(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොහුවල ජම්බුගස්මුල්ල මාවත ප්‍රදේශයේදී අද(28) අලුයම ජීප් රථයකින් ගමන්ගමිනිමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් එක් අයකු මිය ගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇතැයි කොහුවල පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ නුගේගොඩ උඩහමුල්ල මැදිවෙලපාරේ පදිංචිව සිටි සුනිල් රුවන් පෙරේරා නමැති 38 හැවිරිදි තැනැත්තෙකි.
බරපතල තුවාල ලබා ඇත්තේ නුගේගොඩ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
තුවාල ලැබූ තැනැත්තා රෝහල් ගත කර ඇති අතර කොහුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඬුවම නැති උනහම පාතාලේ ඉන්න මගීන්ට මේවා කරන්න ලෙහෙසි උසාවියෙන් දියුණු නියෝගය අභියෝගයට පත් කරප කුඩු සල්ලි වලින් යැපෙන්නා ගේ ගෙදර ලඟට මේ මළමිනී ගෙනත් විරෝධය දක්වන්න ඕනේ
මේකටද කියන්නේ අදිසි නීතිය කියලා!!