(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ නව පුළුල් සන්ධානය පිහිටුවීමට අදාළව පවත්වනු ලැබූ සාකච්ඡා ද එකඟතාවයකින් තොරව අවසන් වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීම සම්බන්ධයෙන් අවසන් තීරණ රැසක් ගැනීමට අදහස් කරගෙන සිටිය ද මූලික කරුණු කිහිපයක් ගැන පැවති පරස්පරතාව හේතුවෙන් ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණිමට නොහැකි වූ බව ප‍්‍රජාතන්ත‍්‍රවාදs ජනතා පෙරමුණේ නායක ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප‍්‍ර‍්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.
කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ නිල නිවසේ පැවති සාකච්ඡා පැවැත්විණි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ නමින් පිහිටුවන නව සන්ධානයේ මහ ලේකම්ධුරය, මූලස්ථානය ලිපිනය සහ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකිවිම හේතුවෙන් මෙම සාකච්ඡාව අසාර්ථක විනැයි ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
ඉහත කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කර ගනු ලබන අවසන් තීන්දුව ලබන සතිය තුළ සන්ධාන නායකත්ව මණ්ඩලයට දැනුම් දෙන ලෙස එක්සත් ජාතික පක්ෂයට සැළ කළ බවත් ඔහු කීවේය.
ඒ යෝජනා සම්බන්ධයෙන් අවසන් එකඟතාවය සන්ධාන නායකත්ව මණ්ඩලය විසින් ගනු ලබන බව පැවසූ මනෝ ගනේෂන් මහතා යෝජනා සම්බන්ධයෙන් නායකත්ව මණ්ඩලයේ කිසිවකුගේ හෝ විරෝධය ඇත්නම් එය නැවතත් එක්සත් ජාතික පක්ෂයට දැනුම් දීමට කටයුතු කරන බවත් පැවසීය.
මේ සඳහා සැප්තැම්බර් 15 වැනිදා තෙක් දින ලබාදෙන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ උප නායක අමාත්‍ය රවී කරුණානායක මහතා කල් ඉල්ලා සිටි බවත් පැවසූ මනෝ ගනේෂන් මහතා සතියක් තුළ එම සියලු කාරණා අවසන් කර සන්ධාන නායකත්ව මණ්ඩලයට තීන්දුවක් දැනුම් දෙන ලෙසට පැවසූ බවත් කීවේය.
සන්ධානය පිහිටුවීමේ සාකච්ඡාව සඳහා පක්ෂ නායකයින් සහ අමාත්‍යවරුන් වන දොස්තර රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, මංගල සමරවීර, කබීර් හෂීම්, රවී කරුනානායක, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක යන මහත්වරු සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය නැවත කවදද මුණ ගැහෙන්නේ ?
රට සියළුම ආකාරයට දෙකඩ කිරීමට දායක වීමේ පවට ඒ.ජා.ප. සහ ශ්‍රී.නි.ප.ය යන පක්ෂ දෙකට ස්වභාවයෙන් ගැලවීමක් නැත.
අවුරුදු 71ක් තිස්සේ හැමෝම සතුටු කරන්න ගිහින් අපි තවමත් ගල් යුගයේ.
කෝකියෝ වැඩි වෙලා හදන කෑම කන්න බැහැ වගේම නායකයන් වැඩි උනහම පක්ෂත් ඉවරයි. රටත් නැති කරලා තමා පස්ස බලන්නෙ .
ඉදිරියට එන ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂකයෙක් නැතුව පෙරමුණු සෑදීමෙන් වැඩක් තිබේද ? ඕක නොකෙරෙන දෙයක්. නිකන් බොරුවට කාලේ කන්න එපා මහත්වරුනි.
අසුභ පෙරනිමිති.
අනිවාර්යයි පක්ෂය දෙකට කඩාගෙන මේ අය හොඳටම නාගන්නවා .
"මේ කව්ද ? මොනවද කරන්නේ ?"
බාලගිරි දෝෂය,"අද නොවේ හෙට"
පිළුණු වුන කල් ඉකුත්වුන ආහාර අනුභවයට නුසුදුසුයි කියල හිතේ තියාගෙන කටයුතු කරන එක එ.ජා.ප. නායකයන් මතක තියාගන්න ඕනේ.
නැති බැරි කෙනාට ගෙයක් දීල අහිංසක මිනිසුන්ට යමක් කරලා පෞර්ෂත්වයක් ගොඩනගාගත්ත එකම කෙනා සජ්ත් විතරයි. රනිල්ගේ කතාවලින් පක්ෂය නැත්තටම නැතිවුණා . දැන්ම නායකත්වය සජිත්ට දුන්නොත් ජය නියතයි .