( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුනිල් තන්ත්‍රිආරච්චි )
කළුතර වස්කඩුවේදී ලංගම බසයක් සහ පෞද්ගලික බසයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 6 දෙනකු මිය ගොස් තවත් පනස් දෙනකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.
මිය ගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනකු සිටින බවද පොලීසිය පවසයි.
තුවාලකරුවන් පානදුර හා කලුතර රෝහල්වලට ඇතුළු කර තිබේ. බරපතල තත්ත්වයෙන් පසුවන කිහිප දෙනකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
මුලතිව් සිට තංගල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බසයක් හා ඇල්පිටිය සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු ඇල්පිටිය ඩිපෝවට අයත් ලංගම බසයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදු වී තිබේ.
අනතුර සිදුවූ අවස්ථාවේදී සිට උදෑසන 7 පමණ වන තුරු පැය දෙකහමාරකට අධික කාලයක් ගාලු පාර වසා දැමුණු අතර රථ වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කර වීමටද උතුරු කළුකර පොලීසිය කටයුතු කර තිබිණි.



(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් රථ, ත්‍රිරෝද රථ, මෝටර් බයිසිකල්, හමුදා රථ ඇතුළු බොහෝ වාහන මාර්ග නීති කඩද්දී පොලීසියේ මහතුන් ඔහේ බලා ඉන්නවා. ඉතින් අවනීතිය පාරේ සාමාන්‍යකරණය වීම හා අහිංසක ජනතාවට වන්දි ගෙවීමට වීම පුදුමයක් නොවේ.
මේ තංගල්ල බස් එක දුවන්නේ සාටකේ පරණ ගැම්මට, මෙයාලට මාර්ග නීති අදාල නැහැ. මේ රූට් එකේ යන ඕනේ කෙනෙක් දන්නවා මේවා යන වේගේ... මතක ඇතිනේ සොමාවතී ගියපු බස්රථ අනතුරින් වෛද්‍යවරියක් මියගියා...
බස්රථ රියැදුරු අසුන්වල සිටි අම්බරුවන් දෙදෙනාත් පරලොව නම් සැනසීමයි. මේ සිතුවිලි ම්ලේච්ඡයි තමයි. සියල්ල පිරිහිණු රටේ බස් රියැදුරොයිෙ, කමෙන්ට් දාන අපියි පිරිහෙන්නේ නැතුව හිටියොත් අප්සට්නේ...
මේ අය බස් අරන් යන්නේ යක්කු වගේ... මේ රූට් එකේ යන කවුරුත් දන්නවා මේ අය බස් එළවන හැටි. මිනිස්සු ගැන හිතන්නේ නැහැ.
බස් රියේ රියදුරු විතරක් මියගියා නම් හොඳයිලු නේ...
හරකුන්ට, බල්ලන්ට රිය පැදවීමට බලපත්‍ර ලබාදෙන ලෝකයේ එකම එක රට... අපගේ මාතෘභූමිය වීම මොන තරම් ආඩම්බරයිද?
මියගිය අයට නිවන්සුව ලැබෙිවා.! අනතුරින් තුවාල ලැබු අයට ඉක්මන් සුවය ලැබෙිවා.!