( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුනිල් තන්ත්‍රිආරච්චි )
කළුතර වස්කඩුවේදී ලංගම බසයක් සහ පෞද්ගලික බසයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 6 දෙනකු මිය ගොස් තවත් පනස් දෙනකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.
මිය ගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනකු සිටින බවද පොලීසිය පවසයි.
තුවාලකරුවන් පානදුර හා කලුතර රෝහල්වලට ඇතුළු කර තිබේ. බරපතල තත්ත්වයෙන් පසුවන කිහිප දෙනකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
මුලතිව් සිට තංගල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බසයක් හා ඇල්පිටිය සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු ඇල්පිටිය ඩිපෝවට අයත් ලංගම බසයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදු වී තිබේ.
අනතුර සිදුවූ අවස්ථාවේදී සිට උදෑසන 7 පමණ වන තුරු පැය දෙකහමාරකට අධික කාලයක් ගාලු පාර වසා දැමුණු අතර රථ වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කර වීමටද උතුරු කළුකර පොලීසිය කටයුතු කර තිබිණි.
(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්
කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
යුද ගිනි නිවී සාමය පිරුණු ලෝකයක සියලු ජාතීන් සහ මිනිසුන් අතර සාමය, සංවර්ධනය සහ ගෞරවය ඇති කිරීමට බෞද්ධ දර්ශනයේ ආභාසය ලබා ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදුකළ බව කියන තුසිත හල්ඔළුව නැමැත්තාට හෙට (7) පෙරවරු 10.00 ට අපරාධ පරී
පුද්ගල ඝාතන , ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධව විදෙස් ගතව සැඟව සිටියදි අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බස් අනතුරින් 6 ක් මරුට:50 ක් රෝහලේ
Praba Sunday, 04 August 2019 04:47 AM
බස් රථ, ත්‍රිරෝද රථ, මෝටර් බයිසිකල්, හමුදා රථ ඇතුළු බොහෝ වාහන මාර්ග නීති කඩද්දී පොලීසියේ මහතුන් ඔහේ බලා ඉන්නවා. ඉතින් අවනීතිය පාරේ සාමාන්‍යකරණය වීම හා අහිංසක ජනතාවට වන්දි ගෙවීමට වීම පුදුමයක් නොවේ.
සෙනෙවිරත්න Sunday, 04 August 2019 04:51 AM
මේ තංගල්ල බස් එක දුවන්නේ සාටකේ පරණ ගැම්මට, මෙයාලට මාර්ග නීති අදාල නැහැ. මේ රූට් එකේ යන ඕනේ කෙනෙක් දන්නවා මේවා යන වේගේ... මතක ඇතිනේ සොමාවතී ගියපු බස්රථ අනතුරින් වෛද්‍යවරියක් මියගියා...
KamalMonday, 05 August 2019 01:21 AM
සෙනෙවිරත්න හැමදේටම දේශපාලනය ගාවගන්න එපා. හැමෝම දන්නවා වැරැද්ද ලංගම බස් එකේ කියල
JCN Sunday, 04 August 2019 06:06 AM
බස්රථ රියැදුරු අසුන්වල සිටි අම්බරුවන් දෙදෙනාත් පරලොව නම් සැනසීමයි. මේ සිතුවිලි ම්ලේච්ඡයි තමයි. සියල්ල පිරිහිණු රටේ බස් රියැදුරොයිෙ, කමෙන්ට් දාන අපියි පිරිහෙන්නේ නැතුව හිටියොත් අප්සට්නේ...
Roshani Sunday, 04 August 2019 06:18 AM
මේ අය බස් අරන් යන්නේ යක්කු වගේ... මේ රූට් එකේ යන කවුරුත් දන්නවා මේ අය බස් එළවන හැටි. මිනිස්සු ගැන හිතන්නේ නැහැ.
Sunil Sunday, 04 August 2019 06:37 AM
බස් රියේ රියදුරු විතරක් මියගියා නම් හොඳයිලු නේ...
Raveendra Sunday, 04 August 2019 08:39 AM
හරකුන්ට, බල්ලන්ට රිය පැදවීමට බලපත්‍ර ලබාදෙන ලෝකයේ එකම එක රට... අපගේ මාතෘභූමිය වීම මොන තරම් ආඩම්බරයිද?
weerasinhga Monday, 05 August 2019 02:09 AM
මියගිය අයට නිවන්සුව ලැබෙිවා.! අනතුරින් තුවාල ලැබු අයට ඉක්මන් සුවය ලැබෙිවා.!