
(අංජුල මහික වීරරත්න)
සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් අග දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාටද සේවා දිගුවක් ලැබී ඇත්තේ ජනාධිපතිවරයා ගත් මෙම තීරණය පදනම් කරගෙනයි.
දෙසැම්බර් මාසයට පෙර සේවා කාලය අවසන් වීමට නියමිතව ඇති ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ සියලු ආරක්ෂක ප්‍රධානීන්ට ජනාධිපතිවරයා ගත් මෙම තීරණයත් සමග ලබන දෙසැම්බර් මාසය වන තෙක් ඔවුන්ගේ තනතුර බලාත්මක වන්නේය.
ජනාධිපතිවරණය අවසන් වන තුරු රටේ ආරක්ෂක වැඩපිළිවෙළ ඒ අයුරින්ම පවත්වාගෙන යාමට පහසුවක් වනු පිණිස ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට දෙවියන්ගේ පිහිටයි.
ඔය ගමන්ම ජනාධිපතිගේ සේවා කාලයත් දිගුකරන්න ?
ආරක්ෂික ප්‍රධානීන්ගේ සහ සුවච කීකරු නීතිපතිගේ පිහිටෙන් මේ මාස තුන හතර ඔහොම අල්ලන් යමු
මොන ජිල්මාට් දැම්මත් පිනෝ, තමුසෙගේ කාලේ දික් වෙන්නේ නෑ. ගෙදර නෙවෙයි මහ උළු ගෙදරට තමයි යන්න වෙන්නේ.
ජනාධිපති වරණය යෝජිත අවස්ථාවක තමුන්ට හිතවත් යැයි හැඟෙන රජයේ සේවකයන්ට ( නීති පති ඇතුලු ව) සේවා දිගු දීමෙන් මේ පිනා බලාපොරොත්තු වෙන්නේ, කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි දිනන්න. මේ 1987 නෙවෙයි, 2024
නීතිපතිගේ කාළය දික් කරන්න උත්සාහ කරන ගමන් මෙහෙ හමුදා නිලධාරින්ගේ කාලයත් දික් කරනවා. ජනාධිපතිවරණයට හමුදාවේ සහය අනීතිකව ලබා ගෙන ඡන්ද වංචා දූෂණ පහසුවෙන් කරගන්න උත්සහ කරනවා ඇති. බැරිවෙලාවත් දූෂිත මැතිවරණයක් හරහා ජය ගතහොත් ඇතිවන නෛතික ප්‍රශ්ණ වලට නීතිපතිගේ සහය ලබා ගන්න පුළුවන් වෙන්න නීතිපතිටත් නීති විරෝධී ආකාරයට සේවා දිගුවක් ලබා දෙන්න උත්සහ කරන බවයි පෙනෙන්නේ. කවුරු හරි ළග සිටින අයෙක් මේ මහළු මිනිසාට කියලා දෙන්න. 1977 - 1994 කාළයේ දැම්ම සෙල්ලම් දැන් දාන්න බැහැ කියලා.
ආරක්‍ෂක ප්‍රධානීන්ගේ සේවය දීර්ඝ කිරීම විශිෂ්ට තීරණයක්
යුද්ධය අවසාන වෙනකන් කියලා මහින්දයි ගෝඨාභයයි එකතු වෙලා සරත් ෆොන්සේකාට සේවා දිගුවක් ලබා දුන්නානේ. ඒ ශාන්ත කෝට්ටේගොඩව කලින් විශ්‍රාමත් යවලා. මොකද ශාන්ත කෝට්ටේගොඩ හිටියානම් සරත් ෆොන්සේකාට විශ්‍රාම යන්න වෙන්නේ හමුදාපති නොවී. අන්තිමට සරත් ෆොන්සේකා යුද්ධෙත් ඉවර කරලා මහින්දටයි ගෝඨාභයටයි තුත් ඇරලා මහින්දයි ගෝඨාභයයිතුත් ෆොන්සේකාට ඇරලා පට්ට ඩ්‍රාමා එකක් පෙන්නලා ඉවර උනේ.