ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ පරීක්ෂණවලට අනුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා උපදෙස් දුන් හත් දෙනාගෙන් ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා රෝහල් ගතවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා සමන් දිසානායක මහතා අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබුණු අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ එම අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව සමන් දිසානායක මහතා සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට යළිත් දන්වා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම තමයි මහත්තයෝ, බල්ලොත් එක්ක නිදාගත්තම බලුමැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙන්නේ...
බන්ධනාගාර ගත වීමට පෙර....
මොවුන්ට බොරු ලෙඩ සහතික දෙන දොස්තර හොරුන්වත් හිරේ දැමිය යුතුයි.
මෙවැනි චෝදනා තිබෙන කෙනෙකු පොලිස් කොමිසමේ ලේකම් කම දරන්නේ කොහොමද ?
බය වෙන්න දෙයක් නැහැ. අනිත් එක්කෙනා "මට විරුද්ධව නඩු අහන්න එපා" කියල එයාට වැටුන නඩුවකට විරුද්ධව දාපු නඩුව තව මාස දෙකකින් කල් ගිහින්. අලුත් නඩු දවස වෙනකොට අර කියපු වෙසක් පෝය උදා වෙයි.
"" ස්වාධීන අධිකරණ වෛද්‍යවරුන්ගෙන් නියුතු අධිකරණයක් පිහිටවිය යුතුයි .. ""
හොර ලෙඩද ? ඇත්තටම හාට් ඇටෑක්ද ?
නීතිපතිවරයා අමුතු බලතල අතට අරගෙන නේද?
මහජනයා අපා දුක් විඳිද්දී කෝටි ගණන් මහජන මුදල් අවභාවිත කරනකොට කිසිම රෝගයක් නැහැ.