‍ර ජලය කිරිඉබ්බන්වැවට මුසුවීමේ දැඩි අවදානමක් පවතී.
 
කිරිඉබ්බන්වැවට ගලාඑන කලූආරට මෙම වළේ සිට මීටර් දෙකතුනකට වඩා දුර නැත. මේ සම්බන්‍ධයෙන් විදිමත් පරික්‍ෂණ තවමත් ක‍්‍රියාත්මක නැති බව පවසන ප‍්‍රදේශවාසීන් කිරි ඉබ්බන්වැවට මේ ජලය මුසුවීමට පෙර වහා මැදිහත් වන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා සිටිති. වැවේ ජලය පරිභෝජනය කරන වැසියන් දහස් ගණනක් වගාකටයුතු කරන ගොවිබිම් විශාල ප‍්‍රමාණයක ඇති බවද කියති.

මෙම ඉඩමේම තවත් ස්ථානය මේ හා සමාන රෝහල් අපද්‍රව්‍ය තොගයක් වළ දමා ඇතැයි ප‍්‍රදේශවාසීහූ සැක පළ කරති.  
 
මීට අමතරව මෙම ස්ථානයට කිලෝ මීටරයක් පමණ දුරින් උඩවළව, තණමල්විල ප‍්‍රධාන පාරේ දාහතර හමාර ප‍්‍රදේශයේ අක්කර 50කින් යුතු විශාල ඉඩමකට ද මේ ආකාරයේ ම රෝහල් අපද්‍රව්‍ය කන්ටේනර් අටක් පමණ වළවල් කපා බැහැරකර ඇතැයි තොතුරු අනාවරණය වී ඇතැයි කියති.
 
 සිද්ධිය සම්බන්ධයෙන්  කිසිදු පුද්ගලයෙක් මේ වන විට අත්අඩංගුවට  ගෙන නොමැත.



අදහස් (10)

වැව් තාවුල්ලේ වළදැමූ රෝහල් අපද්‍රව්‍ය යළි ගොඩගනී

පහන් Thursday, 15 August 2019 06:15 AM

ලංකාවේ හැම කුණු ගොඩක්ම පොළවට යට කරන්නමයි බලන්නේ... නැත්නම් කඳු ගහනවා. ඇයි මේ බලධාරීන්ට බැරි කසල දාහකයක් හදන්න (Incinerator) ඉතා හොඳ තත්වයේ දාහයකින් වාතයට එකතුවන වායූ වර්ග ඉතා අවමයි. විශාල දාහකයක් ලංකාවට අයත් කුඩා දූපතක පවා සවිකළ හැකියි. මෙම ක්‍රමය සිංගප්පූරුවේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ.

:       9       221

අතුල Thursday, 15 August 2019 06:36 AM

මේක ගෝඨාභය එන්නම ඕන කාලයක්.

:       975       802

HafeelThursday, 15 August 2019 08:24 AM

ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම් දූරය දරන කාලයේ තමයි ලංකාවට කුණු ගෙන්න අවසර දෙමින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේ. රාජපක්ෂලා නොදැනුවත්ව කිසිම දෙයක් වුනේ නැහැ ඒ කාලේ. මේ පක්ෂ දෙකම රට විනාශ කල මිසක රට ගොඩ නැගුවේ නැහැ.

:       304       386

raviThursday, 15 August 2019 08:59 AM

ඔව් ඔව් එයා ඇවිල්ලා ඇමෙරිකාවේ කුණුත් මෙහෙට ගෙනේවි. අමතක කරන්න එපා කුප්‍රකට අක්සා ගිවිසුම අත්සන් කලේ ඔයාගේ ඔය කියන කෙනා තමයි. අතීතය අමතක කරන්න පුළුවන් අමනුස්සයෝ ඉන්න රටකට ගිය කලක්...

:       410       586

udayaSaturday, 17 August 2019 02:23 AM

ඔව්, එතුමා එන්න ඕනෑ. එතුමාගේ සමීපතමයෙකුගේ දෙයක් නම් ඔය විරෝධතාව දක්වපු ගම්වැසියන්ට දෙවිපිහිටයි. රතුපස්වල මතක් වුණා.

:       0       10

පහන් Thursday, 15 August 2019 07:03 AM

දඹුල්ලේ ඉවත් කරන එලවළු වලින් බයෝ ගෑස් හදලා ඒ ගෑස් වලින් නොදිරන කුණු පිලිස්සීමට දඹුල්ලේම කසල දාහකයක් ස්ථාපිත කළ හැකියි. නැත්නම් ඒ එළවළු කාලා වන අලි ලෙඩ වෙනවා. මම මේ විෂය ගැන ඔස්තාර් කෙනෙක් නෙමේ. නමුත් මේ වගේ අදහස් ක්‍රියාවට නගන්න සලකා බැලිය යුතුයි.

:       0       100

lalithm Thursday, 15 August 2019 07:41 AM

ඇයි අපේ බහුශ්‍රැත චම්පික ඇමතිතුමාට ඕකට විසඳුමක් දෙන්න බැරි. ඔහු ඉංජිනේරුවෙක් නේද? රෝහල් අපද්‍රව්‍ය තියෙන්නේ ලංකාවේ විතරද? මේ වගේ ක්‍රියාමාර්ග වලින් රට ජරා කරන්නේ ලංකාව ම්ලේච්ච ගෝත්‍රිකයින්ගේ රටක් කියල හිතලද? කරුණාකර සුදුසුකම්ලත් අයවලුන් ලවා විසඳුමක් ගනිමු.

:       0       2

ධම්ම Thursday, 15 August 2019 08:26 AM

මෙම අපද්‍රව්‍ය තොගය ගොඩ ගැනීමේදී විරෝධතා දැක්වූ ජනතාව ඒවා වල දමන විට විරෝධතා දැක්වුයේ නැද්ද?

:       1       12

SanjuSaturday, 17 August 2019 07:24 PM

ගොඩ ගනිද්දී කියකිය ගොඩ ගත්තට වළදාද්දි කියකිය වළ දැම්මේ නෑනේ...

:       0       0

රජින්ද Thursday, 15 August 2019 10:49 AM

වැව් තාවුල්ලක රෝහල් අපද්‍රව්‍ය වළ දානවයි කියන්නේ මොනතරම් අධම ක්‍රියාවක්ද? ඔය වතුර බොන මිනිස්සු ඉන්නවා, නාන-රෙදි සෝදන මිනිස්සු ඉන්නවා, වගා වලට දානවා ඉස්පිරිතාලවල අපද්‍රව්‍ය වළ පිළිකාකාරක, ඒඩ්ස් රෝගීන්ගේ සාම්පල, වෙනත් බෝවන රෝගීන්ට දීපු සිරින්ජර තියෙන්න පුළුවන්... එතකොට ඔය වැවේ වතුර ඔය පළාත්වල මිනිස්සු ඔය කිසිම දෙයක් නොදැන පරිභෝජනය කරන්න පුළුවන්. මේ කුණු සහ පලිබෝධනාශක නිසා අපේ රටේ මිනිස්සුන්ට ඉදිරියේදී හිතාගන්නවත් බැරි රෝග, ලේ විසවීම් ඇති වෙන්න පුළුවන්... මේකටද දේශපාලනය කියන්නේ. නින්දිතයි.!

:       0       52

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site