(නිමල කොඩිතුවක්කු)
රට යහපත් රටක් ලෙස ගොඩනැගීම සඳහා 18 වන සංශෝධනයත් 19 වන සංශෝධනයත් යන දෙකම අවලංගු කළ යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පැවැසීය.
පසුගිය වසර හතරහමාරක කාළය තුළ ආණ්ඩුවේ කටයුතු පිළිබඳ ආපසු හැරී බැලීමක් සිදුකළ යුතුව ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා වත්මන් අණ්ඩුව නරක් විමට ප‍්‍රධානතම හේතුව 19 වන සංශෝධනය බවත් එම සංශෝධනය ඉදිරිපත් නොවුණේ නම් මේ ආණ්ඩුව හොඳ ආණ්ඩුවක් විමට ඉඩ තිබූ බවත් සඳහන් කළේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වැනි සැමරුම් උත්සවයට එක්වෙමිනි.
මෙම අවස්ථාව සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එහිදි වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.
‘‘ගරු අග‍්‍රාමාත්‍යතුමනි, මේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වසරක් සමරනවා වගේම අපේ ආණ්ඩුවට දැන් අවුරුදු හතරහමාරක් ගතවෙනවා. මැතිවරණයකට යන්න තියෙන්නේ තව මාස හතරක පහක කාලයක් පමණයි.
ඒ නිසා මේ අවුරුදු හතරහමාරක කාල සීමාව තුළ ආණ්ඩුවක් විදියට අපි හරියට කරාද වැරදුනාද කියලා සොයා බැලිය යුතුයි. මේ ආණ්ඩුවේ කටයුතු පිළිබඳ ආපසු හැරී බැලීමක් දැන් තියන්න වෙලාව ඇවිත් තියෙනවා.
මේ කාලය තුළ ආණ්ඩුව නරක්වීමට ප‍්‍රධානතම හේතුව තමයි 19 වැනි සංශෝධනය. 19 වැනි සංශෝධනය ආවේ නැත්නම් මේ ආණ්ඩුව හොඳ ආණ්ඩුවක් වීමට ඉඩ තිබුණා.
මේ රටේ ජනතාව අතර විශාල චෝදනාවක් තියෙනවා අගමැතිතුමයි මමයි දෙපැත්තට අඳිනවා කියලා. මේ දෙපැත්තට අඳින තත්වය ඇති වුණෙත් 19 වන සංශෝධනය නිසයි.
18 වන සංශෝධනය තනිකරම ආඥාදායක ඒකාධිපති ක‍්‍රමයක් ඒක ඉතාම නුසුදුසුයි. 18 වන සංශෝධනය අහෝසි කිරීමට තමයි අපි ආණ්ඩුවක් හැදුවේ.
ඒත් 19 වන සංශෝධනයෙන් මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. එක නායකයෙක් නැතිව ගියා. මේ සංශෝධනයෙන් ජනාධිපතිත් අගමැතිත් දෙපැත්තට අඳින ක‍්‍රමයක් ඇතිවුණා. ඒකෙන් රටටත් ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා. 18 වන සංශෝධනය ඒකාධිපතියි, 19 වන සංශෝධනයෙන් රට අස්ථාවර වෙනවා. රට අරාජිකයි කියලා මිනිස්සු අපිට කියන්නේ මේ 19 වැනි සංශෝධනයෙන් ඇතිවූ තත්වය නිසයි. 19 වන සංශෝධනය ඇති නොවුණා නම් මේ අවුරුදු හතරහමාරක කාලය මිට වඩා විශිෂ්ට ජයග‍්‍රාහී සිව්වසරක් වීමට ඉඩ තිබුණා" යැයිද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එහිදී පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතපු නැති විදිහට දිනපු එකේ තිගෑස්මටයි, සන්තෝසෙටයි කියවල බලන්නෙ නෑතුව හෑම ලේඛනේටම අත්සන ගෑහුවා. 2018 තමයි දැන ගත්තෙ තමන් ජනාධිපති උනාට උප්පැන්නයක් වත් අත්සන් කරන්න බලයක් නෑ කියල. දැන් ඉතින් නහයෙන් අඬනවා. ව්‍යවස්ථාවක් කියවන්න වෙලාවක් නෑනෙ.. රෑ දහයට බුදියගෙන නැගිට්ට ගමන් පත්තර මිටියක් තියෙනවනේ කියවන්න
දැන් ප්‍රමාද වැඩී...
හැමදෙයක්ම වුනාට පස්සේ තම මිනිසුන්ට වරද තේරෙන්නේ. 18 එන්න ඇත්තේ 17 වරදකින්. 19 අවෙත් 18 වරදකින්. 18 වරද මොකක්ද කියල ගේන්නත් කලින් මිනිසුන් දැන ගෙන හිටිය හින්ද වැඩිකල් කරගෙන යන්න හම්බ වුනේ නැහැ. සංශෝධනය කරනවානම් කරන්න ඕනේ රාජ්‍ය සහ ජාතික භාෂාව කියන තැන. රටකට දෙකක් අවශ්‍ය නැත. රට ව්‍යාකුල වීමට ප්‍රධනතම හේතුව තියෙන්නේ එතන. අනෙකුත් භාෂා වලින් ඔවුන්ගේ දක්ෂකම් වලට අනුව ආර්ථික ප්‍රතිලාභ ලැබුවට ප්‍රශ්නයක නැත. නමුත් අනෙකුත් භාෂාවලින් රාජ්‍ය හෝ ජාතික භාෂාව පෝෂණය වෙන ක්‍රමයක් තියෙන්න ඕනේ. ලංකාවේ ස්වභාවයට ගැලපෙන එකම භාෂාව සිංහල. අනෙක් එක කොඩිය. කොඩියේ සතෙක් හිටියම ගෝත්‍රික ගතියක් දැනෙනවා, නමුත් කඩුවෙන් මනක්කල්පිත ගතියක් තියෙන හින්ද දැනට ප්‍රශ්නයක් පෙනේ නැත. එකෙන් පොඩි හිර වෙච්ච ගතියක් දැනෙනවා. අනික අවලස්සනයි.
මේ වගේ නායකයෙක්. !!!
අගමැති ලග තියාගෙනම මේ දේ කිව්ව එක හොදයි.
පොලොව ඇදයි .. ඒකයි ...
හොඳයි....
අනික පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමය තියෙන දියුණුයි කියන රටවල් වල රජවරයෙක් සිටිනවා. ලංකාවට රජවරයෙක් නැහැ. ඉන්දියාව දියුණුයි කියා ලෝකයේ රටවල් පිළිගන්නේ නැත. කුඩා වූවත් කුඩා ප්‍රමාණයට රටේ ජිවත් වෙන මිනිසුන්ට සතුටින් ජිවත් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕනේ. ජයවර්ධන මැතිතුමා මහා ප්‍රඥාවන්තයෙක්. යුරෝපිය අධිරාජ්‍යවාදී ගැතිකමින් මිදීමට කාලයට අනුව ගෙනාපු ව්‍යස්ථාවක් කියල මට හිතෙන්න. කවුරුහරි (ඉන්දියාව? යුරෝපා ගැති ඉන්දියයෝ? ) උගුලක් අටවල යුද්දෙකට පැටලෙවුව. දැන් ඉතින් 19 සංශෝධන කර ගහ ගෙන යන්න වෙන එකේ, රටේ නායකය හැටියට පිළිගන්න වෙන්නේ ආගමික නායකයෙක්. රටේ ඉතිහාසය සහ සංස්කෘතිය ගැන හිතල කියපු කතා වලින් අගරදගුරුතුමා ඒක පිළිගන්නේ නැහැ කියල මට හිතෙන්නේ. අද වෙන දේවල් දැක්කම නිල නොලත් නායකය හැටියට විදේශවලින් පිළිගෙන තියෙන්නේ මානහිවරු කියලයි මට හිතෙන්නේ. එහෙම නැත්නම් හැම එකකටම උන්වහන්සේලව හන්බ වෙන්න යන්න ඕනෙද? අධ්‍යාත්මික ප්‍රශ්නයක්නම් කමක් නැහැ. එවුනට අහන්න ලැබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්. උන්වහන්සේලට ප්‍රශ්නයක් නැත්නම් මටද ප්‍රශනයක් නැත. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ නිවන ගැන අහන්න යන්නේ කාගවටද කියන එකයි.
ඇත්තටම 2015දී ජනාධිපති වුනේ මෙයාද? මෙයා වගේම ඉන්න හැඩරුව තියෙන නිවුන් සහෝදරයෙක්වත්ද..?
ඔව්. 18, 19 සංශෝධන අවලංගු කළ යුතුමයි. මේ සංශෝධන ගෙනාවේ එක්තරා කෙනෙකුගේ කල්ල කපටි උපක්‍රමයක් හැටියටයි...
කන්න දුන්නු අත සපා කාලා... දැන් ඉතින් මහා ලොකු ටෝක්දෙනවා.
ඔය දැන් අමුතුවෙන් පහල වෙලා තියෙන මොලේ ඒ දවස් වල කොහෙද තිබුනේ? බාලාංශ පන්තියක ළමයෙකුට වුණත් හොඳ නැහැ කියලා තේරෙන දෙයක් තමයි එදා මහලොකුවට පම්පෝරි ගහගෙන කෙරුවේ... හාමුදුරුවරු මේ ගැන අනතුරු ඇගෙව්වා.. සත 5කට ගණන් ගත්තේ නැහැ. හිතන්නැති මම තමයි විධායක බලය අත්හැරපු එකම ජනාධිපති කිව්වහම මුළු ලෝකෙම ගරු සරු කරාවි කියලා. අද අන්න අගමැති හොඳ උපහාස හිනාවක් ගැන කියනවා. වාහනේ මම දැන් තනියම පැදගෙන යනවා. මීට පස්සේ අනිත් එක්කෙනාට අල්ලන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් දැන් මොලේ පෑදුණාට ඕක හදන්න පුළුවන්ද?
ඒ විතරක් නෙමෙයි, ලොකුම හෙනේ තමුන්නාන්සේ ජනාධිපති වුණු එක... මුල අමතක කිරීම.. තමන්ගේ හතුරාගෙන් උපදෙස් ගැනීම.. මහින්දගේ ජය පතා කඩේ ගිහින් පරාද වුණු අය ළංකරගැනීම. මුල ඉඳලාම ඒ අය කළේ යහපාලනය කකුලෙන් ඇදීමයි. තමුන්නාන්සේ ගෙදර ගියා නම් ඉවරයි නේද? රටට කරන ලොකුම සේවය ඒකයි.
මෙයා නම් දොඩවනවා..
ජනාධිපතිතුමනි, කුඹුරු කෙටීම, ගොවිතැන වගේ දන්න දෙයක් කතාකරන්න. ව්‍යවස්ථාව ඔබට බර වැඩි විෂයයක්...
අනේ යන්න...
අම්මපා ... පතෝල මුදලාලිට දැන්ද මතක් වුනේ? කෙසෙල් දල්ලකට අත්සන් කළා වගේ කියලා ගහපු හැම අත්සනක්ම... කොහොමද සූත්තර පුංචාගේ බටහිර මොලේ... සූත්තරයව තම්බන්න පතෝල මුදලාලිගේ ලුණු ගොරක මදි.. මෙය තමයි සත්‍ය..
අයින් කළයුත්තේ කුමක්දැයි කියා මහජනතාව හොඳින් පැහැදිලි ලෙස දන්නවා. අටුවා ටීකා ටිප්පනී අවශ්‍ය නැහැ.
එක අතකින් වෙලාවට 19 තිබුනේ. නැත්තන් ඉතින් පිස්සු වැඩ මීට වඩා තව වැඩි වෙනවා තියන බලතල එක්ක. එහෙනම් මෙලහට ආණ්ඩුම 10ක්, 12ක් හදලා ලේකම්ලා මාරු කරපු ගාණත් එක්ක බලද්දී...
මඩේ හිටවපු ඉන්නක් වගේ කෙනෙක් පත්කර ගත්තේ ඕන ඕන විදිහට නටවන්න තමයි. මෙයාට ඒක තේරුම් ගන්නත් අවුරුදු 4ක් ගියා. හොඳම දේ නොදන්න රජකම් කරන්නේ නැතිව ගමට ගිහින් ඉන්න එක...
අගමැති ළඟ තියාගෙනම කියපු එක හොඳයි..
ජනාධිපති වෙන්න තමුන්නාන්සේට කතිරේ ගැහුවේ වැඩි හරියක එජාප පාක්ෂිකයෝ, ශ්‍රීලනිප පාක්ෂිකයෝ කතිරේ ගැහුවේ මහින්ද මහත්මයාට.., ඊට පස්සේ තමුන් බලහත්කාරයෙන් ශ්‍රීලනිප සභාපතිකම අරන් එ්කත් අවුල් කරලා කෙහෙල්මල් ජාතික ආණ්ඩුවක් හැදුවා. තමන්ට විරුද්ධව ජනාධිපතිවරනේදී වැඩකළ පුද්ගලයින්ට අැමැති තනතුරු දීලා ඔවුන්ගෙන් උපදෙස් අරන් රට පාලනය කළා.. එ්කෙන් වුනේ ප්‍රභල විපක්ෂයක් නැතිකමින් සහ ආණ්ඩුවේ පාර්ශව අතර එකඟත්වයක් නොමැතිකමින් රට අවුලෙන් අවුලට පත් වීම, විනාඩි 20 තුළ සිවිල් වැසියෝ 300ක් විතර මැරිලා 200ක් විතර තුවාල ලබපු එක, යුද්දෙ කාලෙවත් එහෙම දෙයක් වුනේ නැහැ. ඔය 18, සම්මත කරන්න ඔබතුමා පාර්ලිමේන්තුවේදී ඡන්දෙ දුන්නා.. 19 සම්මත කරගන්න ජනාධිපති කෙනෙක් සහ ශ්‍රීලනිප සභාපති ලෙස උදව් කළා. එතකොට පුරවැසි අපිද වැරදි කාරයෝ? පසුගිය කාලේ කිව්වා තව අවුරුදු 5කින් රටේ වඩුමඩු සියල්ල සහ වඩු රස්සාව තහනම් කරනවා කියලා... වඩු රස්සාව සහ වඩුමඩු නැති රටක් ලෝකයේ කොහෙද තිබෙන්නේ? දැන් හොඳටම ඇති කරුණාකර විශ්‍රාම යන්න.
ඔබටත්, රටටත් වැරදුනේ 19 වැනි සංශෝධනය නොවේ. ඔබට වැරදුනේ දැනදැනම රවී කරුණානායකව මුදල් ඇමති කිරීම සහ අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකු අධිපති කළ එක... අගමැති රනිල් යටතට මහ බැංකුව පැවරුව එක... ඒ හරහා ඉතිහාසයේ ලොකුම වංචාවක් වුණු එක. අනික නීතිය හා සාමය සහ අධිකරණ ඇමති ධුරය සුදුස්සන්ට නොදී.., පණ නැති මිනුස්සුන්ට දීලා රට විනාශ කළා. ඒ පමණක් නොවේ, ඔබට නැවත වරක් තරග කරන්න අවස්ථා නොදීම...
පළමුව මෙයාව අවලංගු කරන්න. රට ඉබේම හැදේවි... හේතුව කකුලෙන් අදින ජනාධිපති කෙනෙක් නිසා. දන්නා මගුලක් නැහැ. කියවීමට හැකියාව ඇත. මොලයක් නැත.
වඩු මඩුවට ඇතුළුවෙලා පාර්ට් දාලා කූඥ්ඥය ගලවාගත් රිලවට වෙච්ඡ දෙය මෙයාටත් වෙලා. ඡන්දෙ ඉල්ලන්න ආසයි. එ්ත් බයයි පරදියි කියලා...
කරුණාකර ඔය විධායක ජනාධිපතිකම, අනුපාත ඡන්ද ක්‍රමය සහ පළාත්සභා අහෝසිකරලා අර 78ට ඉස්සර තිබුණු පාර්ලිමේන්තුවට බලය තිබෙන කොට්ටාශ ක්‍රමයට යමු. එහෙම නොකළොත් අපට සිදුවන්නේ ඉදිරියටත් සුළු ජාතික ජතිවාදී පක්ෂවල වහලුන් ලෙස ජීවත් වීමටයි.
"රටකට ඕනෑ අපමණ අගයක්, රටකට ඕනා මෛත්‍රී යුගයක්". පරණ බයිලාවක් ඒ කාලේ ඇහුණා මතකයි.
මේක මාර කතාවක්නේ. 19 වැනි සංශෝධනය ගේන්න තමයි කොහේදෝ හිටපු, ප්‍රජාතන්ත්‍රවාදය ගැන මෙලෝ හසරක් නොතිබුණු මේ හාදයාව පත්කර ගත්තේ... ඒ කරලා එයා ලව්වම එ්ක පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළා. එදා කිව්වේ මට මේවා වැඩක් නෑ. බලතල ඕනේ නෑ කියලා. දැන් මේ මොනවද මේ කියන්නේ? මේ කතා කරන්නේ තමන්ගේම යහපතට මිසක් ජනතා යහපතට නෙමේ. කොයි තරම් නොවැදගත්ද? වහාම මොහුව ගෙදර යවා අපි අනිත් දේවල් ගැන කතා කරමු. නැවත ඒකාධිපතියන් අපට අවශ්‍ය නැත.
කරපු වැරදිවලට තව මාස 5කින් ගොනුවෙන්න තියෙන නඩු ටික ගැන මතක් වෙලා නන් දොඩවනවා. 19න් වෙන්නේ මුක්තිය අයින් වෙලා මෙයා දඟ ගෙට යන එකයි. අත්තනෝමතිකව අගමැති වෙනස් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කැඩූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් තීන්දුවම ඇති හිරේ යන්න. අනික හිරේ හිටපු අය ව්‍යවස්ථානුකූල නොවන අන්දමින් නිදහස් කළ දේ 19ට පටහැනි නිසා දැනටමත් නඩු දෙකක් ගොනුකර හමාරයි. ඉතින් 19 එයාට කරුමයක් බව අපට අරුමයක් නොවේ.
2015 ට පෙර හිටපු "යකාධිපතිලා" රජය පෙරළා යහපාලන රජයක් තෝරා ගැනීම සඳහා එවකට හිටපු විරුද්ධ පක්ෂයේ හිටපු ලොක්කන් කරගත් ලොකුම මෝඩකමක තරම දැන් මුළු රටටම තේරිලා හමාරයි ! හිටපු ග්‍රාම සේවකවරයෙකුට රටක් පාලනය කරන්න, සේනාධිනායකයෙක් වෙන්න පුලුවන්ද? ජාතික බුද්ධි අංශය දුන් තනතුරු ඉවත දමා රට සවාරි යාමට පුලුවන්ද කියා ඔවුන් හිතුවානම් මෙවැනි වින්නැහියක් අපේ මේ පුංචි රටට සිදු නොවීමට ඉඩ තිබුණා නේද? 18,19 වැනි සංශෝධනවලට සිග්නල් කණුවක් වගේ මෙයාත් අත ඉස්සුවා කියා එයාට අමතක වුනාට ඡන්ද දායකයාට අමතකවී නැත!
ඇත්තනේ, ඔබතුමා ගෙදරට වෙලා කුඹුරත් කොටාගෙන විවේක සුවයෙන් ඉන්න. 2020 දී පත්වෙන අලුත් ජනපති අවශ්‍ය කටයුතු කරයි.
සිංහලෙන් කියනවා නම් මේ නම්, තුට්ටු දෙකේ මෝඩ වැඩක්. කටට වචන එන පලියට දොඩවනවා. කවුරුහරි මේ රටට අලුත් ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට උත්සාහ කරනවා නම් ඒක කරන්න. ඔය විදිහට පැලැස්තර දාන්නේ, රටේ මෝඩයෝ. පාසලෙත් එහෙයියෝ, වගේ ඉඳලා විශ්ව විද්‍යාලයට ගොඩ වුණාම එතන තියන සම්ප්‍රදායට දණ ගහගෙන සිටි දීනයින්ට මම නම් කිසිදාක දොස් නොකියමි. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන දැන්වත්, මේ රටේ අනාගතයට නවීන අඩිතාලමක් දමන්න උත්සාහ ගන්න.
කොහොමත් 18 කරේ මහින්දගේ පුද්ගලික උවමනාවන් වලට, 19 කලේ රනිල්ගේ පුද්ගලික උවමනාවන් වලට...
නටන්න බැරි පොළව ඇද යයි විකට කවටයෙක් කියයි. ඉන්දියන් සාගරයේ (අ)මුුතු ඇටේ වැසියන්ගේ (හිස්)මොළ කොලොප්පන් වේ...
ආච්චිට හාල් ගරන්න.. හැම පත්තරයම කියවන ඔබතුමාට 19 සංශෝදනය කියවන්න බැරි වුණාද..? ඔබතුමාව ජනපති කරපු අපි තමයි අමුම අමු මැටි මෝලුන්...
රටක් යහපත් වෙන්න රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ ඕනේ... ඊට අමතරව හොරකම නැතිවෙන්න ඕනේ මේ රට නැතිවුනේ ඒවගෙන් මිස වෙන ඒවගෙන් නෙවෙයි රටට සංවේදී නායකයෝ තවම බිහිවෙලා නෑ.. පාස්කු ඉරිදා සිද්ධිය පැත්තක දාලා ලොක්කන්ට සැප වාහන ගේනවා. පක්ෂ විපක්ෂ ඔක්කොම සද්ද නැහැ. ඇමැතිවරුන්ගේ නිල නිවාසයක් අලුත්වැඩියාවට මිලියන 100 වෙන කරනකොට මේ මැරුණු මිනිස්සුන්ට මිලියනය ගානේ දෙමු කියන්න සංවේදී මිනිහෙක් කෝ මේ පාර්ලිමේන්තුවේ...
මේ සංශෝධනය ගෙනාවේ කව්ද? එදා පෙනුනේ නැතිද මේ වගේ අනාගතය දකින්න අපොහොසත් නායකයෝ? රටට අවාසනාවක්...
යහපත් රටක් හදන්න පොඩි දෙයයි කරන්න තියෙන්නේ... එජාප, එස්එල්එෆ්පී, පොහොට්ටුව, ජවිපය මේ ඔක්කොම නඩය එක්ක දියවන්නාවේ හොරගුලට පැට්‍රල් දාලා ගිනිතියන එක..
විදේශ බලවේග විසින් රට අරාජික කිරීමට දුර්වලයන් නයකත්වයට ගෙන ඒම අතීතයේ පවා සිදුවුනා. අවාසනාවකට රටේ බොහෝ පුරවැසියන්ට එය තේරුම් ගැනීමට නොහැකි වුනා. හිටපු අය සදාකල් සිටීමට උත්සාහ කිරීමත්, වර්තමාන අය විදේශ මිතුරන් තෘප්තිමත් කිරීමටයාම නිසා අද වනවිට රට අතිශයින්ම අස්ථාවර වී ඇත.
හැරිලා බලන්න නම් දෙයක් ඉතුරු කරලා නැහැ ලොක්කා..
හිතපු නැති විදිහට දිනපු එකේ තිගැස්මටයි, සන්තෝසෙටයි කියවල බලන්නෙ නැතුව හැම ලේඛනේටම අත්සන ගෑහුවා. 2018 තමයි දැන ගත්තෙ තමන් ජනාධිපති උනාට උප්පැන්නයක් වත් අත්සන් කරන්න බලයක් නෑ කියල. එය හරියටම හරි, පාර්ලිමේතුවේ රැයක් නිදිමරාගෙන වැඩිවෙලා හිටිය 19 ට තමන්ගේ කට්ටිය ලවා අත උස්සවාගන්න . නිමල් උන්නැහේ නම් මේක උගුලක් වගේ කියල විරුද්ද උනත් රාජපක්ෂලා මට්ටුකරන්න හිතාගෙන ඔක්කොම අත ඉස්සුවා නමුත් මට්ටු උනේ තමනමය රෝයල් ගැටේට උන්නැහේල අහුඋන අත උස්සපු කිසි කෙනෙක් මේ රටේ පාලනයට සුදුසු නැහැ 1815 සිදී උනෙත් ඔය වගේ දෙයක්
18,19 අත උස්සපු ඔක්කොම විනාශ වනු ඇත....
ඉතිං ඒක කලේ අපිද ?ඔහෙල කාල වමනෙ දාල ආපහු කනවා
2020 පච පැකේජයේ සුන්දර පච එලියට පැනීම ඇරඹේ.
සියල්ලටම පළමුව කල යුත්තේ විධායක ජනාධිපති කම නැති කරන එකයි.
ජනාධිපතිතුමා කටට එන පලියට පදනමක් නැතිව තමාගේ වැරදි වසා ගැනීමට ප්‍රකාශන නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. 19 වන සංසෝදනය ගෙනාවේ කාලයක් තිස්සේ තිබුණු සමාජීය ඉල්ලීමක් අනුවයි. මොකද ජේ ආර් ව්‍යවස්ථාවේ තිබුණු අසීමිත බලතල වැරදි ආකාරයට අතීත ජනදිපතිවරු පාවිච්චි කල නිසා එම තත්වය රටට අහිතකර වුණා. එමනිසා එම බලතල අඩු කල යුතු බව ට මතයක් සමාජයෙන් අවා. දැන් ඇතිවී තිබෙන තත්වය වවස්තවේ ප්‍රස්නයක් නොව එය ක්‍රියාවට නංවන අයගේ ප්‍රස්නයක්. කුමන වියවස්තාවක් හැදුවත් එය ක්‍රියාවට නංවන අය දුෂිත නම් ප්‍රතිඵලයක් නොවේ.
පිස්සෙක් රජ වෙලා පිස්සු වැඩ කරන එක නවත්තන්න පුළුවන් උනේ 19 නිසා තමයි. නැත්නම් බලන්න තිබුණා හොරු රැලම එකතු වෙලා රට කන හැටි.
ඔබතුමා ඔය පත්තර පමණක් බලන්නේ නැතුව 2014 අගභාගයේ එළිදක්වපු මෛත්‍රී පාලනයක් නමැති පොත් පිංච නැවතත් කියවා බැලුවා නම් බොරු කාරයා කවුද කියල සොයාගන්න පුළුවන්...
මෙයා කියන කතා හරියට පිස්සු මිනිහෙක් කියවනවා වගෙයි..
රමේෂ්, ගෝඨා, බැසිල් ගියා වගේ ලොකේ ප්‍රබලම හා දියුණුම රටේ වැඩ කොහොමද කියලා ඇමරිකාවට ගිහින්ම බලලා ආවානම් මොකද? සුද්දා ආපු නිසයි කෝච්චි හා අනිකුත් වාහන හා කලිසම් කමිස සපත්තු ඇතුළු බොහෝ දේ ලැබිලා වෙළඳ ආර්ථිකේ දියුණුවෙලා තියෙන්නේ... ඒ වෙළඳ ආර්ථිකයත් අල්ලන් ඉන්නේ දෙමළ, මුස්ලිම් ධනවතුන්... රටවල් 80කින් මුදල්, අාධාර හා ව්‍යාපාරික සබඳතා ඇති ධන කුවේරයෝ ඇතුළු අට කෝටියකට වැඩි පිරිසක් අද දෙමළට ඉන්නවා.1956දී බණ්ඩාරනායක බලය ගන්න උතුරු නැගෙනහිරට දෙමළ පාලන ඒකකයක් දෙනවා කියලා චෙල්වනායගම් සමග ගිවිසුමක් ගහලා බලය ලැබුණම නොදීම නිසා 1958දී ඇතිවූ කෝලාහලේදී ඉන්දියාවේ හා තමිල්නාඩු උදව්වෙන් සිංහල නායකයා සිංහලුන් සමග දසවදදී දෙමළුන් මරනවා කියා සරණාගතයන් ලෙස ගිය අය තමයි ඒ... මුස්ලිමුන්ට අරාබි ධන කුවේරයෝ සල්ලි එවලා තියන හැටි පේනවනේ. අරාබියේ රස්සාවල් හා සංචාරකයන් නැත්නම් අපි ඉවරයි. අපිව දියණු කරන්න තමයි රනිල් චීනේ ඉන්දියාව හා ඇමරිකාව වැනි ලෝක බලවතුන්ට බදුදෙන්නේ. අපිත් බුද්ධිමත් වුනොත් ඔවුන් වගේ දියුණු වෙයි. උන් එක්ක ගහගන්න ගියොත් පුරන්අප්පු කඩු අරන් තුවක්කු අතැති සුද්දෝ මරන්න ගියා වගේ වෙයි. වීර සිහලුන් එහෙමනේ...
ඔව් ඔබතුමා කියන දෙය මට තේරෙනවා. යහපත් රටක් හදන්න නම් ඒකාධිපති ජනාධිපති කෙනෙක් සිටිය යුතුයි. නමුත් ප්‍රශ්නෙකට තිබෙන්නේ එම ජනාධිපතිට කොන්දක් තිබෙන්න ඕනේ.. එහෙම නැති වුණාම වෙන්නේ ඔක්කොම අවුල්වෙලා රට අවුලෙන් අවුලට පත් වෙන එක... ඉස්සරවෙලා අපි වෙන මොනවා නැතිවුණත් කොන්දක් තිබෙන අඩුම වශයෙන් සොරකම් නොකරන ජූනියස් රිචර්ඩ් ජයවර්ධන වැනි නායකයකු හෝ සොයාගමු.. (උගත්, සොරකම් නොකරන, අවංක, රටට ආදරය කරන නායකයෙකු සොයාගැනීම මේ අවස්ථාවේ කණ කැස්බෑව විය සිදුරෙන් අහස දැකීම වැනි විරල දෙයකි.) ඊට පස්සේ ඔහු බලයට පත්වෙලා රාජකාරි කරගෙන යනකොට බලමු ඔය කියන 18,19 අහෝසි කරනවද? නැද්ද කියලා? මේ අවස්ථාවේ ඕවා අහෝසිකරොත් වෙන්නේ විශාල විනාශයකි...
බුද්ධිමත් මිනිස්සු නැති රටක මන්දබුද්ධික පාලකයන් බිහිවීම නොවැළැක්විය හැකිය. මොවුන්ගේ මේ අදූරදර්ශී තීරණ නිසා මුළු රටක් පසුබෑමකට ලක්වෙනවා. මෙරට කවදාවත් දියුණු රටක් බවට පත්නොවීමට මන්දබුද්ධික පාලකයන් හේතුවෙනවා. දැනට සිටින පාලකයන් දූෂණයෙන් පිරුණු රටේ ධනය මංකොල්ලකන්නන් පිරිසකි. දැනට රටේ ඉතිරිව ඇත්තේ ථෙරවාදී බුදුදහම පමණකි. අනෙකුත් සියලුම අංශ මේ වෙනකොට කඩාගෙන වැටිලා. රටේ වැඩිහරියක් ඉන්නේ හිඟන්නු. තව ටික දවසක් යනකොට මේ රට මුස්ලිම් අන්තවාදී රාජ්‍යයක් බවට පෙරළෙනවා.