(ඩයනා උදයංගනී)
ඉදිරි මැතිවරණවලදී එක්ව තරඟ කරන්නේ නම් ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ’ නමින් ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එකඟතාවක් ඇතිවී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම පක්‍ෂයේ ලකුණ සහ තනතුරු ගැන ඉදිරියටත් සාකච්ඡා කරන බව ද අමරවීර මහතා කීවේය.
එහි ජනාධිපතිවරණය අපේක්‍ෂකයා ගැන මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව කී අමරවීර මහතා ඒ සම්බන්ධයෙන් කරගෙන යන සාකච්ඡා අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් හා පොදුජන පෙරමුණෙන් වෙන වෙනම අපේක්‍ෂකයින් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇතැයි ද මහලේකම්වරයා පැවසීය.
එසේ වුවහොත් එම අපේක්‍ෂකයින් දෙදෙනාම පරාජය වී වෙනත් පාර්ශවයක අපේක්‍ෂකයකු ජය ගනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (4) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් සහ විමුක්ති කියන කෑලි දෙකත් එකතු කරමුද?
ඔය මොන නූල් සූත්තර ඇද්දත් බැසිල් රාජපක්ෂ පවුලේ පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගහන පද වලට නටයි කියලා හිතන්න නම් අමාරුයි. ඒ ගොල්ලෝ හොඳින් බැරිනම් නරකෙන් හරි බලය ලබාගන්න තමයි උත්සාහ කරන්නේ. බලය ලබා ගන්න බැරි වුනොත් ඒ ගොල්ලෝ දන්නවා ලෝක අමාරුවක වැටෙන බව... ජනාධිපති වරයා දැනටමත් නැවත තරඟ කිරීමේ අදහස අත්හැර ඇතිබව පැහැදිලිවම පෙනෙන නිසා මේ සේරගෙන්ම වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නන්නස්තාර වෙන එකයි. එවන් අපරාධයක් කිරීම වෙනුවෙන් නැඟෙන දෝශාරෝපණයෙන් වැඩි ප්‍රමාණයක් එල්ල වෙනු ඇත්තේ ජනාධිපති වරයාගේ නෝන්ජල් ක්‍රියා කලාපයටයි.
ආයෙත් හොර තක්කඩි සේරම සෙට් වෙන්නයි යන්නේ. එහෙම වුනොත් නාගානන්දට ඡන්දය දෙන්න ලෑස්තිවෙන්න...
මේ ගොල්ලොත් එක්ක තනතුරු බෙදා ගෙන යූ.එන්.පී. ය රාජකීය කෑමක් කෑවා. ඒ සෙල්ලම් නම් ආයේ දාන්න බැරි වේවි... දෙන යමක් අරගෙන ඉන්න හොඳේ...
මොකෙන් ආවත් දෙන්නේ නෑ පුතේ...
පක්ෂවල නායකයින්ගේ දෙපිට කාට්ටු වැඩ නිසාත් , පසුගිය ඡන්දවලදී දුන්න පොරොන්දු ඉටු නොකිරීමත් නිසා ජනතාවට ඔය පොහොට්ටු, එජාප, ශ්‍රීලනිප වැනි මහපක්ෂ සියල්ල එපාවී ඇත. මේ එකකටවත් නැති අවංක, උගත්, රටට ආදරය කරන ස්වාධීන අපේක්ෂකයෙක් ජනපති කරගන්න ජනතාව බලාසිටිති.
හොරු ඉදිරිපත් කළාට වැඩක් නෑ. මේ පාර අපි ඡන්දෙ දෙන්නේ නාගානන්ද කොඩිතුවක්කු මහත්මයට... ඔය 225ම අපි ගෙදර යවනවා.
බණ්ඩාරනායක මේවා දක්කොත් වලෙන් නැගිටලා එනවා. පව් ඒ මනුස්සයා මේ පක්ෂයක් නිසා ජීවිතෙනුත් වන්දි ගෙවලා ගොඩනැගුවේ. මුන් නටන පිස්සුවක්...
මොන විදියට ආවත් හැව ගලවලා පුද්ගලයා වෙනස් වෙලා නැහැ. අවුරුදු හතරකට උඩදී. පැරදුනේ වැඩ බැරිකමට, නාස්තිය, දූෂණය, රට... අරාජිත වුණු නිසා, කවුද ඉන්න මොළකාරයා රටක් බාර දෙන්න තරම්? කාඩ්බෝඩ් වීරයෝ, මිනීමරුවෝ ඉන්නවා ඕනෑතරම්.., දෙමව්පියන්ගේ සොහොනත් ජනතා මුදල් කෝටි ගණන්... වියදම් කරපු මිනිස්සුනේ... තමන්ගේ පවුල් සැප විඳින්න ඕනෑ නිසා අන්තවාදීන් වගේ වැඩකරලා ජනාධිපතිකම ගන්න. යන්නේ අවුරුදු 60ට වැඩි කිසිවකුට ඉදිරිපත් වෙන්න දෙන්නේ නැහැ. තරුණ නායකයෙක්, බොක්ක කුඩා කෙනෙකුට රට බාරදෙන්නේ. මූණ බැලුවම පුළුවන් කියන්න. බොක්කේ සයිස් එක...
තනියම කන්න බැරි විට හවුලේ කන්න.. අටවාගන්න පෙරමුණු අපි නොම දන්න... එන්නට එපා නැවතත් අප රවටන්න... දෙන්නෙම නෑ ආයෙත් රට වනසන්න...
මේ ගොල්ලෝ එකතු වුනාට වැඩක් නැහැ. ජනතාව අතේ හැන්ද තියෙන්නේ, තරුණ, කොන්දපන තියෙන කෙනෙක් මේ පක්ෂේ නැහැ. නැවත පවුල් පාලනයකට රට දෙන්නෙත් නැහැ. මහින්ද පැරදුනේ තමාගේ පවුලේ සැමටම රජයේ ආයතන පාලනය බාරදුන්නා. දරුවන්ගේ යාලු මිත්‍රාදීන්ටත් රජයේ ආයතන බාරදුන්නා. දැන් කට්ටියට අමතකද? පරදින්කොට තිබුණු ණය කන්දරාව සේරමලගේ ෆයිල් හැංගුවා කියලා. මහින්ද ප්‍රසිද්ධියේ කිව්වා. රට සම්පූර්ණයෙන් විනාශ කෙරුවා. මම දන්නේ නැහැ. මට මතක නැහැ කිව්වා හත්මුතු පම්පරාවටම හම්බ කරගත්තා. ජනතාවට බදු වැඩිකරමින් ඒ ණය සේරම ගෙව්වා. ටිකකලකින් ජනතාවට සහනයක් දෙනවා කිව්වා. බදු අඩු කරලා යහපාලනය දැන් නැවත යමපල්ලෝ කරලියට. එන්න යන්නේ ජනතාව... නැගිටින්න, හිතන්න, වුණු දේවල් අමතක නොකරන්න.. මේ සේරම එලවන්න.
නිදහසෙන් පසු බලයට පත්වූ යූ. එන්. පි, ශ්‍රී ලංකා, පොහොට්ටු දැන් අලුත් නමින් ආවට මේ පක්ෂවල් සේරම මේ රට විනාශ කළා. මේ පක්ෂවල් සේරම ප්‍රතික්ෂේප කළයුතුයි. නමුත් ඔවුන් පෝසත් වුණා...
හොරු රොත්තම සෙට් වෙන්න යන්නේ...
හොදට බලන්න ඔය ඉතුරුවෙලා ඉන්න පුද්ගලයෝ දශක ගණනක් ප්‍රභල ඇමතිකම් කරාට මෙලෝ වැඩක් රටට කරලා නෑ.
හිතවතුනේ, හැමදාම අපි දුක් විදින මිනිස්සු වෙලා. ඉතා දියුණු කල හැකි මේ සුන්දර රටේ අපි අසරණ කරලා. අපේ රටේ මොන සම්පතද නැත්තේ? ඒත් දැක්මක් නැති, විනයක් නැති, මොලයක් නැති දුෂ්ට පාලකයෝ ටිකක් අපි හැමදාම පත් කරගත්තා. ඔවුන්ට ඔවුන් ගැන මිසක් රට ගැන හිතන්න බුද්දියක් තිබ්බේ නැ. ඒ නිසා රට හැමදාම විනාස වුනා. එහි ප්‍රතිපල අද අපි භූක්ති විදිනවා. රට වැසියා අන්ත අසරණ වෙලා, ඔවුන් ජිවන අරගලයක හිරකරලා, මානසික නිදහස, සැප පහසු ජිවිත අපෙන් ඔවුන් උදුරාගෙන. අපි ඔවුන්ගේ මානසික වහල් බාවයට පත් කරලා. දැන්වත් අවදි වී සිතන්න. අපේ රට අපි විනාස කරන්න මේ පාලකයන්ට තවත් ඉඩ දෙන්න බෑ. අපි හරියට අවදි උනොත් කාටවත් අපිව රවට්ටන්න බෑ. අපි රට වෙනුවෙන් පාට, පක්ෂ බදාගන්නෙ නැතිව විවෘතව හිතමු.. දන්නා දවසේ ඉදල එහාට මෙහාට පැන පැන බලයේ ඉන්න මේ සියල්ල ආයෙත් බලයට ගේන්න තරම් අපි නිවට නොවෙමු.. හිතන්න අපි මේ රට ගොඩගන්න මිනිස්සු වෙමු, අපි අපේ දරුවන්ට හොද රටක් ගොඩනගන්න මේ 225 ම එලවා දමමු..
මේගොල්ලෝ සාකච්චා වට 6ක් විතර නටලා යන්තම් නමක් විතරක් හදා ගත්තා. මොනවද සාකච්චා කරපු කරුණු කියල රටේ ජනතාවගෙන් හංගනවා මොකද ප්‍රසිද්ධියේ කියා ගන්න බැරි නිසා. මෙයාලත් බොර දියේ මාළු බාගන්න හැදුවට පිපුරුම් යටින් තියාගෙන පැලැස්තර දාන සෙල්ලමක් මේ කරන්නේ. බලයට ආව දවසට තමයි සේරම පිපුරුම් එලියට එන්නේ. අපි බලන් හිටියා ඇති නේද ? මෙච්චර සාකච්චා කර කර නටන්නේ රට දියුණු කරන්නද? කොහෙත්ම නැහැ. ඒක තේරුම් අරගෙන මේ 225 ම පන්නලා දාලා රට වෙනුවෙන් ඉන්න නායකයෙක් හදමු. එයාට පක්ෂයක් තියෙනවද නැද්ද කියල අපිට වැඩක් නැහැ. නිවැරදි කෙනෙකුට අපි හැමෝම පක්ෂයි. එහෙම නේද ? අපි ජනතා පක්ෂයේ. ඒ ඇතිනේ රට දියුණු කරන්න ..
නගානන්ද බලය නැතිව කරපු වැඩ ටික හොඳටම ඇති... ඔය අනිත් අය බලය නැතිව එහෙම වැඩ කරලා තියේද? ඔය ක්‍රමය වෙනස් නොකර බුදුහාමුදුරුවන් ආවත් කරන්න බෑ. එකම විසඳුම නාගානන්ද සහ ඔහුගේ ව්‍යවස්ථාව... නාගානන්දට ජයවේවා...!!!
පොහොට්ටුවත් එක්ක.. සම්බන්ධ වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්.. විශාල අලකලංචියකට මුහුණ පාන්න සිදුවෙන බව නම් නියතයි.. ! මොකද?. පොහොට්ටුව කියන්නේ අපි නාඳුනන පිරිසක් නෙමෙයිනේ..!!!
දැන් එකතුවෙලා ගෙදර යන්න ලෑස්ති වෙන්න.
ශ්රී ලංකා නිදහස් පොහොට්ටුව කිව්වනම් වඩා හොඳයි.
ඔවුන්ගේ ප්‍රශ්නවත් ඔවුන්ට විසඳගන්න බැරිව රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද අප්පා? අහෝ දෙවියනි, මේවා තේරුම් ගැන නිසි පාලකයන් පත්කර යැවීමට ජනතාවට බුද්ධිය පාදාදෙන සේක්වා...!