පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සැලසුම් කළ බව කියන මොහොමඩ් සහරාන් පිළිබඳ පළමුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වූයේ 2019 ජනවාරි 26 වැනි දා බවත්, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාව ලිඛිතව දැනුම්වත් කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා අද(24) පැවසීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දෙමිනි.
මෙම සාක්ෂි විභාගය අද සජීවීව විකාශය කෙරිණි.
මාවනැල්ලේ බුදුපිළිම කඩා දැමීම සම්බන්ධයෙන් 2018 දෙසැම්බර් මාසයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන භාර ගත් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පුත්තලම වනාතවිල්ලුවේ පොල්වත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගත් බවත්, වැඩිදුර විමර්ශනවලදී ජනවාරි 26 වැනි දා සහරාන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.
ඒ සම්බන්ධයෙන් 26 වැනිදාම පොලිස්පතිවරයාට දැනුම් දුන් බව කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහරාන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලංකාවේ විවිධ ප්‍රදේශවලට ගිය බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ලිපියෙහි සඳහන් කරුණු සත්‍ය නම් ජනවාරි 26 වැනිදා සිට මෙම සාපරාධී සිද්ධිය වීමට කොතරම් කාලයක් (දින ගණනක්) නිහඬව අදාළ නිලධාරීන් සිටියාද? එමගින් සනාථ වන්නේ කුමක්ද? මේ එකදු තරු ඔටුනු පැළැඳි නිලධාරින්ට අවුරුද්දට මාස කීයක් තිබේද මාසෙකට දවස් කියක් තිබේද යන්න නොදන්නා බව නොවේද ? වෙනත් වචනවලින් පවසන්නේ නම් මෙම " උසස් යයි කියාගන්න නිලධාරින් ගණිතය විෂය අසමත් බවත් මොහු මෙම සේවයට බැඳී ඇත්තේ හොර සහතික ඉදිරිපත්කර බවක් නොවේද? අප යෝජනා කරනවා අදාළ පරීක්ෂණ කමිටුවලට මෙම නිලධාරීන්ගේ සුදුසුකම් සත්‍යද? නැද්ද? යන්න පළමුව සොයා බලා සේවයට බැඳුණු දවසේ සිට මේ මොහොත දක්වා ගෙවූ සියලුම මුදල් දීමනා නැවත අයකරගෙන මහා උළු ගෙදරට යැවිය යුතු බවයි.. ලැජ්ජයි.. හරිම ලැජ්ජයි තරු ඔටුනු ගොයියන්ගේ වැඩ.. චී චී... මහජන ආරක්ෂාවට ඉන්න නිලධාරින් ගණිතය අසමත් කියලා මෙමගින් ඔප්පුවීම...
මහ බැංකුවට සභාපති කෙනෙක් පත් කරලා ඒකේ වගකීම ගන්නවා කියපු අගමැති ප්‍රමුඛ යූඑන්පී කට්ටිය නේද මේ පොලිස්පති වෙනුවෙන් හුරේ දැම්මේ ..අන්තිමට රටට වුණු විනාශ වලට වග කියන්න ඕනේත් නුසුදුසු පුද්ගලයන් පත් කරපු අයම නේද ?? ජනාධිපති මේ සඳහා වග කිව යුතුනම් ඔහුව පත් කලෙත් මේ යූඑන්පී නඩයම නේද ??2020 ආපහු වැරදුනොත් ගොඩ ඒමක් නැහැ
යස් සර්. ඕකේ සර් කියමින් පහලයන් සැලුට් ගහන්නේ..// ඔටුනු පැළදි අපට කරන්නත් බැරි බව පෙනුනානේ..// එනමුත් නටමින්, ගයමින් දෙවනත් කලේ අපනේ..// ඇඟිල්ලේ තරමට ඉදිමුණාද අපිට අගේට තේරුණානේ..//
ජනවාරි 26 සිට පාස්කු ඉරිදා දක්වා වගකිව යුත්තන් මොනවද කරේ?
මේ වගේ මැන්ටල්ලාද රාජ්‍ය ආරක්ෂාවට දාලා තියෙන්නේ?
අර බැසිල් සාටකවත් ඕකට ගෙන්වලා අහන්න ඔහු මුස්ලිම් පල්ලි 200ක් හදවලා දුන්නා කීවේ කාගේ සල්ලි වලින්ද කියලා...
අද මම එක නාලිකාවක මේක බැලුවා. එතැනදී කියනවා සහරන් එක ඇප් එකක් (නමත් කිව්වා) භාවිතා කරපු නිසා මෙයාලට එයාව ඉන්න තැන දුරකථන දත්ත වලින් හොයාගන්න බැරිවුණා කියලා මම හිතන්නේ මේවා ඉතින් දැන් හැම අපරාධකාරයාම පාවිච්චි කරයි මේ මාධ්‍ය සංදර්ශනේ ඉවර වෙනකොට අපිත් ඉවරයි, රටත් ඉවරයි.
අනේ ඔය තරම් බුද්ධිමත් නිලධාරියෙක් වෙලත් ඔබතුමා බීරි අලින්ට විනා ගායනා කරලා වැඩක් නැහැ කියලා කියමනක් අහල නැතිද?
හාල්පාරු 225 දෙනා මෙයට වගකිව යුතුමයි.. උන්ගේ වුවමනාවන්ට තමයි මේ රටේ නිලධාරීන් වැඩ කරන්නේ...
රටේ සහ මහජනයාගේ ආරක්ෂාවට වග කිව යුතු අය තමන්ගේ වගකීම පැහැර හැරපු නිසා අසරණ මිනිසුන්ගේ ජීවිත නැති වූ බවට මේ දක්වා දීපු සාක්ෂිවලින් පෙනෙනවා. මේ අයට අනිවාර්යයෙන් දඬුවම් කළ යුතුයි.
මෙම තොරතුරු අනාවරණය වීමත් සමගම ශ්‍රී ලාංකිකයන් ලෙස අපට හැඟෙන්නේ ජාතික ආරක්ෂාවට අදාළව පොලීසිය හා ත්‍රිවිධ හමුදාවේ ඇතැම් නිලධාරීන් තම රාජකාරිය හා වගකීම් පැහැර හැර ඇති බවයි. ඒ පිළිබඳව පිළිකුල් සහගතයි. මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරවලින් නැතිවූයේ හා වින්දිතයින් වූයේ අපේ ශ්‍රී ලාංකිකයන්... එසේම මෙම මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදීන් හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව ශ්‍රී ලංකාවේ මාධ්‍ය නොදැන සිටීමේ හැකියාවක් නොමැත.
මොවුන්ට ගණිතය බැරුව ඇති එක වෙනම දෙයක්.. නමුත් මම හිතන්නේ මෙතැනදී වුනේ මොවුන්ට නායකයෙක් හිටියේ නැහැ. හිටිය අය දෙන්නා ඔවුන්ගේ දේශපාලන න්‍යායපත්‍රවල ඇලිලා කුලල් කාගත්තා මිසක් කිසිදෙයක් ගැන බැලුවේ නැහැ... රට හරියට කප්පිත්තෙක් නැති නැවක් වගේ.., එහෙම වුණාම නැවියෝ පිස්සු කෙලින එක පුදුමයක් නෙමෙයි..
ප්‍රශ්නේ පොලිසිය දේශපාලකයින්ගේ ග්‍රහණයට හසුවීමයි. විශේෂයෙන් යහපාලන රනිල් බයයි මුස්ලිම් ඡන්ද කැඩෙයි කියලා.. මේ වෙනකොට අල්ලපු කොළඹ නායකයත් නිදහස් කරලා තියෙන එකෙන්ම පෙනෙනවා. ඒ දවස්වල සහරාන් ඇල්ලුවත් මිනිහා එළියට දානවා.
මොනවා කිව්වත් දැන් වැඩක් නැහැ. අහිංසක මිනිස්සු විශාල ගණනක් මැරිලා සදාකලික අබ්බගාතයන් වුණාට පස්සේ.
ඕගොල්ල කියනවා අපි අහනවා. කෙසේවෙතත් ලංකාවේ මරණ දඬුවම නැහැ. එය ක්‍රියාත්මක නොවන හෙයින් අපරාධ වැඩිවන රටවල් වලින් එකකි ශ්‍රී ලංකාව.. හොඳට මතක තියාගන්න සෞදි අරාබියේ මරණ දඬුවම ප්‍රසිද්ධියේ බෙල්ල කැපීමයි. එයින් රටේ ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව, නීතිගරුක භාවය රැකෙනවා. අපිත් එය බලන්න යන්නේ නීතිගරුක සහ ජීවිතයේ හරි මගක ගමනක් සඳහාමයි. එය දුටුවම මනුෂ්‍ය ජීවිතය ගැන කලකිරෙනවා.
සෞදි අරාබියේ මරණ දඬුවම ප්‍රසිද්ධියේ බෙල්ල කැපීම වෙන්න පුළුවන්.. එය එම අයගේ මෙලෙච්ඡ ආගමේ උගන්නන හැටි. මරණ දඬුවම අවශ්‍යයි. ඇමරිකාවේ පවා තියෙනවා. එය කළ යුත්තේ අමානුෂික ආකාරයෙන් නොවේ. මක්නිසාද මරුණු අයට පාඩම් කියල දෙන්න බැහැ. එය කරන්නේ අනිත් අය බය කිරීමටයි.
අයියෝ මට නම් දැන් මේ විස්තරේ අහලාම ඇති වෙලා. අප්‍රේල් 21 උදේ ඉදලම අපි මේ කතාව දන්නේ හැබැයි අදාළ බලධාරීන් දන්නේ නැහැ.. එයාලගේ ලිපිගොනු වලින් ලියුම් සාමාන්‍ය ජනතාව වෙන අපිටත් දකින්න ලබෙනකොටත් එයාලා කලේ ඒවා සාවද්‍ය ලිපි කියන්න උත්සහ කරපු එක.. සහරාන්ගෙයි එයාගේ ගෝලයන්ගෙයි යන එන කන බොන තැන පවා මුළු රටට ම දැන ගන්න ලැබෙද්දී මෙයාල මොනවද කලේ ? ඒවා බොරු ලියුම් කියන්න උත්සහ කළා, සමාජ මාධ්‍ය ජාල අවහිර කළා. මීට වඩා හොද නැද්ද මේ ප්‍රහසනය නවතලා හරි හමන් අපක්ෂපාති අපරාධ පරීක්ෂණයක් සිදු කරලා අර මිනිස්සුන්ගේ ඇටකටු දිරාපත් වෙන්න කලින් අල්ලගත්ත අපරාධ කරුවන්ට නිසි දඩුවම් දීලා මේක ඉවරයක් කරන එක ? කාගේද මේ සල්ලි ? අපේම බදු සල්ලි නේද ??