
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පිරවුම්හල් හිමියන්ට චක්‍රලේඛයක් නිකුත් කිරීම හිතාමතාම වසර අටකට කාලයක් ප්‍රමාද කර වැඩිපුර කොමිස් මුදල් ගෙවීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 341 කට වැඩි පාඩුවක් සිදුවීමෙන් ඉන්ධන වෙනුවෙන් ජනතාවට අතිරේක බරක් දැරීමට සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් එහි අලෙවි අංශයේ නිලධාරීන් වගකිවයුතු බව කමිටුව සඳහන් කරයි.
මේ අතර ප්‍රමාණය ඉක්මවමින් බෙදුම්කරුවන්ට කොමිස් ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවීම පිළිබඳව කෝප් කමිටුවේ අප්‍රසාදය පළවී ඇත.
මෙම පාඩුව සිදුව ඇතැයි පැවසෙන්නේ 2014 - 2022 අතර කාලයේදීය.
එම වංචාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් දින හතක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස කාරක සභාව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නිර්දේශ කළේය.
සංස්ථාවේ නිලධාරීන් කළ මෙම වංචාව හේතුවෙන් පාරිභෝගික ජනතාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 5.85ක්ද 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 7.50ක්ද ලෙඩ් සඳහා රුපියල් 5.88ක්ද එල්.එස්.ඩී සඳහා රුපියල් 6.96ක මුදලක්ද වැඩිපුර ගෙවන බව කමිටුවේදී වැඩිදුරටත් අනාවරණය විය.
එසේම මෙම වංචාවට වගකිව යුතු නිලධාරීන් මේ රටේ නොමැති බවද එහිදී හෙළි විය
මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව ඇතුළත් සවිස්තර වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසට නිර්දේශ කළ කමිටුව අභ්‍යන්තර පරීක්ෂණවලට සමගාමීව සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2014 - 2022 කියුවහම රනිල්ගේ යහපාලන කාලේ සහ ගෝඨා මහින්දගේ සෞභාග්‍යයේ කාලේ දෙක ම අහුවෙනවා , මොවුන්ගේ රාජ්‍ය පාලන නොහැකියාවන් ගැන මිට වඩා මොනවද තව ඔප්පු කරන්න තියෙන්නේ
නිලධාරීන් රටේ නැති වුනාට ද්විත්ව පුරුවැසිකස එහෙම දිලා ඇතිනේ
තෙල් සංස්ථාවේ,වරාය රේගුවේ සහ අනික් ආදායම් ලබන රජයේ ආයතන වල හොරු ඉන්නවා කියලා හැමෝම දන්නවා. ඡන්දේ ලං වෙන කොට මුන්ව අල්ලන්න හදනවා කියලා දන්නවා එත් වැඩේ කියන්නේ ලංකාවේ උගත් කිවලා හිතන් ඉන්න බුරු හරක් මුසල ජනතාව උන්ටම කතිරය ගහනවා
හොරා ප්‍රමුඛ කමිටුව සොයාගත් මේක නිළධාරින් පිට පටවල ඇමතිය නිදහස් , මම අහන්නෙ මෙතන යුනියන් කාරයො පිට සියලු දෝෂ පවරන ඔස්තාර්ල මේ ගැන මොකද කියන්නෙ? මේ රටෙත් නැතිලු, එතකොට මේ යුනියන් කරන නිළධාරින් වෙන්න බැහැනෙ. තමුන්නැහැලා පත්කරපු රජයන් විසින් පත්කරපු ඇමතිලාගෙ සුවච කීකරු සොරුන් මිසක්.
2014-2022 නම් රජයන් තුනක්, එකගෙයි කාල වගේ, එතකොට ආර්ථික කමිටු ඔස්තාර්ලගෙ කාලෙත් ඇතුලත් වෙනව. හිතනවද සජිත්ල මේවට දඬුවම් දෙයි කියල? ඒකනිසා මේවාට නිසි දඬුවම් දෙන අණ පනත් ගෙනෙන රජයක් පත්කරගමු, එතකොට ෆයිල් කිහිලි අස්සෙන් එලියට ගන්නම්, නීතිපත්ගෙ සේවාව දික්කරගන්න උත්සාහ කරන ජනාධිපති ඉන්න පාලනයක මේවට දඬුවම් නැත
හැමදාම "අසවල් කාරක සභාවේදී, කමිටුවේදී, කොමිසමේදී, තොරතුරු අනාවරණය වී ඇත!!! අපමණ පාඩුවක් සිදුව ඇත!!! වංචාවට වගකිව යුතු නිලධාරීන්, දේශපාලුවන් ඇත-නැත!!! ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නිර්දේශ, නියෝග කළේය!!! ඉතින් ඊට පස්සේ වෙච්ච දෙයකුත් නැත!!! අහෝ දුකකි, ඉරකි, තිතකි!!!
ඊනියා මෝඩ දේශපාලකයින් සහ උන්ගේ හෙංචයියන් විසින් කරන ලද වැරදිවලට ජනතාව මත බදු සහ අසාධාරණ චෝදනා පටවන අකාර්යක්ෂම හා කම්මැලි ආණ්ඩුවේ සාමාන්‍ය සින්ඩ්‍රෝමය මෙයයි. මේ රටේ ජනතාව ඊළඟ වතාවේ තමන්ගේ වටිනා ඡන්දය දෙන්න කලින් මේ අසාධාරණය ගැන ඉතා බරපතළ ලෙස කල්පනා කළ යුතුයි.
මහජනතාවට ඕක ගෙවන්න වෙන්නේ මහජනතාවටද?
රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් -මේකට තමයි පුතා කියන්නෙ හොරාගේ අම්මගෙන් පේන අහනව කියල
දූෂිත නායකයෝ සහ ඔය හැම තැනකම ඉන්න දූෂිතයෝ කරපු හොරකම්,වංචා දූෂණ වලට අන්තිමට කරගහන්ඩ වෙලා තියෙන්නෙත් ජනතාවට .
නූගත් දේශපාලකයා අද කපටි රජයේ නිලධාරින්ගේ ගොදුරක් වෙලා, නිලධාරි දෙන ඕනම ලණුවක් කැබිනට් දාලා අනුමැතිය දෙනවා. නිලධාරින් සහ දේසපාලුවා දෙන්නම එකට හොරකම් කරනවා. දේශපාලුවා විතරක් බැනුම් අහනවා. කවදාවත් මේ රට හැදෙන්නේ නෑ.
රට බංකොලොත්වෙලා බදුබර මිනිස්සු පිට වැටිලා නමුත් මාධ්‍ය මගින් සහ විවිධ කොමිසම් මගින් දිනෙන් දින එළිවන රජයේ ආයතන වල සිදුවන පගා ගැසීම් , සොරකම් වංචා පිළිබඳව රටේ නිතිය ක්‍රියාත්මක කරන ආයතන හෝ රටේ ජනතාව නිද්‍රශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනේ , මෙම වංචා දුෂණ නිසා වැලකි ගොස් ඇති රජයේ අධයම රජයට ලබගතොත් මෙවිදිහට බදු ගහන්න අවශ්යවන්නේවත් රට නය වන්නේවත් නැහැ , පසුගිය දිනවල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ද්විත්ව පුරවැසි අංශයේ සිදුවන අල්ලස් ක්‍රියාවන් නිසා හිතාමතාම නිලධාරීන් විසින් වැඩ ප්‍රමදකිරිම මගින්, රජයට ලැබිය යුතු ඩොලර් මිලියන 32 පමණ අදායමක් හිරවී ඇති ආකාරය මම සහ තවත් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු සන්ක්ය ලේකන සාක්ෂි සහිතව පෙන්වා දුන්න නමුත් කවුරුවත් මේකට උනන්දු වෙන බවක් දකින්නට නැහැ , ආණ්ඩුව කරන්නේ නැතිනම් ජනතාව සන්විධනයවෙලා මෙම ආයතන වටකරලා ඍජුවම බලපෑම කරන්න ඕනේ මෙම වැරදි නවත්වන්න කියල , විපක්ෂේත් දුෂණය නවත්වන්න , බදු අඩුකරන්න කියල කියනවා මිසක් ඍජුවම ජනතාව සමග එක්ව වැරදි කරන රජයේ ආයතන වලට හෝ නිලධාරීන්ට විරුධව නීතිමය හෝ වෙනත් ආකාරයකින් පීඩනයක් එල්ල කරන බවක් නොපෙනේ
මේවා ජාතික සම්පත් කියල ජනතාව ගොනාට අන්දලා වුර්තිය සමිති නායකයෝ ,නිලධාරියෝ සහ දේශපාලකයෝ එකතුවෙලා හැමදාම කලේ හොරකම් කරන එක , හොරකම් එලිවුනත් හොරුන්ට නඩු පවරන්න හෝ පවරපු නඩු ඉදිරියට ගෙනියන්න කටයුතු කලේ නැහැ මේ ඔක්කොම යාලුවෝ නිසා කනිජ තෙල් , ශ්‍රී ලන්කන් වැනි රජයේ වියපර වහාම විකුණලා දමල නයටික ගෙවල දමන්න මේ කෙහෙමල් තිබෙන්න තිබෙන්න නය වැඩිවෙලා අනාගත පරම්පරා 7 කට ගෙවන්න වේවි . මේවා ජාතික සම්පත් නොවේ කොඩිවින
වාර්තාවක් එවන්න කියලා නිර්දේශ කලා කියන්නෙ ආදා යවල වල්ගය ඇල්ලුවා වගේ වැඩක් තමයි අදාල ආයතනයක් වෙත ලිපියක් එව්වොත් හොදයි කියලා වැඩක් නැහැ කවුරුවත්ම ඒකට උත්තරයක් දෙන එකක් නැහැ ඒකට මෙහෙම කලොත් හොදයි කියලා නේද කියලා තියෙන්නේ ඒ නිසා වරද නිවැරදි කරන්න අවශ්‍යම නම් වහාම නියෝගයක් කරන්න හොරාගේ අම්මගෙන් පේන අහන්න ගියාම ඔහොම දේවල් වෙනවා