(නිමන්ති රණසිංහ,ලහිරු හර්ෂණ සහ පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා , අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අද කුරුණෑගල මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීමට ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා නොමැතිවීම හේතුවෙන් නඩුව විමසීම සවස 1 දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
කුරුණෑගල මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා හමුවේ වෛද්‍ය සාෆි මහතා සම්බන්ධ පැමිණිල්ල කැඳැවිණි.
ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක පෙනී සිටින බැවින් නඩුව කල් තබන ලෙස අගතියට පාර්ශවයෙන් කළ ඉල්ලීමකට අනුව සවස 1 දක්වා නඩුව කල් තැබිමට මහෙස්ත්‍රාත් නියෝගය ලැබිණි.
රජයේ වෛද්‍ය නිලධාරීවරයාගේ නීරීක්ෂයට ලක් කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයා මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර තිබිණි.
නීතීපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.
මෙම සිද්ධියට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා නීතීපති දෙපාර්තමේන්තුව මුල් අවස්ථාවේදී පැමිණියා නම් ඉතාමත් යහපත් බව මහෙස්ත්‍රාත්වරයා එහිදී සඳහන් කළේය.
කුරුණෑගල රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් අද අධිකරණය හමුවේ පෙනී සිටියහ. භික්ෂුන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් මේ වන විට අධිකරණ භූමියෙන් පිටත රැදී සිටිති.
අධිකරණය තුළ හා පිටත ආරක්ෂක අංශ යොදවා විශේෂ ආරක්ෂාවක් සලසා තිබේ.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම පහත් ජාතිවාදී ගෝත්‍රිකයින් සිටින රටක් වන ශ්‍රී ලංකාව ඔබට සුදුසු රටක් නොවන බව තවත් මොන සහතිකයක්ද?
ජාතිවාදීන්...
කියපු පලියට මිනිහෙක්ව අල්ලලා සාක්කි හොයන මෘග මිනිසුන් ඉන්න රටක් බන්. මිනිහෙක් හොඳින් ජීවත් වෙනවා බලන් ඉන්න බැරි සමාජයක්...
ෆර්සාන් ඔබගේ කතාව සම්පුර්ණ ඇත්ත දොස්තර සාෆි වගේ නිහතමානි වැඩ කරන දොස්තරලගේ සේවය මේ වගේ ජාතිවාදී රටකට අවශ්‍ය නැත. අද නිදහස් වන ඔබට සුබ අනාගතයක්. දෙවි පිහිටයි. අබ සරණයි
සවස 1ට කල් තිබ්බ නඩුව දැන් විභාග වෙනවා ඇති නේද? ලංකාවේ වෙලාව දැන් සවස 1.30.. ඉක්මනට අලුත් නිව්ස් එකේ තත්වේ බලලා වාර්තා කරන්න..
දොස්තර ශාෆි සිංහල කාන්තාවන්ගේ පැලෝපීය නාලවලට හානි කරලා සිංහල ජනගහනය මැඩපවත්වන්න යම් ක්‍රියාවලියක් ඔහු අනුගමනය කර ඇත්නම්, ශාෆි තිරිසනෙක් පමණක් නොව ඔහු ඉස්ලාම් භක්තිකයෙකුද නොවේ. ඉස්ලාමය අවබෝධ කරගෙන අවංකවම අනුගමනය කරන කිසිම පුද්ගලයෙක් මෙවැනි අමානුෂික, ගෝත්‍රික, මිලේච්ජ ක්‍රියාවක් කරන්නේ නැහැ.
මේ වෛද්‍යවරයාව බෙර ගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. සෞඛ්‍ය ඇමති මොහුව අත්අඩංගුවට ගත මොහොතේම කිව්වා මොහු නිවරදියි කියලා. ඒ නිසා මේ රටේ පාලනය ක්‍රියාත්මකවන ආකාරයට අනුව අර අහිංසක දෙමව්පියන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ වෙයි කියලනම් හිතන්නෙපා. අපි ඉන්නේ අමුතුම රටක.
අදහසක් දාල තියනවා විධිමත් පරීක්ෂණයක් සඳහා මව්වරු තවම ඉදිරිපත් නොවුනේ ඇයි? කියල අහල.. තව කියල තියනවා ඒ මව්වරු දන්නවලු වැරැද්ද කොහෙද කියලා. විදිමත් පරීක්ෂණයක් කරන්න නොදී කවුද යට ගහන්නේ.. දේශපලුවොම තමයි. රාජිත ඕක පිටිපස්සේ ඉදන් සාෆිට කිරි පොවනවා.. තිරය පිටිපස්සේ දේවල් තව ඩිංගක් හොයල බලල කතා කරන්න.. අනික මව්වරු කොහොමද වරැද්ද කොහෙද කියල දන්නේ? කට තිබ්බට බලු කතා කියන්න එපා මව්වරුන්ට.. විලිරුදාව හැදුන වෙලාවට මව්වරු කිව්වේ නැහැනේ මගේ පෙලොපිය නාලේ කපපන් කියල.... දුම්රියට පැනලා සිය දිවි නසාගන්න උත්සාහ ගත්ත කතාවත් මේ සෆිගේ කතන්දරෙත් අන්ත දෙකක්.. හැම දේම පටලාගෙන කියවන්න එපා
මෙහි සාෆිට පක්ෂව අදහස් දක්වල තියන සියලු ඉස්ලාම් සහ අනෙකුත් ජනතාවට මම මේ තේරෙන සිංහලෙන් කියන්නේ සීඅයිඩී ය සහ උසාවිය ඔහුව නිදොස් කොට නිදහස් කලත් අපට ඔහු නිවැරදි කරුවෙක් ලෙස පිලිගන්න බැරි ((((((හේතුව )))) තමයි නීති ආයතන වල සිද්ද වෙන දේවල් දිහා උදා :විල්පත්තු නඩු තීන්දුව බැලුවම මේ පරීක්ෂණ අපක්ෂපාති සාධාරණ ඒවා නොවන වගට ඇති සැකය , නිතිය බිඳ වැටි ඇති රටක දෙන තීන්දු කෙසේ පිලිගන්නද , සියල්ල සල්ලිවලට යටයි
කවුරුත් තමන් මවා ගත්ත ලෝක වල ඉඳල වැරදිකාරයා හොයන්න යනවා. මෙහෙමත් මිනිස්සු.
මේකත් හරියට මහින්ද රාජපක්ෂ අගමැති කරපු අවස්ථාවේ ඊට පක්ෂ පෙරකදෝරුවෝ හා අර මහා ආචාරියා නීති කියපු දේවල් ශ්‍රේෂ්ඨාධිකරණයේදී බොරුවුණා සේමයි. ප්‍රසව හා නාර්වේදී දොස්තරලා දැන් වැහිවැහැලා හරියට ඒ දිනවල ව්‍යවස්තා විශාරදයෝ පොහොට්ටුව පුරා හිටියා වගේ... විද්‍යානුකූල පරීක්ෂණයකින් පසු දෙන තීරණයකින් සත්‍ය එලිවේවි..
ගොඩක් සතුටුදායක ආරංචියක් දොස්තර සාෆි නිදහස් වුනා. මීළඟ මහමැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාෆි ශිහබ්දීන්.. ඔබට සුබ අනාගතයක්..
එකට පටන් ගත්තු නඩුව තවම ඉවර නැද්ද? නඩුකාර හාමුදුරුවොත් දැන් ගෙදර ගිහිල්ලා ඇති. කෝ යටගියාද? නැතිනම් ලෝක කුසලානය වගේ කුරුණෑගලට වහිනවද?
දොස්තර ශාෆිට මොකද වුනේ? කෝ අර රතන හාමුදුරුවෝ? කෝ ඡන්ද ප්‍රතිඵලය? අර ගැහැණු දහස් දෙනාට මොකද වුනේ? දොස්තර ශාෆිට දෙන්න ගැහැණු දහස් දෙනාට සල්ලි ලැහැස්ති කරගන්න කියන්න.