IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


හිටපු ආරක්ෂක ලේකම්-පොලිස්පති අත්අඩංගුවට ගන්න නියෝග

(මනෝප‍්‍රිය ගුණසේකර)

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් වහාම සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර ඇත.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක‍්‍රියා නොකිරීම මඟින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මෙන්ම අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පතිවරයා ප‍්‍රබල ලෙස  රාජකාරිය පැහැර ඇති බව සඳහන් කරමින් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කර ඇති නීතීපතිවරයා මීට දින 05 කට පෙර නිකුත් කළ මෙම නියෝගය අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හේතූ දක්වන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාට ලිඛිතව නියම කර ඇත.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද විජිත් මලල්ගොඩ කොමිසමේ අතුරු වාර්තාවේ සඳහන් නිර්දේශ මෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර සහ තවත් අයවලුන්ගේ නොසැළකිල්ල හෝ නොකර හැරීම සම්බන්ධයෙන් කරනු ලබන අපරාධ විමර්ශනය අනුව නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස නියම කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය දැනුම් දුන්නාය.

 



අදහස් (18)

හිටපු ආරක්ෂක ලේකම්-පොලිස්පති අත්අඩංගුවට ගන්න නියෝග

rohana Monday, 01 July 2019 02:03 PM

අත්අඩංගුවට ගන්න ඕන වෙන කවුරුවත් නෙවෙයි සිරිසේනව...

:       119       1354

dilanMonday, 01 July 2019 08:47 PM

ඒ ඇයි ?

:       0       0

AjithTuesday, 02 July 2019 07:45 PM

කොයි ලෝකෙද ඉන්නේ?

:       0       0

gunarathnaTuesday, 02 July 2019 01:58 AM

කලබල වෙන්ට එපා. පොලිස්පති උසාවි ගෙන්වපුවහම උසාවියේදී එළිවෙනවා සියලුම තොරතුරු. එතකොට බලාගන්ට පුළුවන් වැරදී කවුද කියල.

:       0       17

Amila Monday, 01 July 2019 02:41 PM

හරිහමන් පරීක්ෂණයක් හෝ නොකර තමුන්ට ඕනඕන විදියට පිස්සු නැටීමේ සීමාවක් තිබිය යුතුයි. ජනපතිට හයක් පුලුවන්, ආණ්ඩු විසුරුවන්නත් පුලුවන් වැනි වැරදි උපදෙස් දුන්න පුද්ගලයන් මේ කරන්නේ රටේ පහළ නිලධාරීන් බිල්ලට දීමයි. නියම වැරදිකරුවා රටම දන්නවා.

:       4       545

සේන Monday, 01 July 2019 03:11 PM

මෙව්වා නිකම් බොරු වැඩ. අන්තවාදීන් ඔඩොක්කුවේ තියාගෙන, සත්‍ය වසන් කරන්න මුව හමට තලනවා.

:       56       455

gamarala Monday, 01 July 2019 03:40 PM

දේශපාලනය වගේම රාජකාරියත් ඉතාමත්ම වැදගත්. එය ඉටුකරන්න බැරිනම් රට සහ ජනතාව අනතුරේ නොදමා තම තනතුරේ ගෞරවය ඉතිරිකර නම්බුකාර පිටින් ගෙදර යන එක තමයි වැදගත්. සිද්ධියක් වුණාට පසුව මොන තීරණ ගත්තත් වැඩක් නැහැ. වඩා වැදගත් වන්නේ සිද්ධිය වළක්වා ගැනීමයි. ඔය සිද්ධියේදී වගකිවයුතු අය කටමැත දෙඩුවේ වීරයෝ වගෙයි.

:       1       208

Kumar Monday, 01 July 2019 03:55 PM

ඔය ලොකු උන්නැහැලා ලංකාව අපකීර්තියට පත්වෙන වැඩක් කරන්න යන්නේ... කරුණාකරලා මොලේ පාවිච්චි කරලා කරන යමක් කරන්න. එසේ නම් දැනගෙන යමක් නොකියූ මන්ත්‍රීවත් අත්අඩංගුවට ගන්න. හිට්ලර්ගේ කාලේ ඔහොම තමයි කටයුතු කලේ...

:       19       218

kumarage Monday, 01 July 2019 04:29 PM

මෙය තමයි වියයුත්තේ.. ජනාධිපති වැරදියි තියන බයාදුකම නිසා.. එ්ත් මේ අයව පත්කරලා තියෙන්නේ මේවා ගැන වගකීම ගන්න.. අපේ ගෙදෙට්ට කවුරු හරි ගහන්න එනවා... මම පොලිසියට කියනවා පොලිසිය නාවොත් මට පුළුවන් විදිහට උන්ව මෙල්ල කරනවා මගේ පව්ලේ අය නිසා.. ඒ වගේ ජනාධිපතිට කිව්ව අය මුකුත් කිව්වේ නැහැ කියන්න මෙයාලට බැහැ. මෙයාලා තමයි වැරැදි...

:       155       11

Dayan Monday, 01 July 2019 04:30 PM

නියර මිටි තැනින් වතුර බැසීම... මේ අය පත්කරපු මිනිහා වැරදි කාරයා නෙමෙයිද? මේ රටේ ආරක්ෂාව භාරව හිටියේ ඇත්තටම මේ දෙන්න විතරමද? මේවා විහිළු නේද?

:       7       268

ඉරාන් Monday, 01 July 2019 04:39 PM

මොවුන් දෙදෙනාට හෙට වැලඳෙන රෝගය නම්කරන්න.

:       50       162

Hafeel Monday, 01 July 2019 04:45 PM

බලයට පත්වූ සියලු ජනාධිපතිලා කලේ නීතිපතිව තමන්ගේ වාසියට උපයෝගී කරගන්නවා. නීතිපතිලාත් බලයේ ඉන්න ජනාධිපතිට කඩේ යනවා. මේ මෛත්‍රීපාල ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය එකත්, එවකට හිටපු නීතිපතිවරයා දැනගෙනම අධිකරණයේදී සාධාරණය කරන්න උත්සාහ කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරන එක සාධාරණය කරන නීතිපතිලා ඉන්න රටක් මේක...

:       331       436

Mahee Monday, 01 July 2019 08:00 PM

නීතිපති දප්පුල ද ලිවේරා මැතිතුමන්ට මගේ ආචාරය! මෙතෙක් හිටපු කොන්ද කැඩිච්ච නීතිපතිලා දේශපාලුවන්ට ඕන ඕන හැටියට නැටෙව්වට ඔබතුමා නීතියට අනුව කෙලින් වැඩකරන බව පෙනෙනවා. නීතිපති වැඩ කරන්නේ නීතියට අනුව මිසක් හිතට එන අදහස් අනුව නොවන බව මෙතන අදහස් දාල තියෙන වැඩි දෙනෙකුට වැටහෙන්නේ නැහැ වගේ. මලල්ගොඩ කොමිසමෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවෙන්ම කරපු පරීක්ෂණ අනුවයි මෙතුමා නියෝග දීල තියෙන්නේ.

:       3       1

Jehaan Monday, 01 July 2019 08:30 PM

මේ රටට දෙවියන්ගේම පිහිටයි.

:       0       1

සිරිපාල Tuesday, 02 July 2019 12:14 AM

මරණ දඬුවම නියම කලේ ගරු අධිකරණය මගින්. තීන්දුව දෙන්න ඇත්තේ අතිගරු ජනාධිපතිතුමා නියම කරන දිනක එය කරන්න කියලා. එය ජනාධිපතිතුමාට තිබෙන බලයක්. නොදන්නාකමටයි අහන්නේ අධිකරණය නියම කල දෙයක් නැවත වෙනස්කරන්න හැකියාවක් තිබෙනවාද.

:       0       0

මෙලන්ත Tuesday, 02 July 2019 01:51 AM

අවධානයට ගතයුතු වැදගත් දෑ ඇතත්, ආරක්ෂක ඇමති කමිටුවේදි කතා කළේ මධුෂ් ගැනයි, තුවක්කු වලින් වෙඩි තබා මසුන් මරන එක ගැනයි පමණයි. දැන් අත් අඩංගුවට ගත යුත්තේ පොලිස්පති සහ ආරක්ෂක ලේකම් තමයි. කැකිල්ලෙ රජ්ජුරුවෝ ආයෙම ඉපදිලා.

:       0       6

රනා Tuesday, 02 July 2019 04:17 AM

මොවුන් දෙදෙනාට හෙට වැලඳෙන රෝගය නම්කර වටිනා ත්‍යාග හිමිකර ගන්න ..............

:       50       12

shan Tuesday, 02 July 2019 04:42 AM

මේක පුදුම නීතිනේ. අත්අඩංගුවට ගන්න ඕනේ කෙනා නීතිපතිට කියනවා අනෙක් මිනිස්සු අත්අඩංගුවට ගෙන උසාවි දාන්න කියලා. දැන් එතකොට සහරන්ලා අත්අඩංගුවට ගත්තේ මොකටද.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 322 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2136 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1621 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site