(නිමන්ති රණසිංහ)
කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේ දී මරාගෙන මැරුණූ බෝම්බකරු වූ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා නැමැත්තිය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද (15) රහස් ප‍්‍රකාශයක් දුන්නාය.
මෙම තැනැත්තිය එම රහස් ප‍්‍රකාශය ලබා දෙනු ලැබුවේ කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේදී මරාගෙන මැරුණූ බෝම්බකරුවන් වූ මොහොමඩ් සහ්රාන් සහ මොහොමඩ් ඊබ‍්‍රාහිම් ඉල්හාම් අහමඩ් යන අයවලූන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද (15) පැවැත්වූ අවස්ථාවේදී ය.
මෙම මරණ පරීක්ෂණය සදහා සාක්ෂි ලබාදීම සඳහා ප‍්‍රහාරයෙන් මරාගෙන මැරුණු මොහොමඩ් සහරාන් යන අයගේ බිරිඳ වන, අංක 382/3, කැකුණගොල්ල, කැකුණගොල්ල ලිපිනැති අබ්දුල් කාදර් ෆාතිමා හාදියා, ඔවුන්ගේ දියණිය වන සිව් හැවිරිදි මොහොමඞ් සහ්රාන් රුකයියා, මරාගෙන මැරුණූ අනෙක් පුද්ගලයා වූ මොහොමඩ් ඊබ‍්‍රාහිම් ඉල්හාම් අහමඞ් නැමැත්තාගේ පියා වන යුසුෆ් මොහොමඩ් ඊබ‍්‍රහීම්, සහෝදරයන් වන මොහොමඩ් ඊබ‍්‍රහිම් ඉෆ්ලාල් අහමඩ් සහ මොහොමඩ් ඊබ‍්‍රහීම් ඉස්මයිල් අහමඩ් යන අයවලූන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(15) අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුහ.


(ඡායාරූප - ගයාන් අමරසේකර )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් රංගනයක්ද...?
රහසක් කියනවා කියන්නේ... අල්ලසක් වද්ද?
උසාවියේදීත් රහස් කියන්න පුළුවන්ද? මෙහෙම රහස් ප්‍රකාශ කියන්න වෙන්නේ මෝරෙක් වගේ එකෙක් ගැන තමයි. ඒ හින්දා ඒවා කිසිදාක එළියට එන්නේ නැති රහස්ම වෙනවා..
සහරන් තවම මැරිලා නැහැ පණපිටින් ඉන්නවා.තවමත් ඔහු තැන තැන්වල මිනිස් කණ්ඩායම් එකතු කරගනිමින් සංවිදානය වෙනවා.හොඳටම කල්පනා කරලා බලන්න ඉස්සරහට වෙන දේ මොකක්ද කියල.මේ කතාව ඇත්තක්.
අනිවාර්යෙන්ම අපේ මිනිස්සු දැලේ දාගන්න තමා ඔය හදන්නේ.
ඇති යන්තම් බුර්කාව ඇඳගෙන ආවේ නැති එකම... කකුල් දෙකටම කලිසමක් නේද ඇඳලා ඉන්නේ...?
යකෝ... සහරාන් උඹ තමා රටම අමාරුවේ දැම්මේ.. පව්කාරයා...!!!
නිදහස නම් දෙන්න එපා... හැම කෙනාටම මරණීය දණ්ඩනය දෙන්න... ඔවුන් නැති කලේ අහිංසක මුස්ලිම් ජනතාවගේ ජීවිතයි.
අපි නම් සහරාන් බෝම්බ පිපුරුවා ගත්ත කියලා විශ්වාස කරන්නේ නැහැ. මේක ඔහුන් හා රජය කරපු බොරුවක්.. ජනතාව සතුටු කරලා නැගිටීම වළක්වන්න තවකාලිකව එහෙම කලඑක හොඳයි. ඒත් දැන් ඇත්ත හෙළිකළ යුතුයි. සහරාන්ගේ බිරිඳ එ්කද හෙළිකරන රහස..?
හොරෙක් නෙමේ මොකෙක් වුණත් විනාශකරන කෙනෙක් මේ පාර ගේනවා.
ඔක්කෝටම කලින් ගහන්න ඕනේ මොවුන්ට කඩේ යන සිංහල නීතිවේදීන්ට... මොවුන් තමයි ත්‍රස්තවාදීන් රකින්නේ...