IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


සෙල්ලම් පිස්තෝල නඩුවේ නගරාධිපතිට වසර 5ක සිර දඬුවම්

(චන්ද්‍රසේන ගමගේ) 
 
හම්බන්තොට  නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ එම නඩුවේ චූදිතයකු වූ ප්‍රේමසිරි පරමාන යන මහත්වරුන්ට  බරපතල වැඩ ඇතිව වසර 05 ක සිර දඬුවමක්  ලබා දෙන්නැයි හම්බන්තොට  මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා   අද (02)  නියෝග කළේය.

නඩුවට අදාල සෙසු සැකකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

තුවාන් රම්සාන්, මධූෂ නිලාන්, බිංදු ශ්‍රී වර්ණසිංහ  යන තිදෙනා මෙලෙස නිදොස් කෙරිණි.

2014 වසරේදී  හම්බන්තොට වරාය නිරීක්ෂණය කිරීමට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගල් මුල්වලින් පහර දීම, සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජන කිරීම  ඇතුළු  චෝදනා රැසක් ඔවුනට  එල්ල වී තිබිණි.
 
විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ යූර් ආර්ද සිල්වා, පැමිණිල්ල රජයේ අධි නීතීඥ නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දීලීප පීරීස් සහ නීතීඥ ගයාන් පෙරේරා යන මහත්වරු පෙනී සිටියහ.

(ඡායාරූප - සනත් ගමගේ ) 



අදහස් (45)

සෙල්ලම් පිස්තෝල නඩුවේ නගරාධිපතිට වසර 5ක සිර දඬුවම්

නෙවිල් Friday, 02 August 2019 07:06 AM

දැන් තේරෙනවා ඇති සෙල්ලමට වුණත් තර්ජනය කරන එක සෙල්ලමක් නොවෙයි කියලා.

:       0       61

Ajith Friday, 02 August 2019 07:08 AM

අයි මොවුන්ට මහත්වරු කියලා දාන්නේ...? මොවුන් තමයි රට අද මේ තත්වෙට පත් කරපු අය.. හැබැයි අනික් සේරම එළියට යද්දී පුදුමයි. මොවුන්ට විතරක් දඬුවම් දුන්නා.

:       0       199

Lion Friday, 02 August 2019 07:12 AM

ශිෂ්ඨත්වය අගය කරන මිනිසුනේ... ශ්‍රේෂ්ඨ නඩුකාරවරුන් අප අධිකරණයේ තවමත් ඉතිරිව ඇත.

:       0       25

Raveendra Friday, 02 August 2019 07:12 AM

මෙවන් පාදඩයන්ට නිසි දඬුවම් ලබාදීම පිළිබඳව ගරු අධිකරණයට අපගේ හිසනමා ආචාර්ය කරන්නෙමු. මෙවන් අවජාතක කාලකන්නින් සමාජයෙන් පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කළයුතුයි..

:       0       242

ලුම්බිණි Friday, 02 August 2019 07:22 AM

අවුරුදු 10කට හිරේ දාන්නයි තිබුනේ...

:       318       339

Sinha Friday, 02 August 2019 12:46 PM

දොස්තර සාෆිලා ඇපපිට නිදහස් පිස්තෝලේ පෙන්නපු එකා හිරේ.. මහබැංකුව කාලා රටේ මුළු ආර්ථිකයම මරපු වුන් නිදැල්ලේ. මොනවද ඔබට හිතෙන්නේ? බත්කන හරක් මේ රටේ ඉන්නකන් මේ රට හදන්න බැහැ. දේශපාලන මන්ද බුද්ධිකයන්...

:       514       445

සෙනෙවිරත්න Saturday, 03 August 2019 02:00 AM

අධිකරණය දඬුවම් නියම කරන්නේ සාපේක්ෂව කටයුතු කරමින්ද නැතිනම් අදාල සිද්ධිය සලකාද? මහබැංකුව සම්බන්ධයෙන් ඇති නඩුව සමග ගෝඨාභය සොහොන් හැදීම, වීරවංශ පාස්පෝට්, බැසිල් නඩු වැනි සිද්ධීන් ගණනාවක් ඇදෙමින් පවතී.

:       6       145

අප්ප්‍රහාමිSaturday, 03 August 2019 03:12 AM

අවිස්සාවේල්ලේ සිට කොළඹ යන පරණ පාරේ නුඹට නැවතීමට සුදුසු රෝහලක් තියෙනවා. ඔය අසනීපයට එහි අවුරුදු 5ක් වත් නවතින්න වෙනවා. ඉක්මන් කළොත් හොඳයි.

:       38       6

Ajith NissankaSaturday, 03 August 2019 03:09 PM

අපට නම් හිතෙන්නේ එක තක්කඩියෙක් හරි ඇතුළට යවා ගත්ත එක ගැන සතුටක් මිසක් වෙන මොකක්ද? දොස්තර සාෆිලා ඇතුලට දාන්නේ කොහොමද? ඒක විද්‍යානුකූලව පරීක්ෂණය කරන්න උසාවියෙන් කියන කොට පැමිණිලි පාර්ශවයෙන් කෝඳුරු තෙල් හත්පට්ටයක්ම ඉල්ලන කොට..!

:       0       28

Charitha Friday, 02 August 2019 07:23 AM

මොනවද ඉතින් හෙට වෙනකොට අසනීප වෙලා රෝහල් ගත වෙයි. අනික ඡන්දයකුත් ළඟ එනවනේ...

:       0       86

lalithm Friday, 02 August 2019 08:02 AM

යහපත් ප්‍රවණතාවක්. නීතියේ ආධිපත්‍ය රජකරන බවට සහතිකයක්...

:       1       207

Hafeel Friday, 02 August 2019 08:42 AM

ඒ වුනාට මේ ජනාධිපති ඔහුගේ බලතල භාවිතා කරමින් නිදහස් කළත් පුදුමයක් නැහැ. මේ ජනාධිපති ඔහුගේ බලතල භාවිතා කලේ රටේ යහපතට නොවේ.

:       180       377

PriyanFriday, 02 August 2019 12:59 PM

නීතිය විපක්ෂයට මම හොඳින් ක්‍රියාත්මක වෙනවා.

:       67       57

RawanaFriday, 02 August 2019 02:05 PM

දවල්ද?

:       3       3

Ratnamalala Friday, 02 August 2019 08:04 AM

මේ වගේ දේශපාලන ගණන්කාරයින්ට ලැබිය යුතු නියම දඬුවම ලැබිල තියෙනවා. අනෙකුත් අහංකාර, මෝඩ දේශපාලුවන් දැන්වත් සිහියෙන් කටයුතු කළොත් ගොඩ...

:       0       217

Mahee Friday, 02 August 2019 08:30 AM

අපි ආපු ගමන් එළියට ගන්නවා කියලා හිතන අයගේ අදහස් එනතුරු මග බලාගෙන ඉන්නේ මං...

:       9       121

athuraFriday, 02 August 2019 01:49 PM

අන්න කතාව...

:       0       3

සඳුන් Friday, 02 August 2019 08:43 AM

ඡන්දෙට කලින් මෙයාටත් සමාවක් හම්බ වෙයි...

:       36       20

Banda ayya Friday, 02 August 2019 08:55 AM

මහරජාගේ මෝඩ ගෝලයින්ට හිතුණේ නැතිව ඇති දඬුවම් ලැබේවි කියා...

:       644       520

samFriday, 02 August 2019 09:24 AM

ඔය ප්‍රවණතාවය ලංකාවේ පටන්ගත්තේ ධර්මිෂ්ට රජා 77දී පොලීසියට නිවාඩු දීලා නඩුකාරයින්ගේ ගෙවල්වලට ගල්ගැස්සුවට පස්සේ. ඒවා රාජ්‍යානුග්‍රහයෙන් කෙරුණාම ඉතුරු අයත් වැඩ පටන් ගත්තා. මේ මම වරදිකරුවන්ව නිදොස් කරනවා නෙවෙයි... නමුත් ඉතිහාසය අමතක කරන්නත් බැහැ. ඒ වගේම කුමාර කරුණාරත්න මහතාගේ අසුර භවන පොත කියවපු කෙනෙක්ට මතක ඇති එහි තිබෙන කතාවක්. 65 ඡන්දෙ දිනපු අය පැරදුනු අයගේ (ගමේ හාමුදුරුවන්ගේද ඇතුළුව) ඔලු පැලුවය, ඒකට හරියන්න ඊගාව ආණ්ඩුව ආවම ඒ ගොල්ලන් කලින් අයට රිටර්න් දුන්නාය කියලා. කවුද හරි කවුද වැරිද? තව ආපස්සට යනකොට කියවෙනවා පාරේ ගස් කපලා දාලා අලි එවලා ඡන්ද දායකයින්ට ඡන්දෙ දාන්න නොදීපු අතීත ලංකාවක් ගැණත්... ලංකාවේ දේශපාලන ඉතිහාසය තමයි වර්තමානය බිහිවන්න හේතුව... වැරැද්දට මේ දඬුවම් හොඳයි නමුත් කුරුඳු පොලු හමුදාවටත් මේ වගේම දඬුවම් දුන්නා නම් හරි.

:       491       570

suddaFriday, 02 August 2019 10:43 AM

ඩිස්ලයික් දාන්නේ ඉතිහාසය ඕනේ නැති නිසාද... නැත්නම් වෙනත් හේතුවක් නිසාද?

:       16       26

වලිසුන්දරSaturday, 03 August 2019 06:18 AM

65 මැතිවරණයෙන් දිනුවේ ගරු ඩඩ්ලි සේනානායක මැතිතුමා. එතුමා කිසිවෙක්ට හිංසාවක් කල අයෙකු නොවන බව සෑමදෙනාම පිළිගත් දෙයක්... මැතිවරණ ප්‍රචණ්ඩත්වය මුලින්ම පටන්ගත්තේ 1970 මහ මැතිවරණයෙන් පස්සේ.. ඒ කාලේ ඇතිකල පීඩාවේ දරුණුකම නිසානේ 1977 මැතිවරණයෙන් ජේ.ආර්. හ‍යෙන් පහක බලයක් ඇතිව පත්වුනේ. 1970 මැතිවරණයෙන් පසුව තමයි පක්ෂ සාමාජික කාඩ්පතක් නැතිව රජයේ රැකියාවක් ගන්නත් බැරිවුනේ.. මම මෙය කියන්නේ අත්දැකීමෙන් මිස කිසිවෙකු කියනවාට නොවේ. (1970 මැතිවරණයෙන් පසුදා තමයි එක් දිසාපති කාර්යාලයක තිබුණු අගමැති සේනානායක මැතිතුමාගේ පිංතූරය එක් ක්‍ලාක් කෙනෙක් දිසාපතිගේ මේසයට නැගලා අරගෙන පොලොවේ ගැසුවේ)

:       0       20

RamaniSaturday, 03 August 2019 11:45 AM

65 ඩඩ්ලි පුද්ගලිකව අහිංසක වුණාට ඔහුගේ ආණ්ඩුවේ හැමෝම අහිංසක වුණේ නැහැ. ඊරියගොල්ල ගුරු දඩයමෙන් පලිගත්තෙත් ඒ ආණ්ඩුවෙදීම තමයි. ඒ කතාව මුළු ලංකාවම දන්නා දේවල්. ඩඩ්ලි ඒවා නැවැත්තුවේ නැහැ. නැත්නම් නවත්වන්න බලයක් තිබුනේ නැහැ. ඒ වගේම අගලවත්ත වගේ ආසනවලත් මැරකම් තිබුණා. ඒ නිසා 1965 ආණ්ඩුව ආවම ඡන්ද පලිගැනිලි නොතිබුණු බව කීම නිවැරදි නැහැ..

:       1       9

c ranasinghe Friday, 02 August 2019 09:17 AM

ගොඩක් හොඳයි..!!!

:       0       37

Amila Friday, 02 August 2019 09:22 AM

අරයා ඉතින් සමාව දෙයි. මෝඩ ගමයනේ..!

:       281       352

asokaFriday, 02 August 2019 09:57 AM

මෙයා ශ්‍රීලනිපයේ බෙලිඅත්ත සංවිධායක...

:       0       25

AmilaFriday, 02 August 2019 03:01 PM

එහෙනම් පොඩ්ඩක් උණුසුම නිවුනු ගමන් අනිවා දේවී... මාස කීපයකට උඩදීත් ප්‍රාදේශීය සභාවක අල්ලස් ගත්තු කෙනෙක් මෝඩ ගමයා එළියට දැම්මනේ...

:       0       11

sunil Friday, 02 August 2019 10:09 AM

මහින්ද රාජපක්ෂ 2015 පැරදුනේ විදේශීය බලපෑම් නිසා නොව, දේශපාලන මැරයින් නිසයි.

:       0       111

Rata PerataMonday, 05 August 2019 08:38 AM

මහින්ද සහ රාජපක්ෂ කල්ලිය තමයි ඒවා ඇති කලේ. කුඩු කාරයන් සහ පාතාලය රැක්කේ...

:       0       0

Indika Friday, 02 August 2019 10:51 AM

තමන් අතට තම අතමය සෙවනැල්ල. දැන් ඔය කට්ටිය හිරේ යාවි. මෙහෙයවපු කට්ටිය එළියේ ඉඳීවි. දේශපාලනයට කඩේ යන අපේ එවුන්ට හොඳ පාඩමක්...

:       0       75

ajith Friday, 02 August 2019 11:32 AM

අවුරුදු 5කට හිරේ ගිහිනුත් මෙයාගේ හිනාවෙන් පෙන්නන්නේ රටේ නීතිය බාල්දු වෙච්ච තරම තමයි. මෙයා දන්නවා අායෙත් එළියට එන්න පුළුවන් කියලා.

:       0       56

Kanthi Friday, 02 August 2019 11:53 AM

සරම තව ටිකක් ඉස්සුවා නම් තමයි වැඩේ...

:       0       11

Gamage Friday, 02 August 2019 12:11 PM

ගෝඨාභයගේ ඊළඟ ආණ්ඩුව යටතේ මහ බැංකුව හොරා කාපු හොර හැත්තත් ජීවිත කාලයටම බරපතල වැඩඇතුව හිරේ යවත්වා කියලත් ප්‍රාර්ථනා කරමු.

:       42       115

athuraFriday, 02 August 2019 01:51 PM

රට්ටු හිනස්සන කතා කියන්න එපා මහත්මයා...

:       34       4

PrasadFriday, 02 August 2019 04:12 PM

ගමගේ මහත්තයා කියලා තියෙන දේ නම් හරියට හරි. අතුර, ඔයා රට්ටු හිනස්සන්නේ නැතුව සිරිකොතට කඩේ යන්නෙත් නැතුව ගමගේ මහත්තයා කියන්නේ මොකද්ද කියලා මොලේ පාවිච්චි කරලා හිතලා බලනවද? රෑට රෑට සිරිකොතට බඩගාන හින්දා මොලෙත් නැද්ද හිතන්න...?

:       1       14

AmilaFriday, 02 August 2019 03:11 PM

පිස්සුද? තමන්ගේ ඉහළ දේශපාලන පන්තියේ මිනිස්සුන්ට එහෙම වෙන්න දෙන්නේ නෑ. ප්‍රාදේශීය සභාවල අයට එහෙම වුණාට. එයාලත් එළියට ගන්නවා සමාව දීලා... වැඩිම වුනොත් දවස් කීපයක් ඇතුළට දාලා සංදර්ශනයක් විතරක් තියාවී... මේ ආණ්ඩුව ආපු කාලේ කළා වගේ. පොඩි උදාහරණ ටිකක් දෙන්නද, රිචර්ඩ්ද සොයිසා, 83 ජූලි කලබල, 1977 සිට 1994 පෙර දූෂණ වංචා, පොල්පරාල ඇණ ගහපු ඇමැතිලා ගැන 1994 ආපු ආණ්ඩුව දඬුවම් කරේ නැත. ඉන්පසු 2015 ආපු ආණ්ඩුව ලසන්තලා, එක්නැලිගොඩලා, සුදු වෑන්, අලුත්ගම සිද්ධිය, අශේන් චානකලා වගේ අය ගැන හෙව්වේ නැත. ඉතින් ඉස්සරහට එන ආණ්ඩුද එසේමය.

:       0       11

Chanak los angelesFriday, 02 August 2019 10:04 PM

එ්කේ අනෙක් පැත්ත වෙන්නේ. ඝෝටා එළියට දාලා තිබෙන පුරවැසි අහෝසි සහතිකය හොර එකක්... වෙනත් රටක පුද්ගලයෙකුට නිකුත් කල සහතිකයක් බලා එය හොරට වෙනස්කරමින් සාදා තිබෙන්නේ කුප්‍රකට දිලිත්ගේ ව්‍යාපාර ආයතනයෙන්. එහි සහතිකයේ අත්සන යොදා තිබෙන නිලධාරියා සේවය කරන්නේ ලංකා ඇමරිකානු තානාපති කාර්යාලයේ නොව වෙනත් රටකයි. ඔහු කිසිම දිනක ලංකාවේ සේවය කර නොමැති බව ලංකාවේ තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබෙනවා. ඒකයි මම කිව්වේ වෙන්නේ අනෙක් පැත්ත කියලා.

:       14       0

PiyalSunday, 04 August 2019 12:11 PM

චානක ඔයා ලොස් අැන්ජලීස් ඉඳලා ඔච්චර දෙයක් දන්නවා නම් ඕක අපිට කියන්නේ නැතුව පැමිණිල්ලක් දාන්නකෝ.. හොර සහතික හැදුවා කියලා. එතකොට ඒක කරපු කට්ටිය අත්අඩංගුවට ගනියිනේ... ලොස් ඇන්ජලීස් ඉඳලා සිරිකොතේ රෙදි හෝදනවට වැඩිය ඒක හොඳ නැද්ද?

:       0       34

mad hatter Friday, 02 August 2019 01:58 PM

ආචාර කරගෙන හිරේට යන්නේ හරියට මහා ලොකු වීරකමක් කරලා වගේනේ...? ඒ අස්සේ අනික් අයත් හුරේ දානවා. පිස්සු මිනිස්සු...

:       0       12

Chanak los angelesFriday, 02 August 2019 10:11 PM

එ්කනේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ කියන්නේ...

:       0       0

Saman Friday, 02 August 2019 05:05 PM

දේශපාලුවන්ට අත් පිටිපස්සට කරල මාංචු දාන්න බැරිද? මේක දැන් මහ විකාරයක් වෙලා.

:       0       13

Chanak los angeles Friday, 02 August 2019 10:09 PM

මෙවුන්ව පෝෂණය කලවුන්වද අායිමත් පත්කරමු කියන්නේ...

:       0       0

shan Saturday, 03 August 2019 05:08 AM

මාස කීයකටද දන්නැහැ..? මහින්දගේ බලය ආපුවම ආරක්ෂක ඇමති කරයි. සේරම එකයි..

:       0       7

boku sira Saturday, 03 August 2019 05:31 AM

ජාතික වීරවරයෙකි. මම ඔබට ඊළඟ වෙසක් දිනයේදී සමාව දෙනවා. මීට ලොකු සිරා...

:       0       1

dayaan Saturday, 03 August 2019 02:04 PM

සෙල්ලම් පිස්තෝලයකට වසර 5ක් නම් ඇත්ත පිස්තෝලයකට වසර 50,000ක් වත් දෙවි නේද? අබරන් ගොයියෝ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කඩු පිහි රැගෙන ඡන්ද මධ්‍යස්ථානය අසලට ආ 2ක් මාට්ටු
2025 මැයි මස 06 100 0

කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.


ජනපති මුළු ලොවටම බෞද්ධ දර්ශනයේ අගය කියයි
2025 මැයි මස 06 134 0

යුද ගිනි නිවී සාමය පිරුණු ලෝකයක සියලු ජාතීන් සහ මිනිසුන් අතර සාමය, සංවර්ධනය සහ ගෞරවය ඇති කිරීමට බෞද්ධ දර්ශනයේ ආභාසය ලබා ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර


තුසිත හල්ඔළුව හෙට සී.අයි.ඩීයට
2025 මැයි මස 06 486 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදුකළ බව කියන තුසිත හල්ඔළුව නැමැත්තාට හෙට (7) පෙරවරු 10.00 ට අපරාධ පරී


ලොකු පැටිගේ නිවසින් බෝම්බයක් හමුවෙයි
2025 මැයි මස 06 548 0

පුද්ගල ඝාතන , ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධව විදෙස් ගතව සැඟව සිටියදි අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධක


රනිල් යළි ඉන්දියාවට
2025 මැයි මස 06 600 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ තෙදින සංචාරයක් සඳහා අනිද්දා (8)පිටත්ව යයි.


අග්‍රාමාත්‍යවරිය - යුරෝපා සංගම් අතර සාකච්ඡාවක්
2025 මැයි මස 06 168 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ඨීඡ+ අධීක්ෂණ මෙහෙයුමේ කොටසක් ලෙස යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 791 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 205 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1246 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site