(එච්. චන්දන)
පුත්තලම - වනාතවිල්ලුව-ලැක්ටෝ වත්තේ සැක සහිත ලෙස රැඳී සිටි පුද්ගලයින් හය දෙනෙකු අද (24) අලුයම අත්අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලීසිය කියයි.
තමන් වත්තේ පොල් ගස් වලට වතුර දැමීම හා කුකුළු ගොවිපොළේ වැඩ කටයුත්තක් සඳහා පැමිණ සිටි බව සැකකරුවන් පවසා ඇති බව පොලීසිය පවසයි. වත්තේ හිමිකරු හා ඔහුගේ පුතුන් තිදෙනකු මේ අතරවේ.
ඉකුත් ජනවාරි 16 වැනිදා ලැක්ටෝ වත්තේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අන්තවාදී සංවිධානයකට අයත් බව කියන පුපුරණ ද්‍රව්‍ය සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය, ඩෙටනේටර් ඇතුළු උපකරණ විශාල ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.
වනාතවිල්ලුව පොලීසිය මගින් අද (24) අලුයම අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ජනවාරි මාසයේ දී අත්අඩංගුවට ගෙන දැනට ඇප මත මුදා හැර සිටින සැකකරුවන් දෙදෙනෙකු ද වන බවට දැනට හඳුනා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් එක්ක අත්අඩංගුවට ගත් සැකකරුවන් වත් ඒ ටිකට ඇප දීල එලියට දාල , පාස්කු ප්‍රහාරය අපි දැනගෙන හිටියේ නැහැ කියල ආණ්ඩුව හැමතැනම කියා කියා අඟ බේරගන්න හදනවා. හැබැයි ඉතින් මේ වෙන දේවල් දැක්කහම හිතාගන්න පුළුවන් කලින් දැනගෙන හිටියත් වැඩි වෙනසක් නැහැ කියල .
එම වත්තෙ සැකකරුවනුත් අැප පිට නම් ඉන්නෙ තවත් කවර කථාද නිවටයන් විකටයන් රට කරවන විට මෙයිට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද...?
මේ අයට රඟන්න වෙන්නේ තව ටික කාලයයි. ගෝඨාභය මහත්තය ජනාධිපති වනතුරු පමණයි.
පොලීසියෙන් අල්ලනවා. උසාවියෙන් එළියට දානවා. ප්‍රශ්නයක් තියෙනව නේද ? මම හිතන්නෙ සෑම කෙනෙක්ම ඒ ගැන හොඳටම දන්නවා.
ඇප දුන්න අය දැන් මොකද කියන්නේ? බදු තව ඇති ඔය වත්තේ
පොලිස්සියෙන් අල්ලනවා උසාවි දානවා ඇප දෙනවාට විරුද්ද නැහැ කියනවා.
ඇත්තටම කුකුළු ගොවිපලක් තියනවාද? කුකුලෝ කීදෙනෙක් ඉන්නවාද? කුකුළු ගොවිපල හා වත්ත බලාගන්න කීදෙනෙක් ඉන්නවාද? නරි හේම ඔය පැත්තේ නැද්ද? පුවත් වලින් දුටු අයුරින්නම් අවුරුදු පහක් හෝ ඊට වැඩි පොල්ගස් තමා දුටුවේ. එම පොල්ගස් වලට අවශ්‍ය තරම් වතුර ඔය අවට තිබෙනවාද? මෙවැනි ප්‍රශ්න රාශියකට සැහීමකට පත්විය හැකි සාදරණිය පිළිතුරු ලැබුනාද?
සිංහල අපිට බෝම්බ පත්තුකරලා බෝම්බකරුවන්ගේ ඡන්දය ගන්නද? නුඹලාට විරුද්ධව ජනතාව එකවර නැගිටිනවා.
මෙන්න සුළුජාතීන්ට වෙනස්කම් කරනවෝ...