(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිට්ටඹුව - කළගෙඩිහේන නුවර පාරේදී වෑන් රථ රියදුරෙකුට හා වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අත්තනගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 22 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් සිතාරා මීමන මහත්මිය නියෝග කළාය.
එදිනම හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළාය. ඉකුත් 16වැනි දින ගාල්ල හබරාදුව පදිංචි ව්‍යාපාරිකයකු පවුලේ අය සමග නුවර දළදා මාලිගාව බලා වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී ඩිෆෙන්ඩර් රථයකට හා ප්‍රාඩෝ රථයකට ඉස්සර කර ධාවනය කිරීමට ඉඩ නොදුන්නැයි උරණ වී එම වෑන් රථයට මග හරස්කර රියදුරුට තර්ජනය කරමින් පහරදීමට උත්සාහ කර අනතුරුව වෑන් රථයට පහර දී පලාගොස් තිබිණි.
මෙම සිද්ධියට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථය මහරගම ඇල්හේන ප්‍රදේශයේ නිවසක ගරාජයක සඟවා තිබියදී ඊයේ රාත්‍රී (19) මහරගම පොලිසිය විසින් සොයාගැණිනි.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කරන ලද්දේ තල්ගස්දොල් මාදම්පිටිය පදිංචි සඳුන් පුෂ්පකුමාර (44), කලුතර කිතුලෑව ලාගොස්වත්ත පදිංචි මාකස් පීටර් රුවන් ප්‍රසන්න (26), මතුගම බදුගම පදිංචි ගාමිණී විජේසූරිය (45) හා පොළොන්නරුව අරලගන්විල පදිංචි ප්‍රසන්න බණ්ඩාර යන අයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණන්කාරයන් හැංගෙන්නේ ඇයි..?
මුන්ට දෙන්න ඕනෙ දඬුවම මහ පාරෙදිමයි. මෙලෝ රටක් නැති බත්බැලයෝ.
රටේ නීතිය ඒ අයගේ අතේ කියලා හිතාගෙන ඇති.
තමන්ට කැමැත්ත පරිදි ආරක්ෂකයන් තබාගත හැකිද? කෙසේ වෙතත් කෙසේවෙතත් එදා සිංහ නද අද කූඩුව ඇතුලේ බලු කෙඳිරිය... මේවා එකඑකාට කඩේ යන සියල්ලන්ටම හොඳ පාඩම්...
එතකොට අර මහ එකා? කොහෙන් හරි කුදලාගෙන ඇවිත් දාන්න දඟ ගෙට. මේ රටේ නීතියක් තවමත් තියන විත්තිය තේරෙන්නේ නෑ. නැතිනම් ජනයා රවටා හොයන සල්ලි වලින්ම මුන් ජනයාට අවනීතිය උගන්නන්න හදනවා. ආදායම් බදු දෙපාර්තුමේන්තුව...!! මෙයාගේ බදු ගැන හෙව්වොත් හොඳයි.
පහරදීම සිදු කළ ගණිත ගුරා අත්අඩංගුවට අරන් නැද්ද? සේවකයෝ ටික විතරද අත්අඩංගුවට ගත්තේ? 225 ම එලවා දමා වෙනස් කළයුත්තේ දුප්පතාට එක් නීතියකුත් ධනය බලය ඇති එකාට තව නීතියකුත් ක්‍රියාත්මක වන මේ කාලකන්නි දේශපාලන සමාජ ක්‍රමයයි.
මේවා කාටකාටත් හොඳ පාඩම අනිත් ඔය දේශපාලකයොත් පාරේ හරියට පලයව්... මේක තනිකරම සමාජජාල වල බලය....
ඔය මැරකම් රටේ ප්‍රචලිත කලේ සාටකයින්ය. ඕනේ නම් පෙන්නලා දෙන්න පුළුවන් ගමකටම...
අමන දේශපාලකයකු බේරා ගැනීමට ගණිත සූත්‍රයක් ඉදිරිපත් වී ඇත.
හිරේ සිටින හිත හොඳ මල්ලිලා ගෙන් මා අයද සිටින්නේ, මෙවුන්ගේ අත් පා වලට හොඳ හැටි සලකලා එලියට එවන ලෙසයි. ඒ කාලේ නම් ටවුන් වල මහපාර අද්දර නියම හිත හොඳ ගණන් කාරයෝ හිටියා මේ වගේ රිලවුන්ට සලකන්න. එත්, වර්තමානයේ එවැනි ශක්තිමත් ගණන් කාරයෝ වෙනුවට, සිටින්නේ ප්‍රාඩෝ රථයක් දැක්කම කලිසමේ මුත්‍රා පිටවෙන ජාතියේ නිවටයින් පිරිසක් පමණි.
මේ ආරක්ෂකයෝ කාගෙද කියලා කියන්න බයයි වගේ...?
ගණන් කාරයන්ගේ හුලන් බැහැල. හරියට ලෙහල දාපු පිස්සු බල්ලෝ රැලක් වගේ මහා පාරේ හැසිරුනේ. මේ අයව රිමාන්ඩ් කරලා මසයකටවත් කරලා නඩු අහන්න තියෙන්නේ
රිමාන්ඩ් ඉන්න කොල්ලෝ ටිකට නම් නිසි දඩුවම් ලැබෙයි.....
ගුරුතුමා ගෝලයන්ට අලුත් ගණිත ශ්‍රාස්තරයක් උගන්නලා වගේය... මාර්ග තදබය = බලු කූඩුව
දේශපාලකයන් රටට දීපු නරක ආදර්ශ අද රටේ හැමෝටම විඳින්න සිදුවෙලා. මේ වැරැද්ද හදන්න උසාවිය වත් ඉදිරිපත් වේවි කියල හිතනවා.
අහිංසක මිනිසුන්ට චණ්ඩිපාට් දාන අයට පාඩමක් ඉගෙන ගන්නත් එක්ක ප්‍රබලයෝ ඇතුලට දාන්න අනුබල දුන්නට, මෙිකට පෙනි ඉන්න කලුකෝට් කාරයනි, දෑසීන් දුටු අසාධාරනය වෙනුවෙනි සාධාරනය පතන්න එපා, මෙවන්උන් අප සමාජයෙන් තුරන් කරන්න නම් මේවට පෙනී ඉන්න එපා , හෙට මේ දෙය ඔබට සිදුවිය හැක.
මුන්ට උණ වැඩිවෙලා, දේශපාලුවන්ට කඩේ යන මැරයෝ. කෝ අර ප්‍රාඩෝ එක, එකේ හිටිය ජගතා?
එතකොට ගහන්න උපදෙස් දුන්න පිස්සු ගුරා ? වාහන දෙක නිකන්ම නවතින්න විදියක් නෑනේ. අනිවා ඔහු කියන්න ඇති ගිහින් ගහන්න කියලා.
ප්‍රාඩෝ එකේ හිටියේ කව්ද කියන්න බයයි වගේ.
දැන් නඩුව යන්නෙ වාහනයට පහර දීම නිසානෙ. බැරි වෙලාවත් දොර ඇරගන්න පුලුවන් උනා නම් .අර මනුස්සයට ගහලා තුවාල කරන්න තිබුනා.වෑන් එකේ පොඩි දරුවෝ හිටියා.ඒ අයගෙ මානසිකත්වය කොහොම වෙන්න තිබුනාද?කෝටි ගානක් වටිනා වාහන තිබුනා කියලා හැම එකාම ප්‍රභූ තත්වයට පත් වෙන මිණුම්දන්ඩ කුමක්ද?
පෞද්ගලික පන්ති කරන කෙනෙක් උනත් ගුරුවරයෙක් හැටියට මෙහෙම හැසිරෙනවා නම් මෙයාගේ ගෝලයෝ වෙන ළමයින්ට දෙයියන්ගේම පිහිටයි .. ගුරුවරයෙක් වෙද්දී මෙච්චර බල පුළුවන කාර කම් පෙන්වන්නේ කොහොමද? මේ මනුස්සයට මානසික රෝගයක් තියෙන බව නම් පෙනෙනවා . පාර්ලිමේන්තු යන්න එහෙම හීන තිබුණද දන්නේ නැහැ ..