(පුෂ්පකුමාර ජයරත්න)
වයඹ පළාත් ගුරු සේවයට ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරින් බඳවා ගැනීම සඳහා අද (22) දින කුරුණෑගලදී පැවැත්වීමට සූදානම් කර තිබූ තරග විභාගය අධිකරණ නියෝගයක් මත අත්හිටුවීමට සිදුවූ බව වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා ප්‍රකාශ කළේය.
මෙම තරඟ විභාගය අද කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. හදිසියේම මෙම විභාගය අත්හිටුවීමට පියවර ගැනීමෙන් ඊට පෙනී සිටීම සඳහා පුත්තලම ඇතුඵ දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණ සිටි විශාල පිරිසක් දැඩි අසීරුතාවයකට පත්ව සිටියහ.
තරඟ විභාගය නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර ගත් බව සඳහන් දැන්වීමක්ද මලියදේව විදුහල් ගේට්ටුවේ ප්‍රදර්ශනය කර තිබුණි.
වයඹ පළාත තුළ පවතින ඉංග්‍රීසි ගුරු හිඟයට විසඳුමක් ලෙස ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරින් බඳවාගැනීම සඳහා පසුගිය වසරේදී පවත්වන ලද තරඟ විභාගය ප්‍රමිතියෙන් තොරබවට ලද පැමිණිලි සැළකිල්ලට ගෙන එම විභාගයේ ප්‍රතිඵල තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා පියවර ගෙන තිබුණි. ඉන්පසුව එම විභාගයේ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර රජරට විශ්ව විද්‍යාලයට යවා කරන ලද විමර්ශනයකදී එම ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියකින් තොරව සකසන ලද ඒවා බවට අනාවරණය විය.
ඒ අනුව එම විභාගයේ ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම අවලංගු කොට නැවත කැඳවනු ලැබූ තරඟ විභාගය අසාධාරණ එකක් බවට විභාග අයැදුම්කරුවන් පිරිසක් විසින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමකට අනුව එම විභාගය සඳහා මේ ආකාරයට තහනම් නියෝගයක් පනවා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා කියා සිටියේ මෙම අධිකරණ නියෝගය ලැබුණේ ඊයේ (21) බැවින් අයැදුම්කරුවන්ට ඒ පිළිබඳව දැනුම්දීමට කාලයක් නොතිබූ බවය. මෙහි පළමු විභාගය පවත්වන ලද දිනය නිසියාකාරව අධිකරණයට ඉදිරිපත් කිරීමට වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරිය අසමත්වීම මත මෙවැනි තත්වයක් උද්ගතවූ බව පෙන්වා දෙන ආණ්ඩුකාරවරයා මේ නියෝගයට එරෙහිව මෝසමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
එසේ නොවුණොත් ඉංග්‍රීසි ගුරුවරුන් නොමැතිව සිටින වයඹ පළාතේ දුෂ්කර ප්‍රදේශ රැසක පාසල් දරුවන්ට බරපතල අසාධාරණයක් සිදුවන බවද ජයරත්න මහතා අවධාරණය කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමු විභාගෙට ප්‍රශ්න පත්‍ර හදපු අයව මුලින්ම රැකියාවෙන් පහකළ යුතු නොවේද? මොවුන් මේ සෙල්ලම් කරන්නේ රටේ දරුවන්ගේ වටිනා කාලයත් සමග නොවේද? නාස්ති කරන්නේ රජයේ මහජන මුදල් නොවේද? මෙවැනි දූෂිත, අසාර්ථක පාලනයක් ඇතිනම් වහාම ඉල්ලා අස්විය යුතු නොවේද? ඔය අධ්‍යාපන අැමැති කියන මිනිහට මේ ගැන කියන්න තියෙන්නේ මොකක්ද? කරන්න පුළුවන් එකෙකුට රට දීලා ගෙදර පල..
කොමිසමේ ලේකම්වරිය , මෙයට කලින් පැවැත්වූ ගුරුවරුන් බඳවා ගැනීමේ විභාගය ද අනාගත්තේය.
කාරණා නොදැන නිකරැණේ අධ්‍යාපන ඇමතිට දොස් නොකියන ලෙස ලියමි.... මෑත කාලයේ බිහිවූ නිවැරදි දැක්මක් ඇති නායකයෙකු ලෙස අකිල ඇමතිතුමා බුද්ධිමත් ජනතාව පිළිගනී...
විභාග නිවරදිව පැවැත්වීම වගේම එහි ප්‍රතිඵල මතම තනතුරුවලට බඳවාගැනීමත් සිදුකරනවා නම් රටෙහි යහපැවැත්ම වෙනුවෙන් වැදගත්...
ඔය ඉතින් ඡන්දෙ එනකන් කල් දමාගෙන ඒකත් ඡන්ද ගුන්ඩුවක් ලෙස පාවිච්චි කරන්ඩ කරපු උප්පරවැට්ටියක්