
(සනත් ගමගේ)
අඟුණකොලපැලැස්ස වැටිය ප්‍රදේශයේ යාබද නිවෙස් දෙකක පාසල් දරුවන් දෙදෙනකු අතර ඇති වූ දබරයකින් පසු පිහි පහර කෑ අට හැවිරිදි දරුවකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි.
වයස අවුරුදු 8 ක පමණ වන පිහි පහරට ලක් වූ පාසල් දරුවා අඟුණකොළපැලැස්ස මූලික රෝහලට පස්වරුවේ ඇතුල් කිරිමෙන් පසුව හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා ඇති බවද පොලිසිය කියයි.
පිහිපහරවල් එල්ල කළේ යැයි කියන 14 හැවිරිදි පාසල් සිසුවා නිවසින් පිටව ගොස් වස පානය කිරීමෙන් පසුව ඇඹිළිපිටිය මහ රෝහල වෙත රාත්‍රී ඇතුළත් කර ඇති බව වාර්තා වී ඇතැයි අඟුණකොළ පැලැස්ස පොලිස් ස්ථානාධිපති වරයා තහවුරු කලේය.
යාබද නිවෙස් දෙකක සිටි මෙම පාසල් දරුවන් දෙදෙනා එකට සෙල්ලම් කරමින් සිටින අය බවත්, ජංගම දුරකතන මගින් ගේම් ගැසීම සිදු කරන බවත් මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
තුවාලත් දරුවාගේ මව රෙදි සෝදමින් සිටින අවස්ථාවේ මෙම සිදු වීම සිදු වී ඇති අතර දරුවා කෑගැසීමේ ශබ්දය ඇසි බලන විට දරුවාගේ පපුවේ සහ බෙල්ලේ කැපුම් තුවාල කිහිපයක් තිබෙනු බව දැක වහා ප්‍රදේශවාසීන්ගේ සහාය මත රෝහල් ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තරුණ, වැඩිහිටි,ළමා සියළුම පාර්ශවයන් පිස්සු වැටිලා රට විනාසයි.
ලංකාවේ ආර්ථික අහේනිය එක්ක ළමයි වුනත් මානසික පීඩනයේ ඉන්නේ, ලංකාව තමයි ලෝකයේ අංක එකට මානසික පීඩනය වැඩිම රට පලස්තීනය, ඇෆ්ගනිස්ථානය තමයි අංක 2, 3. මෙවාට ප්‍රධාන වරදකරු ආණ්ඩුව.
මේ ජංගම දුරකතන හා එවායේ ගේම් හදන එවුන් වහාම අත්අඩංගුවට ගත යුතුයි. ළමයින්ගේ හා ඔවුන්ගේ අවට පරිසරයේ කිසි අවුලක් නැත. ඔවුන් හැදි ඇත්තේ ඉතාමත් සාමකාමි, කරුණාවත, මයිත්‍රි පරිසරයකය ( කුහුම්බුවෙකුත් වරදක් නොකරන ). කිසිම අර්තික ප්‍රස්නයක් නැති, ඉතා නීරොගිමත් පුරවසියන් වෙසෙන, ආගම හා සංස්කෘතියෙන් සතුට දොරෙ ගලා යන දිවයිනකය. මෙ වැරදි අදහස් ඔලුවට දමා ඇත්තේ විජතීය බටහිර කුමන්ත්‍රණ වලට සම්බන්ධ, දුර්ජණ, එන්ජීඔ වල සල්ලි ලබන ජංගම දුරකතන හා එවායේ ගේම් හදන නරුමයන්ය.
පිහියෙන් ඇනපු ළමයාට දේශපාලනයෙන් ඉදිරියට ඉහළටම යන ගති ලක්ෂණ පෙන්නුම් කරනවා
දෙදෙනාම දහම් පාසල් යනවානම් "අට පට්ටමට " කියන්න ..හොඳේ
සමහර දරැවන්ටත් දැන් ජවිපෙ ලේ පිපාසිත ආභාෂය ලැබී ඇති බව පෙනේ. ප්‍රශ්න විසඳීමේ අධිකාරි බලයත් ගමට ලැබුණම හරියටම හරි!