IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


වයඹ පළාත් ගුරුසේවා තරග විභාගය අධිකරණ නියෝගයක් මත අත්හිටුවයි

(පුෂ්පකුමාර ජයරත්න)

වයඹ පළාත් ගුරු සේවයට ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරින් බඳවා ගැනීම සඳහා අද (22) දින කුරුණෑගලදී පැවැත්වීමට සූදානම් කර තිබූ තරග විභාගය අධිකරණ නියෝගයක් මත අත්හිටුවීමට සිදුවූ බව වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා ප්‍රකාශ කළේය.
   
මෙම තරඟ විභාගය අද කුරුණෑගල මලිය⁣දේව පිරිමි විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. හදිසියේම මෙම විභාගය අත්හිටුවීමට පියවර ගැනීමෙන් ඊට පෙනී සිටීම සඳහා පුත්තලම ඇතුඵ දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණ සිටි විශාල පිරිසක් දැඩි අසීරුතාවයකට පත්ව සිටියහ.

තරඟ විභාගය නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර ගත් බව සඳහන් දැන්වීමක්ද මලිය⁣දේව විදුහල් ගේට්ටුවේ ප්‍රදර්ශනය කර තිබුණි.

වයඹ පළාත තුළ පවතින ඉංග්‍රීසි ගුරු හිඟයට විසඳුමක් ලෙස ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරින් බඳවාගැනීම සඳහා පසුගිය වසරේදී පවත්වන ලද තරඟ විභාගය ප්‍රමිතියෙන් තොරබවට ලද පැමිණිලි සැළකිල්ලට ගෙන එම විභාගයේ ප්‍රතිඵල තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා පියවර ගෙන තිබුණි. ඉන්පසුව එම විභාගයේ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර රජරට විශ්ව විද්‍යාලයට යවා කරන ලද විමර්ශනයකදී එම ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියකින් තොරව සකසන ලද ඒවා බවට අනාවරණය විය.

ඒ අනුව එම විභාගයේ ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම අවලංගු කොට නැවත කැඳවනු ලැබූ තරඟ විභාගය අසාධාරණ එකක් බවට විභාග අයැදුම්කරුවන් පිරිසක් විසින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමකට අනුව එම විභාගය සඳහා මේ ආකාරයට තහනම් නියෝගයක් පනවා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා කියා සිටියේ මෙම අධිකරණ නියෝගය ලැබුණේ ඊයේ (21) බැවින් අයැදුම්කරුවන්ට ඒ පිළිබඳව දැනුම්දීමට කාලයක් නොතිබූ බවය. මෙහි පළමු විභාගය පවත්වන ලද දිනය නිසියාකාරව අධිකරණයට ඉදිරිපත් කිරීමට වයඹ පළාත් රාජ්‍ය සේවා  කොමිසමේ ලේකම්වරිය අසමත්වීම මත මෙවැනි තත්වයක් උද්ගතවූ බව පෙන්වා දෙන ආණ්ඩුකාරවරයා මේ නියෝගයට එරෙහිව මෝසමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

එසේ නොවුණොත් ඉංග්‍රීසි ගුරුවරුන් නොමැතිව සිටින වයඹ පළාතේ දුෂ්කර ප්‍රදේශ රැසක පාසල් දරුවන්ට බරපතල අසාධාරණයක් සිදුවන බවද ජයරත්න මහතා අවධාරණය කළේය .



අදහස් (6)

වයඹ පළාත් ගුරුසේවා තරග විභාගය අධිකරණ නියෝගයක් මත අත්හිටුවයි

maheshika Saturday, 22 June 2019 07:53 AM

පළමු විභාගෙට ප්‍රශ්න පත්‍ර හදපු අයව මුලින්ම රැකියාවෙන් පහකළ යුතු නොවේද? මොවුන් මේ සෙල්ලම් කරන්නේ රටේ දරුවන්ගේ වටිනා කාලයත් සමග නොවේද? නාස්ති කරන්නේ රජයේ මහජන මුදල් නොවේද? මෙවැනි දූෂිත, අසාර්ථක පාලනයක් ඇතිනම් වහාම ඉල්ලා අස්විය යුතු නොවේද? ඔය අධ්‍යාපන අැමැති කියන මිනිහට මේ ගැන කියන්න තියෙන්නේ මොකක්ද? කරන්න පුළුවන් එකෙකුට රට දීලා ගෙදර පල..

:       28       655

ලසන්තSunday, 23 June 2019 01:15 AM

මෙය මධ්‍යම රජයේ ක්‍රියාවක් නොව පළාත්සභාවේ ක්‍රියාවකි. එවිට ඔය කියන අධ්‍යාපන ඇමතිට කලහැකි දෙයක්ද නැත. මේ සියලු ප්‍රශ්ණ ලංකාවට අනවශ්‍ය පලාබබාලා නිසා ඇතිවූ තත්වයන්ය. පලාත් සභාවල විභාගවලට ප්‍රශ්ණ පත්‍ර සකස්කිරීමේදී සකස්කරන කටුකොල හුවමාරු වෙනවා කියල හිතෙනවා. රටේ ප්‍රශ්ණ උග්‍ර කරන පළාත්සභා අහෝසි කරමු

:       0       1

Karunarathna Gampola. Sunday, 23 June 2019 05:04 AM

කොමිසමේ ලේකම්වරිය , මෙයට කලින් පැවැත්වූ ගුරුවරුන් බඳවා ගැනීමේ විභාගය ද අනාගත්තේය.

:       0       221

Anurudda Sunday, 23 June 2019 09:37 AM

කාරණා නොදැන නිකරැණේ අධ්‍යාපන ඇමතිට දොස් නොකියන ලෙස ලියමි.... මෑත කාලයේ බිහිවූ නිවැරදි දැක්මක් ඇති නායකයෙකු ලෙස අකිල ඇමතිතුමා බුද්ධිමත් ජනතාව පිළිගනී...

:       0       0

සේනාරත්න Sunday, 23 June 2019 02:26 PM

විභාග නිවරදිව පැවැත්වීම වගේම එහි ප්‍රතිඵල මතම තනතුරුවලට බඳවාගැනීමත් සිදුකරනවා නම් රටෙහි යහපැවැත්ම වෙනුවෙන් වැදගත්...

:       0       0

Siri Sunday, 23 June 2019 08:20 PM

ඔය ඉතින් ඡන්දෙ එනකන් කල් දමාගෙන ඒකත් ඡන්ද ගුන්ඩුවක් ලෙස පාවිච්චි කරන්ඩ කරපු උප්පරවැට්ටියක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2129 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site