සුපිරි අවන්හල් 12 ක් උසාවියෙන් වහයි ඇමරිකාවේ සුප්‍රකට පිසු ආහාර ජාලයක් වන ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මෙරට පවත්වාගෙන යන අවන්හල් 12ක කටයුතු පවත්වාගෙන යෑම වළකාලමින් කොළඹ වාණජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය. 24 March 2024
සී අයි ඩී ය හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් ගන්න යයි පාස්කු ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනාවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (25) පෙරවරු 10.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත. 24 March 2024
’’පාස්කු බෝම්බකරුවන් මා දන්නවා’’ පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) පැවසීය. 22 March 2024
ඇමැති - සභාපති ගැටුම දුර යයි-සභාපති ගෙදර යයි රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතාගේ මරණීය තර්ජන හේතුවෙන් තවදුරටත් රාජකාරි කිරීමට නොහැකි බව ජනපතිවරයාට ලිපියකින් දන්වා සී-නෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 22 March 2024
‘ආණ්ඩුවේ වැඩ සීයයට 85ක් අනුමත කරන්නේ නෑ‘ වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය මෙරට ජනතාවගෙන් සියයට 85 අනුමත නොකරන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශයට පත් කළ රට හිතන හැටි නවතම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. 21 March 2024
ඇමැති බිරිය අධිකරණ නියෝගයක් කඩලා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාල අධිකරණයේ පෙනී සිටින ලෙසට මීට පෙර දුන් නියෝගයක් කඩ කළ බව කියන කැබිනට් අමාත්‍යවරයකුගේ බිරියට ලබන 22 අධිකරණයේ පෙනී සිටින්නැයි තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා නියෝග කළේය. 21 March 2024
මහා බැංකුවේ පඩි වැඩිවීම නවතියි පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහා බැංකුවට අද නිර්දේශ කළේය. 20 March 2024
ලංකාදීපය 18 වැනි වරටත් කිරුළ පළදියි ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 18 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකරගන්නා ලදී. 19 March 2024
කතරගම ප්‍රධාන කපුවාට දේවල භුමිය තහනම් රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතකු ජූජා කළ පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන ගියේ යැයි චෝදනා එල්ල වී ඇති කපු මහත්වරු දෙදෙනාගේ ‘කපු ධූරය’ අත්හිටුවීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ඊයේ (18) පියවර ගත්තේය. 19 March 2024
හරක් කටාගෙන් සන්තෝසම් ගත් සීඅයිඩී ලොක්කකු ගැන පරීක්ෂණයක් කුප්‍රකට පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා හා සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු, සහකාර පොලිස් අධිකාරිවරයකු සහ විශ්‍රාමික ප්‍රබල පොලිස් නිලධාරියකු සහ තවත් පොලිස් නිලධාරීන් 19 දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය (SIU) සහ ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. 19 March 2024
මැතිවරණය ගැන ජනපති රහසක් කියයි කලින් පවත්වන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට අද (18) දැනුම් දුන්නේය. 18 March 2024
නුපුහුණු සේවකයින් නිසා අනතුරක් සිදුවුණැයි පෞද්ගලික රෝහලකට නඩු නුපුහුණු සේවකයින් සේවයේ යොදා ගැනීම හේතූවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණී රෝගීයකුට අනතුරක් වු බවට චෝදනා කරමින් කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට සහ එම රෝහලේ සේවය කළ විකිරණ ශිල්පියකුට සහ හෙදියකට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත. 18 March 2024
පාතාලයට හොර පාස්පෝට් හැදූවැයි ලොක්කෝ දෙකක් මාට්ටු පාතාලයට හොර පාස්පෝට් හැදුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙක් සහ හිටපු පාලකවරයෙක් අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද සවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 17 March 2024
කොළඹ වරායේ බහාලුම් 600ක් හිර වෙලා රේගු ත්‍යාග අරමුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ මහා භාණ්ඩාගාරය අතර තිබූ ආරවුල නැවත වරක් ආරම්භ වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් කොළඹ වරායේ බහාලුම් 600කට අධික ප්‍රමාණයක් පෙරේදා(16) හිරවී තිබිණ. 17 March 2024
‘‘ලෙජන්ට්‘‘ කුසලානයට බලපෑම් කළ ඉන්දීය ක්‍රිකට් ලොක්කෝ 2ක් නවතා ගනී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ’’ලෙජන්ට් ක්‍රිකට් කුසලාන 2024’’ තරගාවලියේදී තරග පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනකුට රටින් පිටවීම වළකාලමින් තහනම් නියෝගයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා නිකුත් කළේය. 15 March 2024
කෙහෙළිය මහධිකරණයට යයි බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ රඳවා සිටින තමාට ඇප නියම කරන්නැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මහාධිකරණයට ඇප ඉල්ලුම් පත්‍රයක් අද ඉදිරිපත් කළේය. 15 March 2024
කෙහෙළිය ඇතුළු පිරිස නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ් ප්‍රමිතියෙන් තොර බෙහෙත් ආනයනය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඇතුළු පිරිස නඩු විභාගය අවසන් වන තෙක් සැකකරුවන් රිමාන්ඩ් බාරයේ තැබීමට මලිගාකන්ද මහේස්ත්‍රාත් අද නියෝග කළේය. 14 March 2024
තාත්තා දුව සහ පුතාගේ ගෙල කපා මරලා කල්මුණේ මරදමුණේ පෙරියනීලවනියේ පියකු තම 29 හැවිරිදි පුතාගේ සහ 15 හැවිරිදි දැරියගේ බෙල්ලා කපා මරා දමා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 14 March 2024
මහ බැංකුවේ තටු කපන්න යයි ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතාට අද(13) බාර දුන්නේය. 13 March 2024
උසාවි යන ගමන් නිල ඇඳුමෙන් ‘ස්පා‘ ගිහින් අංක එකේ නිල ඇඳුමින් සැරසී මහාධිකරණයට යන අතරවාරයේදී සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙකු යක්කල පොලිස් පොලිස් ස්ථානය වෙත රැගෙන විත් නිල ඇඳුම පොලිස් භාරයට ගෙන ප්‍රකාශ ලබාගෙන මුදා හැර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 13 March 2024
මල්වතුහිරිපිටිය හිමිට වෙඩි තැබූ වෙඩික්කරු වෙඩි වැදී මරුට ගම්පහ මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ සිටි 45 හැවිරිදි හිමි නමක වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ මධ්‍යම රාත්‍රියේ දී පොලිස් වෙඩි පහරකට ලක්ව මියගොස් ඇතැයි අත්තනගල්ල පොලිසිය කියයි. 12 March 2024
මැරතන් දිවූ දරුවා රෝගි වී මරුට තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක අද (11) පැවැති ක්‍රීඩා උත්සවයක මැරතන් ධාවන තරගයකට සහභාගි වූ පාසල් සිසුවකු හදිසියේ රෝගාතුරුවී මියගොස් ඇති බව පොලිසිය පවසයි. 11 March 2024
වැඩබලන මහේස්ත්‍රාත්වරියට එරෙහිව කොමිසමෙන් විමර්ශනයක් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිවාඩු ලබාගත් අවස්ථාවේදී වැඩ බැලීමට පත් කළ මහෙස්ත්‍රාත්වරිය කොළඹ ප්‍රසිද්ධතම පෞද්ගලික රෝහලකට වාසි සහගත වන අන්දමින් කටයුතු කර වෘත්තීය විෂමාචාරයක් කර ඇද්ද? යන්න සම්බන්ධයෙන් සෙවීමට අධිකරණ සේවා කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ. 11 March 2024
බෙහෙත් පහළොවකින් කෝටි 23 ක පාඩුවක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිෂ්පාදනය කෙරුණු ඖෂධ වර්ග පහළොවක් නිෂ්පාදන පිරිවැයට වඩා අඩුවෙන් අලෙවි කිරීමෙන් සංස්ථාවට ඉකුත් 2022 වර්ෂයේදී කෝටි 23ක පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 10 March 2024
කාන්තා දිනය දා උපන්දින මත් සාදයට සරසවි සිසු - සිසුවියන් 17ක් ඇවිල්ලා සරසවි සිසුවෙකුගේ උපන්දින සාදයක් සඳහා මුහුණු පොත හරහා ආරාධනා ලැබ පැමිණි සරසවි සිසුවියන් පස් දෙනෙකු ඇතුළු විසි හත් දෙනකු මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී කාන්තා සැමරුම් දිනය පැවති ඊයේ (08) රාත්‍රීයේ කහතුඩුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 09 March 2024
මෙරට පවුලක් කැනඩාවේදී මරා දමලා කැනඩාවේ දකුණු ඔටාවා හි දී සිදුකළ තියුණු ආයුදයකින් පහරදී ශ්‍රී ලාංකික පවුලක හය දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 08 March 2024
ජනපති සම්මාන ලාභියා නිදන් හාරලා පොළොන්නරුව වලේකඩේ ප්‍රදේශයේ ගෙවත්තක පුරාවස්තු කැණීම් කරමින් සිටි, ජනාධිපති සම්මානලාභියකු ඇතුළු පස්දෙනකු පුරාවස්තු කැනීම් කිරීමට යොදාගත් උපකරණ සහ නවීන පන්නයේ මෝටර් රථයක් සමඟ අද අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි. 07 March 2024
තේ බී රෝගී වු ගුරුවරියන් 6ක් රෝහලේ පානදුර පාසලක තේ පානය කිරිමෙන් පසු ඇති වු යම් රෝගී තත්ත්වයකින් ගුරුවරියන් හය දෙනෙකු රෝහල් ගත කර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි. 07 March 2024
ක්ලාන්තවී වැටුණු සිසුවිය මරුට කලවාන මීපාගම පාසල් ශිෂ්‍යාවක් කලාන්තය සෑදී බිම ඇද වැටීමෙන් අද (06) මියගොස් ඇති බව කලවාන පොලිසිය පැවසීය . 06 March 2024
දෙන්නෙක් බෑව්වා බලපියව්: පොලිසියට ඇමතුමක් ‘මන්නා රොෂාන්ගේ මල්ලි මධුරංගටයි තවත් එකෙකුටයි නිරිපොළ වෙළ ගාවදී වෙඩි තිබ්බා. මම කතා කරන්නේ ලලිත් කන්නංගර ගිහින් බලන්න ‘ යනුවෙන් පවසමින් මන්නා රොෂාන්ගේ සහෝදරයාට සහ ඔහුගේ මිතුරකුට ඊයේ (4) පෙරවරු 11.30 ට පමණ වෙඩි තැබූ බවට සැකකරන පුද්ගලයකු විසින් හංවැල්ල පොලිසියට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 05 March 2024
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026