(මනෝප‍්‍රිය ගුණසේකර)
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් වහාම සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර ඇත.
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක‍්‍රියා නොකිරීම මඟින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මෙන්ම අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පතිවරයා ප‍්‍රබල ලෙස රාජකාරිය පැහැර ඇති බව සඳහන් කරමින් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කර ඇති නීතීපතිවරයා මීට දින 05 කට පෙර නිකුත් කළ මෙම නියෝගය අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හේතූ දක්වන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාට ලිඛිතව නියම කර ඇත.
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද විජිත් මලල්ගොඩ කොමිසමේ අතුරු වාර්තාවේ සඳහන් නිර්දේශ මෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර සහ තවත් අයවලුන්ගේ නොසැළකිල්ල හෝ නොකර හැරීම සම්බන්ධයෙන් කරනු ලබන අපරාධ විමර්ශනය අනුව නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස නියම කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය දැනුම් දුන්නාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට ගන්න ඕන වෙන කවුරුවත් නෙවෙයි සිරිසේනව...
හරිහමන් පරීක්ෂණයක් හෝ නොකර තමුන්ට ඕනඕන විදියට පිස්සු නැටීමේ සීමාවක් තිබිය යුතුයි. ජනපතිට හයක් පුලුවන්, ආණ්ඩු විසුරුවන්නත් පුලුවන් වැනි වැරදි උපදෙස් දුන්න පුද්ගලයන් මේ කරන්නේ රටේ පහළ නිලධාරීන් බිල්ලට දීමයි. නියම වැරදිකරුවා රටම දන්නවා.
මෙව්වා නිකම් බොරු වැඩ. අන්තවාදීන් ඔඩොක්කුවේ තියාගෙන, සත්‍ය වසන් කරන්න මුව හමට තලනවා.
දේශපාලනය වගේම රාජකාරියත් ඉතාමත්ම වැදගත්. එය ඉටුකරන්න බැරිනම් රට සහ ජනතාව අනතුරේ නොදමා තම තනතුරේ ගෞරවය ඉතිරිකර නම්බුකාර පිටින් ගෙදර යන එක තමයි වැදගත්. සිද්ධියක් වුණාට පසුව මොන තීරණ ගත්තත් වැඩක් නැහැ. වඩා වැදගත් වන්නේ සිද්ධිය වළක්වා ගැනීමයි. ඔය සිද්ධියේදී වගකිවයුතු අය කටමැත දෙඩුවේ වීරයෝ වගෙයි.
ඔය ලොකු උන්නැහැලා ලංකාව අපකීර්තියට පත්වෙන වැඩක් කරන්න යන්නේ... කරුණාකරලා මොලේ පාවිච්චි කරලා කරන යමක් කරන්න. එසේ නම් දැනගෙන යමක් නොකියූ මන්ත්‍රීවත් අත්අඩංගුවට ගන්න. හිට්ලර්ගේ කාලේ ඔහොම තමයි කටයුතු කලේ...
මෙය තමයි වියයුත්තේ.. ජනාධිපති වැරදියි තියන බයාදුකම නිසා.. එ්ත් මේ අයව පත්කරලා තියෙන්නේ මේවා ගැන වගකීම ගන්න.. අපේ ගෙදෙට්ට කවුරු හරි ගහන්න එනවා... මම පොලිසියට කියනවා පොලිසිය නාවොත් මට පුළුවන් විදිහට උන්ව මෙල්ල කරනවා මගේ පව්ලේ අය නිසා.. ඒ වගේ ජනාධිපතිට කිව්ව අය මුකුත් කිව්වේ නැහැ කියන්න මෙයාලට බැහැ. මෙයාලා තමයි වැරැදි...
නියර මිටි තැනින් වතුර බැසීම... මේ අය පත්කරපු මිනිහා වැරදි කාරයා නෙමෙයිද? මේ රටේ ආරක්ෂාව භාරව හිටියේ ඇත්තටම මේ දෙන්න විතරමද? මේවා විහිළු නේද?
මොවුන් දෙදෙනාට හෙට වැලඳෙන රෝගය නම්කරන්න.
බලයට පත්වූ සියලු ජනාධිපතිලා කලේ නීතිපතිව තමන්ගේ වාසියට උපයෝගී කරගන්නවා. නීතිපතිලාත් බලයේ ඉන්න ජනාධිපතිට කඩේ යනවා. මේ මෛත්‍රීපාල ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය එකත්, එවකට හිටපු නීතිපතිවරයා දැනගෙනම අධිකරණයේදී සාධාරණය කරන්න උත්සාහ කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරන එක සාධාරණය කරන නීතිපතිලා ඉන්න රටක් මේක...
නීතිපති දප්පුල ද ලිවේරා මැතිතුමන්ට මගේ ආචාරය! මෙතෙක් හිටපු කොන්ද කැඩිච්ච නීතිපතිලා දේශපාලුවන්ට ඕන ඕන හැටියට නැටෙව්වට ඔබතුමා නීතියට අනුව කෙලින් වැඩකරන බව පෙනෙනවා. නීතිපති වැඩ කරන්නේ නීතියට අනුව මිසක් හිතට එන අදහස් අනුව නොවන බව මෙතන අදහස් දාල තියෙන වැඩි දෙනෙකුට වැටහෙන්නේ නැහැ වගේ. මලල්ගොඩ කොමිසමෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවෙන්ම කරපු පරීක්ෂණ අනුවයි මෙතුමා නියෝග දීල තියෙන්නේ.
මේ රටට දෙවියන්ගේම පිහිටයි.
මරණ දඬුවම නියම කලේ ගරු අධිකරණය මගින්. තීන්දුව දෙන්න ඇත්තේ අතිගරු ජනාධිපතිතුමා නියම කරන දිනක එය කරන්න කියලා. එය ජනාධිපතිතුමාට තිබෙන බලයක්. නොදන්නාකමටයි අහන්නේ අධිකරණය නියම කල දෙයක් නැවත වෙනස්කරන්න හැකියාවක් තිබෙනවාද.
අවධානයට ගතයුතු වැදගත් දෑ ඇතත්, ආරක්ෂක ඇමති කමිටුවේදි කතා කළේ මධුෂ් ගැනයි, තුවක්කු වලින් වෙඩි තබා මසුන් මරන එක ගැනයි පමණයි. දැන් අත් අඩංගුවට ගත යුත්තේ පොලිස්පති සහ ආරක්ෂක ලේකම් තමයි. කැකිල්ලෙ රජ්ජුරුවෝ ආයෙම ඉපදිලා.
මොවුන් දෙදෙනාට හෙට වැලඳෙන රෝගය නම්කර වටිනා ත්‍යාග හිමිකර ගන්න ..............
මේක පුදුම නීතිනේ. අත්අඩංගුවට ගන්න ඕනේ කෙනා නීතිපතිට කියනවා අනෙක් මිනිස්සු අත්අඩංගුවට ගෙන උසාවි දාන්න කියලා. දැන් එතකොට සහරන්ලා අත්අඩංගුවට ගත්තේ මොකටද.