(ජයන්ත සමරකෝන්)
ඉන්දියාව, චීනය ඇතුළුව රටවල් 45ක් සඳහා ලබන මස 1 වැනිදා සිට නිදහස් සංචාරක වීසා පහසුකම් ලබාදීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට වසරකදී රුපියල් බිලියන 10ක පමණ පාඩුවක් සිදුවන බව වාර්තා වේ.
සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සඳහා සංචාරක කටයුතු අමාත්‍යාංශය හා අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙම තීරණයට එළඹ ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුව සංචාරක වීසා මගින් මෙම වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 14ක් බවද පැවසේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සංචාරක ව්‍යාපාරයට එල්ල වූ තර්ජන හා පසුබෑම් සමනය කිරීම සඳහා මෙම නිදහස් සංචාරක වීසා සහනය ක්‍රියාත්මක කර ඇතැයිද දැනගන්නට තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ මීට පෙර මුදල් අයකර ලබාදුන් සංචාරක වීසා නොමිලේ ලබාදීමට සිදුවී ඇති බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මෝඩ අදහසක්. ලංකාවට පැමිණෙන සංචාරකයින්ට නිදහස් සංචාරක වීසා දීමේ පරමාර්ථය නම්, සංචාරකයින් හට ලංකාවට පැමිණීමට දිරි ගැන්වීමක් දීමයි. අප මතක තබා ගත යුතු දෙය නම් අද හට ලංකාව හැරුනුකොට ආසියා කලාපයේ තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය, මලයාසියාව, ඉන්දුනීසියාව, මාල දිවයින වැනි රටවල් විශාල ගණනකට විදෙස් සංචාරකයින් හට කිසිම ප්‍රශ්නයක් නොමැතිව යා හැකි බවයි. එබැවින්, මෙවැනි දිරි දීම් නොමැතිව රටට සංචාරකයින් නොපැමිණීමෙන් සිදුවන පාඩුව, නිදහස් සංචාරක වීසා දීමෙන් සිදුවන පාඩුවට වඩා අධික බව රටේ මිනිසුන්ට නොවැටහීම අවාසනාවකි.
එය තාවකාලික සුළු පාඩුවක් වුනත් මෙමගින් අනාගතයේදී සංචාරකයන් පැමිණීමෙන් එම පාඩුව මග හරවා ගත හැකියි.
මේ ආණ්ඩුව පාඩු නොකරගෙන කල එක වැඩැක් පෙන්වන්නකො
සංචාරක ව්‍යාපාරේ ලොව අංක එකේ තිබ්බ රටේ ජාතික ආරක්ෂාව බින්දුවටම දාල යහපාලන කට්ටිය කරපු විනාසේ තමයි මේ. යන්න ඕන තරම් රටවල් තිබ්බත් සල්ලි ගෙවල විසා අරන් සුද්දෝ මේ රටට ආවේ අනිත් රටවල් වගේ කෘතීමව හදපු නැති ස්වභාවික සුන්දර රටක් නිසා. දැන්වත් මේ රට විනාස කරන්නේ නැතුව අස් වෙලා යන්න මහත්වරුනි.
කට්ටියට මාටියා ගහන්න තියෙන චාන්ස් එක අඩු වෙනවා.
කල යුතුව තිබුනේ වීසා ගාස්තු අඩු කරන එකයි. කැනඩාවට යන්න අය කරන්නේ ඩොලර් 7 යි. ලංකාවත් ඒවගේ අඩු ගාස්තුවක් අය කළා නම් ඇති.
මේවගේ වැඩ ගැන මෝඩයින් හට නොවැටහෙන බව නුවණ ඇති අය වටහාගත යුතුයි. තාවකාලික පාඩුවක් වුනාට වක්‍රාකාරයෙන් දසගුනයකින් විතර වාසි සිදුවෙනවා. මෙම තීරණය දේශපාලකන්ගේ තීරණයක් නොව විද්වත් තීරණයක් බව පිළිතුරු දීමට පෙර සිතා බලන්ඩ
හොඳ වැඩක්. සංචාරක ව්‍යාපාරය නගා සිටුවන්න ව්‍යාපාරිකයන් අතට වන්දි දෙනවට වඩා මේ විදිහ සාර්ථකයි. මාළු දෙනවට වඩා බිලි පිත්තක් දීම වැදගත්. අනික වීස නිකන් දීලා අතට ගානකුත් දෙනවා කිව්වත් සංචාරකයෝ එන්නේ නැති ගතියක් නේ තියෙන්නේ .
සංචාරකයින් ගෙන්වා ගන්න මේ මෝඩ වැඩේ කරන්න එපා. එන සංචාරකයින්ට මුදල් ගෙවා වීසා ලබා ගැනීම මහ ලොකු දෙයක් නෙමේ. මේ වැඩෙන් වෙන්නේ හොරු , මංකොල්ලකාරයෝ, සරණාගතයින් ලංකාවට රිංගා ගැනීමයි.
ඉන්දියාව වැනි රටවල් වලට නිදහස් විසා දීමෙන් ඉන්දියානුවන් ඔවුන්ගේ වෙලදාම් කිරීමට හා රැකියා කිරීමට වැඩි වශයෙන් පැමිණීම වැඩි වෙයි.
නිදහස් වීසා දීමෙන් විතරක් සංචාරකයන් ගෙන්වන්න බෑ. සංචාරක ආකර්ශනය ඇතැයි අප කියන ස්ථානවල හැටි දැක්කම එක පාරක් එන සංචාරකයෙක් නැවත වතාවක් ඒවියැයි සිතිමට අපහසුයි. සනීපාරක්ෂක පහසුකම් ඉතා අවමයි පිරිසිදුකම හා වටපිටාව අවමයි. ගිනිගහන අව්වේ පිච්චෙමින් මෙවැනි ස්ථාන බලන්න යන අය එන්නේ බාගෙට පණ ගිහිං. ගස්කොලන් ටිකක් වවා බංකු ටිකක් ගසා ගිමන් හැරීමට තැනක් හදන එකවත් මේ ලොක්කන්ගේ ඔලුවේ නෑ.
මෙම විසා විකිණීම තනිකරම සංචාරකයන්ගේ මුදල් ගසාකෑමට කරන දෙයක්.
මේ තුලින් විශාල අමතර අදායමක් ලැබෙනවා. වැඩිපුර සංචාරකයෝ ආවම හෝටල් වල අදායම, කුලී රථ, කෑම කඩ, ත්‍රී වීල් රථ, එයාර්පෝර්ට් ටැක්ස්, සුළු පරිමාණ වියාපර, ට්‍රාන්ස්පෝර්ට්, මෙකි නොකී ගොඩක් දේවල් වල දියුණුවක් ඇති වෙනවා. මේක දිගු කාලින ඉන්වෙස්ට්මෙන්ට් එකක්
නිකම් වීසා දෙන නිසා එන්නෙ නිකම්මු තමයි. ඇවිත් පැනලා එක්කො කොහේ හරි වැඩ කරයි. නැත්නම් හොර වැඩ කරයි. ඇත්තටම රටේ ස්වභාව සෞන්දර්ය විඳින්න එන අය වීසා ගාස්තුව ගැන බලන්නෙ නෑ. රට ලස්සනට තියාගෙන , පාරවල් ටික හොඳට තියාගෙන , ඒ ක්ෂෙත්‍රයේ වැඩ කරන අයගෙ ගුණධර්ම දියුණුවට තිබ්බානම් වැදගත් මිනිසුන් ඒවි
පාඩුව ගැන විතරයි ලොක්කෝ කතා කරන්නේ. මෙවැනි ක්‍රම මගින් තමයි සංචාරකයන්ව ගෙන්නගන්න තියෙන හොදම ක්‍රමය. මමනම් කියන්නේ තව තවත් පහසුකම් සපයලා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී යෙදෙව්වොත් සුබයි. නැත්තම් වෙන්නේ අද එන කෙනා ඊලග පාර පැත්ත පලාතක එන්නේ නැතිවෙයි.
නොමිලේ වීසා ලබා දීම කාලෝචිත ක්‍රියාවක්. හැබැයි සංචාරක වීසා ලබාගෙන රටට ඇතුල්වන සංචාරකයින් තමන් රැගෙන එන මුදල් ප්‍රමාණය ප්‍රකාශයක් මගින් තහවුරු කල යුතුයි. නිශ්චිත හා අනුමත මුදල් ප්‍රමාණයක් රැගෙන එන අයට පමණක් නිදහස් වීසා නිකුත් කල යුතුයි. නැත්නම් වැඩිකල් නොගොස් ලංකාව ආසියාවේ සරණාගත කඳවුරක් මෙන්ම ජාවාරම් තිප්පොළක් වෙයි.
නිදහස් සංචාරක වීසා හොඳදෙයක් අප්‍රේල් සිදුවීමත් එක්ක අඩුවුණු සංචාරකයින්ගේ පැමිණීම යළි වැඩිකරගන්න. ආයතනයක බඩු හෝ සේවා අලෙවි වෙන්නේ නැත්තම් වට්ට්ම් දෙනවා. එහෙමත් නැත්තම් සමහර වෙලාවට දෙකක් ගත්තොත් තව එකක් නොමිලේ දෙනවා. මේ මෝඩ නිලධාරීන් දන්නේ බදු ගැනයි, පාඩු ගැනයි කතා කරන්න මිසක් ආදායම වැඩිකරගන්න පුළුවන් ක්‍රම ගැන හිතන්න නෙමේ. අනික ආසියාවේ බොහෝ රටවල් අතර තරගයක් තියෙනවා... සංචාරක කර්මාන්තයට... ඉතින් සංචාරකයෝ ගෙන්නගන්න මේ වගේ දේවල් අවශ්‍ය වෙනවා...
සංචාරක කර්මාන්තය කියන්නේ එකපාර ලොකු සල්ලි කාරයින්ගෙන් විතරක් ගොඩදාන්න පුලුවන් දෙයක් නෙමෙයි. එහෙම ලොකුවට සල්ලි තියෙන උදවිය පුරුදු විදියට එයාලට සැප තියෙන ෂුවර් ඩෙස්ටිනේෂන් වලට යනවා.. ටිකෙන් ටික හිඟන මට්ටමේ අය ඇවිල්ලා තමයි ඉන් පස්සේ හොඳ අය එන්නේ.. එකම දඹදිව සංචාරක ස්ථාන ටික බලන්න රුපියල් හැත්තෑදාහේ ඉදලා ලක්ෂ දෙකහමාර දක්වා ලංකාවේ අයට පැකේජ් තියෙනවා.. ඉතින් ඒමයි කියලා ඉන්දියාව අර ලක්ෂ ගණන් ගෙවලා යන අයව විතරක් ඕනිය කියන්නේ නැහැ. ඉන්දියාවේ ඒ තියෙන දුෂ්කර පළාත්වලට මෙහෙන් යන මිනිස්සු වියදම් කරන සුලුමුදල වුණත් වටිනවා.. එකපාර මහාවිශාල මෝරු වගේ හොඳසල්ලිකාරයන් මේ වගේ රටවලට ගෙන්වාගන්න බැහැ.. පොඩිඅය ඇවිල්ලා ෆොටෝ දාලා වීිඩියෝ දාලා අප් කළාම තමයි ටිකක් වැඩේ නැගලා යන්නේ..
මාළු අල්ලන්න නම් ඇමක් ගහන්න ඕනේ... ඇමට වියදම් කරන මුදල් ඉතුරුකරගන්න ඇම නොගහ බිලී කටුව පමණක් වතුරේ දමාගෙන ඉඳලා වැඩක් තිබෙනවද? කෙසේවෙතත් අඩුම තරමේ අර 2011ට කලින් තිබුණු විදිහට බටහිර යුරෝපයේ, ඇමෙරිකාවේ, ජපානයේ, ඕස්ට්‍රේලියාව වැනි රටවල සංචාරකයින්ට මෙම පහසුකම දෙන්න. ඔවුන්ට කලාපේ අනෙකුත් රටවලත් මේ පහසුකම දෙනවා. චීන, ඉන්දියානු සංචාරකයින්ට නම් නැති වුණත් කමක් නැහැ.. මොකද ඔවුන් තොගපිටින් අාවත් අපට එතරම් ආර්ථික වාසියක් නැත. ප්‍රහාරයෙන් පස්සේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඕනේ නම් අද, හෙටම මේවා ක්‍රියාත්මක කරන්න.
චීන ටුවරිස්ට්ලා ලංකාවට එන්නේ ඩොලර් 150ට අඩු මුදලකට.. දවස් 6 තරු හෝටල් කාමර ඇතුළු සියලුම දේ සමග... හොයලා බලන්න. විදේශිකයන් විසින් සංචාරක ආයතන පවත්වාගෙන යයි.. සංචාරක ව්‍යාපාරයේ නොපෙනෙන පැතිකඩ...
මේක කිසිම තේරුමක් නැති වැඩක්... වීසා එකට සල්ලි ගෙවලා එන්න බැරි සංචාරකයෙක් ලංකාවේ ඇවිත් වියදම් කරන්නේ නැහැ.. චූන් පාන් එකක් කාලා බස් එකේ යන සංචාරකයන් ගෙනත් අපිට ලැබෙන දෙයක් නැහැ... වීසා කරනවා වගේම සුරක්ෂිත භාවයත්, ආරක්ෂාවත් තහවුරු කර ප්‍රචාරයන් දියත් කළ යුතුයි. මේකෙන් වෙන්නේ ඕන කෙනයි, එපා කෙනයි... ඇවිත් මේ තියෙන සංස්කෘතියත් වනසන එක...