ජනපති පුටුවට ලොකු පොරයක් ජනාධිපති අපේක්ෂක ධූර සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ රැසක බරපතළ ගැටුම්කාරී තත්වයක් නිර්මාණයවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. 07 January 2024
පවුල් ලක්ෂ හතක් ණයට කයි රටේ ණයගැති භාවයෙන් පෙළෙන පවුල් තිස්එක් ලක්ෂ විසි නව දහස් තුන්සීයයෙන් පවුල් හය ලක්ෂ අනූහත් දහස් අටසීයක් ණය වී සිටින්නේ දිනපතා ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම සමීක්ෂණ වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පැවසීය. 06 January 2024
අධ්‍යාපනයේ වාහන 212ක් අතුරුදන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නමට ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 212 ක් අස්ථානගතවී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 05 January 2024
අධිවෙිගීයේ අනතුරින් බැංකු කළමනාකාරිණිය සහ මව මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම සිට බද්දේගම අතරලොරියක් සහ වෑන් රියක් ගැටී සිදු වූ රිය අනතරකින් මවක සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 04 January 2024
දිවිය ලෝකේ පෙන්නා හතක් මරුකටට යැවූ දේශකයා කවුද උග්‍ර විසක් ශරීර ගත වී මියගිය ගණන හතක් දක්වා ඉහළ ගොස් ඇත. අවසන්මරණ දෙක ඊයේ දින වාර්තා වූ අතර සරසවියට මෙවර තේරුණු සිසුවියක සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ තරුණයකු සයනයිඩ්වලට සමාන උග්‍ර වස වර්ගයක් ශරීරගත විමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 04 January 2024
විදුලි බලය -ඉන්ධන සැපයුම අත්‍යවශ්‍ය සේවා කරයි විදුලි බල සැපයුම, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 03 January 2024
විදුලි සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි සේවා අවශ්‍යතා සහ අඛණ්ඩව විදුලි සැපයීම පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු ඊයේ (2) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ලංකාව විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා පැවසීය. 03 January 2024
ජපානයේ ගුවන් යානා දෙකක් හැපිලා ජපානයේ ටෝකියෝ නුවර හෙනෙඩා ගුවන් තොටුපොළේ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් මහා අනතුරක් සිදුවිය. 02 January 2024
මුහුදුබඩ දුම්රිය කාල සටහනේ වෙනසක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාල සටහනේ වෙනස් කම් කිහිපයක් අද (1) සිට සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 01 January 2024
සැමට සුභ නව වසරක් වේවා ලංකාදීප පාඨක ඔබ සැමට සහ ලෝක වාසී සියලු දෙනාට ලබන්නා වූ වසර සාමය සතුට සෞභාග්‍ය සපිරි වාසනාවන්ත සුභ නව වසරක් වේවා! 01 January 2024
මව දරු තිදෙනා අභිරහස් ලෙස මියගිහින් මාලඹේ කහන්තොට පාර ප්‍රදේශයේ නිවසක මව පුතුන් දෙදෙනකු සහ දියණියගේ සිරුරු අද (31) අලුයම සොයාගත් බව පොලිසිය කියයි. 31 December 2023
වැටලීමක දී පොලිසිය වෙඩි: පී.සී මරුට:එස් අයිට තුවාල ජඹුරේගොඩ ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමක අද අලුයම වෙඩි ප්‍රහාරයක් ඒල්ල වීමෙන් දෙමටගොඩ පොලිස් විශේෂ අපරාධ විමරශණ කොට්ඨාසයේ සැරයන්වරයකු මියගොස් උප පොලිස් පරික්ෂකවරයකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි. 31 December 2023
පොලොන්නරුවට මහ වැසි සෝමාවතියත් යටවේ අධික වර්ෂාවත හේතුවෙන් ඓතිහාසික සෝමාවතිය රාජමහා විහාරස්ථාන පුද බිම සහ ඊට පිවිසෙන මාර්ග ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 30 December 2023
සූමාත්‍රා භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නෑ ඉන්දියන් සාගරයේ හටගත් රිව්ටර් මාපාංක 6.6 ක භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය පවසයි. 30 December 2023
කහවත්තේ මවගේ ඝාතකයා මාට්ටු:දියණිය නිදහස් කහවත්ත වැල්ලදුර වෙලේවත්තේ 71 හැවිරිදි තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් ගතව සිටි ඇගේ දියණිය නිදොස්කොට නිදහස් කරන්නැයි පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා අද නියෝග කළේය. 29 December 2023
ඉන්ධන - ගෑස් වරාය බද්දෙන් ඉවතට ඉන්ධන සහ ගෑස් සඳහා ලබන ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය අද (28) පැවසුවාය. 28 December 2023
බෙහෙත් වංචාවේ ලොක්කෝ එළියේ:පොඩ්ඩෝ ඇතුලේ “ඇමැති කිව්වා මං කළා” යැයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියේ පළමු සැකකාර, ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුගේ නීතිඥ ජාලිය සමරසිංහ මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ ඊයේ (27) පැවසීය. 27 December 2023
කතරගම ප්‍රධාන කපු රාලට ඇප ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී රත්නායක රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා මහතා අද නියෝග කළේය. 27 December 2023
කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා අත්අඩංගුවට ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන්, එම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී රත්නායක අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 27 December 2023
දේපොළ සොරුන්ට වෙඩි රත්මලාන ප්‍ර දේශයේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කර්මාන්ත ශාලාවක දේපොළ සොරාගැනීමට පැමිණි සොරුන් තිදෙනකුට දුම්රිය ආරක්ෂක නිලධාරින් කළ වෙඩි තැබීමකින් ඊයේ (26) එක් සැකකරුවකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව ගල්කිස්ස පොලිසිය කියයි. 27 December 2023
කෙහෙළියගේ ලියකියවිලි සී.අයි.ඩී බාරයට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බාල ඖෂධ ආනයනයට අදාළ යැයි කියන ලියකියවිලි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද බාර දුන්නේය. 26 December 2023
සී අයි ඩී ය කෙහෙළියගෙන් ප්‍රශ්න කරයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ තොගයක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවෙසට ගොස් ඔහුගෙන් අද (26) දහවල් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. 26 December 2023
උදුවප් පොහෝය අදයි උදුවප් පොහොය අදයි උදුවප් පොහොය වසරේ අවසන් පොහෝ දිනයයි. ලංකාවාසී සැදැහැවත් බෞද්ධයන්ගේ පහන් සිත් දල්වාලූ උදුවප් පොහෝ දිනය ආගමික වශයෙන් වටිනාකම් රැසක් මෙරටට දායාද කළ දිනයකි. 26 December 2023
වෙඩි තබා දෙදෙනකු මරලා වෙඩි තබා ඝාතනය කළ බවට සැකකර දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් පාදුක්ක තුන්නානේ ප්‍රදේශයෙන් හමු වූ බව පොලිසිය කියයි. 25 December 2023
අසිරිමත් නන්තල උදා වේ!!! ලෝකවාසී කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් අරිසිමත්ව වාර්ෂික සමරණ ‘නත්තල් උත්සවය’ අදයි. ශ්‍රී ලාංකිකයෝ ද භත්කියෙන් යුතුව අද දිනයේ ‘නත්තල්’ සමරති. 24 December 2023
පෙන්ගුයින් ගැටයාගෙන් පෙම්වතිය වෙන්නැයි ඇරයුම් පිරිමි පෙන්ගුයින් සත්වයකු තම කාන්තා පෙන්ගුයින් සත්වයකට පෙම්වතිය ලෙස යෝජනා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳ ලෝකයේම අවධානය යොමුව තිබේ. 24 December 2023
කොරෝනා මරණයක් මහනුවරින් වාර්තා වේ හුස්ම ගැනීමට අපහසු තත්ත්වයෙන් සහ පෙනහළු ආසාදිත තත්ත්වයකින් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු මියගොස් ඇති බවත් ඔහුගේ මරණයෙන් පසු සිදු කළ පී.සීආර්. පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවට මහනුවර ජාතික රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි . 23 December 2023
’’සාක්ෂි ලැබුණොත් කෙහෙළියත් අල්ලනවා’’ හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා බාල ඖෂධ සිද්ධියට සම්බන්ධ යැයි නිෂ්චිත සාක්ෂි ලැබුණොත් අනිවාර්යෙන් අත්අඩංගුවට ගනු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. 22 December 2023
ඉන්දීය කොවිඩ් මාරයා ලංකාවට රිංගලා? ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින ඔමික්‍රොන් ජේ.එන් 1 කොවිඩ් වයිරස ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව තමාගේ විශ්වාසය යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානීමහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. 21 December 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026