(එෆ්.අස්ලම්)
උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් ස්වයං පාලන ව්‍යූහයකින් යුත් දේශපාලන විසදුමක් ගෙන ලබාදීම ඇතුළු ඉල්ලීම් 11කට බලකරන යෝජනාවක් රජයට ඉදිරිපත් කිරීමට ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජාතික සම්මේලනයේදී අද(30)තීරණය විය.
මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් විශ්වාසනීය අර්ථවත් විසදුම් තෙමසක කාලයක් තුළ නොදෙන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අරගලයක් රජයට එරෙහිව දියත් කිරීමටද ඉලංගයි තමිල් අරසු පක්ෂය විසින් අවධාරණය කළහ.
ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ 16 වන සම්මේලනය එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ඇතුළු ජ්‍යෙෂ්ඨයින් හා නියෝජිතයින් රැසකගේ සහබාගීත්වයෙන් යාපනය වීරසිංහම් ශාලාවේදී අද (30) පැවති අතර එහිදී මෙම ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබිණි.
දෙමළ ජනතාවගේ පාරම්පරික උරුමය හා ජාතික අනන්‍යතාවය නැතිකරන ආකාරයෙන් සිදුවන සියලු ක්‍රියාවන් වහාම නතර කළ යුතු බවටත් නැවත පදිංචි කළහැකි දෙමළ හා මුස්ලිම් ජනතාවට අයත් ඉඩම්වලින් හමුදාව ඉවත් කළයුතු බවටත්,යුද්ධයෙන් අගතියට පත් දෙමළ ජනතාව නැවත පදිංචි කිරීම සහ එම ප්‍රදේශ නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රතිපාදන සැලසීම සහ යාපන සරසවියේ වෛද්‍ය පීඨයේ අටමහල් ගොඩනැගිල්ල කඩිනමින් ඉදිකර දීමට පියවර ගත යුතු බවටද මෙහිදී බලකෙරණි.
අතුරුදහන් වූවන්ට සිදුවූයේ කුමක්ද වග රජය විසින් නිශ්චිතව අනාවරණය කරගනිමින් එහි වගවීම රජය විසින් බාරගත යුතු බවටත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතකර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු බවටත්, උතුරේ විරැකියාවෙන් පෙලෙන තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදිය යුතු බවටත් රජයට බලකර සිටිති.
මීට අමතරව උතුරු පළාතේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව,පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව සාගර සංරක්ෂණ දෙපාර්තුමේන්තුව,මහවැලි සංවර්ධන අධිකාරිය ජනතාව පදිංචි කරන පදිංචිව සිටින ප්‍රදේශවල මෙන්ම කෘෂිකාර්මික ඉඩම්වල ප්‍රතිසංස්කරණය කිරීම නවතා දැමිය යුකු බවටද බලකර සිටිති. දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශවල දේවාල හින්දු සංස්කෘතික පාරම්පරික ස්ථාන හින්දු පුණ්‍යභූමි මත අත්පත් කරගනිමින් බෞද්ධ විහාර සහ බුද්ධ පිළිම ඉදිකිරීමේ උත්සහාය වහා නවතා දැමිය යුතු බවටත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට මහින්ද රාජපක්ෂගේ පොදුජන පෙරමුණ හා එක්ව මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් ගෙන යන උත්සහාය නවතාගත යුතු බවටත් බලකරති.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් සම්මත කරගත් 30/1 34/1 සහ 40/1 යෝජනාවන් මුළුමනින්ම ක්‍රියාත්මක කළයුතු බවත් ඒ සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තරය කටයුතු කළයුතු බවත් ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් රජයට බලකර සිටිති. මෙකී ඉල්ලීම් 11 සදහා විශ්වාසනීයත්වයක් යොමුකරමින් අර්ථවත්ව කටයුතු කළයුතු බවත් මේ සදහා රජයට තෙමසක කාලයක් ලබාදීමටත් එකී කාල පරාසය තුළ ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව පෙළගැසී රජයට එරෙහි දැවැන්ත විරෝධතාවක් දියත් කරන බවත් ඉලංගයි තමිල් අරසුකච්චි පක්ෂය අවධාරණය කර සිටියි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වයං පාලනයක් දෙන්න 2005දී දින්නා සිංහල කියාගන්න ගොයියෙක් ලැහැස්ති වුණා. එ්කට කීවේ ISGA කියලා.... එ්ක උන්දෑ සමගම මකබෑවිලා ගියා.
ආයෙත් ඉල්ලන් කන්න වගේ හදන්නේ...
එච්චරයි තව අඩු..! මෙච්චර ලංකාවට දෙයක් වෙලත් මේ මිනිස්සු කරන දේවල් ගැන ඇත්තටම කණගාටුවක් විතරයි තියෙන්නේ....
බොහොම හොඳ අදහසක්. LTTE අවුරුදු 30ක් යුද්දේ කරේ ඕකට තමයි. අපේ අමන පාලකයෝ බල තණ්හාවට රට බෙදනවා.. රට විකුණනවා... අනේ මේ රට සුද්දෝ පාලනය කරානම් මේ රට මෙයට වඩා ගොඩක් දියුණුවෙලා..
නෝන්ජල් කරණවෑමියා දැක්කම එළුවත් හොම්බ දික්කරනවලු.. මේ වගේ පජාත, හොර, තක්කඩි පාලකයෝ අම්මපා..
ඒකාබද්ධ ස්වයං පාලනයක් ඉල්ලන අයගේ නායක ප්‍රබාකරන් නන්දිකඩාල් වලදී පරාජය කළාට පසු වෙනම රාජ්ජයක් ඉල්ලන මතය සම්පූර්ණයෙන්ම පරාදයි. අායෙත් කොහොමද ඒකම ඉල්ලන්නේ උද්ඝෝෂණ කරලා. පෑනෙන් පටන්ගෙන උද්ඝෝෂණයෙන් පසු අවිගත් යුද්ධයක් දක්වා වර්ධනය වෙලා අවියෙන්ම පරාජය වූ මතවාදයක් නැවතත් උද්ඝෝෂණයක් මගින් පටන්ගන්නේ කොහොමද? මේ රට පාලනය කරන්නේ මොක්කුද?
මේවා වෙන මොකුත් නොවේ. ඡන්ද ළඟ... තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහා ජනතාව මුළා කරමින් ඡන්ද ගන්න උපක්‍රමයක්. මේ ඉල්ලීම් අද යෝජනා කළ දේවල් නොවේ. එදා ඉඳන් ඉල්ලන්න දේවල්. මේ ගොල්ලත් දන්නවා... මේවා ලැබෙන්නේ නැති බවත්.
රතන හිමි ඉන්නකන් බයවෙන්න දෙයක් නැත...
සූත්තරපුංචා පුළුවන් දෙයක් කරයි. එයා හරි ආසයි ඕක දීලා දාන්න.
මේ ඔක්කොම රනිල් නිසා වෙන දේවල්....
මේ නිවට ආණ්ඩුව ඡන්ද කෑදරකමට මේකත් දෙයි...
හරි හරි.. කවද ඉදලද ඕනේ.. හෙට ඉදල .....මෙව්වා දෙන්න ලැහැස්ති කරලා තියෙන්නේ.. .ඕන දෙයක කියන්න පට් පට් ගාල දෙන්න...
බය වෙන්න දෙයක් නැහැ. ඡන්දේ ගන්න දෙමව්පියොත් පාවාදෙන දේශපාලුවන්ට ඕක සුළු වැඩක්.
බලාගන ඉන්න දෙන්නම් බන්දේසියකම දාල මේ අපි කියනකල් බලා උන්නේ.....
ඔන්න පැන්නා බලලා මල්ලෙන් .. උතුරයි නැගෙනහිරයි එකතු කරන්නේ මොකටද ? වැටක් ගහලා ම දෙන්න එපාද දන්නේ නැහැ නේද ?මේ කාලකන්නි මිනිස්සු තමන්ගේ දේශපාලන බලය තියා ගන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ ඔළුගෙඩි කුරුවල් කරනවා .. එල්ටීටීඊ කියලා මරුනෙත් සාමාන්‍ය පවුල් වල කොල්ලෝ කෙල්ලෝ මිසක් මුන්ගේ දරුවෝ නෙමෙයි නේ .. කුණු දේශපාලනයේදී උතුරත් එකයි දකුණත් එකයි ...