
(ෂේන් සෙනෙවිරත්න)
මධ්‍යම පළාත් සභාව සතු නිවසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවස සඳහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඩියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කොට දින 19 ක් ගතවී ඇතත් ඒ සඳහා මෙතෙක් ඔහුගෙන් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය කියයි .
අරගල සමයේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස ගිනි තබා විනාශ කිරීමෙන් පසු ඒ මහතාට තාවකාලිකව රැඳී සිටීම සඳහා කුලී පදනම මත මහනුවර මලබාර් වීදියේ පිහිටි මධ්‍යම පළාත් මහ අමාත්‍ය නිල නිවස ලබා දී තිබේ .
එසේ ලබා දී ඇත්තේ ඔහුගේ මාසික වැටුපෙන් 10% ක මුදලක් අය කර ගැනීමේ ගිවිසුමක් මත බව පවසන මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ සහ පරිසර අමාත්‍ය ධූරයේ සිටි කාලය තුළදී එම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මාර්ගයෙන් අදාල මුදල් මධ්‍යම පළාත් සභාවට අය වී ඇතත් මේ වන විට එම මුදල් ලැබීම නතර වී ඇති බව ප්‍රධාන අමාත්‍යංශයේ ඉහළ නිලධාරියකු පැවසීය .
හිටපු අමාත්‍යවරයා පෙබරවාරි මාසයේදී රක්ෂිත බන්ධනාගාර ගතවීමෙන් පසු මාස හතරක කාලයක් එම මුදල් අයවීම නතරවී ඇති බැවින් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය එම මුදල් අයකර දෙන ලෙස පාර්ලිමේන්තු ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකොට ඇතත් ලේකම්වරයා ලිඛිතව දැනුම් දී ඇත්තේ මාදිවල පිහිටි මන්ත්‍රී නිවාසවල මුදල් අය කර ගැනීමේ බලය ඇතත් පිටස්තර නිවාස වල මුදල් අය කර ගැනීමේ බලයක් ලේකම්වරයාට නොමැති බවත්ය .
එම ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ එම මුදල් අයකර ගැනීමට මන්ත්‍රීවරයාගේ කැමැත්ත පළ කොට ලිපියක් ලබාදෙන්නේ නම් එම මුදල් අය කර දීමේ බලය පාර්ලිමේන්තු ලේකම්වරයාට ඇති බවයි .
දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍යවරයාගෙන් ඔහුගේ වැටුපෙන් 10% ක මුදලක් කපා ගැනීම සඳහා කැමැත්ත ඉල්ලා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය ලිපියක් යොමු කොට ඇතත් ඊට මෙතෙක් ප්‍රතිචාර ලැබේ නොමැති බවද ප්‍රධාන අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල් කීපයක්ම තියෙන බව නම් දන්නවා.නුවර නැවක් වගේ විසාල ගෙයක් තිබුනට ,වැඩ්පුර ඉන්නේ කොළඹ .
ලංකාවේ මිනිස්සුන්ව විනාශ කරන්න ආපු එකාට ලංකාවේ උන්ගේ බදු මුදල් වලින් සැප ලබාදීම නැවැත්විය යුතුයි
බලන් ඉන්න. අනේ මෙන්න මගේ ගෙවල් කුලිය අරගන්න කියලා ගෙනල්ලම බාරදේවි.
කරදර කරන්න එපා.දුප්පතා ළඟ සල්ලි නැතුව ඇති ,ඕක ජනාධිපති අරමුදලේන්වත් ගෙවන්න කියමු
මෙයාට අර කුකුල් චමින්ද කියන පියා ලව්වා බත් කවන්න ඕනේ.
10% ක මුදලක් අය කර ගැනීමේ ගිවිසුමක් තියෙනවනම් අහවල් එකක් කරනවද ලියුම් ගගහ .මුන් ඔක්කොටම ට්‍රැක්
යකෝ හිරේ ඉන්නවට වැටුපත් දෙනවද?
එහෙම නම් අධිකරණයට ගියාම අවශ්‍යතාව කර ගන්න පුළුවන් වෙනවා නීති මගින් ගෙවල් කුලී අයකර ගන්න
කොහොමද වැඩ. එක පැත්තකින් බණ්ධනාගාරෙ ඉදලත් පඩි. අනික් අතට මැති ඇමතියලට නිකන්ම ඉන්න හිටින්න ගෙවල්. රට බංකොලොත් නොවෙයි ද. මුන්ට යන්න අලුත් අපායවල් හැදෙනව.
අලි බබා රඹුක්වැල්ල
කෙහෙළිය එක්ක ලොක්කට පොඩි ඇරියස් එකක් තියනවා නේ .නැතිනම් අනික් ඒවා වගේම කිසිම දෙයක් වෙන්නේ නැහැ
ලොකු මිනිහට එක නීතියකුත් පොඩි මිනිහට තව නීතියකුත්. මෙම ආණ්ඩු දෙකම මෙහෙම තමයි. වැටුපෙන් 10%ක් යනු 5200 වගේ මුදලක්. ඒ වගේ ගාකනට ගෙයක් කුලියට දුන්නෙ කාගේ අවසරයකින්ද
කෙහෙළිය නවාතැන් ගෙන ඉන්නේ ආණ්ඩුවේ බෝඩිමේ නේද?
පව් , දුප්පත් ජනතාවට සේවය කරලම අතේ සතේ නැතුව ඇති. ගම්මන්පිලට චන්දය කරන්න රුපියල් සීය ගානේ එකතු කෙරුවා වගේ, ආධාර පත්‍රයක් රට පුරා යවලා සල්ලි එකතු කරමු කෙහෙළියගේ ගෙවල් කුලිය ගෙවලා දාන්න.
බාල ඖෂධ ගෙන්වපු උන්ටයි උන්ගේ පවුලේ උන්ට සහා ගෙන්වන්න උදව් කරපු උන්යි ,උන්ගේ පවුලේ උන්ටයි ශාප වේවා !! හෙණ පහල වේවා ! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
මෙයාට ඕක ගෙවන්න අමාරු ඇති. පහු ගිය දවස්වල ඔස්ට්‍රේලියාවේදී මෙයා මොකද්ද කරන්න ගිහින් බල්කනියකින් වැටිලා තුවාල වුනාමත් ගෙවන්න සල්ලි නැතුව ආණ්ඩුවේ සල්ලි වලින් තමයි ගෙව්වේ. මෙයාගේ පුතත් එක පාරක් ගුවන් යානයක යන කොට සල්ලි මදි වෙලා උඩදී දොර අරගෙන බිමට බහින්න ගියා.
මේ හංසයාට නුවර, කොළඹ ගෙවල් 5-6ක් විතර තියෙනවා ඔය මම කියන්නේ චන්ද්‍රකාගේ ආණ්ඩුව කාලේ දැන් ඔය ගාන තුන්ගුණයක් වෙලා ඇති. ඔය ගෙවල් ඔක්කොම කුලියට දිලාත් කොටි ගාණක් හොයනවා ඇති.
අනේ පව් දුප්පතා
ආණ්ඩුව මාරුවෙනකල් තව ටිකක් අල්ලාගෙන ඉන්න. නොමිලේ නවාතැන් පහසුකම් සහ කෑමබීම කලකටම ලැබෙයි වැලිකඩින්. තව යාළුවෝ ගොඩක් එයි ඉස්සරහට. මම ඉතාලියෙන් කාඩ් කූට්ටමක් එවන්නම් කට්ටියත් එක්ක සෙල්ලම් කරන්න.
හොරුන්ට හිරේ හිටියත් V8, බෙන්ස්, අපි ජීවිතේට ඔහොම එහෙකට නැගලාවත් නැහැ...
මින් ඉදිරියට ගෙවල් කුලී අවශ්‍ය නැත. ජීවිත කාලෙම නොමිලේ ඉන්න ලැබෙයි.
බලාගෙන ගියාම හොඳ පොලු කාරයෙක් .