(නිමන්ති රණසිංහ)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය මොහොමඩ් සාෆි ශිහබ්දීන් ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කළේය.
රැඳවුම් නියෝග මත රහස් පොලිස් භාරයේ පසුවූ වෛද්‍යවරයාගේ රැඳවුම් නියෝග අත්හිටුවීමෙන් පසු අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය දැනුම් දුන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වෛද්‍යවරයා රඳවාගෙන තබා ගත්තද එම පනත යටතේ වරදක් සිදු කර ඇතැයි මේ වන තෙක් අනාවරණය වී නැති බවයි. වඳ භාවයට පත්වී ඇතැයි කියමින් පැමිණිලි කළ මව්වරුන් 143 දෙනකු එස්එච්ජී පරීක්ෂණයට ලක් කිරීමට අවසර ලබා දෙන්නැයි රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ප්‍රකාශ කළේ වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇතැයි චෝදනා සියල්ලම අසත්‍ය බවයි. පැමිණිලි කළ මව්වරුන් එස්එච්ජී පරීක්ෂණයට යොමු කිරීම ගැන තමන් ද එඟ වන බවත්, මව්වරුන් එම පරීක්ෂණයට ලක් කරන ලෙස ඉල්ලා සිටින බවත් සාෆිගේ නීතීඥවරු ඉල්ලා සිටියහ.
මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ප්‍රකාශ කළේ සාෆිගේ වත්කම් සම්බන්ධයෙන් රහස් පොලිසිය කළ පරීක්ෂණයේ දී ඉඩම්වල මුහුරත් වටිනාකම පමණක් ඉදිරිපත් කර ඇති බවයි. ඒවායේ වර්තමාන වටිනාකම රහස් පොලිසිය ඉදිරිපත් කර නැතැයි ද, බැංකු දෙකක ගිනුම් ගැන පරීක්ෂණයක් නොකර රහස් පොලිසිය සාෆි සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ඉවත් කර තිබෙන බව ද මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ප්‍රකාශ කළහ. එක්තරා බැංකුවට සාෆි නමින් මිලියන 115ක මුදලක් හුවමාරු වී ඇති බව ද එම නීතීඥවරු කීහ.
සියලු පාර්ශ්වයන්ගේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරයාට ඇප දෙනවාද නැද්ද යන්න ගැන තීන්දුව පස්වරු 5.30ට ලබා දීමට තීන්දු කළේය. ඒ අනුව 5.30ට පැමිණිල්ල කැඳවූ මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති චෝදනාවල බරපතලකම සැලකිල්ලට ගෙන ඔහු 25 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට නියෝග කරන බව ප්‍රකාශ කළේය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේෂ ද්‍රෝහීන්ට දඩුවම මරණය හැර වෙන විකල්ප නැත...
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්
මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ප්‍රකාශ කළේ සාෆිගේ වත්කම් සම්බන්ධයෙන් රහස් පොලිසිය කළ පරීක්ෂණයේ දී ඉඩම්වල මුහුරත් වටිනාකම පමණක් ඉදිරිපත් කර ඇති බවයි. ඒවායේ වර්තමාන වටිනාකම රහස් පොලිසිය ඉදිරිපත් කර නැතැයි ද? මොන රෙද්දක්ද මේක.. මේකා වද සැත්කම් කරා කියල උසාවියට එක්කගෙන ගිහින් බැංකු පරික්ෂා කරන්න කියන්නේ.. මෙහෙමත් ගොන් නීතිඥවරු
දොස්තර සාෆි තුමනි. මිනිසුන් වැරදි කරන සුළුයි. නමුත් ඔබ මේ කියන වැරැද්ද නොකළ බව ඔබගේ නලලෙන් කිවහැක.
වැරද්දක් නැතුව දේශද්‍රෝහීන් කිරීමත් 'දේශද්‍රිහිකමක් ' රවීන්ද්‍ර ..
ඇයි...නලලෙ ලියල තියෙනවද දෙවි කෙනෙක් හරි සුරදූතයෙක් හරි කියල......නිකං පච කියන්න එපා...... ආගම නිසා..මනුස්සයෙක්ව තේරුම්ගනින් කරන වැඩ වලින්...මූණෙ පෙනුමෙන්වත් අදින සලුපිලිවලින්වත් නැතුව.......
රවින්ද්‍ර දේශද්‍රෝහීන්ට අනිවාර්යයෙන්ම මරණීය දඬුවම දෙන්න ඕන . එත් ඒ දේශද්‍රෝහීන්ට පමණක්
රවීන්ද්‍රට මරණ දඬුවම දුන්නොත්, දෙමල මනුස්සයෙක් කියලා..
තර්කානුකූලව දෙයක් තේරුම් ගැනීමට නම් ලංකාවේ මිනිස්සුන්ට පුළුවන් කමක් නැද්ද?
නුවන් මයා වෙත, තමන් උපන් මව්බිමට ද්‍රෝහී වෙන්නෝ දේශද්‍රෝහීන්ය. සිංහලද, දෙමළද, මුස්ලිම්ද කෙසේවත් අදාළ නැත... කරුණාකර කෙනෙකුගේ අදහස් තේරුම් ගැනීමට උත්සාහ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. තවත් වරක් අප මෙසේ සඳහන් කරන්නෙමු. " දේශද්‍රෝහීන්ට දඬුවම මරණය" හැර වෙන කිසිඳු දඬුවමක් සුදුසු නැත...
යමෙකුට විරුද්ධව යම් චෝදනාවක් ඔප්පු කල නොහැකි නම්, තවදුරටත් ඔහු රඳවා තබා ගැනීම මානව වරගයාටම ඇති මහත්වූ නින්දාවක් මෙන්ම, බරපතල අසාධාරණයකි. මම එහිදී ඔහුගේ ජාතිය, ආගම, කුලය, වර්ගය හෝ ලිංගිකත්වය නොබලා ඔහු වෙනුවෙන්ම පෙනී සිටිමි. සාෆි නොවා මාරයා වුවද චෝදනා නොමැති නම් වහා නිදහස් කරනු. මිලියන ගණනක් මට එරෙහි වුවද ම මගේ මතය වෙනුවෙන් පෙනී සිටීමට බිය නොවෙමි.එය ඉගෙනගත් මානව දයාව සහ සාධාරණත්වයයි.
වෛද්‍ය තුමනි නොසැලී සිටින්න....... ඔබට මේ චෝදනා එල්ල වෙයි ....එකම හේතුව ඔබ මුස්ලිම් ජාතිකයෙක් වීමයි...... ඉවසා සිටින්න සත්‍යය කවදා හෝ ජය ගනීවි...
මේ මුස්ලිම් වෛද්‍යවරයා කිසියම් වරදක් කල බව විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මගින් විද්‍යානුකූලව තහවුරු කල යුතු වෙනවා. එම පරීක්ෂණ වලදී, එය ඔප්පු උවහොත් ඔහුට මරණ දණ්ඩනය දීම උවත් මම අනුමත කරමි.
ඔය මනුස්සයා ඔය කියන විදියේ වරදක් කරලා නම් එල්ලලා මරන්නම ඕනෑ. නමුත් ඒ මිනිහ වැරදිකාරයෙක් කියලා තහවුරු වෙන්නත් කලින් ඌව එල්ලලා මරන්න හදන අයව ගල්ගහලා දෙපාරක් මැරුවත් මදි....
මේක ඉතාම කණගාටුදායක සිදුවීමක්. මොහුට තියෙන චෝදනා ඉතාම බරපතලයි. මෙය බෝම්බ ප්‍රහරයටත් වඩා බරපතල දෙයක්. කොහොම වුනත් මේවා සාධාරණව ඔප්පු වෙන්න ඕනේ. ඒ කොහොම වුනත් මොහු වරදක් කරලා තියෙනවා නම් මොන අාගම ඇදහුවත් මොහුට දඬුවම් ලැබෙනවාමයි. නමුත් ලංකාවේ තියෙන ප්‍රශ්නේ.... මුස්ලිම් කෙනෙක් වරදක් කළොත් ඔහු නිවැරදිකාරයෙක් කියලා මුස්ලිම්වරු පිලි ගන්නවා. ඔහු කරපු වරද පිළිගන්න කැමති නැහැ. ඒ වගේම තමයි, පට පක්ෂවලට බෙදිලා හොරුන්ව, මංකොල්ල කාරයින්ව, මිනීමරුවන්ව ආරක්ෂා කරන්නේ... ලංකාවේ සාමාන්‍ය ජනතාවමයි. මේක ඉතාම වැරදි දෙයක්... මේ නිසා තමයි රටේ අපරාධකාරයෝ බිහිවෙන්නේ... මොකද ඔවුන් දන්නවා ඔවුන්ට ආරක්ෂාව තියෙනවා කියලා. නළල දිහා බලලා හෝ, වෙනත් දෙයක් දිහා බලලා නිවැරදි කරුවා, වැරදිකරුවා කියලා තීරණය කරන්න තරම් පසුගාමී අදහස් තියෙන අය මේ 21 වැනි සියවසේ සිටීම ගැන කණගාටු වෙනවා. එවැනි මිනිසුන් ඉන්න සමාජයකින් කිසිදිනෙක සාධාරණත්වයක් හෝ දියුණුවක් බලාපොරොත්තු වෙන්න එපා..
සත්‍ය කවද හෝ හෙලිවේවි. මේ රටේ වැරද්දක් නොකළ හිරේ ගිය මේ වෛද්‍ය සාෆි පලමුවෙන්නා නොවේ. හැබැයි කනගාටුවෙන් හෝ කියන්න වෙනවා, මේ රට නම් දියුණු වෙන ලකුණු නම් නැහැ.
කාන්තාවන් වඳ බාවයට පත්වෙන්න නොයෙක් හේතු තියෙනවා.
වෛද්‍ය සාෆි වෙනුවෙන් ඔහු ඉගෙනගත් විශ්ව විද්‍යාලය වන පේරාදෙණිය වෛද්‍ය පිඨයේ අචාර්ය මණ්ඩලය, ආදී සිසුන් මෙන්ම සියලුම දෙනා පෙනී සිටිය යුතු යැයි මම යෝජනා කරමි. මෙම අසාධාරණය උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතාගේ අවධානයට යොමු වේවා.
රවින්ද්‍ර එය ඔබම කියයි.
කොල්ලුපිටිය හෝටලේදී හෙරොයින් කිලෝ 02ක් සමඟ පකිස්ථානු ජාතිකයෙකු අත්අඩංගුවට
මිලියන් 115 ක් මුදල ලැබුන අන්දම සාෆි පිලි ගත හැකි ප්‍රකාශයක් කරලද ?
මේකෙන් දේශපාලන වාසිගන්න නොහදා විද්‍යාත්මකව, පැමිණිලි කළ මව්වරුන් එස්.එච්.ජී. පරීක්ෂණයකට යොමුකරලා සත්‍යය සොයාගන්න ඕනෑ. ඇත්තටම මෙතුමා ඔය කියන විදියේ වඳ සැත්කම්" කරලා නම් ඉතින් කියන්න තියෙන්නේ "උම්බලකඩ මස් කෑවා නම් දුක විඳපන් බල්ලෝ කියලා තමයි නමුත් මේ පුවත වැඩිපුර උලුප්පල දක්වපු, සමහර මූලාශ්‍ර වල අතීත ක්‍රියාකාරකම් දිහා බලපුවම (මේක මගේ අමුම අමු පුද්ගලික අත් දැකීම් -සාක්කි සහිතයි) මේ " පැලෝපිය නාල ගැටගැසීමේ කතාන්තරය ගැන වෛද්‍ය විද්‍යාත්මකව, ස්වාධීනව බැලුවම, සැක සංකා මතුවෙනවා.. සමහර මහාචාර්යවරු නම් විවිධ කතා කියනවා තමයි.
"වැරැද්ද නොකළ බව ඔබගේ නලලෙන් කිව හැක." ඇයි දැන් අල්ලා නළලෙත් කොටනවද? මම හිතුවා කපන එක විතරයි කරන්නේ කියලා. බෙල්ලේ කරලා නැද්ද..?
මුසල්මානුවන් වඳකළ දාට සත්‍ය හෙළිවේවි... එමනිසා ඒ කාරිය අපි පටන් ගනිමු.
පේන හැටියට වැරැද්ද යන්නේ නම් දරුවන් වැදීමට ගිය කාන්තාවන්ගේ පැත්තටයි. ආරම්භය වශයෙන් ගත්තොත් දෙවියන් වනසේගේ නියමය අනුව ආදම් සහ ඒවන් එකතු වුණුදා ඉඳලා මේ දේ සිද්ධ වෙනවා. ඒ කාලේ ඔය සීසර් සැත්කම් නොතිබුණු නිසා මේ වනතෙක් දරුවන් ඉපදුණා. වාසනාවකට මගේ මවට දරුවන් 5දෙනෙක් ලැබුනේ ගෙදරදීමයි. නැත්නම් අපේ පවුලේ ඉන්නේ මගේ සහෝදරයා විතරයි. අනෙක ඒ කාලේ ශාෆිලා ඉන්න නැතිව ඇති. වෙළඳාමට ආපු අය නිදහස් අධ්‍යාපනයට පින්සිදුවන්න ඉහළට ඉගෙන ගෙන දැන් අපිට කරන දේ ගැන අපි කණගාටු වෙන්න ඕනේ නැහැ. ඔය විදිහටම පසුගිය කලක නීතිය පිළිබඳවත් ප්‍රශ්න අහන්න ලැබුණා. මේ තරම් ඔය ගැන තර්ක විතර්ක කරන්න ඕනෑ නැහැ. ඔය කියන දොස්තර හිටපු කාලේ එයා කරපු සියලුම සීසර් සැත්කම් වලින් පසුව නැවත දරුවන් ලබුණු අය ගැන නියැදි පරීක්ෂණයක් කරලා ජාතින් වශයෙන් 100 බැගින් ගෙන නියැඳි සමීක්ෂණයක් කළොත් සමහර වෙලාවට යමක් දැනගත හැකියි. මේ කරන්න ඇත්තේ දෙවියන් වහන්සේගේ නියමය නිවැරදි කිරීම වෙන්න බැරි නැහැ. හොඳ වෙලාවට මොහු මන්ත්‍රී වුනේ නැත්තේ... වුණා නම් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය ඇමති වෙනවා. එහෙම වුණානම් අපේ ජාතියට දෙවියන්ගේම පිහිට තමයි.
«යථාර්ථය » වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි නඩුව පසුගිය 11 දා අධිකරණයට ඉදිරිපත් කරද්දී ඔහු රඳවා ගැනීමේ නියෝග ඉවත් කර තිබියදී සහ ඔහුට එරෙහි කිසිදු චෝදනාවක් නැතිව තිබියදී තවදුරටත් ඔහු සැකකරුවෙකු නොවන නමුත් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේ්වාවසම් විසින් සැකකරුවෙකු නොවන පුද්ගලයෙකු නිදහස් කරනවා වෙනුවට සාෆි යළිත් වතාවක් රිමාන්ඩ් කරන ලද්දේ මහේස්ත්‍රාත්ගේ බිරිඳ වන හිරෝෂිනී ජයසිංහ හේවාවසම් නමැත්තිය කුරුණෑගල රෝහලේ වෛද්‍යවරියක බැවින් ඇයට සාෆිගෙන් පළිගැනීමට අවශ්‍ය නිසා යයි. මෙය සැමියෙකු විසින් බිරිඳ කන්න කැමැති කෑමක් ගෙදර ගෙන යනවා සේ බිරිඳ සතුටු කිරීම සඳහා කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සාෆිගේ නඩුව බිරිඳට රස කෑමක් ලෙස පිදීමක් බව යුක්ති ගරුක ජනතාව කියති.
පැලෝපීය නාල මිරිකලාලු, හැබැයි ඒක ඇත්තද කියල බලන්න එච්එස්ජී පරීක්ෂණයක් කරන්නත් එපාලු, කලොත් මැරෙයිලු.. 'දිවයිනේ රජයේ ශික්ෂණ රෝහල් 12කින් හා පුද්ගලික රෝහල් හතරකින් එච්එස්ජී පරීක්ෂණයට අදාල දත්ත රහස් පොලිසිය ගෙන්වාගෙන ඇති අතර ඒවා පරීක්ෂා කරද්දී පෙනී ගොස් ඇත්තේ එම රෝහල් නවයේ අදාල කාල වකවානුවේ එච්එස්ජී පරීක්ෂණ 12,000ක් පමණ සිදු කර ඇති බවයි. එයින් කිසිවකු මිය ගොස් නැති බවත්, බරපතල සංකූලතා ඇතිවී නැති බවත්, හතර දෙනකුට පමණක් හුස්ම ගැනීමේ අපහසුතාවක් ඒ මොහොතේම දැනුනත් එය පසුව හරි ගොස් ඇති බවත් පෙනී ගොස් තිබේ'
පටු අරමුණු වලින් ඉවත්වෙලා මේ සිදුවීම දෙස පුලුල්ව සිතා බලන්න. ලංකාවේ සිංහල, දෙමළ හා මුස්ලිම් වෛද්‍යවරුන් සිටිනවා. අපේ මිනිස්සූ කිසිදු භේදයකින් තොරව එම වෛද්‍යවරුන් වෙත යනවා. තිස් වසරක යුද්ධයක් තිබුණත් කිසිදු දෙමළ වෛද්‍යවරයකුට එරෙහිව මෙවැනි චෝදනාවක් මිනිසුන්ගෙන් එල්ල උනේ නෑ. අදටත් මිනිස්සු සමහර මුස්ලිම් වෛද්‍යවරුන් වෙත යනවා. මුස්ලිම් ජාතික ප්‍රසව හා නාරී විශේෂඥ වෛද්‍යවරුන් සිටිනවා. ඔවුන්ට එරෙහිව කවුරුත් චෝදනා කර නෑ. නමුත් මෙම වෛද්‍යවරයා ක්‍රියා කලාපය ටිකක් වෙනස් බවයි පෙන්නෙනේ. ඔහු තවමත් තරුණ වෛද්‍යවරයෙක්. විශේෂඥ වෛද්‍යවරයකුත් නොවේ. එහෙත් ඔහු සිසෙරියන් සැත්කම් 4000ක් පමණ කර තිබෙනවා. (ඔබට මතක ඇති, බොහෝ අය සිතුවේ වෛද්‍යවරයකුට ජීවිත කාලෙදිවත් මෙතරම් සිසෙරියන් සැත්කම් කිරීමට අවස්තාව නැති බවයි.) සිසේරියන් සැත්කම් සදහා ඔහුගේ උනන්දුව හා දක්ශතාවය ගැන සැකයක් නෑ. සාමාන්‍යෙයෙන් මවක් ඉල්ලා සිටියත් හොද වෛද්‍යවරයක් මවක සිසෙරියන් සැත්කමක් සදහා යොමුකරන්නේ නැහැ ප්‍රසූතිය සදහා විශේෂ ගැටලුවක් නොමැතිනම්. නමුත් මෙම වෛද්‍යවරයා වෙනස් විදියකටයි ක්‍රියා කරලා තියෙන්නේ..