(ලහිරු හර්ෂණ සහ මනෝප්‍රිය ගුණසේකර)
ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා පැවරු නඩුවෙන් හිටපු ජනපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ නියෝග කළේය.
සම්පත් අබේරත්න (සභාපති) , සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කළේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ලෙන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අපොහොසත්වී ඇති බවයි.
ඒ අනුව හිටපු ජනපති කාර්යය මණ්ඩල ප්‍රධානී හා ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ගාමිණී සේදර සෙනරත්, පියදාස කුඩාබාලගේ සහ කොක්කාවිට ලියනගේ ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවෝ නිදොස්කොට නිදහස් කරනු ලැබූහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොග වෙළෙඳ සහ සිල්ලර වෙළෙඳ වගේ. පොල් ගෙඩියක් හොරකම් කලොත් දඩුවම් ඇත.
එතෙකොට මේ නඩු ඔක්කොම බොරු ඒවාද? මහා ජනතාව විහිලුවක්ද?
කෙබර නඩු දාපුවාම ඔහොම වෙනවා. ජනප්‍රිය වෙන්න බොරුවට නඩු දාපුවට කීර්ති නාමයට හානි සිදු කළාට ඉදිරියේදී වන්දිත් ගෙවන්න වෙයි. අපේ සල්ලි තමා යන්නේ... ඔප්පු කරන්න පුලුවන් නඩු දාපල්ලා..
මඩ ගසා බලයට පැමිණ, දැන් එම මඩ ගොඩේම කර වටක් එරී සිටින යහපාලන ආණ්ඩුවේ තවත් නාටකයක් එසේ නිමාවට පත් විය.
රටේ කාලය මහජන මුදල් නාස්ති කරමින් රනිල් සිරි ඇතුලු යහපාලන නඩය අහිංසක මිනිස්සු අමාරුවේ දැම්මා. ඒවට ඔවුන්ගේ වන්දි අයකරගත යුතුයි. ජොන්ස්ටන්ටද කරේ විශාල අසාධාරණයක්...
පුදුම රටක්. නීතියේ ආධිපත්‍ය නැති රටක්. නාගානන්ද කොඩිතුවක්කු කියන්නේ ඇත්ත. රන්ජන් රාමනායක කියන්නේ ඇත්ත...
කෝ 2014, 2015 දී පම්බෝරි ගහපු රාජිත, චතුර පුතා, රන්ජන්ලා?
නිදහස් වුනාට කමක් නැහැ. මිලියන 500 ට වුන දේ හොයා ගත්තද ?
කෝ මේ බමුණා?
අන්තිමට සල්ලි නිකන්ම අතුරුදහන් වූ වගයි. සිරි ලංකාවේ මෙවැනි දේවල් අරුමයක් නොවේ.
නීතිපතිට විරුද්ධව අපහාස නඩුවක් දාපන්කෝ... දීපු දස වද වලට, සිත් වේදනාවට, අපහාසයට සිදුවූ අපහාසයට, කීර්ති නාමයේ කැලලට, තවත් ජාතිත් එකතුකරන්නකෝ. ඔයා කොහොමටත් බෝ කොලයක් වගේ චරිතයක්නේ. අපරාදේ සුදු රෙද්දේ මඩ ගෑවා.
මෙම ආයතනවල විගණනය කිරීම් සිදුවෙනවා නේද? සාවද්‍ය පරිහරණයක් වුණානම් පැහැදිලිව පෙනෙන්න ඕනෑ නේද?
කෝ මේ බමුණුසිංහ?
මට තියෙන ප්‍රශ්නය ඇත්තටම මිලියන 500 නැතිවෙලා හොරු කවුද කියල හොයා ගන්න බැරිද එහෙම නැත්නම් මිලියන 500 අතුරුදහන් වෙලා නැද්ද කියන එකයි
තවත් නාට්ටියක් මෙසේ නිමා විය....
මේවා දැක්කහම මුළු ඇඟම වෙව්ලනවා. පව් මහජනයාගේ පරමාධිකාරී බලය . වහාම නාගානන්ද කොඩිතුවක්කු දිනවමු.
ඒ දවස්වල අපි ගෑස් වලට වැඩිපුර ගෙව්වේ නිකම්මද මේවා රට්ටු හිනස්සන විහිළු නේද ?
මේ නඩුවේදී එලියට ආපු එක දෙයක් තමයි ගාමිණී සෙනරත් මේ තනතුර සඳහා පඩියක් හෝ වෙන දීමනා හෝ නොගත් බව.
කාලය නාස්ති කිරීම සහ අනවශ්‍ය වියදම්...
ඇත්තටම ගාමිණී සේදර සෙනරත් මහතා. අපේ ගම් පළාතේ දන්නා තරමින් එහෙම වංචා කරපු කරන කෙනෙක් නෙවෙයි. පාරම්පරිකව ධනය, මිලමුදල්, ඉඩකඩම් තියෙන මිනිස්සු. හක්මන කීර්තිමත් ඉතිහාසයක් තියෙන මිනිස්සු. මේ වගේ බොරු නඩු දැම්මම ඔහොම වෙනවා. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත් කලේ යහපාලනෙන් නේද?
සාක්කි නැතුව මිනීමරුවා නීතියෙන් නිදහස් වෙලා යනකොට නඩුකාර හාමුදුරුවෝ මෙහෙම කියනවා.. තමුන් අද නීතියෙන් නිදහස් වෙලා ගියත්, තමුන්ගේ හෘද සාක්කියෙන් නිදහස් වෙන්න බෑ කියලා...
අධිකරණය ස්වාධීන බව පැහැදිලියි.
දැන් විගණක නිලධාරීන්ටයි ප්‍රශ්නය... මිලියන 500ක් වංචාව වෙලා. නැතිනම් අඩුව කොතනද කියා පෙන්වන්න. පොලිසිය විසඳාගන්න බැරිවුණා. මංකොල්ල, හොරකම්, මිනීමැරුම් මැරුණු පාතාලයා පිටින් දමා ශේප් වෙන විදිහට මේකෙන් ශේප්වෙන්න බැහැ.
හොරුන්ටම ගිය රටේ හොරාට ජයවේවා නොකියා වෙන මොනවා කියන්නද? ඇත්තෙන්ම හොරු යනු කොතරම් අවංක ජාතියක්ද? කරුමේ කියන්නේ හොරා තුළ තිබෙන සත් ගුණවත් බව අපේ රටේ මෝඩයින්ට නොතේරෙන එකනේ. එක අතකට, හොරුන්ගේ උතුම් කම ගැන තේරෙන (අ)ශිෂ්ඨයින් රැලක් සිරි ලංකාවේ සිටීම ගැන අපි ආඩම්බර විය යුතු නොවේද? හොරුන්ට සහ තක්කඩින්ට ජයවේවා!!!