(රංජන් කස්තුරි)
විදුලිය ජනනය කිරීම සඳහා ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 8000 ක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ණය වී තිබේ.
එම ණය මුදල හෝ ඉන් කොටසක් හෝ නොගෙවන්නේ නම් ඉන්ධන සැපයීම නතර කිරීමට පියවර ගන්නා බවට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයට අනතුරු අඟවා තිබේ.
මේ අතර පෙරේදා (08) ලංකා ඛණිජතෙල් සංස්ථාව ලංවීමට ඉන්ධන සැපයීම නතර කළ අතර එමගින් මෙගාවොට් 150 ක පමණ විදුලිය ධාරිතාවයක් ජනනය කිරීමට නොහැකි වූ බවද එම මණ්ඩලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා සාටකලාගේ මිහින් ලංකා යානාවලට සංස්ථාවෙන් සපයපු ඉන්ධන වල මුදල් තවම ගෙවා නැහැ නේද? වංචා, දූෂණ, පොලු කප්පරක් තියාගෙන සාටක වේදිකා ගානේ ගිහින් කතා කරන්නේ තොත්ත බබෙක් වගෙයි නේද..?
මේ ආණ්ඩුව මොනවද කරන්නේ? එහෙ කුණුගොඩ. තව පැත්තෙන් තෙල් අර්බුද...
අපිට විදුලිය සපයන්නේ පිනට නෙවේ. එහෙනම් ගත්තු ඉන්ධන වලට ගෙවන්න බැරි මොකද? අකාර්ක්ෂම මූල්‍ය පාලනය. ලොක්කෝ කව්රුත් බෙදා ගන්නවා. උපයන විට ගෙවිය යුතු බද්ද සේවකයින් වෙනුවෙන් ගෙවන්නෙත් මණ්ඩලයලු. නියමයි...
අර යෝදයා ගිය තැන ඉවරයි. මිනිහට ඕන කොහොම හරි අර නැවෙන් වැඩි කොමිස් කුට්ටියක් කන්න.
මහින්දගේ කාලය තුල නොගෙවපු තෙල්වල ගානත් එක්කද ගණන් බලල තියෙන්නේ ?
රවී මහතා යන යන තැන ඇයි මෙහෙම වෙන්නේ? මොකක් හරි මුල්‍ය අර්බුදයක්.
මෙච්චර ණය එකතැනකට තියාගෙනද අර ලොක්කන්ට වේතන වැඩි කරගන්නේ? පහුගිය දවස්වල ගරු අධිකරණය විසින්ද නියෝග නිකුත් කළා නේද මේ සම්බන්දව? බැලූ බැල්මට පෙනෙන්නේ අකාර්යක්ෂම පරිපාලනයක් නොවේද? ලෝකෙන් හොඳම මුදල් පාලක නේද මුල් පුටුවේ ඉන්නේ? අනේද ............. කියන්නේ.
විදුලිබල මණ්ඩලේ කට්ටිය එයාලගේ පඩි වැඩි කරගන්න විතරද වර්ජන තර්ජන කරන්නේ. ලෝකෙට ණය වෙලා හරි බඩ වඩාගන්න තරම් ඉන්ජිනේරුවොත් ඇතුළුව මණ්ඩලේ සේවකයෝ නීච වෙලාද? ගත් ණය ගෙවා රටට කරන හානිය වලක්වන්න. වෘත්තීය සමිතිත් වගකියන්න ඕනේ.
මහින්දගේ කාලයේ නොගෙවපු ගානත් එක්කද?
අපේ විදුලි බිල දන්වා හෝ නොදන්වා හිතු හිතු අතේ වැඩි කරනවා . එතකොට අපි ගෙවන ගාස්තු යන්නේ කොහෙද ? අනිත් එක පහුගිය කාලේ සුර්ය බල ශක්ති පද්ධති වලට මාරු වුන පාරිභෝගිකයින්ගෙන් ජාතික විදුලි පාධතියට එකතු වුන විදුලිය නිසා යන්තම් වත් පිරිවැය අඩු වුනේ නැද්ද ? මේ තරම් ලොකු හිගයක් එකතු වෙනකල් විදුලිය ඇමති මොනවද බලන් හිටියේ ?