IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දුමින්ද පැය 7 ක් ප්‍රකාශ ලබා දෙයි

(තිළිණි ද සිල්වා)

හිටපු කෘෂිකර්ම අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ අද (30) පැය හතකට වැඩි කාලයක් ප‍්‍රකාශ ලබා දී ඇතැයි එම කොමිසමේ  ප‍්‍රකාශකයෙකු ලංකාදීපයට පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 21 ක මාසික කුලියට බත්තරමුල්ල පිහිටි ඞී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ගොනු කළ පැමිණිල්ලට අදාළව එම පොලිස් ඒකකයේ නිලධාරීන් දුමින්ද දිසානායක මහතා ගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගත් බව එම ප‍්‍රකාශයා වැඩිදුරටත් කීය.

ඒ අනුව අද (30) පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා කාලය පුරා හිටපු අමාත්‍යවරයාගෙන් එම පොලිස් නිලධාරීන් ප‍්‍රකාශ ලබා ගෙන ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන ගිය ගොවිජන මන්දිරය පාර්ලිමේන්තු කාරක සභා කාර්යාල සඳහා අවශ්‍ය වූ හෙයින් අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට රැගෙන යාමට සිදුවූ බවත් , ඊට සුදුසු ස්ථාන කිහිපයක්ම පරීක්ෂා කළද බත්තරමුල්ල පිහිටි ඞී.පී.ජයසිංහ ගොඩනැගිල්ල හැර පහසුකම් සහිත වෙනත් ස්ථාන හමු නොවු බව හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා පොලිස් නිලධාරීන් හමුවේ ප‍්‍රකාශ කර ඇත.

එම ගොඩනැගිල්ල තමන්ගේ තනි තීරණයකට අනුව සිදු නොවූවක් බවත් ,ඊට අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හා ඊට අදාළ නිලධාරීන්ගේ නිර්දේශ මත සිදුවූ බවද දිසානායක මහතා පොලිස් නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ ප‍්‍රකාශ කර ඇත.

එසේම අමාත්‍යාංශ නව ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 460ක කාර්යාල උපකරණ හා ගෘහභාණ්ඩ  ලබා ගැනීමට අදාළ සියලූම අංශ වලින් අනුමැතිය හිමිවූ බවද හෙතෙම පවසා ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 21ක මාසික කුලියකට බත්තරමුල්ල පිහිටි ඞී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් කරන්දෙණිය සමාජ සුබසාධන සංවිධානය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

 

 

 



අදහස් (3)

දුමින්ද පැය 7 ක් ප්‍රකාශ ලබා දෙයි

sandy123 Tuesday, 30 July 2019 03:16 PM

ඔව් ඉතින් අපේ බදු සල්ලිනේ... අනේ රටකට ගිය කලක්.

:       3       14

Nirmal Tuesday, 30 July 2019 03:30 PM

ලංකාවේ පොලිසිය ප්‍රශ්නේ බරපතලකම පෙන්නන්නේ ප්‍රශ්න කරන පැය ගානෙන්

:       2       23

MaheeWednesday, 31 July 2019 12:47 AM

අම්මපා ඇත්ත, මං හිතන්නේ ඒ නිර්ණායකයත් කැබිනට් පත්‍රිකාවකින්ම අනුමත කරලා ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site