( තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි මධ්‍යම වායු සමීකරණය පද්ධතිය යළිත් වරක් අක්‍රීයවීමෙන් එහි ශල්‍යාගාර 6 ම අද (7) වසා දැමීමට සිදු වී තිබේ.
මේ හේතුවෙන් පොරොත්තු ලේඛනයට අනුව අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ රෝගීන් 30 දෙනෙකුගේ පමණ ශල්‍යකර්ම නවතා දැමීමට සිදුව ඇත..
වසර 20 ක් පමණ පැරණි රෝහල් වායු සමීකරණය පද්ධතිය වරින්වර අක්‍රීයවීම මත මීට කෙටි කාලයකට පෙරද මේ ආකාරයටම සියලුම ශල්‍යාගාර වසා දැමීමට සිදුවීම මත සාමාන්‍ය වායුසමීකරණ සවිකොට ඇති නමුත් මින් ආසාධිත තත්ත්වයන් ඇති වියහැකි බව ශල්‍යාගාර කාර්ය මණ්ඩලය පෙන්වා දුන් අතර මධ්‍යම වායු සමීකරණය පද්ධතියක් අලුතින් ලබාදීම වෙනුවට පැලැස්තර විසදුම් ලබා දීමෙන් මෙවන් තත්ත්වයක් උදාවී ඇති බවද පැවසූහ.
පවතින මෙම අයහපත් තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ රෝහල් ශාඛාව මගින් මාධ්‍ය දැනුවත් කිරීමක් කළ අතර මෙහිදී ශාඛා සභාපති වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ මහතා කියා සිටියේ, රෝහල් ශල්‍යාගාර සදහා ඉතා අවශ්‍ය මධ්‍යම වායු සමීකරණය පද්ධතිය අලුතින් ලබාදීම වෙනුවට සාමාන්‍ය වායුසමීකරණ ලබාදීමෙන් ඵලක් නොවන බවය. රෝහලෙහි පවතින අයහපත් තත්ත්වය සොයා බැලීම සඳහා පසුගිය දිනෙක පළාත් ලේකම් වරයා, පළාත් සෞඛ්‍ය ලේකම් වරයා ඇතුළු බලධාරීන් පිරිසක් නිරීක්ෂණය කළද අවශ්‍යතා නිසි පරිදි ඉටු කිරීමට පියවර ගෙන නොමැති බවද සභාපති වරයා කීය .
මෙම රෝහලෙහි අඩුපාඩු රාශියක් පවතින බව මෙහිදී වෛද්‍ය සංගමයේ ගම්පහ ශාඛා උප සභාපති වෛද්‍ය ප්‍රියන්ත ශිරෝමන් මහතා පැවසු අතර රෝහල මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
ශල්‍යාගාර කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුම පවසා සිටියේ අසරණ රෝගීන් වෙනුවෙන් පවතින අවශ්‍යතා සපුරාලීමට කඩිනමින් පියවරගත යුතු බවය.
ශල්‍යකර්ම නවතා දැමීමෙන් පසුව සිදුවු අපහසුතාවය පිළිබඳව රෝගීහු කිහිප දෙනෙකුම අදහස් දැක්වූ අතර එක් රෝගී කාන්තාවක් පවසා සිටියේ තමන් ශල්‍ය කර්මයක් සදහා මාස එකහමාරක කාලයක් පොරොත්තු ලේඛනයේ සිටි බවය.
පවතින මෙම අයහපත් තත්ත්වය හේතුවෙන් සතියකට දින දෙකක් රෝහලෙහි අක්ෂි ශල්‍යකර්ම 80 ක් පමණ සිදු කෙරෙන බැවින් ඒ සියල්ලද නතර කිරීමට සිදුවනු ඇති බවද දැනගත හැකි විය.
ශල්‍යාගාර සියල්ල වසා දැමීමට සිදුවීම සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ මහතාගෙන් කළ විමසිමේදී පවසා සිටියේ , මධ්‍යම වායු සමීකරණය පද්ධතිය අලුතින් සවිකරලීම සඳහා අදාල අංශ දැනුවත් කර ඇති බවත් ඒ සදහා කටයුතු සිදු වෙමින් පවතින බවත්ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මහ ලොකු සුවපති?
කෝ සුවපති?
අර ජනාධිපති වෙන්න ආසයි කියන දත් දොස්තර ඇමති කියන්නේ ඔහු විසින් ලංකාවේ සෞඛ්‍ය සේවාව ඉහළ දැම්මා කියලයි... මම හිතන්නේ. දිස්ත්‍රික් රෝහල් ගැන නෙවෙයි ඔය කියන්නේ, වෙන කොහේ හරි තියෙන රෝහල් ගැන වෙන්නැති...
එතකොට මේක කරවලා කොන්ත්‍රාත්කාරයගෙන් ගසාකාපු දේශපාලකයා කව්ද? එයාට අඩුමගානේ පිළිකාවක්වත් නැද්ද?
මන්ත්‍රීවරුන්ට ලක්ෂ 2 දීමනාව දෙන්න. පව් ඒ අසරණ මිනිස්සු. මේ වගේ රජයේ රෝහලකට එන්නේ සල්ලි තියෙන මිනිස්සු... එ්ක නිසා රජයේ රෝහල් ටික වහලා දැම්මත් කමක් නැහැ.. ඡන්දෙ දෙන බූරුවන්ට කියලා වැඩක් නැහැ. ඒ අයට මොලයක් නැහැ..
ප්‍රධාන ප්‍රශ්නය මේවා ක්‍රමානුකූලව නඩත්තු නොකරන එකයි.
මෙවැනි විශාල බරපතල අඩුපාඩු තියෙද්දීද සිසුන්ට ටැබ් දෙන්නේ? හරියට රටට සේරම කළා වගේ මේ ආණ්ඩුවේ කතාවල්...
තව ලොකු දේශපාලුවෙක් එයාට ලොකු වාහනයක් ඉල්ලුවා. ප්‍රාදේශීය සභාවල වාහන ලැබුණේ නැති අයට වාහන දෙන්න කටයුතු කරනවා. අර තුෂාර කියනවා වගේ අයට ඔලුවක් නැහැනේ කලපනා කරලා ඡන්දය හොඳ කෙනෙකුට දෙන්න.
රාජිතට කියන්නකෝ. නැවක් විකුණලා දහලා දෙන්න කියලා..
අත්‍යාවශ්‍ය දේ හදනවාට වැඩිය වටිනවනේ රජයේ මුදල් හොරකම් කරගෙන කෞතුකාගාර, සොහොන් ගෙවල් හදන එක...
ගම්පහ ජනතාවම නේද සුවපතිගේ කටකාර පුතාවත් පාර්ලිමේන්තු යැව්වේ?
කුමන ආකාරයකින් හෝ රෝහලතුළ පවතින සෞඛ්‍ය සේවය කඩාකප්පල් කරමින් රෝගීන් අපහසුවට පත් කරමින් ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම මේ වෙද මාෆියා සංවිධානයේ අරමුණයි. රෝහල තුළ සිදුවන නඩත්තු කටයුතු සඳහා රෝහල් අධ්‍යක්ෂකවරයා ඍජුව වගකිව යුතු වෙනවා. සමහරවිට, පෞද්ගලික සෞඛ්‍ය සේවයේ නිරතවන රෝහල් අධ්‍යක්ෂකවරයා රෝහල තුල සිටින කාල සීමාව, සීමා සහිත හෙයින් ඔහුට මේ පිළිබද යම් ක්‍රියාමාර්ගයක් කලින්ම ගැනීමට නොහැකි වන්න ඇති. මම මේ ඩොක්ටර් මාෆියා සංවිධානයෙන් අසන්නේ, ලොව කුමන රටකද එම රටේ සෞඛ්‍ය ඇමතිවරයා රෝහලක නඩත්තු කටයුතු ගැන පෞද්ගලිකව සොයාබලා කටයුතු කරන්නේ? සෞඛ්‍ය ඇමතිට දොස් පවරා පෞද්ගලික රෝහල තුළට රෝගීන් එක්කාසු කරමින් මුදල් ගැරීම මේ කුඨ සංවිධානයේ අරමුණයි. එය මේ රටේ මේ සංවිධානයට ආවඩන පල් මෝඩයින් වටහා ගත යුතුයි.
වායුසමීකරණ පද්ධති හොඳින් ක්‍රියාකරන රජයේ රෝහල්වලත් ශල්‍ය කර්ම සිදුවෙන්නේ ඔහොම තමයි. ලංකාවේ දූෂිතම රාජ්‍ය නිලධාරීන් සිටින්නේ රජයේ රෝහල් තුළ බව මේ රටේ ජනතාව අවබෝධ කරගෙන හමාරයි. මේ මාෆියාවට යටවී සිටි "කොන්ද පණ නැති" සෞඛ්‍ය ඇමතිවරයා හැර අන් සියලුම සෞඛ්‍ය ඇමතිවරු සමග ගැටුම් ඇතිකරගෙන තමන්ගේ රාජකාරිය පැහැර හරිමින් ඔවුන්ගේ මාෆියාව ක්‍රියාත්මක කිරීම මේ මාෆියා කල්ලියේ ස්වභාවයයි.
රජයේ රෝහල්වල තියන වායු සමන පද්ධති (සමීකරණ එහෙම නෙවි හොඳද...) සහ ලිෆ්ට් නඩත්තු කරන්නේ විදුලිබල මණ්ඩලයෙන්... රාජ්‍ය අංශයේ තියන අකාර්යක්ෂමතාවය මේ හැමදේටම බලපානවා. අනික දියවන්නාවේ ලිෆ්ට් අලුතින් සවිකරන්න තියන උනන්දුව මේවට කොහොමත් නැහැ.
බොහොම කණගාටුදායක තත්වයක්...