IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


කළගෙඩිහේන සිද්ධිය සම්බන්ධයෙන් 4ක් රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නිට්ටඹුව - කළගෙඩිහේන නුවර පාරේදී වෑන් රථ රියදුරෙකුට හා වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අත්තනගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 22 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් සිතාරා මීමන මහත්මිය නියෝග කළාය.
 
එදිනම හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළාය. ඉකුත් 16වැනි දින ගාල්ල හබරාදුව පදිංචි ව්‍යාපාරිකයකු පවුලේ අය සමග නුවර දළදා මාලිගාව බලා වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී ඩිෆෙන්ඩර් රථයකට හා ප්‍රාඩෝ රථයකට ඉස්සර කර ධාවනය කිරීමට ඉඩ නොදුන්නැයි උරණ වී එම වෑන් රථයට මග හරස්කර රියදුරුට තර්ජනය කරමින් පහරදීමට උත්සාහ කර අනතුරුව වෑන් රථයට පහර දී පලාගොස් තිබිණි.

මෙම සිද්ධියට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථය මහරගම ඇල්හේන ප්‍රදේශයේ නිවසක ගරාජයක සඟවා තිබියදී ඊයේ රාත්‍රී (19) මහරගම පොලිසිය විසින් සොයාගැණිනි.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කරන ලද්දේ තල්ගස්දොල් මාදම්පිටිය පදිංචි සඳුන් පුෂ්පකුමාර (44), කලුතර කිතුලෑව ලාගොස්වත්ත පදිංචි මාකස් පීටර් රුවන් ප්‍රසන්න (26), මතුගම බදුගම පදිංචි ගාමිණී විජේසූරිය (45) හා පොළොන්නරුව අරලගන්විල පදිංචි ප්‍රසන්න බණ්ඩාර යන අයයි.



අදහස් (26)

කළගෙඩිහේන සිද්ධිය සම්බන්ධයෙන් 4ක් රිමාන්ඩ්

ධම්ම Saturday, 20 July 2019 02:23 PM

ගණන්කාරයන් හැංගෙන්නේ ඇයි..?

:       0       472

Kumara Saturday, 20 July 2019 02:35 PM

මුන්ට දෙන්න ඕනෙ දඬුවම මහ පාරෙදිමයි. මෙලෝ රටක් නැති බත්බැලයෝ.

:       0       685

AsankaSaturday, 20 July 2019 03:55 PM

ඔව් ප්‍රාඩෝ එකේම ගැටගහලා ඇදගෙන යන්න ඕනෑ. කලගෙඩිහේන ඉදන් කොළඹටම...

:       0       7

chandra Saturday, 20 July 2019 02:37 PM

රටේ නීතිය ඒ අයගේ අතේ කියලා හිතාගෙන ඇති.

:       0       449

Prabha Saturday, 20 July 2019 02:46 PM

තමන්ට කැමැත්ත පරිදි ආරක්ෂකයන් තබාගත හැකිද? කෙසේ වෙතත් කෙසේවෙතත් එදා සිංහ නද අද කූඩුව ඇතුලේ බලු කෙඳිරිය... මේවා එකඑකාට කඩේ යන සියල්ලන්ටම හොඳ පාඩම්...

:       0       278

රවින් Saturday, 20 July 2019 02:50 PM

එතකොට අර මහ එකා? කොහෙන් හරි කුදලාගෙන ඇවිත් දාන්න දඟ ගෙට. මේ රටේ නීතියක් තවමත් තියන විත්තිය තේරෙන්නේ නෑ. නැතිනම් ජනයා රවටා හොයන සල්ලි වලින්ම මුන් ජනයාට අවනීතිය උගන්නන්න හදනවා. ආදායම් බදු දෙපාර්තුමේන්තුව...!! මෙයාගේ බදු ගැන හෙව්වොත් හොඳයි.

:       0       485

සිතිජ Saturday, 20 July 2019 03:02 PM

පහරදීම සිදු කළ ගණිත ගුරා අත්අඩංගුවට අරන් නැද්ද? සේවකයෝ ටික විතරද අත්අඩංගුවට ගත්තේ? 225 ම එලවා දමා වෙනස් කළයුත්තේ දුප්පතාට එක් නීතියකුත් ධනය බලය ඇති එකාට තව නීතියකුත් ක්‍රියාත්මක වන මේ කාලකන්නි දේශපාලන සමාජ ක්‍රමයයි.

:       0       1411

RaveendraSaturday, 20 July 2019 04:18 PM

ඇත්තෙන්ම අහිංසක මිනිසුන් කැමතිවෙයි ගණිත ගුරාගේ මුණ දැකුමට සසර කලකිරීමේ මුලික අදියරයට...මේකා කොන්ටම් සයන්ස් ගුරෙක් උනානම් කොහොම තියේවිද හිත ගන්නවත් බැරිවෙයි....මේ කොහෙවත් යන එකයි, දෙකයි එකතුකරන ගුරා මෙහෙම උනානම්...

:       0       24

ලසන්තSunday, 21 July 2019 01:03 AM

සිතිජ හරි ඩිෆෙන්ඩර් වලට විශේස වරප්‍රසාදයක් ඉල්ලන්න ඇත්තේ මේ වාහන දෙකේ මත්ද්‍රව්‍ය වැනි දෙයක් ප්‍රවාහනය කල නිසාද කියා සිතෙනවා. වෑන්රථයේ රියදුරුට පහරදුන්නාට අමතරව වාහන දෙකම සැඟවීමෙන් සැකය වැඩිවෙනවා .

:       0       33

Nuwan Sunday, 21 July 2019 01:33 AM

නෑ අපි එයා පාර්ලිමේන්තුවට යවනවා. ඊලග පාර යවන්නෙ උගත් අයනේ.

:       1       5

කෝසල Sunday, 21 July 2019 02:34 AM

වැඩක් නැහැ. සමහර විට වෑන් රථ රියදුරා වැරදි කාරය කරලා වෑන් එක හදපු කොම්පැනියට නඩු දායි. එහෙව් නීතියක් තියෙන අරුම පුදුම රටක් මේක.

:       0       25

samira Saturday, 20 July 2019 03:42 PM

මේවා කාටකාටත් හොඳ පාඩම අනිත් ඔය දේශපාලකයොත් පාරේ හරියට පලයව්... මේක තනිකරම සමාජජාල වල බලය....

:       0       3

Chanak los angeles Saturday, 20 July 2019 03:43 PM

ඔය මැරකම් රටේ ප්‍රචලිත කලේ සාටකයින්ය. ඕනේ නම් පෙන්නලා දෙන්න පුළුවන් ගමකටම...

:       0       2

Duminda Saturday, 20 July 2019 03:52 PM

අමන දේශපාලකයකු බේරා ගැනීමට ගණිත සූත්‍රයක් ඉදිරිපත් වී ඇත.

:       0       0

කරුණාපාල Saturday, 20 July 2019 04:13 PM

හිරේ සිටින හිත හොඳ මල්ලිලා ගෙන් මා අයද සිටින්නේ, මෙවුන්ගේ අත් පා වලට හොඳ හැටි සලකලා එලියට එවන ලෙසයි. ඒ කාලේ නම් ටවුන් වල මහපාර අද්දර නියම හිත හොඳ ගණන් කාරයෝ හිටියා මේ වගේ රිලවුන්ට සලකන්න. එත්, වර්තමානයේ එවැනි ශක්තිමත් ගණන් කාරයෝ වෙනුවට, සිටින්නේ ප්‍රාඩෝ රථයක් දැක්කම කලිසමේ මුත්‍රා පිටවෙන ජාතියේ නිවටයින් පිරිසක් පමණි.

:       0       66

gamage Saturday, 20 July 2019 04:32 PM

මේ ආරක්ෂකයෝ කාගෙද කියලා කියන්න බයයි වගේ...?

:       0       3

raheem Saturday, 20 July 2019 06:18 PM

ගණන් කාරයන්ගේ හුලන් බැහැල. හරියට ලෙහල දාපු පිස්සු බල්ලෝ රැලක් වගේ මහා පාරේ හැසිරුනේ. මේ අයව රිමාන්ඩ් කරලා මසයකටවත් කරලා නඩු අහන්න තියෙන්නේ

:       0       16

Shan Saturday, 20 July 2019 07:04 PM

රිමාන්ඩ් ඉන්න කොල්ලෝ ටිකට නම් නිසි දඩුවම් ලැබෙයි.....

:       0       15

Prabha Saturday, 20 July 2019 09:35 PM

ගුරුතුමා ගෝලයන්ට අලුත් ගණිත ශ්‍රාස්තරයක් උගන්නලා වගේය... මාර්ග තදබය = බලු කූඩුව

:       0       18

ලුම්බිණි Sunday, 21 July 2019 12:37 AM

දේශපාලකයන් රටට දීපු නරක ආදර්ශ අද රටේ හැමෝටම විඳින්න සිදුවෙලා. මේ වැරැද්ද හදන්න උසාවිය වත් ඉදිරිපත් වේවි කියල හිතනවා.

:       0       19

සෙනෙවිරත්න Sunday, 21 July 2019 01:06 AM

අහිංසක මිනිසුන්ට චණ්ඩිපාට් දාන අයට පාඩමක් ඉගෙන ගන්නත් එක්ක ප්‍රබලයෝ ඇතුලට දාන්න අනුබල දුන්නට, මෙිකට පෙනි ඉන්න කලුකෝට් කාරයනි, දෑසීන් දුටු අසාධාරනය වෙනුවෙනි සාධාරනය පතන්න එපා, මෙවන්උන් අප සමාජයෙන් තුරන් කරන්න නම් මේවට පෙනී ඉන්න එපා , හෙට මේ දෙය ඔබට සිදුවිය හැක.

:       0       30

Don Sunday, 21 July 2019 01:59 AM

මුන්ට උණ වැඩිවෙලා, දේශපාලුවන්ට කඩේ යන මැරයෝ. කෝ අර ප්‍රාඩෝ එක, එකේ හිටිය ජගතා?

:       0       4

Amila Sunday, 21 July 2019 03:35 AM

එතකොට ගහන්න උපදෙස් දුන්න පිස්සු ගුරා ? වාහන දෙක නිකන්ම නවතින්න විදියක් නෑනේ. අනිවා ඔහු කියන්න ඇති ගිහින් ගහන්න කියලා.

:       0       23

d.upul Sunday, 21 July 2019 04:21 AM

ප්‍රාඩෝ එකේ හිටියේ කව්ද කියන්න බයයි වගේ.

:       0       24

සනත් Sunday, 21 July 2019 10:03 AM

දැන් නඩුව යන්නෙ වාහනයට පහර දීම නිසානෙ. බැරි වෙලාවත් දොර ඇරගන්න පුලුවන් උනා නම් .අර මනුස්සයට ගහලා තුවාල කරන්න තිබුනා.වෑන් එකේ පොඩි දරුවෝ හිටියා.ඒ අයගෙ මානසිකත්වය කොහොම වෙන්න තිබුනාද?කෝටි ගානක් වටිනා වාහන තිබුනා කියලා හැම එකාම ප්‍රභූ තත්වයට පත් වෙන මිණුම්දන්ඩ කුමක්ද?

:       0       8

sharm warn Wednesday, 24 July 2019 06:49 AM

පෞද්ගලික පන්ති කරන කෙනෙක් උනත් ගුරුවරයෙක් හැටියට මෙහෙම හැසිරෙනවා නම් මෙයාගේ ගෝලයෝ වෙන ළමයින්ට දෙයියන්ගේම පිහිටයි .. ගුරුවරයෙක් වෙද්දී මෙච්චර බල පුළුවන කාර කම් පෙන්වන්නේ කොහොමද? මේ මනුස්සයට මානසික රෝගයක් තියෙන බව නම් පෙනෙනවා . පාර්ලිමේන්තු යන්න එහෙම හීන තිබුණද දන්නේ නැහැ ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


ඡන්ද ප්‍රතිඵල ලැබෙන්නේ මෙහෙමයි
2025 මැයි මස 06 212 0

දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්


කඩු පිහි රැගෙන ඡන්ද මධ්‍යස්ථානය අසලට ආ 2ක් මාට්ටු
2025 මැයි මස 06 182 0

කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.


ජනපති මුළු ලොවටම බෞද්ධ දර්ශනයේ අගය කියයි
2025 මැයි මස 06 249 0

යුද ගිනි නිවී සාමය පිරුණු ලෝකයක සියලු ජාතීන් සහ මිනිසුන් අතර සාමය, සංවර්ධනය සහ ගෞරවය ඇති කිරීමට බෞද්ධ දර්ශනයේ ආභාසය ලබා ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර


තුසිත හල්ඔළුව හෙට සී.අයි.ඩීයට
2025 මැයි මස 06 632 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදුකළ බව කියන තුසිත හල්ඔළුව නැමැත්තාට හෙට (7) පෙරවරු 10.00 ට අපරාධ පරී


ලොකු පැටිගේ නිවසින් බෝම්බයක් හමුවෙයි
2025 මැයි මස 06 650 0

පුද්ගල ඝාතන , ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධව විදෙස් ගතව සැඟව සිටියදි අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධක


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 791 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 205 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1247 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site