(එෆ්.අස්ලම්)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වෙනුවට එකී සංවිධායක ධුරය සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා අද (29) පත්කරගෙන තිබේ.
වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පොදුජන පෙරමුණට එරෙහි අදහස් පළකිරීම් සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය ප්‍රතික්ෂේප කරමින් පොදුවේ විවේචන කිරීමත් මත බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ධුරය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේම නායකයෙකුගේ අවශ්‍යතාව මත වෙල්ගම මහතාගේ නායකත්වය ප්‍රතික්ෂේප වී ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සම්මේලනය එම පෙරමුණේ පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් බදුල්ල සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාවේදී අද (29) පස්වරුවේ පැවැති අතර පක්ෂයේ බහුතර කැමැත්ත මත තේනුක විදානගමගේ මහතා බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් තෝරා පත් කෙරිණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කුමාර වෙල්ගම මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයට ප්‍රථම බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් පත් කරනු ලැබිණි.
පොදුජන පෙරමුණ විසින් ඉදිරි ජනාධිපතිවරණයේ සිය අපේක්ෂකයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට සැලසුම් කර සිටීමත් තමා තවමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු යැයි කියමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරවීම කෙරෙහි දැඩි අප්‍රසාදයක් වෙල්ගම මහතා විසින් පළකර තිබීමත් පදනම් කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඔහුගේ නායකත්වය බදුල්ල දිස්ත්‍රික් සම්මේලනයේදී ප්‍රතික්ෂේප විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු ආවා ගියත් බදුල්ල තාම සංවරධනයක් නෑ
මෙයාගේ සිහිනය එක්කෝ ජනාධිපති හරි අගමැති හරි වෙන එක..ඒ වෙනුවෙන් තමයි මේ සියළු රඟ දැක්වීම් කරන්නේ .අපේ මිනිස්සුන්ට මතකනම් හොඳයි එක්කෙනෙක් අගමැතිකම දුන්නේ නැහැ කියලා පක්ෂය කඩාගෙන පොදු අපේක්ෂකයා වෙලා රටට කරපු හරිය.
අනේ හොඳයි...! දැන් ලාංකික අපිට නම් ඔය කොයි පෙරමුණත්, කොයි සන්විධායකයත්, කොයි දේශපාලන නියෝජිතයත් එකයි. මෙදා පාර මේ රටේ පෙරලියක් වෙන්න ඕනෑමයි. ඉන්න අයවත් හිටපු අයවත් සත පහකට විශ්වාස නැහැ. කොටින්ම නීතිඥ වෘත්තියට මේ රටේ නායකත්වය කිසිසේත්ම බාර නොදිය යුතුයි.
නියම පිළිතුර... මේවගේ අය තියාගෙන වැඩක් නැහැ මතුගමිනුත් එලවන්න ඕනෑ.
පක්ශ නායක නෙමේද සංවිධායකයින් පත්කරන්නේ? මරු පක්ෂේ !
මෙතුමා දරන දේශපාලන මතවාද සමග පරස්පරතා තිබුණත් මට එක දෙයක් කිවහැකියි. මෙතුමා හොඳ කොන්ද කෙලින් තියන, බය නැති නායකයෙක්... එ.ජා.ප.ය කොහොමත් මීළඟ මැතිවරණ වලින් නියත වශයෙන් පරජය වෙන බව දැන දැනත්... පවුල් පාලනයට අනික් අය වගේ කොඳු නාරටි කඩාගෙන තම අාත්මලාභය, බඩගෝස්තරවාදය උදෙසාම පමණක් පන්දම් අල්ලද්දී, මුට්ටි අල්ලද්දි... මෙතුමා කොන්ද කෙලින් තියාගෙන තම මතවාදය වෙනුවෙන් පෙනී සිටීම අගය කළ යුතුයි.
අම්මා... අලුත් කෙනා ගේ බැල්ම නම් අර පුසා වගේ...
මාළුවා නහින්නේ කට හින්දා යන කියමන කොතරම් දුරට සත්‍යයිද?
ඇත්තනේ.. දූෂිතයෙකුට ජනපති අපේක්ෂකකම දෙන්න විරුද්ධ වීම තුළ තිබෙන වැරැද්ද කුමක්ද? ඇත්ත කතා කරලා බෙල්ල ගහලා ගියත් මොකද..?
මෙයා පව් අනේ.. ජනාධිපති හීනෙත් ඉවරයි. තවත් මර්වින් කෙනෙක්...
කවුරු එලෙව්වත් ඔබතුමන් කවදත් ප්‍රකාශ කලේ ඇත්තයි. මමත් ශ්‍රීලනිපයේ පාටි ඔෆිස් එක ටවුන් හෝල් එකෙන් ෆෝබස් ලෙන් එකට බඩු අදිද්දී නන්දන ජයසිංහලා, ගුණරත්නලා එක්ක හිටපු කෙනෙක්...
උඩරට මැණිකේ බේරුණා...
ඉතාමත් හොඳ දෙයක්... මෙයාගෙන් වැඩක් නැත.
ඇත්ත දේශපාලකයන්ට තිත්තම දෙයක්... පන්දන් කාරයින්ටත් බොරුව වටිනවා. ඇත්ත කියනකොට ඒ ගොල්ලන්ට මල පනිනවා.
ඕක අරුමයක් නොවෙයි. අපිට නම් එ්කාබද්ධයේ මන්ත්‍රීවරුන් 54න් 53ක්ම වරදාන වරප්‍රසාද තනතුරු වෙනුවෙන් වහල්ලු, එහෙයියන් ලෙස හැසිරෙමින් අපට රාජපක්ෂ කෙනෙක්ම ඕනැයි මොරදෙමින්, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ මල පොතේ අකුරවත් ඉගෙනගෙන නැති බව විදහා දක්වමින්, ගෝඨාම ඉල්ලද්දී, ග්‍රාම සේවා වසමකටවත් දේශපාලන නායකත්වය දී නොමැති, ගෝඨා කියන්නේ මිනීමරු කල්ලියක් එක්ක ඉන්න හිට්ලර් වැනි කෙනෙක්... පොහොට්ටුවේම ඉන්න වාසුදේව සහ ඩිලාන් පෙරේරා ගෝඨාගේ පැටිකිරිය එළියට අදිද්දී, කවදත් ජනතාවගේ පැත්ත ගන්න, හරි පැත්තේ හිටගන්න, ජනතාවගේ නිදහස් මත ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කර නායකත්වය විවේචනය කරන අය රෑට සොයා ඇවිත් අතුරුදහන් කරන සුදු වෑන් සංස්කෘතියට තදින්ම එරෙහිව සිටියි.
ජාතික නායකත්වයට සුදුසු ඔබතුමා බදුල්ලෙන් එලෙව්වත් නිර්පාක්ෂිකයෙකු ලෙසට ජනාධිපතිවරණයට ආවොත් ජයනියතමයි.
දැන් ඔය කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනේද රටෙහි නීති සමිපාදකයන්...? දින 52 ආණ්ඩුවේ බලය යටතේ පෙරහරේ ගිහින් පොදු ජන පෙරමුණේ සාමාජික කාඩ් ප්‍රසිද්ධියේ ලබාගෙන.. නැවත බලය ගිලිහුණු පසු මන්ත්‍රී ධුරය සම්බන්ධව නීති ගැටලුවක් ආවම කීවා අපි කවුරුත් සාමාජික නැහැ කියලා... ඉතිං සාමාජික නැතිව කෙලෙසද සංවිධායකයන් පත්කරන්නේ.. ඉතිං වෙල්ගම මහතා කියන කතාව ඇත්තනේ.. එතකොට එයා නිදහස් පක්ෂයේ කියන එක. හරිනම් වෙන්න ඕනෑ ඕකේ අනික් පැත්ත. වෙල්ගම හැර අනික් පනස් ගනනම පාර්ලිමේන්තු මන්ත්‍රීකම් වලින් අයින් කරන හරි, අයින් වෙන එක නෙමෙයිද? නීති හදන අයනේ පළමුව නීතිගරුක වෙන්න වුවමනා...
එතකොට ඔය ෆොටෝවල ඉන්න සේරටම ඕන ආයෙත් රාජපක්ෂ යුගයක් ! මෝඩ රැලක්.
හලෝ වෙල්ගම පක්ෂය යන විදිහට එකතුවෙලා වැඩ කොරනවා එකෙකාගේ පුද්ගලික න්‍යායපත්‍ර වලට වැඩ කොරන්න බැහැ. ඔහේ එජාපෙට ගියා කියලා රටට පාඩු නැත. ගිලෙන නැවකට නගින මෝඩයෝ ඉන්නවාද?
යුද්දෙට බයේ රටෙන් පැනල ගිය කෙනෙකුට කඩේ යනවට වඩා ලංකාවේම හිටපු කව්රු හරි ජනපති තරඟයට දමන්න කියන එක හරි. එහෙත් ඔය කියන මහත්තයගෙත් කිල්ලොටේ හුණු තියනවා නේද? ලංගමට අමතර කොටස් ගන්න ගිය කතාව තාම ඉවර නැහැ නේද?
ජනාධිපති අපේක්ෂකයා අනිවාර්යයෙන්ම රාජපක්ෂ කෙනක් වියයුතුය කියලා පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් වෙලා නැහැනේ... ඔබතුමා හරි...
හලෝ මොන ආණ්ඩුවේද මිනී මරුවෝ නැත්තේ? ගණන් වලින් බැලුවොත් මොන රජයද වැඩිපුරම මිනී මරලා තිබෙන්නේ... රාජපක්ෂලා හන්දිවල ටයර්දාලා මිනී පිච්චුවේ නැහැ.
එතකොට ඔය ෆොටෝවල ඉන්න සේරටම ඕනෑ ආයෙත් රාජපක්ෂ යුගයක් ! ද කියලා අහනවා. හලෝ පැන්සලක් කොලයක් අරගෙන, අකුරු ඉලක්කම් දන්නවා නම්, ලියන්න මේ ආණ්ඩුව මේ අවුරුදු 5ට රටට කරපු වැඩ කොටසයි රාජපක්ෂ යුගයේ කරපු වැඩ කොටසයි... කොපමණද කියලා. ඊළඟට ලියන්න දැනට කොමිෂන් වලින් මේ ඔප්පු වෙලාතිබෙන මේ රජය සහ රාජපක්ෂ රජය යුගයේ කරලා තිබෙන දූෂණ.... ඊට පස්සේ අපි කතා කරමු.