(ඉන්දිකා රාමනායක)
කාන්තන්කුඩි ප‍්‍රදේශයේ පුද්ගලයන් 20 දෙනෙක්ට ෂරියා නීතිය යටතේ මරණී දඩුවම ලබා දී ඇති බවට තමා සතුව තොරතුරු ඇතැයි මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පසුගියදා කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය ඉකුත් (4) දින නුගේගොඩ දී පැවැත් වු ජනහමුවේ දී මැදගොඩ අභයතිස්ස හිමියන් මේ සිද්ධිය හෙළි කර තිබුණි.
තමන් සතුව ඊට අදාළ තොරතුරු ඇති බවත් ඒවා මාධ්‍යට ලබා නොදෙන බවත් අවශ්‍ය නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දිය හැකි බවද උන්වහන්සේ එහිදී සදහන් කර තිබුණි. මෙම හෙළිදරව්ව සැලකිල්ලට ගත් වැඩබල පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (8) ලිඛිතව දැනුම් දී තිබුණි.
මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාලව ඉදිරියේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් හාමුදුරුවනේ ඔය ඔක්කොම හොයන්න ඕනේ.. ඒ වගේම සුනාමි හොරා කාපුවා. මිග් යානාවලින් හොරකම් කරපුවා.. ඒ වගේම දේශපාලකයන්ට කත් අදිමින් අනිත් ස්වාමීන් වහන්සේලාට නැති යානවාහන තියන් හිටපු හැටි.., පන්සල් හදන මුවාවෙන් කෝටි ගණන් හොරකම් කරපු හැටි.., දේශපාලක හොරුන් බේරගන්න පිණ්ඩපාතේ ගිහින් එකතු කරපු සල්ලි වලට මොකද කලේ කියලත් කියන්න ඕනේ..?
මේ ආණ්ඩුව... රනිල්ගේ පැවැත්මට සුළුජන ඡන්ද අවශ්‍යයි. රනිල්ට කිසිම ප්‍රශ්නයක් නැහැ සිංහල මිනිස්සු පෙලන්න. මුස්ලිම් ඡන්ද ටික ගන්න. රනිල් ඕනෙම දෙයක් කරයි. එ්ක නිසා CID පරණ කරපු පරීක්ෂණ වගේම මේකත් තියෙයි. CID කොල්ලන්ට නිදහසේ වැඩ කරන්න දෙන්න එතකොට උන් වැඩ පෙන්වයි.
අදින්නාදානා වේරමනී සික්ඛා පදං සමාදියාමි... හාමුදුරුවො පන්සිල් පදේ කැඩුවාවත්ද? කට කියවන කොට, සාක්කි එක්ක කියන්න ඕනේ කියන්නේ මේක තමයි. ළිඳ ළඟ ගෑනු ඕපාදූප කියවනවා වගේ ඔහේ කියවනවා ස්ටෙජ් එකට නැගලා. දැන් බලමුකෝ ලිස්ට් එකේ නම් ටික...
හික්කඩුවේ සුමංගල හිමි, කුඩාපොළ වැනි ගරුතර ස්වාමීන් වහන්සේලා සේම රටට, ජාතියට වටිනා ගරුතර සංඝරයා වහන්සේ නමක්. පක්ෂ බදාගත් නිවටයින් මොනවා කීවද, රට, ජාතිය වෙනුවෙන් ජීවිතය කැප කළ මුන්වහන්සේට ගරු කරමින් අවශ්‍ය විස්තර ලබාගනීවි යැයි සිතමි. එම විස්තර ලබාගත්තද නිවට පාලනය යටතේ කිසිවක් සිදු නොවන වගද දනිමි.
කාරණේ කොයිහැටි වෙතත්..., කුමක් හෝ වෙලා ඇති බව පැහැදිලියි...
මේකේ ඇත්ත නැත්ත හොයන්නත් කලින් සමහරු භූමිතෙල් ගහපු ගැරඬියෝ වගේ ඇවිස්සිලා...
කට තිබෙන පලියට කතා කළා. අපරාධ විමර්ශන අංශයට කතා කරයි කියලා හිතුවේ නැහැ. දැන් බලමු මොකද වෙන්නේ කියලා...
මේකේ අදහස් දලා තියෙන කෙනෙක් කියලා තියෙනවා මහින්ද LTTE එකට සල්ලි දුන්නා කියලා... ඡන්දෙ වර්ජනය කරන්න. මේක රනිල්, මංගල ගොතපු අමූලික බොරුවක්... එදා ඔවුන් ඡන්දය වර්ජනය කරපු හේතුව ගොඩක් අය දන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව, වෙනම රටක් බිහිවන්නට හෝ වෙනම රටක් ලෙස හඳුනා ගන්නට ප්‍රධාන කරුණු 5ක් සම්පූර්ණ කළ යුතුයි. වෙනම මුදල් පරිපාලන ඒකකයක් තිබුය යුතුයි,(රේගුව,බැංකු පද්ධතියක් (කොටි බැංකු), ආදායම් බදු එකතු කිරීම (කොටින්ගේ කප්පම්) - මහජන නීතිය ස්ථාපනය කළයුතුයි. යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ (කොටි උසාවි, කොටි පොලිසි) - පිළිගත් දේශ සීමාවක් තියෙන්න ඕනේ (රනිල් අත්සන් කරපු සාම ගිවිසුමේ, කොටින්ගේ පරිපාලන ප්‍රදේශ පිළිගෙන තිබුණු) - වෙනම පරිපාලන ක්‍රමවේදයක් තිබිය යුතුයි. (පාර්ලිමේන්තු නියෝජනය) මෙන්න මෙතන තමයි ගැටලුව අාවේ. ඔවුන් LTTE ප්‍රදේශවල ජනයා ලංකා පාර්ලිමේන්තුවට ඔවුන්ගේ නියෝජිතයන් එව්වොත් ඔවුන්ට වෙනම රටක් කියලා ජාත්‍යන්තර අධිකරණයකදී ඔප්පු කරන්න බැරි වෙනවා. මේ නිසා තමයි ඔවුන් එදා ඡන්දය වර්ජනය කළේ. දැන්වත් බුද්ධියට ඉඩදෙන්න... බොරු ප්‍රචාර නවත්වන්න.
දැනගත් මුල් දවසේම පැමිණිලි කිරීම නේද නීතිගරුක පුරවැසියකුගේ යුතුකම? හාමුදුරුවොත් නිකම් විමලේ වගේ...
බමුණුආරච්චි කියන්නේ ප්‍රංශයේ ඉඳන් ජාතිවාදය පතුරුවා ජීවත් වෙන ප්‍රංශ ජාතිකයෙක්
බමුණුආරච්චි කියන්නේ ප්‍රංශයේ ඉඳන් ජාතිවාදය පතුරුවා ජීවත් වෙන ප්‍රංශ ජාතිකයෙක්...