( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්කි විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) අතුරු නියෝගයක් නිකුත් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම සළකා බැලූ බුවනෙක අලුවිහාරේ,ගාමිණි අමරසේකර සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කළේය.
හම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණි.
එම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් එම අධිකරණ මගින් ප්‍රතික්ෂේප කර තිබිණි.
එම ප්‍රතික්ෂේප කිරීමේ තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම පෙත්සම විභාග කිරීමට තමන්ට බලයක් නොමැති බව සඳහන් කළ අභියාචනාධිකරණය පසුව එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.
එම අභියාචනාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබාදුන්නේය.
මෙම අභියාචන පෙත්සම් විභාගය ඔක්තෝබර් 1 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල විශේෂ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවමින් මෙම අතුරු නියෝග නිකුත් කළේය.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා , නීතීඥ සුගත් කල්දේරා යන මහත්වරුන් ද නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරුණලු පිපෙයි... කාලකණ්ණින් බයේ හැංගෙයි.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ...
තනතුරු දරන කාලේ හැමතැනම යාලුවෝ හදගත්තා උදව් එහෙම කළා. අමාරු කාලේ ගොඩ..!
එකඑක සෙල්ලන් දමලා නීතිය නවන්න ගියාට වැඩක් නැහැ. හෙලවෙන්න බැරිවෙන්න මොහුව හිරවෙලයි ඉන්නේ.. මෙයා දඟලන්න දඟලන්න තවත් තදට හිරවෙනවා.
රටට ජය වේවා..!!!
ඒකෙනුත් ප්‍රතික්ෂේප වුනොත් ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය ඉදිරිපත් කරන්න පුළුවන් නොවැ... එතකොට සාක්කි කාරයෝ එහා මෙහා වෙලා නඩුකාර උන්නාසේලා එහෙමෙහෙ වෙලා තියෙයි නොවැ... ගමේ ජුවාලගේ හොර පොල් නඩු වගෙයි මේවා..
රාජපක්ෂලාට ජයම වේවා..!!! මොකක්ද මේ නීතිය? හොරකම් කරන්න හොඳයි. නඩු දාලා අහන්න බැරිවෙන්න වසර ගාණක ඉඳලා තහනම් නියෝග ගන්නවා. ප්ලෑන් එක ජනාධිපතිකම... ඊටපස්සේ නීතියට දෙවියන්ගේම පිහිටයි. මේ වගේ කාලකණ්ණි රටක් මේ ලෝකෙම තියෙයිද?
ඔය නඩුව අහලා ඉවර කරන්න ඔච්චර අමාරුද? ඔක්කොම විකාර අපිව ගොනාට අන්දවන්න.
නඩුව නැවත ඔක්තෝබර් 1 වැනිදා යළි කැඳවලා එදාටත් උප්පරවැට්ටියක් දාලා ඉන් පසු ජනාධිපතිවරණය. ඉන්පසු?
ලංකාවේ පුරවසිභාවයවත් නැති ගොබිලන්ට, තනතුරු දීල, පඩි ගේවල අපට මොකද වුණ, දැන් ඇමෙරිකාවේ සිංගප්පුරුවේ හිටිය අය ,ඉන්න අය දිහා බලාගෙන් ඉඳපල්ලා
ජනතා කැමැත්ත ප්‍රජාතන්ත්‍රවදයයි. හන්දියක් හන්දියක් ගානේ සොහොන් හැදුවත් කැමැත්ත අඩු වෙන්නේ නැත. අපේක්ෂකයා දිනනවා සිකුරුයි. එබැවින් මතු ආරක්ෂාව හා රැකවරණය ගැන සිතා තීන්දු තීරණ ගැනීමට සිදුවේ
හැංගිලා ඉදලා දැන් ආවේ ඕක වෙන බව දන ගෙන
ඩී. ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයක් රටට අවශ්‍යද? ඔව් නම් ලයික් සහ නැහැ නම් ඩිස්ලයික් මගින් ඔබගේ කැමැත්ත ප්‍රකාශ කළ හැක...
ඝෝඨාභය මහතාණෙනි, මේවට තමයි සිංහලෙන් කියන්නේ කරන "හොඳ පස්සෙන් එලවනවා කියලා"... ප්‍රභාකරන් තවදුරටත් ඔහුගේ වැඩකිඩ පෙන්වන තුරු ඔබතුමාට බලන් ඉන්න තිබුණා. අලිමංකඩට පාර නොදන්නා අයට ප්‍රභාකරන් ස්වර්ගයට පාර පෙන්වන තුරු සහ තවත් සිංහලයින් දසදහස් ගණනකගේ සොහොන් ඉදිවෙනතුරු ඔබතුමා ඉවසාගෙන සිටියා නම් ඔබතුමා පියා වෙනුවෙන් සොහොනක් ඉදිකර නඩු මගට යන්න වුණාට දුකක් නැත. මේ ගුණමකු, පාදඩ සිංහලයින්ගේ සහ අලිමංකඩ, පාමංකඩ කොහෙද කියා නොදන්නා පාදඩයින්ගේ සොහොන් ඉදිවීම වැළැක්වූ ඔබ බලයේ සිටියා නම් මේ ජීවිත 260ත් රැකගන්න තිබුණා. නමුත් එසේ නොවුණු එක බොහොම හොඳයි...
නීතිපතිට U.N.P. එකේ මුදල් අවභාවිතාව පේන්නේ නැත්ද? ඇයි ඒවාට නඩු දාන්නේ නැත්තේ? නීතිපති පක්ෂග්‍රාහී වුණාම රටකට හරියනවද?
අන්තෝ ජටා බහි ජටා.. ඔහොම යනකොට නඩුව අහන්න ඕනෑද? එපාද? කියලා තීන්දු කරන බලයත් විත්තිකාරයාගේ අතටම ලැබෙන්නත් බැරි නැහැ.
ඕක මොකක්ද? අර මහබැංකු ගිලපු අය යස අගේට ඉන්නේ...
සමහර පුද්ගලයන් තමන්ගේ නායකයින්ට ගැතිබව නොරහසක්... නමුත් රට 71 අවුරුදු ශාපයෙන් මුදවා ගන්න නම් වහල් මානසිකත්වයෙන් අප සැම මිදිය යුතුයි.
අපේ සල්ලිවලින් අම්මලට සොහොන් හදලා, දැන් ඒවා ගැන පරීක්ෂණ කරනකොට බයේ හැංගෙන මේ වගේ අයෙක් කොහොමද රටේ නායකයා වෙන්නේ...?
මොකක්ද මේක..? ලංකාවේ යුද්ධය ඉවර කරපු එක මදිද? අපේ රටේ ඉන්නවා නිකම් බොරුවට එක එක දේවල් පෙන්වලා මහා ජනතාවගෙන් ඈත්කරන්න කරන කූට අදහස්... ඉස්සර් හිටිය රජවරු ඔක්කොම කළානේ. මම හිතන්නේ නැහැ වරදක් කියලා. ඊට වැඩිය බැංකුව මංකොල්ල කාපු අයට කෝ නීති, ආර්ථිකය විනාශ කරපු එවුන් නිදහසේ, බෝම්බ දාපු අයට මොනවද වෙන්නේ කියල දැනෙන්නේ නැහැ. කවුරු මොනවා කිව්වත් මේ ගමන ගෝඨාභය දිනනවා. 2020න් පස්සේ ටික දවසකින් බලාගන්න පුළුවන් රටේ වෙනස... මුළු ලෝකයම පිළිගන්න නායකයෙක් ගෝඨා කියන්නේ. අපේ ගල් මෝඩයින්ට තියෙන්නේ කුහකකම... 30% ඉන්නවා අපේ රටේ පාවාදෙන සිංහල ගෝත්‍රික ජාතියක්... මේ අයට කටට ලෝදිය දැම්මත් වෙනස්කරන්න අමාරුයි.
වැරද්දක් කරලා නැත්නම් මොකද ඔච්චර බය. සිංහයෙක් වගේ ගිහින් තමා නිවැරදි බව උසාවියේදී ඔප්පු කරලා ඡන්දෙට එන්නකෝ
එයා කවදාවත් මේ වැරැද්ද කලේ නෑ කියන්නෙ නැහැනෙ.. කියන්නෙ නඩුව අහන්න එපා කියලනෙ.
බොරු චෝදනා කරලා මිනිස්සු රවට්ටන්න හැදුවා.. බොරුකාරයින්ට කනේ පාරක්. ඇත්ත ජයගන්න එක නවත්තන්න කාටවත්ම බෑ. මේ වගේ බොරු චෝදනාවලින් මිනිස්සුන්ගේ චරිත ඝාතනය කරන්න බෑ කියලා දැන්වත් තේරුම් ගන්න එක තමයි ඉතින් යමපාලනයට තියෙන්නේ...
ගෝඨා තමයි එක මිනිහෙක් මරන්න හිරගෙදර 25 මරපු මිනීමරුවා. ලංකාවේ බූරුවන් බමුණුආරච්චි වගේ බූරුවන්ට ගෝඨා ඇරෙන්න වෙන කෙනෙක් නැහැ...