(පුෂ්පකුමාර ජයරත්න සහ රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා සැප්තැම්බර් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝග කළාය.
අධිකරණය මගහැර සිටියේ යැයි ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර කුරුණෑගල මහාධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබිණි.
නගරාධිපතිවරයා මෝසමක් මඟින් අද (9) අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
පිස්තෝලයක් පෙන්වා පුද්ගලයකු බිය ගන්වා මුදල් කොල්ලකෑවේ යැයි චෝදනා එල්ල කර පුද්ගලයන් සිව්දෙනෙකුට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ විභාග වන නඩුවක කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා පළමුවැනි විත්තිකරු ලෙස නීතිපතිවරයා විසින් නම්කර ඇත.
පසුගිය 25 වැනිදා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදි පළමු විත්තිකරු වන කුරුණෑගල නගරාධිපතිවරයා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විනිසුරුවරිය වරෙන්තු නිකුත් කළාය.
එදින විත්තිකාර නගරාධිපති අධිකරණයට ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කියා සිටියේ නගරාධිපතිවරයා කොරියානු රජයේ ආරාධනාවකට අනුව කොරියාවේ සියොල් නුවර පැවැත්වෙන සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා යාමට සිදුවූ බැවින් මෙදින නඩු වාරයට ඉදිරිපත් වීමට නොහැකිවූ බවය.
සැප්තැම්බර් 17 වැනිදා නඩුව යළි විභාගයට ගැනීමට නියම කර තිබියදී නගරාධිපතිවරයා අද අධිකරණයට ඉදිරිපත් විය.

ඡායාරූප - පුෂ්පකුමාර ජයරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවේ ඉන්න තරමක් ඉන්නේ මැරයින්, හොරුන්, තක්කඩින්...
මේක ඉන්න හිතෙනම රටක් නෙවිද? ප්‍රාදේශීය දේශපාලකයෝ ඔක්කොම වාගේ පිස්තෝලකාරයින්, නැත්නම් කසිප්පුකාරයින්, නැත්නම් මැරයින්, ඉන්නවා මහ උළු ගෙදර. කරුමේ කියන්නේ මුන්ව ඔය තැන්වලට යවන තරමට මේ රටේ මිනිස්සු බූරුවෝ වෙලා තියන එකයි...
අධිකරණ තීන්දුවක් නිසා මොකුත් කියන්න නම් බෑ. ඒත්... අනේ මන්දා...
ලංකාවේ හැටියට පිස්තෝලයක් පෙන්වා මුදල් කොල්ලකනවා කියන්නේ ජාතික වීරකමක්නේ. ඇයි මේ වීරයින්ව හිරේට දාන්නේ? අර ඊයේ නිදහස් උන ගාමිණී සෙනරත් මහත්තයා වගේ නිදහසේ ජීවත් වෙන්න දෙන්න ඕනනේ. පව් අනේ!!
තවම මහරජාගේ බලය පෙන්නන්න යන්න ඇති. ඒ කාලේ නීතිය එයාලා අතේ රජකරන්නේ... පුරුද්ද අත්හරින්න බැරුව ඇති...
වැරදිකර නිවට වීරයන් සේ අත් මාංචු පෙන්වීමෙන් මෙම පරයන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? අනාගත පරපුරට මේ ලබාදෙන්නේ මම නිවටයෙක් වුණත් වීරයෙක් බව පෙන්වීම නොවේද? මේ වගේ අය සදහටම ඇතුළට දැම්මත් පව් නැත.
රිමාන්ඩ් යන්නෙත් වීරයෝ වගේ..!
ඇයි අවුල්ද? මේවගේ අය තමයි අපි ළඟ ඉන්නේ... ඊළඟ අපේ නායකතුමා ආවම බලාගමුකෝ...
මෙයාලා ඔක්කොම එලවලා වැදගත්, සුදුස්සන් ටිකක් පත් කරන එක ජනතාවගේ අතේ තියෙන්නේ. අවුරුදු 71 තිස්සේ කරා වගේ මේ පාරත් පක්ෂ දෙක මාරු කළොත් මේ වගේම සෙට් එකක් අායෙත් ඉඳීවි...
වැරදි කරලා අත්අඩංගුවට ගත්තම යන්නේ හරියට ඡන්දෙ දිනලා වගේ....
ඡන්ද දායකයින් තමා පත්කර ගන්නා නියෝජිතයා ගැන හරිහැටි නොදැන කරන වැරදි වල ප්‍රතිඵල. ඉදිරියටවත් තමා පත්කරගන්නේ කවුරුන්ද? ඔහුගේ සුදුසුකම්, නොසදුසුකම් ගැන හරි හැටි විමසා බලා කටයුතු නොකළොත් අනාගත පරපුරට රටක් නැත.
මෙතුමා තමයි කුරුණෑගල හරක් මස්කඩ වැහුවේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. නියම කොල්ලෙක්... හැබැයි එතුමාමනේ ඊළඟ සතියේ ඒවා විවෘත කලේ. හිතාගන්න පුළුවන්නේ හම්බ කරන ක්‍රමය...?
ලංකා දේශපාලනයේ ඉහළට යන්න නම් මේ කඩයිම් පහුකරන්න ඕනෑ... ජයවේවා..!
ලැජ්ජා නැතිව අත් උස්සලා පෙන්වන්නේ ආයිත් රට කන්න දෙන්න කියලද?
ඔක්කොම හොරු හොරවැඩ, ජඩවැඩ කරලා අහු වුණාම අත්දෙකම උඩට උස්සලා අපිට පෙන්නන්නේ මහා ලොකු වීරකමක් කරපු එවුන් වගේ... මොවුන්ට ඡන්දෙ දෙන අයට ගහන්න ඕනේ ...!!!
ගෝඨාටම ආවේනික ගෝලයන්...
මා කුඩාකල සිට දන්නා මෙතුමා ඉතා හොඳ පුද්ගලයෙක්. මහින්ද-ගෝඨා පිලේ නිසා මෙය දේශපාලන පලි ගැනීමක්. සාලින්ද දිසානායකගේ අභාවයෙන් පුරප්පාඩු වුණු මන්ත්‍රී පදවියට සාධාරණය ඉටු කරන්න පහුගිය දවස්වල ලොකු වැඩ කොටසක් කරමිනුයි හිටියේ...
මේ 225 නඩේට කිසිම ලැජ්ජාවක් නැහැ. ජඩ වැඩ කරලා අහුවුණාම බන්ධනාගාර රියට නගින්නේ. සැලුට් ගහලා, අතේ ඇඟිල්ල ඉහලට ඔසවන්. ඔය ඇඟිලි පහළ අතට හරවන්න. නමගිය මත්ද්‍රව්‍ය විකුණපු අය, අසුවුණාම පොලිසියෙන් අරන් යනකොට... ඒ කට්ටිය මුහුණ වහගන්නවා.. මේ කට්ටිය දත් 32ම එළියට දා ගන්නවා. මොලේ තියෙන කෙනා කවුද කියලා හොයාගන්න පහසුයි. ජාතික අැඳුමටත් ලැජ්ජයි. මොවුන් කවදා හැදෙයිද? හැදෙන්න විදියක් නැහැ... හෙට රෝහලට යයි. හවසට ඇප දෙයි...
චෝදනාවක් තිබූ පලියට වැරදි කරුවෙක් නොවෙයි... නමුත් වැරදිකරුවෙක් වූ දාට මෙයාගේ නායකයින් මෙයා ගැන ගන්න තීරණ අපි බලාගෙන ඉඳිමු.
මෙවැනි ඉතිහාසයේ පක්ශපාතීම අධිකරණයක් ආණ්ඩුවට ඕන තීරණ දෙන අධිකරණයකින් ඇත්ත බලාපොරොත්තුවෙන්න බෑ
ඔබලා අහලා තිබෙනවාද මෙවැනි මංකොල්ල කරුවන් රටේ සිවිල් සේවයේ තබා ගන්න වෙන කිසියම් රටක් ? ඔහොම අය තියාගෙන රට පාලනය කරන්න බලය ඉල්ලන අය ගැන හොඳට හිතන්න. හරි දේ නොකලොත් රට ජාතියට කරන්නේ රාජකීය අපරාධයක් .
මේවා නායකයන්ගේ වගේම ඡන්ද දයකයන්ගේත් වැරදි. බූරුවන් රැලකට බූරුවා මිසක් වෙන එකෙක් නායකයා වෙන්නේ නෑ. ඒ වගේම තමයි ජඩ ජාතියකට ලැබෙන නායකයෝත් ඒ වගේම තමයි..
මිනිස්සු පොල්පිතිවලට ඡන්දේ දුන්නම ඔහොම වෙනවා. මෙයා ඡන්දේ දිනලා වගේ යන්නේ... මිනිස්සුන්ගේ ගොන්කම නිසා...
නාගානන්ද මහතා කියනදේ ඇත්ත නේන්නම්..
අපි හැදෙන ජාතියක් නෙවෙයි. වැරැද්ද මොවුන්ගේ නෙවෙයි.. අවුරුදු 70 තිස්සේ මේ අයව පාර්ලිමේන්තු යවන අපෙයි.
අපි පත්කරලා යවපු ජාතික වීරයන්ට ඇයි මෙහෙම කළේ? මේවා විදේශීය කුමන්ත්‍රණ. අපේ අය හිරේ දානවා. බොරු චෝදනා කරනවා. ඔය ඡන්දෙට ඉල්ලන්න. අපි ඔයාට ඡන්දෙ දෙනවා. අයියෝ මට නම් වාවන්නේ නැහැ. කන දේවල් උගුරෙන් පහළට යන්නේ නැහැ. අයියෝ...
ඉන්නේ වීර ක්‍රියාවක් කළා වගේ. වසර 70ක්ම, මේ වගේ අය රට විනාශ කළා.
මේ වගේ අය ආපහු නිදහස් කරන්න හොඳ නැ. අනික තනතුරින් අයින් කරන්න ඕන.