(මහින්ද නිශ්ශංක)
කටුනායක නිදහස් වෙළඳ කලාපය පරිශ්‍රයේ ගබඩාකර තිබෙන අපද්‍රව්‍ය තොගය ලබන අගෝස්තු 12 වන දින හෝ ඊට පෙර කඩිනමින් ප්‍රතිඅපනයනය කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හේලීස් ෆ්‍රී සෝන් සමාගමට නියෝග කර තිබේ.
එසේ කඩිනමින් එම අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරිමට පියවර නොගතහොත් සමාගමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ආයෝජන මණ්ඩලය පවසයි.
හේලිස් සමාගම කොළඹ වරායෙන් අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 130 ක් මුදාගෙන ඇති බවද එම අපද්‍රව්‍ය කටුනායක වෙළඳ කලාපයේ පරිශ්‍රයක ගබඩා කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දහජරාව ගේන්න සම්බන්ධ වූ හැම හරකෙක්ම ඇතුළටම දාලා ඒ දහජරාවත් එක්කම යවන්න පුලුවන් නම් කොතරම් "සුන්දරද"?
මෙවැනි කුහක, සල්ලි වලට පෙරේත කමට, රටේ මහජනයාගේ සෞඛ්‍ය ගැන නොසිතා කරපු වැඩේට අනිවාර්ය දඬුවම් ලැබිය යුතුයි.
''එසේ කඩිනමින් එම අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරිමට පියවර නොගතහොත් සමාගමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ආයෝජන මණ්ඩලය පවසයි'' ඇයි එතකොට ඒවා ගෙන්නුවාට නඩු නැද්ද? පොඩි මිනිහාට නම් ''බූරු ගැහුවත් එකයි එතන හිටියත් එකයි'' ප්‍රතිපත්තියනේ...
රටේ සාමාන්‍ය මිනිස්සු නොදන්න තව කොච්චර විනාශකාරි දේවල් මේ රටේ වෙන ඇත්ද? අරයගේ මෙයාගේ ඇඟේ ගැහුවට මේවට කීදෙනෙක් සම්බන්ධ ඇත්ද? මේකත් ත්‍රස්ත ක්‍රියාවක් නොවේද? අනේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය...
වෙලාවට මේකට තම්බියෙක් සම්බන්ධ නොවුනේ... එහෙම වුණා නම්, මේක ත්‍රස්තවාදයටත්, වඳභාවයටත්, කොහොම කොහොම හරි අමාරුවෙන් සම්බන්ධ කරගෙන... අපේ රටේ අඩුම තරමින් මුස්ලිම් ව්‍යාපාර 1000ක් වත් ගිනිතියන්න තිබුණා.
රුපියල් 500ක් අරන් කොළඹ ඇවිත් ව්‍යාපාර පටන් අරන් කෙටි කලකින් කෝටිපතියන් වීමේ රහස දැන් දැනගත්තා.
මේ වගේ අනුන්ගේ රටවල් වල ජරාව ගෙන්න තරම් කසල ශෝධකයෝ මේ රටේ ඉන්න එක අපිට ලැජ්ජයි. මොවුන්ට ගිහින් ඒ රටවල කක්කුස්සි අදින්න කිව්වා නම් හරි ...
කුණු පිටිපස්සේ ඉන්න කුණුගොඩවල් වලට මොකද වෙන්නේ...? ඔවුන් නිදහස්ද? ඔවුන්ට නඩු නැද්ද? කවුද කියලාවත් කියන්නැද්ද?
මෙහෙම කට්ටිය තමයි ජනාධිපති වෙන්න හිතාගෙන ඉන්නේ.
කාලකන්නි...! රටට වෙලා තියෙන විනාශය මදිවට පිට රට්ටුන්ගේ කුණුත් මෙහාට ගෙන්නලා, අපේ මිනිස්සු නැත්තටම නැති කරන්න හදන හැටි...
අශූචි ආනයනය කළහොත් මා පුදුම නොවෙමි. සමහර විට එ්කත් දනටමත් කරලා ඇති රට වැසියා නොදැන හිටියට..
කුඩුවලට විතරක් නෙමෙයි, කුණු වලටත් මරණ දඬුවම දෙන්න ජනාධිපතිතුමෝ...
ඔය කුණු වැඩේට අනිවාර්යයෙන්ම අර 225 දෙනාගෙන් කීප දෙනෙක් සම්බන්ධ ඇති. දේශපාලයෙක් සම්බන්ධ නම් ඒකාගේ විශ්‍රාම වැටුපත් අහෝසි කල යුතුයි. ඔන්න ඕක නිසා තමයි සමහරු පහුගිය කාලේ දඩි බිදී ගාල කසල අංගන රටේ තැන තැන ඉදිකරන්න වළි කෑවේ. අනික තමයි මේ සමහර රටවල් ඒවා හදන්න වියදම් කරන්නත් ලෝබ නැතිව ආධාර දෙන්න හැදුවේ මේ වගේ රටින් ගෙන්නන විස කුණුත් ඔය පුත්තලම වගේ තැන් වල හදන්න යන කසල අංගන වලටම තල්ලු කරන්න හිතාගෙන වෙන්න ඇති.