(අංජුල මහීක වීරරත්න)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සුපුරුදු ආකාරයට ලබන සතියේ සිට කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි පැවැත්වීමට මේ වන විට එකඟතාවය පළවී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ටජිකිස්ථාන් සංචාරයට පෙර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා හමුවී කළ සාකච්ඡා කිහිපයක ප්‍රතිඵලයක් ලෙස නව ප්‍රවණතාවය ඇති කරගත හැකිවූ බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් කීවේය.
ජනාධිපති හා රජය ඇති කරගත් එකඟතාවය අනුව ලබන අගහරුවාදා (18) සුපුරුදු පරිදි කැබිනට් රැස්වීම පැවැත්වෙනු ඇත.
මේ අතරම නව ප්‍රවණතාවය ඇතිවීමට ප්‍රථමව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ වගකීම් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 හා 43 වගන්තීන්ට අනුව ඇමැති මණ්ඩලය කැඳවන ලෙස ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා යැවීමට රජය තීරණය කර තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායකය, අමාත්‍ය මණ්ඩලය, ජනාධිපතිවරයාගේ වගකීමට අදාළ 42 වන වගන්තියේ මෙසේ සඳහන්ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ද මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත්කාලයේ බලපවත්නා නීතිය අනුව වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ ද ස්වකීය බලතල කාර්ය සහ කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම සහ යථාපරිදි ඉටුකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේය.
විධායකය යටතේ අමාත්‍ය මණ්ඩල වගකීම 43 (1) වගන්තිය යටතේ දක්වා ඇත්තේ පහත පරිදිය.
ජනරජයේ පාලනය මෙහෙයවීම හා ඒ පාලනය බාර අමාත්‍ය මණ්ඩලයත් වන්නේය. අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවේ සාමූහිකව කටයුතු කිරීමට හා උත්තරදීමට බැදී සිටින්නේය”.
ජනාධිපති, අමාත්‍ය මණ්ඩල සාමාජිකයෙක් ද, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානීයා ද වන්නේය.” යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (2) යටතේ සඳහන් වන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහත ප්‍රතිපාදනය පදනම් කර ගනිමින් කැබිනට් මණ්ඩල රැස්වීම කැඳවන ලෙස දැනුම්දීමට රජය සුදානමින් සිටියත් ඇතිව තිබෙන ප්‍රවණතාවය අනුව ඒ දැනුම්දීම කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
ජාතික ජනබලවේගය අම්බලන්ගොඩ නගර සභාවේ සභික ධුර 22 න් 11 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
ජාතික ජනබලවේගය හම්බන්තොට නගර සභාවේ සභික ධුර 21 න් 8 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
ස්වාධීන කණ්ඩායමට හපුතලේ නගර සභාවේ බලය හිමිවූ අතර එම කණ්ඩායමට එම නගර සභාවේ සභික ධූර 11 න් 5 ක් හිමිවිය.
ජාතික ජනබලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවේ සභික ධූර 19 න් නවයක් දිනාගැනීමට සමත්විය.
දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කැබ්නට් රැස්වීම සුපුරුදු පරිදි ලබන සතියේ සිට
Daham Thursday, 13 June 2019 08:01 AM
කිසිවක් විශ්වාසකළ නොහැක .
thilakasiri Thursday, 13 June 2019 08:01 AM
ජනපති හා පාර්ලිමේන්තුවේ ඉන්න අය මුළු මහත් ලෝකයක් ඉදිරියේ තම තමන්ගේ වටිනාකම් මෙන්ම දුර්වලකම් ද පෙන්නමින් සිටී. තම තමන් මොනවිදිහට හිතුවත් ප්‍රේක්ෂක ප්‍රඥාවන්තයෝ ඒ සියල්ල ස්වයං ඥානයෙන් විමසා බලයි.
Praba Thursday, 13 June 2019 08:21 AM
සජිත් මේ දවස් වල කොහෙද යන්න ලෑස්ති වෙනවා
de silva Thursday, 13 June 2019 10:23 AM
අද කියන්නේ එකකක් නමුත් හෙට කරන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්
vipula Thursday, 13 June 2019 11:42 AM
මේ හෑල්ලුවට ලක් කරන්නේ 2015 මැතිවරණයේ බහුතර ජනතාවගේ සර්වජන අයිතියි. මේ සෙල්ලම් කරන්නේ ශ්‍රී ලංකාව නම් වූ සුන්දර රටෙහි ජනතාවගේ අනාගතය සමගයි. මෙය පාඩමක් ලෙස ගෙන ඉදිරියට බුද්ධිමත් පාලකයන් පමණක් තෝරාගැනීමට ජනතාව තීරණය කල යුතුයි.
banda Thursday, 13 June 2019 11:56 AM
වගකිවයුතු ඉහළ නිලධාරින්ට උපදේශ දෙන්නත් අය ඉන්නකො ට මෙහෙම ඇනකොන්ඩ ගහනවා මට හිතාගන්න බැහැ. විජේදාස මහතය ද මේවට උපදෙස් දුන්නේ? ඊ තුරුම්පුවත් හබක් එහෙනම්.
nali Thursday, 13 June 2019 06:22 PM
හරි ලැජ්ජයි .
රවින් Friday, 14 June 2019 01:57 AM
පොඩ්ඩක් මතක් කරන්නයි මේ ලියන්නේ. කැබිනට් එක කියන්නේ සාමුහිකව තීරණ ගතයුතු හා වගකීම් භාර ගතයුතු කණ්ඩායමක් බව පහුගිය කාළේ කිවානේද? නැතිව කැබිනට් එක කියලා කිවේ ගෙදර මුල්ලේ තියන පරණ පෙට්ටිය හේම නොවෙනේද?
nimal Friday, 14 June 2019 07:00 AM
පොඩි එවුන් වගේ හරිම හුරතල් කට්ටිය . පැටිකිරිය වැඩක්ම නැහැ