( ඉන්දිකා රාමනායක)
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු ආරක්ෂක ලේකම්වරයා පොලිස් ආරක්ෂාව යටතේ මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
හේමසිරි ප්‍රනාන්දු මහතාට අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත වන බැවින් එහි නොපැමිණෙන බව ඒ මහතා දැනුම් දී තිබිණි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට දැන් මේ නාටක බලලා ඇති වෙලා...
අනෙක් කෙනා, පූජිත් අන්න නාරාහේන්පිට පොලිස් රෝහලේලු
ප්‍රධානීන්ට ආවඩමින් පුටු රත් කිරීමේ පල විපාක. එහෙත් ඒ නිසා සියලු පවු වලට කර ගැසීම ගැන කණගාටුයි.
අවුරුදු කීයක් රාජ්‍ය සේවය කළාද? කමක් නැහැ. පළමුවෙනි දවසේම විවෘත අධිකරණයේදී සියල්ල ඇත්ත ඇති සැටියෙන්ම පවසන්න. කිසිම දේශපාලකයෙක්ම බේරාගන්න හිතන්න වත් එපා. ඔවුන් කවදාවත් ඔබලාව බේරාගන්න එන්නේ නැහැ. නහයට උඩින් ගිය වතුර ඔලුවට උඩින්ගියා කියලා වෙනසක් නැහැනේ.
මේ මුදුනේ ඉන්න නීතිය ගැන දන්නා අය නේද ඉස්පිතාලවලට රිංග ගෙන කට්ටි පනිමින් ඉන්නේ. ඉතින් පොඩි අය මොනවා කරපුහම මොකද ඇති වැරැද්ද
මේ ජනාධිපති තමන් බේරන්න අනුන්ව බිල්ලට දෙනවා. කාලයක් නාමල් කුමාරගේ නාට්‍යයක් ඉදිරිපත් කරමින් නාලක සිල්වා මහතාව හිරේ දාලා සහරාන්ලාට ප්‍රහාර එල්ල කරන්න පහසුකම් සලසා දුන්නා. දැන් තවත් එක් රඟපෑමක්... මේක මොනතරම් පහත් වැඩක්ද? කාරක සභාවෙන් සේරම හෙලිවෙනකොට, ඕක කඩාකප්පල් කරන්න උත්සාහ කළා. දැන් බැරි තරම් මේ පහත් වැඩ කරන්නේ. මේ නිලධාරීන්ගෙන් අඩුපාඩු ඇති. නමුත් ජනාධිපතිට මේකෙන් බේරන්න බැහැ.
හාමුදුරුවන් වහන්සේලා බොහෝ හිරේ දානකොට, අපහාස කරනකොට තමන්ට ඔහොම වෙයි කියලා හිතන්නේ නෑ. කිරි දොවපු ගමන් නොමිලේ සෙරෙප්පු දාපූ ගමන් ගෙවී ඇති බව නොපෙනේ. පිං පව් එනවා අපි පසු පස්සේ. බුදු දහමට අපරාධ කළ, කරන සියලු දෙනාටම මේවා හොඳම පාඩම් හැදෙනවා නම්...
දප්පුල ද ලිවේරා නීතිපති තුමාට අපේ ප්‍රණාමය!
දූෂිත දේශපාලකයන් පත් කරන්නේ දූෂිත නිලදාරීන්. ඉතින් ඔවුන්ගෙන් ලැබෙන සේවයත් දූෂිතයි. ඒ දූෂිත දේශපාලකයන් පත් කරන්නේ දූෂිත ඡන්ද දායකය. ලංකාවේ ඡන්ද දායක ඉතාමත් දූෂිතයි. ඉතින් මේ දූෂිත ක්‍රමය පවත්වාගෙන යාම තම දූෂිත පාර්ලිමේන්තුවේ පම වගකීම. මොකද එහෙම නොවුනොත් දූෂිතයන්ට ඕන විදියට මෙරට , මහජන දේපොළ මංකොල්ල කන්න බැරි වෙනවා.
මම හිතුවෙ නැහැ ඔච්චර විනාශයක් වේවි කියල. අමාත්‍යාංශ ලේකම් කෙනෙක් කියන කථාවක්ද ඒක.